ජේ. ආර්. එක්ක හැප්පුණු කොළඹ කවියා


1921 x 1985 දී පැවති කොළඹ යුගයේ කවීන් අතර මලල්ගොඩට සුවිශේෂි ස්ථානයක් හිමිවනුයේ ඔහු සමාජ අසාධාරණය, අයුක්තිය අවනීතිය අසත්‍යය හා අපචාරයට එරෙහිව මිල මුදල් හෝ තනතුරුවලට යටත් නොවී නැගෙන පිල වෙනුවෙන් බලධාරීන් සමග කවිබසින් කළ සටන නිසාය.
 
මලල්ගේ ව්‍යක්ත මුඛරිකම කැපී පෙනෙන්නේ 1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස පැටලීමත් සමගය.
 
‘‘විමලා විජයවර්ධන අගමැතිට කැලෑ පත්තර ගැසූ හැටි’’ ආණ්ඩුව පෙරළීමට කුමන්ත‍්‍රණය කළ අයුරු සහ බණ්ඩාරනායක අගමැති මැරීමේ අධිකරණයේ සහ තොරතුරු ඇතුළත් කෘති තුනක් කවියෙන් පළකිරීම නිසා මලල් රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට දිනපතා ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවන ලදි.
 
50 දශකයේ සිට බණ්ඩාරනායක මැතිදුන්ට හා ප‍්‍රතිගාමී අදහස් දරන තම පක්‍ෂයේම මැති ඇමැතිවරුන් සමග මත ගැටුම් හා කුමන්ත‍්‍රණ රැුසකට මුහුණ පාන්නට සිදුවිය.
 
බණ්ඩාරනායක මහතාගේ ඝාතන නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පැටලෙන්නට මලල්ගොඩ කවියාට සිදුවුණේ කුමන්ත‍්‍රණ කරුවන්ගේ පෞද්ගලික රහස්  ඔහුගේ කවි කොළයකින් හෙලිදරව් වූ කියාය. ‘රාජ්‍ය රහස්’ හෙළි දරව් කිරීමේදී මෙන්ම රැුකීමේදී ද රුසියකු වූ මලල් ගෙන් තමන්ට වුවමනා සාක්ෂි ලබා ගැනීමට නොහැකි වන බව නීතිඥයනට පෙනිණ.
 
අවසානයේදී වෙහෙසට පත්වූ පොලිසිය හා නීතිවේදීන් ඊළඟට කළේ ඔහුගේ හැඟීම් අවුස්සා සත්‍යය එළියට ගැනීමට හරස් ප‍්‍රශ්න ඇසීමය.
 
‘‘ඔබතුමා ස්ත‍්‍රි ඇසුරට ප‍්‍රිය බව ආරංචියි. ඒක ඇත්තද?’’
‘‘ඔව් එහෙම හිතමු’’ මලල් කීය
 
‘‘ඔබ තුමා කාලයක් සිවුරු දරාගෙන හිටියා නේද?’’
ඔව් එහෙම හිතමු’’
 
‘‘ඒ කාලෙත් කාන්තාවන් ඇසුරු කළා නේද?
‘‘ඔව් ගොඩක් ඇසුරු කළා’’ මලල්ට කියැවිණ
 
නීතිඥයා ජයග‍්‍රාහී සිනාවක් පා නරඹන්නන් දෙස බැලීය. ‘‘මෙවැනි ¥ෂිත චරිතයක් ඇති අයකුගේ සාක්ෂි ගණන් ගන්නේ කෙසේදැයි’’ එම බැල්මේ සටහන් විය.
 
‘‘ඒකාලෙ ගැන කියන්න කැමතිද?’’
‘‘අපොයි මං හුඟක් කැමතියි.’’
 
‘‘එහෙනම් කියමුකො ඇසුරු කරපු අයගෙ නම්’’කවදත් තැන්පත් වූ ගති පැවතුම් තිබූ මලල් කාන්තාවන් වැලකගේ නම් කියාගෙන ගියේය.
 
