ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 33
යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.
තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.
“සර් උපාලි තෙන්නකෝන් මහත්තයා ගිය ඉරිදා මට කතා කරලා විස්තරයක් කිව්වා. එම සිද්ධිය ගිය බදාදා ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මම සර්ට වාර්තා කළා. ඔහු මගෙන් මිත්‍රයෙක් සර්”
ජනාධිපතිතුමාට ඊට දින තුනකට පෙර ආරක්ෂක මණ්ඩලයේදී මා විසින් දැනුම් දුන් දේ මතකයට ආවේය.
“ඔව් වසන්ත මට දැන් මතකයි. මට දැන් කාරණාව පැහැදිලියි. මේක ඉතාමත් වැරදි වැඩක්” යනුවෙන් පවසා කථාව අවසන් කළේය.
මෙම අපරාධය කරන්න ඇත්තේ කවුරුන් විසින්දැයි සාධාරණ සැකයක් ජනාධිපතිතුමාට ඇතිවන්නට ඇත. එදින දවල්වරුවේ මම නිලධාරියෙකු උපාලි තෙන්නකෝන් මහතාගේ සුවදුක් බැලීමට රෝහලට යැවූ අතර ඔහුගේ ජංගම දුරකථනයෙන් තෙන්නකෝන් මහතා සමග කථා කොට ඔහුගේ සුවදුක් විමසා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළෙමි. ඉන්පසුව උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ භාර්යාව ලංකාවෙන් බැහැර වෙනත් රටකට ගිය බව මට දැනගන්නට ලැබුණි.
සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් පසුව නැවත ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණියේ 2006 ජූලි මාසයේ පමණය. 2006 අගෝස්තු මස සිට 4 වන ඊළාම් යුද්ධය ආරම්බභ වූ පසුව මම නැවත වතාවක් සාම්පූර් ප්‍රදේශය L.T.T.Eයෙන් මුදවා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නෙමි. එහෙත් ඔහුගේ යුද්ධෝපාක්‍රමය වූයේ “මුහමලය” ප්‍රදේශයේ L.T.T.E ය විසින් ඉතාමත් ශක්තිමත් ලෙස සකස් කර තිබූ ඔවුන්ගේ ආරක්ෂක පවුර බිඳගෙන යාපනය ප්‍රදේශයේ සිට වන්නියට යෑමය. මෙසේ එම ආරක්ෂක පවුර බිඳගෙන යෑමට නම් යුද හමුදාවට කිලාලි කලපුවත් නැගෙනහිර වෙරළත් අතර ඇති පටු බිම් තීරයක් හරහා ගමන් කිරීමට සිදුවන්නේය. L.T.T.E ය කාලතුවක්කු, මෝටාර්, ඵඊඍඛ වැනි විශාල ප්‍රදේශයක් ආවරණය වන සේ වෙඩි තැබිය හැකි අවි සියල්ලම මෙම බිම් තීරයට එල්ල කිරීමට සකස් කර තිබුණි. යුද හමුදාව ‘මුහමලය’ L.T.T.E ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම L.T.T.E කාලතුවක්කු, ඵඊඍඛ සහ මෝටාර් උණ්ඩ වරුසාව නිසා යුද හමුදා රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිත පූජා කළ අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ඉන් කොටසකම සදාකාලික දුබලතාවට පත්වූ අය ලෙස ජීවත් වූහ. යුද හමුදාවේ පිරිස් බලයට මේ හැම අවස්ථාවකදීම විශාල අලාභානි සිදු වූ හෙයින් ඒ හැම අවස්ථාවකදීම එම මෙහෙයුම නැවැත්වීමට සිදුවිය “මුහමලය’ මෙහෙයුම් කීපයක් ඔහු දියත් කළේ ආරක්ෂක ලේකම්ට ද නොදන්වාය. අවසානයේදී ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා නොකර මෙහෙයුම් දියත් කිරීම ජනාධිපතිවරයා විසින් ඔහුට තහනම් කරන ලදී.
එක් අවස්ථාවක මෙහෙයුම නැවැත්වීමට හේතුව ලෙස දැක්වූයේ ගුවන් හමුදාවේ සහාය නොලැබුණ නිසා යුද හමුදා භටයන්ට මහත් අලාභ සිදුවුණු බැවින් මෙහෙයුම් නතර කළ බවයි. නමුත් ගුවන් හමුදාව එවැනි මෙහෙයුමක් පිළිබඳව දැනගත්තේ මෙහෙයුම අසාර්ථක වී තුවාලකරුවන් කොළඹට ගෙන ඒමට ගුවන් යානාවල අවශ්‍යතාවය දැන් වූ විටයදීය.
සාම්පූර් ප්‍රදේශයL.T.T.E යෙන් මුදවා ගැනීමේ ක්‍රියාවලිය සරත් ෆොන්සේකා මග හරින බව තේරුම්ගත් ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම සහ කඩිනමින්ම සාම්පූර් ප්‍රදේශය L.T.T.E යෙන් නිදහස් කිරීමට මෙහෙයුමක් දියත් කරන ලෙස නියෝග කළේය. ඔහුට ජනාධිපතිතුමන්ගේ අණට කීකරු වීම විනා වෙන විකල්පයක් නොවීය. නැගෙනහිර ප්‍රදේශය L.T.T.Eයෙන් මුදවා ගැනීම සහ L.T.T.E ය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ ආරම්භය මෙය විය. එය සරත් ෆොන්සේකාගේ යුද්ධෝපායක් නොව සේනාධිනායකයාගේ තීරණයක් විය.
2009 ජනවාරි මස අන්තිම සතිය වන විට L.T.T.E යට කිලිනොච්චිය ද අහිමි වී මුලතිව් ප්‍රදේශයට ශීඝ්‍රයෙන් පසුබසිමින් සිටියේය. මේ අවධියේ බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වාගේ 51 වන සේනාංකයේ ප්‍රහාර හමුවේ මුලතිව් ප්‍රදේශයට උතුරින් වූ වෙත්තලයිකර්නි, මුහමලෙයි ප්‍රදේශවල සිටි L.T.T.E සාමාජිකයෝ, මුලතිව් දෙසට පසු බසින්නට වූහ.
මෙසේ යුද හමුදාව උතුරේ සිට මුලතිව් දෙසට ඉදිරියට යද්දී පේදුරුතුඩුව අසල ස්ථානගත කොට තිබූ ඇරෝ බෝට්ටු කණ්ඩායම ද ත්‍්ක් යාත්‍රා සමඟ මුහුද දිසාවෙන් යුද හමුදාවට, L.T.T.E මුහුදු කොටින්ගෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීමට ක්‍රියා කළේය. උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක මෙම ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධවෙමින් මා සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින්, බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉතා සුහදව කටයුතු කරමින් සහ එම ප්‍රදේශවල නිතරම සංචාරය කරමින් අවශ්‍ය සියලු දේ ‘ඇරෝ’ බෝට්ටු කණ්ඩායමට ලබා දුන්නේය.
ප්‍රසන්න සිල්වාගේ සේනාංකය මුලතිව් දෙසට ඉදිරියට යනවිට ඇරෝ යාත්‍රාවලට පේදුරුතුඩුවේ සිට යාත්‍රා කළ යුතු දුර ප්‍රමාණය වැඩි වන්නට පටන් ගැනුණි. මේ නිසා පේදුරුතුඩුවේ ස්ථානගත කොට තිබූ ඇරෝ බෝට්ටු කණ්ඩායම චලේ ප්‍රදේශයේ වෙරළේ ස්ථානගත කිරීමට සෝමතිලක දිසානායක, ප්‍රසන්න සිල්වා සමග කටයුතු කළේය. මෙය නාවික හමුදාවට මුහුදේ සිට යුද හමුදාවට සහයෝගය දීමට පහසු තත්ත්වයක් ඇති කළේය. ජංගම කුලුනු මත සවිකරන ලද රේඩාර් යන්ත්‍ර සහ තර්මල් කැමරා ද ඇරෝ බෝට්ටු කණ්ඩායම සමග ස්ථානගත කිරීමට සෝමතිලක දිසානායක නිරන්තරයෙන් කටයුතු කළේය.
තත්ත්වය මෙසේ තිබියදී එක් දිනක් සෝමතිලක දිසානායකගෙන් මට හදිසි දුරකථන පණිවිඩයක් ලැබුණි.
“සර්, ආමි කමාන්ඩර් හරි අසාධාරණ නියෝගයක් දීලා තියෙනවා නේවි එකට විරුද්ධව”
“ඇයි මොකක්ද වෙලා තියෙන්නේ?”
“සර්, අපේ ඇරෝ බෝට්ටු ටික චලේ වෙරළේ තමයි නවත්තගෙන පැට්‍රෝල්වලට යන්නේ. ආමි කමාන්ඩර් කියලා තියෙනවා යුද හමුදාවයි ඒ ප්‍රදේශ නිදහස් කර ගත්තේ, ඒක නිසා අපේ බෝට්ටුවලට ඒ ප්‍රදේශයට එන්න අයිතියක් නැහැ, කියලා. නමුත් මම කිව්වා ඒ අයට, මුහුද හැමදාම නාවික හමුදාව යටතේ තිබුණේ. ඒ නිසා අපි බෝට්ටු මුහුදේ නවත්තලා තියාගෙන අපේ වැඬේ කරනවා කියලා. සර්. මේක හරි කැත වැඩක්. ප්‍රසන්න අපිට සපෝට් වුණත් එයාට එයාගේ කොමාන්ඩර්ගේ නියෝගවලට උඩින් යන්න බැහැ සර්”
“මට තත්ත්වය තේරෙනවා සෝමතිලක, අපේ ළමයි බෝට්ටුවල ඉඳලා ගොඩට එන්නේ කොහොම ද?”
