අපේ සටන් ව්‍යාපාර පටන් ගැනුණේ එහි ආරම්භයට පුරෝගාමී වුණේ වර්ධනය වී ගිය මාක්ස් ලෙනින්වාදි සමූහයක් නොවේ. එක් පුද්ගලයකුට මුළුමහත් ධනේෂ්වර ව්‍යාපාරයේම ප්‍රබල ක්‍රියාකාරීත්වයකට එරෙහිව පැරැණි වාමාංශික ව්‍යාපාරයේ විකෘති දර්ශනයකට එරෙහිව ඉතාමත් අපහසු තත්ත්වයන් යටතේයි, විප්ලවවාදී දර්ශනය ජනතාව අතර ජයග්‍රහණය කිරීමට සිදුවුණේ. ඊට එරෙහිව පැමිණි බාධක හා විරෝධතා අනන්තය.
මුල් කාලයේදී මතවාදී අරගල ජනතාව අතර පැරැණි වාමාංශික ව්‍යාපාරයෙන් සොයාගනු ලැබූ කුරුවල් වූ කිහිපදෙනෙකු සහ නවකයින් කිහිප දෙනෙකු අතරින් කාඩර්වරුන් කිහිප දෙනෙකු වර්ධනය කිරීමත් සඳහා ඉතාමත් දුෂ්කර ඉතාමත් අපහසු වැඩ කොටසකුයි කරන්න සිදුවුණේ. සෑම සමාජ ආයතනයක් මෙන්ම දේශපාලන පක්‍ෂයයකටත් පරිනාමයක් ඓතිහාසික විකාශනයත් සංවර්ධනයත් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් සත්‍යය එයයි. ඕනෑම දේශපාලන පක්‍ෂයක් සංවර්ධනය වනුයේ ඒ රටේ පවතින සමාජ දේශපාලනමය තත්ත්වයන් පදනම් කරගෙන ඊට අනුරූපී ලෙසය. ඒ ඓතිහාසික තත්ත්වයන් තුළය. එබැවින් එම පක්‍ෂයෙහි අභ්‍යන්තර තත්ත්වයන් එය ගමන් ගත් මාර්ගයත් කොටින්ම මුළුමහත් පක්‍ෂය කෙරෙහි යමෙක් විග්‍රහ කරනවා නම් එය කළ
හැක්කේත්, කළ යුත්තේත් එම පක්‍ෂය පැවැති සහ සංවර්ධනය වුණු ඓතිහාසික තත්ත්වයන් තුළය.
1964 සිට 1969 දක්වා අප විසින් කරන ලද්දේ තනිකරම ධනේශ්වර මතවාදයට එරෙහිව විප්ලවීය මතවාදය ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව 1969 අතර කරන ලද කඨෝර වූත් දුෂ්කර වූත් අරගලයක් පමණි. 1969 දක්වාම පක්‍ෂ සංවිධානයක් ගොඩනැගුවේ නැත. එයට හේතුව පක්‍ෂ සංවිධානයක සාමාජිකයින් වීමට තරම් සුදුසු වූත් දියුණු වූත් සහෝදරවරුන් සෑහෙන පිරිසක් ඒ වනවිට නොසිටීමයි. මතවාදී අරගලයේ ප්‍රතිඵල වශයෙන් විප්ලවවාදි සහෝදරවරුන් සෑහෙන පිරිසක් ගොඩනගා ගැනීමත් සමගම අප සංවිධානය ගොඩනැගීම පටන් ගත්තා. මතවාදී අරගලය කිරීම සඳහා අප පළමුවෙන්ම නැඹුරු වූයේ ජනතාව සමඟ ජනතාවගේ සමාජ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඒවා ද්විඝට්ටනාත්මක ලෙස විශ්ලේෂණය කරමින් විග්‍රහ කරමින් ඒවා බිහි වී වර්ධනය වී ඇති ආකාරයත් ඒවායේ උපතට හේතූන් ඒවායේ අද තිබෙන සැබෑ තත්ත්වයත් ඉදිරියට වර්ධනය වන ආකාරයත් ඒවාට ඇති සැබෑ තාත්වික විද්‍යානුකූල විසඳුමත් සාකච්ඡා කිරීම මගිනුයි. මෙලෙස ජනතාවගේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටිකෝණයකින් විග්‍රහකර ඉදිරිපත් කරගෙන යාමේ ක්‍රියාවලියේදී අප ලැබූ අත්දැකීම්වල ප්‍රතිඵලයක් වශයෙනුයි. පංති 5 හටගැනුණේ පංති 5ටත් ඒ අනුව ඓතිහාසික විකාශනයක් පරිණාමයක් සංවර්ධනයක් තිබෙනවා. පංති පහ තැබීමෙන් කිසිවෙකු මාක්ස් ලෙනින්වාදියෙකු වන්නේ නැහැ. එමගින් කෙරෙන්නේ මිනිසුන් මාක්ස් ලෙනින්වාදී චින්තනයට හැරවීම නැඹුරුවීම පමණි. එය ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගෙන දී තිබේ.