‘‘යසෝදරා, මහාමායා, කිසාගෝතමී, සුමනා, සුජාතා, රජුමාලා උසාවිය තුෂ්ණීම්භූත විය. මලල්ගොඩ කියා ඇත්තේ බෞද්ධ සාහිත්‍යයෙහි තමන් ඇසුරු කළ කුල කතුන් ගැනය.
 
මෙවන් ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් මලල් කටයුතු කළ අවස්ථා රාශියකි.
 
වරක් අගමැති ඇමැති මැතිවරුන් අපහාසයට උපහාසයට ලක් කිරීමේ ‘‘සාපරාධි වරදට’ මලල් පාර්ලිමේන්තුවට කැඳවන ලදි. මලල් කළේ මෙවැනි කවිතුනක් ලියා කථානායක ආනන්ද තිස්ස ද අල්විස් මහතාට යවා තමාගේ අහිත බව පළකිරීමය.
 
‘‘ළයදී රටට ජනතාවට එඩිපාන
දැය රුපු පඳුරු දුටු හැටියෙම කඩු ගාන
සිය යුතුකම කරන සිතකින් අබිමාන
බිය නැත කිසිදු රජ අණකට කවිපෑන
 
කෙතරම් පාලකයන්ට වැරදි පෙන්වා දුන්නත් යළි යළිත් එම වැරදීම කිරීම ගැන කෝපයට පත් මලල් වැරදි තීන්දු නිසා පරාජයට පත්වූ දේශපාලනඥයන්ට දෙහි කැපුවේ මෙවැනි කවි කියමිනි.
 
මින්පෙර උගුර ලේ රහවන තුරු කිව්වා
පැන්සල් පෑන් තල මොටවන තුරු ලිව්වා
කන්දුන්නාද නැහැ මුළු රට ගිනි ලැව්වා
දැන් කුඳගහ ගනිව් නිසි දඬුවම් මෙව්වා
 
ආධුනික හා අංකුර කවියෝ මලල්ගෙන් උපදෙස් ගැනීමට පැමිණ උන්හ. එලිවැට නොබිඳ නව අදහස් රිද්මයානුකූලව කවිබසින් පළකරන අයුරු ඔහු කියාදුන්නේය. එහෙත් එළිවැට බිඳුණ කල ඔහු කෝපයට පත් නොවීය
 එළිවැට නොවෙයි  ඕනෑ රසකවිය’’
 
මලල්ගේ කවි දිවියෙහි අත්වැල වූවේ ඔහුගේ දේශපාලන දර්ශනය තේරුම්ගත් ප‍්‍රියම්බිකාව වූ ශි‍්‍රයා මලල්ගොඩ කිවිඳියයි. මලල්ගෙන් ගිලිහුණු කවිකම ඇය ජයගත් වාර බොහෝය.
 
කොළඹ යුගයේ අනිකුත් කවීන් පේ‍්‍රමය හෝ සොබාදහම ගැන කවි ලියද්දී මලල් අයුක්තිය හා හැප්පුණේය.
1978 දී පැවැති යූඇන්පී රජයේ බලවතා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇතැම් තීරණ නිසා පොදු ජනතාවට වූ අසාධාරණය ගැන කිපුණ මලල් ‘නූතන දේවදත්ත’ කෘතිය තුළින් ඒවා නිර්දය ලෙස විවේචනය කළ බැවින් රහස් පොලිසියට කැඳවීය.
 
එහිදී ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් ඉතා කුරිරු හා වෙහෙසකාරී වූ බව පෙනී යයි.
 
‘ජේ. ආර්. මට 41 පාරක් නැයෝ බලන්න හතර වෙනි තට්ටුවට අරන් ගියා’’
 
දැඩි ලෙස ගිලන් වූ මලල් කවිය සඟයන් හිනැස්සුවේ මෙවැනි රසවත් වදනිනි.
 
