‘මොනවද ඔයා ආව වෙලේ ඉඳන් කල්පනා කරන්නේ මොකුත් ප්‍රශ්නයක්ද?’ බිරිඳ විමසුවාය. ‘ප්‍රශ්නයක් විතරක් නොවෙයි මහ විනාශයක් වෙන්නයි යන්නේ’ සැමියා කීවේය.
‘මටවත් කියන්න බැරිද?’ ඇය සැකයෙන් ඇසුවාය.
‘අපේ කට්ටියක් ආණ්ඩු බලය අල්ලන්නයි යන්නේ. මේ රහසක්’ සැමියාගේ පිළිතුරය.
මෙම දෙබස ඇසුණේ සාමාන්‍ය ගෙදරකින් නොවේ. කොළඹ ප්‍රදේශය. භාර පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායකගේ නිවසිනි. ඒ 1962 ජනවාරි 27 දා සන්ධ්‍යාවේ.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කුළුඳුල් ආණ්ඩුව බලයට පත් වී දෙවසරක් නොමැතිව හමුදාවේ බලවතුන් ආණ්ඩුව පෙරළීමේ උගුලක් ඇටවීමට වෑයම් කළහ.
ආරක්ෂක හමුදා ප්‍රධානීන් ගෙන් බහුතරයක් අන්‍යාගමික පිරිසක් වූ අතර මොවුන් අතරින් ස්ටැන්ලි සේනානායකයන් වැනි සිංහල බෞද්ධ ප්‍රධානීන් සිටියේ අතළොස්සකි.
මේ වනවිට අගමැතිනිය ආගමික උළෙලකට සහභාගී වීමට සපිරිවර කැටුව ගොස් සිටියාය. කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වූයේ ඇය කොළඹට පැමිණෙන විට මඟ හරස් කොට අත්අඩංගුවට ගැනීමය.
අගමැතිනිය ගාලු මුවදොර වෙඩි බෙහෙත් ගබඩාවේ ප්‍රාණ ඇපකාරියක ලෙස රඳවා කුමන්ත්‍රණයට සම්බන්ධ දේශපාලන නායකයන් රාජාභිශේක කිරීමත් රාජ්‍ය බලය මාරූ වු බවට එතුමියගෙන් බලෙන් අත්සන් ගැනීමත් කුන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වූ බව කියති.
“මැතිනියට මොකද වුණේ? එදා ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාව ඇසු පළමු ප්‍රශ්නයයි. ඇය ආරක්ෂාව පතා රොස්මිඞ් නිවසේ සිට අරලිය ගහ මන්දිරයට යුද්ධ ටැංකිවල ආරක්ෂාව ඇතිව ගෙන ආ බව ඇසු ජනතාව සැනසුම් සුසුම් හෙළුෑහ.
27 වැනිදා මධ්‍යම රාත්‍රියේ කුමන්ත්‍රණකාර පොලිස් හා ත්‍රිවිධ හමුදා සොල්දාදුවෝ මෙන්ම කුමන්ත්‍රණ ප්‍රධානීහු තම තමන්ට පැවරුණු රාජකාරි අනුව ස්ථානගතව සිටියහ. ඇතැමෙකුට නියම වූයේ රජයේ දේශපාලනඥයන් හා ඇතැම් හමුදා නිලධාරීන් නිවෙස් වටලා අත්අඩංගුවට ගැනීමයි.
මෙම ක්‍රියාදාමයේ වැදගත් ජවනිකාවන් කොළඹ අධිකාරි ස්ටැන්ලිට ද වෙන් කර තිබිණ. දුර දක්නා නුවණින් හා දේශීය දේශපාලන ව්‍යුහය ගැන දැන උගත්කමින් සිටි ඔහුට කුමන්ත්‍රණකාරි පිරිස් රාජ්‍ය බලය ඇල්ලුවහොත් සිංහල බෞද්ධ රාජ්‍යයට සිදු විය හැකි විනාශය පිළිබඳව ගණ දෙවි නුවණ පහළ විය.