පංති පහෙන් කෙරෙන්නේ ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටි කෝණයක පිහිටා විග්‍රහ කර එමගින් ජනතාව මාක්ස් ලෙනින්වාදී පැත්තට ඇද ගැනීම පමණි. එමගින් මිනිසුන් සමාජය වෙළී ඇති ප්‍රශ්න තුළින් ඒ හරහා ඒවාට සැබෑ විද්‍යාත්මක විසඳුම සොයා මාක්ස් ලෙනින්වාදය වෙතට නැඹුරු කරයි. ධනේෂ්වර චින්තාවට විරුද්ධව නිර්ධන පංති චින්තාවට ජයකෙහෙළි නංවනු පිණිස කරනු ලබන මතවාදී අරගලයේ පුරෝගාමී වැඩ කොට ඉටු කිරීමට පංති පහට ඇති හැකියාව ඉතිහාසය විසින් මොනවට ඔප්පු කර තිබේ. මිනිස්සු මාක්ස් ලෙනින්වාදය වෙතට ක්‍රියාත්මක අයුරින් සෑහෙන ප්‍රමාණයක් නැඹුරු කිරීම යාන්ත්‍රික ලෙස කළ නොහැකිය. ඔවුන් මාක්ස් ලෙනින්වාදයට ගෙන ආ යුත්තේත් ගෙන ආ හැක්කේක් ඔවුන්ගේම සමාජ ප්‍රශ්න තුළින්මය. මෙසේ මාක්ස් ලෙනින්වාදයේ චින්තාව පැත්තට නැඹුරු අයට අපි 1968 පටන් අධ්‍යාපන කඳවුරු සංවිධානය කරමින් මාක්ස් ලෙනින්වාදි දර්ශනය පිළිබඳවත් ලාංකීය විප්ලවයේ ගැටලු පිළිබඳව සෑහෙන අවබෝධයක් දෙමින් සහ නව දර්ශනය හා ක්‍රියා මාර්ගය භාවිතාවේ යෙදීමට අවකාශ ලබා දෙමින්ද එමගින් න්‍යායික දැනුමට අමතරව භාවිතාවේ යොදා එය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට ඉඩ සලසමින්ද මතවාදි අරගලය ඉදිරියටම ගෙන ආවෙමු. ජනතාවට දේශපාලන අවබෝධය
ලබාදීම අතින්, මාක්ස් ලෙනින්වාදි චින්තාව ජනතාව අතර පතුරුවාලීම අතින් අපි සමකාලීන ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය විප්ලවාදීන් අතර පෙරමුණේ සිටින බව නොරහසකි.
සංවිධානයක් ගොඩනැගීමට තරම් විප්ලවාදීන් පිරිසක් ගොඩනගමින් සිටින විට සංවිධානය කිරීමේ ප්‍රශ්න පැන නැගුණාම එම ප්‍රශ්නයන් ඉතාම නිවැරැදිව මාක්ස් ලෙනිස්වාදි පදනමකින් ක්‍රියාවට නැගුණා. අප ඉහළ සිට පහළට ව්‍යාපාරයේ සංවිධානය ගොඩනැගුවේ නැහැ. පැරැණි වාමාංශික ව්‍යාපාර හා ධනේශ්වර දේශපාලන පක්‍ෂ ලෙසින්. ඒ වෙනුවට අප කළේ පහළ සිට ඉහළට සංවිධානයක් ගොඩනැගීමයි. මේ අනුව පක්‍ෂ ශාඛාව, ග්‍රාමීය කොමිටිය, ප්‍රාදේශීය කොමිටිය හරහා දිස්ත්‍රික් කොමිටිය දක්වා සංවිධානය ගොඩනැගී තිබුණා.
‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.
තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.
එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.
2011 නොවැම්බරයේදී නියමුවා ප්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.
මේ ඒ ලියැවිල්ලය.
සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්