සෑම දේශපාලනික අරගලයක්ම බලය සඳහා කරන සටනකි. සමාජවාදී විප්ලවය කරා ගිය ගමන් මගෙහි වැදගත් සැතපුම් කණු තුනක් ඇත. පළමුවැන්න පැරිස් කොමියුනයයි. එය අසාර්ථක උත්සාහයක් වුවත් එයින් වටිනා අත්දැකීම් ලැබීමට පීඩිත පංතියට හැකිවිය. පළමු සාර්ථක පීඩිත පංතියක විප්ලය වූයේ ඔක්තෝබර් විප්ලවයයි. එසේම සංස්ථාපිත පීඩිත පංතියේ ආඥාදායකත්වයක් යටතේ විප්ලවයක් හටගත් පළමුවන අවස්ථාව සංස්කෘතික විප්ලවයයි. බලය අල්ලා ගැනීමෙන් පසුව නැවත විප්ලවයක් සිදුකිරීමට අවශ්‍ය වූයේ මන්ද? චීන කොමියුනිසිට් පක්ෂය හා චීන පීඩිත පංතිය විසින් එවැනි විප්ලවයක් ආරම්භ කරන ලද්දේ මන්ද? ඊට හේතුව අරගලය පිළිබඳ විෂය මූලික රිතියේ සැඟවී ඇත. සෑම විප්ලවයක්ම මුල් අවධියෙන් පසු යම්කිසි අවස්ථාවක දී ස්ථාපිත කරගත යුතුය. පංති සතුරා තමාගේ ඉරණම කිසි විටෙකත් නිහඬව සිට පිළිගනු ලබන්නේ නැත. සිය අයිතිවාසිකම් බැහැර කරනු ලැබුවායින් පසුව ධනේශ්වර පංතිය තිබූ තත්ත්වය යළි ලබා ගැනීමට අරගල කරයි.
සංස්කෘතික විප්වලයේ කේන්ද්‍රස්ථානය වූයේ චීනයේ ෂැංහයිය. ෂැංහයිවල හටගත් අරගල දරුණු විය. දෙපක්ෂයේම බලසේනා ඉතා ශක්තිමත් විය. විමුක්තිය ලද පසුත් පංති ගැටුම නිමාවකට නොපැමිණියේය. ඉහළ දේශපාලනික සවිඥානකභාවයක් ඇති කාර්මික ක්ෂේත්‍රයේ වැඩ කරන කම්කරු පංතියක් විශාල සංඛ්‍යාවක් එක් පසෙකින් සිටියේය. නියම පීඩිත පංතිකයක හා සැබෑ මාඕ අනුගාමිකයකු වූ නගරාධිපති ‘කෝමින් සේ’ විසින් පරිපාලන තන්ත්‍රයේ නායකත්වය උසුලන ලදි. අනෙක් අනිත් බලන විට විප්ලව පාලන තන්ත්‍රය සමග එකට වැඩ කටයුතු කිරීමට ඉඩහරින ලද පැරණි ධනපති කොටස් හා දනපතියන්ට කර්මාන්ත ගෙන යාමෙන් ලද අත්දැකීම් නිසා සෙස්සන් කෙරෙහි බලපෑ හැකි බලධාරී තත්ත්වයන් විය. ධනවාදී මග ගමන්ගත් පක්ෂ සාමාජිකයන්ගේ තත්ත්වය මැනැවින් සුරක්ෂිත විය. 1965 දී ‘කා’ ගේ මරණයෙන් පසු නගරාධිපති තනතුරට පත්වූ ‘චාම් ටී ඩු’ සහ නගර පක්ෂ කමිටුවේ දෙවන ලේකම්ව සිටි ‘චෙන් පෙයි ඩීන්, යන දෙදෙනාටම සභාපති මාඕ ගේ ප්‍රතිපත්තිය වහකදුරු මෙන් තිත්ත විය. මෙය විරුද්ධවා දී පෙරමුණු දෙක අතර හටගත් අවසාන මහා සටන ෂැංහයි නුවර සංස්කෘතික විල්ලවය විය.
මේ අනුව ෂැංහයි නුවර සංස්කෘතික ක්ෂේත්‍රයෙහි අතුරු සටන් ඇතිවීමද හඳුනා ගත හැකිවිය. සභාපති මාඕ පෙන්වා දී ඇති පරිදි දේශපාලනික ව්‍යාපාරයක් ආරම්භ කළ යුත්තේ මහජන මතයක් ගොඩනැගීමෙන් අනතුරුවය. මෙය පීඩිත පංතියට මෙන්ම ප්‍රති විප්ලවවාදීන්ට ද සාධාරණ වූ සිද්ධාන්තයකි. සභාපති මාඕගේ භාර්යාව වූ ‘නියැංචින්’ ප්‍රධාන චරිතය රඟපෑ පීකිං නාඩගම පරිවර්තනය කිරීම මාර්ගයෙන් 1963 දී ධනපති සංකල්පයන්ට පහර දෙන ලදී. මෙහිදී මාලිගාවල ප්‍රචලිත වූ කලාව සියුම් ලක්ෂණ බැහැර කර කැපී පෙනෙන සරල උපක්‍රම භාවිත කරමින් මෙම නාඩගම්වල දුෂ්ටයන් හා වීරයන් පෙන්නුම් කෙරිණි. මෙම නාගඩම් ඉතා ජනප්‍රිය වූ අතර ප්‍රේක්ෂකයන් කෙරෙහි විශාල බලපෑමක් ඒ මගින් කරන බව ද පෙනෙන්නට තිබුණි. පැරණි නාඩගම් සඳහා වස්තු බීජ වූයේ අධිරාජ්‍යයන් පැරණි චීන නිලධාරීන් අන්තඃපුර කාන්තාවන් හා අපූර්ව කතා පුවත්ය. එහි සිටි පොදුජනයා විසින් සලකනු ලැබුවේ නිහීන තත්ත්වයක් භාජනය කරන විහිළුකාරයන් ලෙසය. අපූර්ව ඇඳුම් කට්ටල හා නානාවිධ ශිල්පීය ක්‍රම භාවිත කොට එය වැඩවසම් ක්‍රමය ව්‍යාජ දෘෂ්ටියකින් හුවා දැක්වූයේය. මෙම රඟපෑම් ක්‍රමයට තරුණ පරපුර කිසිදු ඇල්මක් නොදැක්වූ අතර ප්‍රේක්ෂකයන් හීනවීම නිසා පැරණි රංගන ශෛලය අඩපණ වෙමින් පැවතියේය. ධනවාදය යළි ගොඩනැගීම සඳහා පැරණි නාඩගම ප්‍රචාරක මාධ්‍යයක් විය. දේශපාලන අරගලයේ දී එය ධනපති කොටස් විසින් භාවිත කරනු ලැබීම එය විනාශ වීමට හේතු විය.
අරගලය ඉතා තියුණු විය. ‘විල අද්දර ගම්මානය’ නමැති නව නාඩගමක් පීකිංවල ප්‍රදර්ශනය කළ පසු රටේ අනෙකුත් ප්‍රදේශවල මෙම නාටකය රඟදැක්වීමට නොහැකි වනසේ ‘පෙං චෙන්’ නමැති නගරාධිපති තැන නාට්‍ය කණ්ඩායම විසුරුවා හැරියේය. නව නිෂ්පාදන කිහිපයක් සඳහා කටයුතු සම්පාදන කිරීමට නියැංචින් ෂැංහයිවලට පැමිණියාය. චාඕ සහ චෙන් යන දෙදෙනාම ඒවා වර්ජනය කිරීමට වෑයම් කළහ. නාට්‍ය සහ චෙන් යන දෙදෙනාම ඒවා වර්ජනය කිරීමට වෑයම් කළහ. නාට්‍ය නැරඹීමට ආරාධනා කරනු ලැබු විටදී තමන් විශේෂඥයන් නොවන බව පවසමින් කිසිදු ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළහ. පැරණි නාඩගම් රඟ දැක්වීමට ඔවුන් ආධාර දුන් අතර නව නාඩගම්වල ප්‍රසිද්ධ රඟදැක්වීම් වැළැක් වූහ. සුළු පිරිසකට සීමාවූ නව නාටක රඟ දැක්වීමට නොගොසින් බැරි වූ විට ඔවුහු විවිධ මතවාද ඉදිරිපත් කළ. මෙය අශ්වයෙකුවත් නොවේ, බුරුවෙකුවත් නොවේ. එහි වතුරවල ඇති රසයට වැඩියමක් නැත. එය සිංදු කිහිපයක් ඇතුළත් කර ඇති තවත් සාමාන්‍ය නාට්‍යයක් පමණකි. නියැංචින් ද එම මට්ටමින්ම ඔවුන්ට පිළිතුරු දුන්නාය. සෑම නාඩගමක්ම සිංදු සහිත නාට්‍යය. පැණි රස හා මිදි යුෂ යන දෙකම තනනු ලබන්නේ වතුර පාවිච්චි කිරීමෙනි’ යනාදී වශයෙනි.
සංස්කෘතික ක්ෂේත්‍රයෙහි හටගත් අරගලය දික් ගැස්සෙමින් වඩ වඩා දරුණු අතට හැරුණි. මාඕ සේතුංගේ ප්‍රතිපත්තිවලට අවෘත ලෙස පහර දෙමින් ලිපි පළ කළ පීකිංවල උපනගරාධිපති ‘ වූ හැන්’ ප්‍රතික්ෂේප කළ යුතු යැයි 1965 දී සභාපති ඉල්ලීමක් කළේය. සභාපතිට මහජන විමුක්ති හමුදාවේ පූර්ණ සහයෝගය සහතික කිරීම සංස්කෘතික විප්ලවය ආරම්භ කිරීම සඳහා වූ පූර්ව ප්‍රත්‍යයක් විය. 1959 සැප්තැම්බර් මස දී ‘ලිං පියා ඕ’ ආරක්ෂක ඇමැති පදවියට පත් කිරීම මේ සම්බන්ධයෙන් වැදගත් පියවරක් විය. වූ හැන් ට විරුද්ධව ලිපි පලකරවා ගැනීමට නියැංචින් තැත් කළාය. එහෙත් ඔහු පීකිං නගරාධිපති පෙං චෙංගේ ආරක්ෂාව ලැබුවෙක් නිසා ලේඛකයෝ ඔහුට එරෙහිවීමට බිය වූහ. පීකිංවල දී සිය අභිප්‍රාය ඉටු කරගත නොහුනු නියැංචින් ෂැංහයිවලට පැමිණ එහිදී චෑං චුන් චාඕ සහ යා ඕ මෙන් යූ ආන් නමැති ස්වෙච්ඡා සේවකයන්ගේ ආධාර ලබා ගත්තාය. මරා දැමීමේ බිය හමුවේ ඔවුහූ මෙම කටයුත්තට ඉදිරිපත් වීමෙන් විශාල ආත්ම ධෛර්යයක් පෙන් වූහ. වු හැන්ගේ නාටකය විවේචනය කළ ලිපිය ලියැවුණේ රහසිගතවය.
කෙසේ හෝ මේවා පීකිං නගරාධිපති පෙං චෙන්ට මෙය සැලවී එය තමාට පෙන්වන ලෙස ඔහු බලකර සිටියේය. ලිපියේ සිව්වන ජේදය ඉවත් කළහොත් ලිපිය පිළිගැනීමට තමා සතුටු බව කීම ඔහුගේ මිළඟ උගුල විය. එහෙත් වු හැන් ආවෘත ලෙස සභාපති මාඕට පහර ගසන බව සඳහන් තර්කයේ හරය ගැබ්බී තිබුණේ මේ ඡන්දයෙහිය. නියැංචින් ඒ ජේදය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළාය. පීකිං හි එම ලිපිය පළ කිරීමට පෙංචෙන් ඉඩ නොදුන්නේය. අවසානයේ දී මෙම ලිපිය 1965 නොවැම්බර් මසදී යාඕචෙන් යු ආන්ගේ නම්වලින් ෂැංහයි වල පළ කරන ලදී.
මේ සිද්ධියෙන් පසුව සංස්කෘතික විප්ලවයේ තිරය විවෘත කෙරිණි. පෙංචෙන් බිය පත්විය. ඔහු පළමුවෙන්ම උත්සාහ ගත්තේ දරදඬු ලෙස ක්‍රියා කිරීමටය. 1966 පෙරබවාරි 6 වන දින ප්‍රකාශයට පත් කරන ලද සමාජවාදී සංස්කෘතිය පිළිබඳව චක්‍රලේඛනයෙහි මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රීය එකක් ලෙස දැක්වීමට වෑයම් කළේය. එම වැඩවසම් යුගයේ සදාචාරය හා ඓතිහාසික චරිතයන් අගය කළ යුත්තේ කෙසේද? යන ප්‍රශ්නයත් පිළිබඳව දෙයක් ලෙස ඔහු දැක්වීය. සමකාලීන දේශපාලනයට මේ ප්‍රශ්නයෙහි ඇති අදාලත්වය සඟවා එය ඓතිහාසිකවාදී සාකච්ඡාවක් බවට පෙරලීමට ඔහු තැත් කළේය. මෙම ලේඛනය සම්පාදනය කරන ලද්දේ සභාපතිගේ අනුදැනුම නැතිවය. එහෙත් සිය බලය පරිහරණය කළ ලියු ෂා ඕචි එය මධ්‍යම කාරක සභාවේ නිල ලේඛනයක් බවට පත් කළේය. එය ප්‍රකාශයට පත් කිරීමේ තීරණය ගන්නා ලද්දේ ලියූ ෂා ඕචීගේ නිවසේදීය. ෂැංහයිවල පක්ෂ ලේකම් හා නගරාධිපතිට මෙය අගනා ලේඛනයක් විය. මෙම වාද්‍ය ශාස්ත්‍රීය සාකච්ඡාවක් බවට පත්කිරීමට ෂැංහයි පුවත්පත්වලට අණ කරන ලදී.
1966 පෙබරවාරි 6 වන දිනැති පීකිං නගරාධිපතිගේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් මැයි මස 16 වැනිදා මධ්‍යම කාරක සභාව චක්‍රලේඛනයක් නිකුත් කළේය. මෙම චක්‍රලේඛනය සභාපති මාඕ විසින්ම කෙටුම්පත් කොට අනුමත කරන ලද්දක් විය. මෙම චක්‍ර ලේඛනය මගින් කේචර් සාමාජිකයන් අවදි කරනු ලැබූ අතර ගැටුම වඩාත් ව්‍යාප්තව ගියේය. සංශෝධනවාදීන් දැන් සැබැවින්ම බියපත් වූහ. මාඕ පීකිං නුවරින් බැහැරව සිටි තාක්කල් බලය ඔවුන් අතේ විය. පක්ෂය ඇතුළත හා පක්ෂයෙන් පිටත කරුණු සම්බන්ධයෙන් පෝස්ටර්වලින් වෙනසක් පෙන්වාලිය යුතු බවත් පක්ෂ කටයුතු ප්‍රසිද්ධියේ සාකච්ඡාවට භාජනය නොකළ යුතු බවත් ඔවුහු කියා සිටියහ. සංස්කෘතික විප්වලයට ඉහළ පෙළේ පක්ෂ සාමාජිකයන් දෝෂ දර්ශනය ලක්කළ නොහැකි වී නම් එයින් විවාදයන් අඩාලවී කිසිවක් කරගත නුහුණු තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබුණි. කැරලි කණ්ඩායම්, ක්‍රියාශීලී ලෙස කටයුතු කළ ආයතනවලට වැඩි කණ්ඩායම් යැවීමෙන් හා විශ්වවිද්‍යාලවල පක්ෂ කමිටු භාවිත කිරීමෙන් ඔවුන් මැඩලීමට වෑයම් කරන ලදී. කැරලිකාර ව්‍යාපාරය යටපත් කිරීමට ඔවුහු රට පුරා පැවති පක්ෂ කමිටුවල අධිකාරය ආයුධ කොට ගත්හ. කැරළිකරුවන් අතින් සිදුවූ සුළු සුළු වැරදි අල්ලා කැරලිකරුවන් පක්ෂ විරෝධීන් හා සමාජවාදී විරෝධීන් හැටියට හංවඩු ගසන්නට ඔවුහු පටන් ගත්හ. වැඩ කණ්ඩායමක නායකයෙකු ආධිපත්‍යය යාමෙක් එරෙහි වුවහොත් ඒ පුද්ගලයා පක්ෂයට එරෙහි වුවකු බවත් එමගින්ම මාඕට විරුද්ධ වුවෙක් බවත් ඔවුහු වාද කළහ. ප්‍රතිවිප්ලවවාදීන් හැටියට කැරලිකරුවන් හංවඩු ගසන ලදි.
මාතලේ - එම්. තාරික්