රාජකාරියත් කුමන්ත්‍රණයත් අතර විපිළිසර වූ තම සැමියාගේ ක්‍රියාකලාපය හෙළිකර ගැනීමට ඔහුගේ බිරිඳ මායා සේනානායක මහත්මිය දක්ෂ වූවාය. ඇය වහා දුරකථන ඇමතුමක් ගත්තාය. ඒ තම පියාණන් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ අධ්‍යාපනඥ පී.ද.එස්. කුලරත්න මහතාටය.
තාත්තේ මැතිනියට විරුද්ධව හමුදාවේ අය කුමන්ත්‍රණයක් කරන්න යනවා. මං දැනුයි දැන ගත්තේ. මෙය ඇසු කුලරත්න මහතා විමතියට පත්විය. කවදාද? කොහොමද? වෙන්නේ ඔහු ඇසීය.
27 වැනිදා රෑට බලා ඉන්න කාලයක් නෑ. කරන්න දෙයක් ඉක්මනට.
විපක්ෂ මන්ත්‍රීවරයකු වුවද ජාතිහිතෛෂියකු වූ කුලරත්න මහතා වහා වගකිව යුත්තන් දැනුම්වත් කිරීමට උත්සුක විය. ශ්‍රීලනිපයේ නියෝජ්‍ය නායක වරු බොහෝ කම්පාවටත් කලබලයටත් පත් වූහ. රාජ්‍යපාක්ෂික නිලධාරීන් සොයා ගැනීම අසීරුම කටයුත්ත විය.
එවකට රාජ්‍යාරක්ෂක උප ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තම නීතිඥ ධූරයේ අත්දැකීම් යෙදා ගනිමින් පරීක්ෂණ මෙහෙයවයි.
තෝරා බේරා ගත් ආරක්ෂක ප්‍රධානීන් විසින් කුමන්ත්‍රණකාරි භටයන් එකිනෙකා අත්අඩංගුවට ගන්නා ලදි. හමුදා කඳවුරු තුළම ඔවුන් ගාල් කෙරිණ. ප්‍රධානීන් නිවෙස් තුළම සිර කෙරිණ. මැතිනිය සිර කරන්නට සිටි වෙඩි බෙහෙත් ගබඩාව ඔවුන්ටම සිර කඳවුරක් විය.
එය අර්ධ වශයෙන් පොළොව යටට වන්නට තැනු කොන්ක්‍රීට් ගොඩනැගිල්ලකි. කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග තුනම මාර්ග බාධක යොදා වැසිණ. ගුවන් තොටුපළට යන මාර්ගයේ කාලතුවක්කු හමුදා භටයෝ රැකවල්ලා සිටියහ. කුමන්ත්‍රණයේ හොඳ හොඳ දේ එළිවන ජාමයට හෙළි විය.
කුමන්ත්‍රණය හෙළි වු බව නොදත් ප්‍රාන්ත කුමන්ත්‍රණරුවෝ තමන්ට ඉහළින් අණ ලැබෙන තුරු මදුරුවන් තල තලා බලාවුන්හ. කලින් කතා කර ගත් පරිදි රජයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වැටලුහ. බද්දේගම සම සමාජ මන්ත්‍රී නීල් ද අල්විස් අත්අඩංගුවට ගැනිණි. බ්‍රැඞ්මන් වීරකෝන් මහතා ලියු අරලියගහ මැඳුරේ ස්පන්දනය ග්‍රන්ථයේ මෙසේ දැක්වේ.
කුමන්ත්‍රණකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අරලියගහ මන්දිරයේ පරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කළා. විශේෂයෙන් තරුණ නිලධාරීන් සමාවක් ලැබේ යයි සිතා වඩ වඩාත් තොරතුරු හෙළි කළා.
අරලියගහ මැදුරේ ආරක්ෂක වළල්ල මෙහෙය වූයේ නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණු නියෝජ්‍ය නාවික හමුදාපති රාජන් කදිරගාමර් එතුමා අර්ධ මැෂින් තුවක්කුවක් වනමින් කොරිඩෝවේ ඇවිද්දා මතකයි.
කුමන්ත්‍රණය අසාර්ථක වූ බව දැනගත් තරුණ හමුදා නිලධාරියෙකු වූ පෝලියර් තම රිවොල්වරයෙන් හිසට වෙඩි තබාගෙන මිය ගියේය.
මෙම කලබැගිනි කිසිවක් නොදත් ජනතාව 27 දා මැදියම් රැයේ සුබ දායක නින්දකට වැටි සිටියහ. ඔවුන් අවදි වූයේ පොලිස් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් “වහාම ක්‍රියාත්මක වන සේ රටේ ඇඳිරි නීතිය පැනවුවා” යන්න දැනුම් දුන් විටය.
පැය විසිහතරක් තුළ කුමන්ත්‍රණය හෙළි කර ගැනීමටත්, වැදගත්ම සාක්ෂිකරුවන් විමසීමටත්, රාජ්‍ය ආරක්ෂක උප ඇමති. ෆීලික්ස්ට විශ්වාසවන්තම නිලධාරීන් වූ කදිරගාමර්, දිසානායක (අපරාධ පරීක්ෂණ නි. පොලිස්පති) උදව් විය.
“මැතිනියට මොකද වුණේ? එදා ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඇසු පළමු ප්‍රශ්නය. ඇය ආරක්ෂාව පතා රොස්මිඞ් නිවසේ සිට අරලිය ගහ මන්දිරයට යුද්ධ ටැංකිවල ආරක්ෂාව ඇතිව ගෙන ආ බව ඇසු ජනතාව සැනසුම් සුසුම් හෙළුැහ.
කුමන්ත්‍රණයේ සැබෑ සැකකරුවෝ කවුද? ජනතාව ඇසු දෙවැනි ප්‍රශ්නයයි. එය සංකීර්ණ ගැටලුවකි. ඒත් පරීක්ෂණය මෙහෙය වූ අයට සරල පැනයකි.
කුමන්ත්‍රණයේ හමුදා කොටස මෙහෙය වූයේ කර්නල් මොරිස් ද මැල් හා කර්නල් සේරම්ය. පොලිසියේ කොටස විශ්‍රාමික පොලිස්පති සිඞ්නි සොයිසා හා සී.සී. දිසානායකට භාර විය. සැලසුම්කරු නාවික හමුදාපති රොයිස් ද මෙල්ය.
අවසානයට ඉතිරි වූ චූදිතයන් 29 දෙනාගෙන් පළමු වැන්නා සිවිල් නිලධාරී ඩග්ලස් ලියනගේ කරුණ මෙසේ වුවද කුමන්ත්‍රණය මෙහෙයවා පසෙක වී බලා සිටි අනාගත රජවරු කිහිප දෙනෙක් ගැන ද ජේ.ආර්. ජයවර්ධන චරිතාපදනායේ දැක්වේ.
ගැටලුව වුයේ ඒ වන විට මෙරට නීතිය අනුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක වැරදිකරුවනට දිය යුතු දඬුවම් පිළිබඳ නිශ්චිත පිළිවෙතක් නොවීමය.
මේ සඳහා 1962 අංක දරන අපරාධ නීති විශේෂ විධි විධාන පනත සම්මත කෙරිණ. චුදිතයන්ට දස වසරක සිර දඬුවම් හා දේපළ රාජ්‍යසන්තක කිරීමට ශ්‍රී ලංකා උසාවිය නියෝග කළේය. එහෙත් අවසානයේ බි්‍රතාන්‍ය රාජාධිකරණය අභියාචනා පිළිගත් ඔවුන් නිදහස් කළේය. ඒ අනාගතයට බලපාන නව නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියමිනි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චිය.