“සර්, වතුරේ කෝටු හිටවලා බෝට්ටු ඒවායේ ගැටගහලා නවත්වලා තියෙන්නේ, කොල්ලෝ ඉණ ළඟට වෙනකන් වතුරේ ඉඳන් ඇවිදගෙන එන්නේ. යන්නෙත් එහෙමයි. පැට්‍රෝල් එකට යන්නේ තෙත ඇඳුම් ඇඳගෙන. අපි කරන්නේ ඒ අයට සපෝට් කිරීමක්. ඒත් යුද හමුදාපති අපිට සලකන්නේ මේ විදිහට සර්”
“සෝමතිලක මට තේරෙනවා තත්ත්වය. ඔයා දන්නවානේ යුද හමුදාපතිගෙයි, මගෙයි තියෙන ප්‍රශ්නය. එයාට අවශ්‍ය තනියම යුද්ධෙ දිනුවේ එයයි කියලා කියන්නයි. නමුත් යුද හමුදාවම දන්නවා එහෙම යුද්ධයක් දිනන්න බැහැ කියලා. එයා විතරයි එහෙම හිතන්නේ. ඔයා අපේ නාවිකයන්ව දිරිමත් කරන්න. මම ‘ඇරෝ’ සහ ‘වේව් රයිඩර්’ කණ්ඩායම්වලට අමතර යුනිෆෝම් දෙන්න කියන්නම්. මම ප්‍රසන්නටත් මේ පිළිබඳව කතා කරන්නම්”
“සර්, ආමි කොමාන්ඩර් මොන සෙල්ලම් දැම්මත් අපි අපේ වැඬේ කරනවා. අපේ කොල්ලෝ ගොඩට නෑවිත් බෝට්ටුවලම නිදාගෙන නැවත පැට්‍රෝල් එකට යන්න වුණත් ලෑස්තියි සර්” සෝමතිලක තරමක් ආවේගශීලීව පැවසුවේය.
“මට තේරෙනවා සෝමතිලක, තව ටික දවසයිනේ. අපි ඒ විදිහට කරගෙන යමු. තව අවශ්‍ය දේවල් තියෙනවානම් මට කියන්න”
සෝමතිලක දිසානායක මේ අවස්ථාවේ උතුරු නාවික ආඥාපති ලෙස කටයුතු කිරීම මට ඉතා විශාල ශක්තියක් විය. ඔහු ඉතා ප්‍රායෝගික දක්ෂ නිලධාරියකු විය. ඔහු ත්‍්ක් යාත්‍රාවල සේවය කරන කාලය තුළදී සහ ත්‍්ක් කණ්ඩායමේ අණදෙන නිලධාරියා ලෙස නාවික හමුදාවට විශිෂ්ට සේවයක් කර තිබුණි.
මම බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වාට දුරකථනයෙන් කතා කළෙමි. ඔහු මා මෙන්ම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඊට අමතරව ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් අනුව පුනරීන් ප්‍රදේශයේ දුර විහිදුම් බළකාය සමග මෙහෙයුමක් දියත් කිරීමට නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා වාර කීපයකට මා හමු වී ඇත. ඒ සඳහා පූර්ණ සහාය මම ඔහුට ලබා දුන්නෙමි.
“ප්‍රසන්න, ප්‍රශ්නයක් නේ ද?”
“ඔව් සර්, සර්ට තේරෙනවනේ තත්ත්වය. සර් වෙන කාටවත් කියන්න එපා. මට පුළුවන් විදිහට හැම සහයෝගයක්ම සර්ලගේ කොල්ලන්ට ලබා දෙන්නම්. ආමි කමාන්ඩර්ට නම් පොඞ්ඩක්වත් දැන ගන්න තියන්න එපා සර්”
“මම දන්නවා ප්‍රසන්න, ඔයා අමාරුවේ වැටෙන්නේ නැතිව පුළුවන් සහයෝගයක් දෙන්න. තැන්ක් යූ ප්‍රසන්න”
“තැන්ක් යූ කතා කළාට සර්”
මෙම කාල සීමාවේ දී කිහිප වරක් මම බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වා සමඟ කතා කළෙමි. ෆොන්සේකා කුමක් කීවත් යුද හමුදාවේ අනෙකුත් නිලධාරීහු සහ සෙසු නිලයෝ නාවික හමුදාවෙන් ඔවුනට ලැබෙන සහයෝගය අගය කළෝය.
ෆොන්සේකාට,L.T.T.E පැරදවීමට වඩා තමන් අකමැති පුද්ගලයන්ට පහරදීම ඉතා වැදගත්විය. එමගින් L.T.T.E ට වාසියක් වුවද කමක් නැත. රජය යුද්ධය ජයග්‍රහණය කළේ මෙවන් පසුබිමකය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි