දේශපාලනය කරන අය හමු වූ විට දේශපාලන මාතෘකාවකින් තොරව කථාවක් නොමැත. සාමාන්‍ය සිද්ධීන් කථා කළද අවසානයේ හෝ දේශපාලන තොරතුරු ටිකක් හෝ කථා කිරීම සාමාන්‍ය ක්‍රමය වේ. අපේ රටේ දේශපාලන නායකත්වය දැනට වෙනස් වී ඇත්තේ රටේ පාලකයා දේශපාලන කතාබහෙන් තොරව රටේ දියුණුව ඇති කිරීමට රටේ වෙනසක් ඇති කිරීමට කළ යුතු වැඩ පිළිබඳව සාකච්ඡා කිරීමෙනි. එම තත්ත්වය උදාකර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.
එය හොඳ ප්‍රවණතාවකි. දේශපාලන කතාබහ තුළින් වෛරය - ක්‍රෝධය මතු වෙනවා වෙනුවට මේ තුළින් ජාතික හැඟීම් - නව ආකල්ප - නව වැඩසටහන් ඉස්මතු වීම වැළැක්විය නොහැක. එක් අතකින් බලන විට දේශපාලනය යනු රට පාලනය කිරීමයි. රටක් පාලනය කිරීමට නම් නව සැලසුම් අලුත් ආකල්ප හා නව වැඩසටහන් අත්‍යවශ්‍යයි. එසේ වුවද වර්තමානයේ දේශපාලනය වශයෙන් ගම්‍ය වන්නේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම්, විරුද්ධ පාක්‍ෂිකයින්ට අඩන්තේට්ටම් කිරීම් දේශපාලන ඕපාදූප හා විරුද්ධ පක්‍ෂ මර්දනයට ගත හැකි පියවරවල්. ආණ්ඩුවේ සාධනීය වැඩ පවා කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දැරීම්. තම පක්‍ෂයේ මතවාද ජනතාවගේ සිත් සතන්වලට කාවැද්දීමට ගත යුතු ක්‍රියාමාර්ග උපාය උපක්‍රම ආදියයි. ඇත්තටම ඒවා නියම දේශපාලනය නොවේ. බුද්ධිමත්, යථාර්ථවාදී දේශපාලනය යනු තම දේශය, රට සවර්ධනය කරා ගෙන යෑමට සෑම අංශයකින්ම ගන්නා ප්‍රෝත්සාහයයි.
මෙම ස්වභාවය වර්තමානයේ මතුවන්නට පටන්ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් බව මා මෙහි සඳහන් කරනුයේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව නොව ඊට පෙර එතුමාගේ දේශපාලන හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමෙනි.
ජනාධිපතිවරණයේදී ඊට ඉදිරිපත් වූ එක් එක් අපේක්‍ෂකයින් මුණගැසී ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හා අදහස් උදහස් පිළිබඳව යම් අධ්‍යයනයක් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල ස්වේච්ඡා සංවිධානයක් වන ජාතික මිත්‍ර සංසදය කටයුතු කළේය. ඒ අනුව අප පළමුව හමුවූයේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. එතුමා හමුවීමට දිනයක් ඉල්ලූ විට අප හට ලැබුණේ 2019 අගෝස්තු 21 වැනිදා සවස 4.30ටයි. එනම් එදින එතුමාගේ මිරිහානේ නිවසේදී හමුවන ලෙසයි. ඒ අනුව අප සංසදයේ 20ක් පමණ ප්‍රධාන ක්‍රියාකාරිකයින් එතුමා සමඟ සාකච්ඡා කිරීමට මිරිහාන නිවසට ගියෙමු. එහිදී අපට එතුමා හිඳගැනීමට සලස්වා තිබුණේ ඔහු පරිහරණය කරන පුස්තකාලයක් බඳු කාමරයයි. එහි හිඳගෙන සිටි අප හට දැනුණේ කුඩා පුස්තකාලයක් බඳු එම කාමරයේ පොත් රාක්කවල ඉතා වටිනා පොත් රැසක් තිබෙන ආකාරයයි. ආගමික පොත්පත් ඓතිහාසික පොත්පත් නවීන විද්‍යාත්මක පොත්පත්, අලුත් තාක්‍ෂණය හා බැඳුණු පොත් විවිධ සඟරා හා වාර ප්‍රකාශන ආදියෙන් එම පුස්තකාලය පිරී පැවතුණි.
කෙසේ වුවද අප සියලු දෙනා වාඩිගෙන විනාඩි 10කින් පමණ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණ අසුන් ගත් අතර අප සැම ඉතා සාදරයෙන් පිළිගනු ලැබුණි. ඉන් පසුව අප එකිනෙකා හඳුන්වා දුන් අතර අප සමග ගිය විද්‍යාඥයින්, ඉංජිනේරුවරුන්, දොස්තරවරුන් කාර්මික ශිල්පීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ආදී විවිධ ජන කොටස් නියෝජනය කරන නියෝජිතයෝ එහිදී වෙන වෙනම දැන හැඳිනගත්හ. ඉන් පසුව අප ප්‍රකාශ කළේ “අප පැමිණියේ තමුන්නාන්සේට ඉදිරි මැතිවරණයේදී සහාය දීම ගැන සාකච්ඡා කරන්න” කියාය. එයට හිස වැනූ ඔහු දේශපාලන පක්‍ෂයක් ගැනවත් දේශපාලන කතන්දර ගැනවත් කිසිවක් නොකියා අපේ රටේ සංවර්ධන මාවත සකස් විය යුතු ආකාරය පැහැදිලි කළේය. අප සමග සාකච්ඡාවට සහභාගි වූ සෝලා විදුලිබල ජනනය සම්බන්ධ ආයතනයක අධ්‍යක්‍ෂවරයා ඒ පිළිබඳ කළ පැහැදිලි කිරීම්වලට සාවධානව ඇහුම් කන් දුන් ගෝඨාභය මහතා එම මාතෘකාව ඔස්සේ කරුණු රැසක් පෙන්නුම් කළේය. ලෝකයේ රටවල්වල ඇති නවීන වැඩසටහන් ගැනත් සෝලා විදුලිබල පරිභෝජනයේ ඇති වැදගත්කම ගැනත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. සෝලා- විදුලි ජනනයෙන් අතිරික්ත විදුලි ඒකකවලින් ඒවා රජයට ලබාදී ආදායමක් ලබා ගත හැකි අයුරුත් සාකච්ඡා කළේය. පරිසර හිතකාමී එවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් බිහිකිරීමේ වැදගත්කමද සාකච්ඡා කළේය.
නවීන විද්‍යාත්මක දැනුමෙන් ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාව මෙන්ම තොරතුරු තාක්‍ෂණය ඔස්සේ ලබා ගත හැකි විපුල ඵල ප්‍රයෝජන ගැනද අදහස් හුවමාරු කරගන්නා ලදී.
එසේම අ.පො.ස. උසස් පෙළ සමත් වන අතිවිශාල පිරිසගෙන් සුළු පිරිසකට පමණක් සරසවි වරම් ලැබීම ගැනත් එය වෙනස් කොට උසස් පෙළ සමත් සියලු දෙනාම සරසවිවල හා ඊට සමාන උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පීඨයන්හි අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ වැදගත්කමත් සාකච්ඡා කරන ලදී.
එසේම ,ෂධඔ, (අයිඕටී) ක්‍රමය තුළින් සෑම ක්‍රියාවක්ම කිරීමට අදහස් කරන අලුත්ම ක්‍රමය සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් කරන ලදී.
තවද නව නිෂ්පාදන දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව වූ නවීන ක්‍රියාමාර්ග දියුණු කළ යුතු බවද සාකච්ඡාවට බඳුන් විය.
මෙපමණක් නොව ලෝකයේ දියුණු රටවල්වල පවතින සීඝ්‍රගාමී නව සංවර්ධන උපායමාර්ග ගැනත් දීර්ඝව සාකච්ඡා කරන ලදී. කෙසේ හෝ පැය 2කට අධික කාලයක් කතා කළේ අපගේ රට නව ලොවට විවෘත කර නව ලොව සමග එක්ව ඉදිරියට යා හැකි ක්‍රම හා උපායමාර්ග පිළිබඳවයි. මෙසේ දීර්ඝ වේලාවක් සංවර්ධනය, තාක්‍ෂණය හා නවෝත්පාදනයන් පිළිබඳව සාකච්ඡා කළා මිස ඡන්දයට උදව් කරන්නේ කෙසේද ආදී කරුණු ගැන වචනයක් කථා කළේ නැත. කොටින්ම කිවහොත් ඡන්දය ගැන කිසිම අදහසක් පළ වූයේ නැත. එවිට වේලාව සවස 6.30 පමණ වූ අතර තවත් පිරිසක් එතුමා හමුවීමට පැමිණ සිටියහ. අපගේ පැමිණීම ගැන ස්තුති කළ එතුමා නැගිට ගියේ ඔවුන් හමුවීමටය. අප ද එතුමාගේ ගෙදරින් එළියට පැමිණ මදක් වේලා කථාබහ කළේ අප ගියේ වෙනත් දෙයක් කථා කරන්නට, එතුමා කථා කළේ වෙනත් දෙයක්” කියාය.
මේ සිද්ධිය දෙස බලන විට එතුමා නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ ආරම්භය මැතිවරණයටත් පෙර සිටම ආරම්භ කර තිබූ බව පෙනේ. දේශපාලනයෙන් තොරව රටක් ගොඩනැගීමට පහළවන ජනතා නායකයින්ගේ මෙම ක්‍රියාකලාපය අප ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන සංස්කෘතිය සමඟ සැසඳීමේදී කොතරම් උදාරදැයි සිතා ගැනීමට අපහසු නැත.