මලල් ලියූ පද්‍ය කෘති 17 කි. ඔහු සෝමවීර චන්ද්‍රසිරි කිවිඳුන්ගේ ‘නිදහස’ පත‍්‍රයේ සහකාර කතු ලෙස පත‍්‍ර කලාවට එක්විය ‘සිංහල’ ජාතිය ප‍්‍රධාන කතු ධුරය දරමින් එකල ‘ජනයුගය’ පත‍්‍රයේ කර්තෘ මණ්ඩල ප‍්‍රධානියා ලෙස සේවය කළ මලල් ‘රහස්’ පත‍්‍රයේ හා ‘අමාව’ කවි සඟරාවේ සංස්කාරක වූයේය.
 
මලල් එහෙම පිටින්ම ප‍්‍රගතශීලි ඵලයකි. නූතන සිංහල කවියේ ප‍්‍රගමනය වෙනුවෙන් මෙතරම් අභියෝගවලට මුහුණ දුන් කවියන් ඇත්තේ අතළොස්සකි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්ධුරය සමග ‘කවිය’ පුවත්පතත් ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ‘දිනකර’ නිල පුවත්පතත් ඔහුට භාරදුන්නේ ඒ නිසාය. දිනපතා මැතිසබයේ ‘කවිය’ කවි කගක් සේ ළෙලදුනි.
 
‘‘මලල්ගොඩ ජලකර බෝම්බයක් හෝ  ඉලක්කය බලා විදින දුනුවායකු ලෙස හඳුන්වත හැකිය. ඒ රජ බලයට ධන බලයට හෝ අධිපති බලයට නතු වී බැගෑපත්වන අයුතු මාර්ගයෙන් ස්වාර්ථය පතන පුද්ගලයන් හෝ ආයතනවලට හොඳින් ඉලක්කගෙන පහර දෙන්නකු බැවිනි.
 
මෙසේ මහගත්කරු හේමපාල මුණිදාසයෝ මලල් ගැන සඳහන් කර තිබිණ. කවි පත්තරවලට අමතරව ‘ලේ සලකුණ’ දේශපාලන කරළිය ‘හෙණගුළි වැනි කවි රචනා කාලීන සමාජයේ කැටපතක් වැනි විය. මලල්ගොඩගේ උඩඟු හිස නැමුණේ මහ සඟරුවන අබියස පමණි. ගාල්ලේ ජනිතව කොළඹ හරහා බලගල්ලට පැමිණි මලල් කහවතින් සැරසී බලගල්ලේ සරස්වතී පිරිවෙණින් පෙරදිග භාෂාව ශාස්ත‍්‍ර හදාළේය. වඩාත් සමාජ සේවයෙහි යෙදීමට ඔහු උපවැදි වුවද පිරිවෙන් ආශ‍්‍රිතව ගොඩනැගුණ පංච මහා බලවේගයේ මුදුන්මුලක් වීමට තරම් මලල් පින්වන්ත විය.
 
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ‘‘ඓතිහාසික විද්‍යාලංකාර ප‍්‍රකාශනය’’ තුළින් පන්නරය ලැබූ පී. බී. අල්විස් පෙරේරා සාගර පලන්සූරිය හා මලල්ගොඩ කවිත‍්‍රිත්වය පරිවේනාධිපති යක්කඩුවේ ශ්‍රී ප‍්‍රඥාරාම නාහිමියන් ප‍්‍රමුඛ සඟ විරුවන් සමග අත්වැල් බැඳගත්හ.
 
‘‘බම්මන්නා’ යනු භාරගත් කාර්ය හරිහැටි නොකරන්නා යැයි කී මලල් ජනරංජනයෙහි අසමත් පාලකයාද එවැන්නෙක් යැයි වරක් පැවසීය.
 
‘‘බම්මන්නකුව හැසිරෙන ජනපතිය කැන’
 
මින්පසු නොඑව පෙරළන්නට පරණ පොත
 

 ජේ. ආර්. ආණ්ඩුවට පැවරූ අපහාස නඩුව මතු භවයටත් ඉතිරිකර මලල් 1985 සැප්. 10 වැනිදා 63 වියේදී අපෙන් සමුගත් අතර ඔහුගේ දේහය කලා භවනේ ප‍්‍රදර්ශනය කිරීමද තහනම් විය.

 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි