‘‘තුන්වැනි සොලමන්’’ යැයි විරුදාවලි ලැබ ජගත් දේශපාලනඥයකු ලෙස ජනතා සේවයට කැපවූ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිඳුගේ අකල් වියෝවින් ගිලිහුණු ජාතික ධජය අතට ගත්තේ සිරිමාවෝ මැතිනියයි.
‘‘කාන්තාවන්ට උරුම පවුල රැකගන්න එකයි, තොටිල්ල පදවන එකයි විතරයි.’’
එදා වූ බමුණුකුල මතය ඇයටද බලපෑවේය. 1960 දී අගමැති ධුරයට ඇය නම් කරද්දී, ප‍්‍රතිගාමීහු මෙසේ ද කීහ.
‘‘ආසනයක් වත් තරග නොකර එයා කොහොමද අගමැති වෙන්නේ? අනික කොයි රටේද ගෑනු කෙනෙක් අගමැති වුණේ?’’
එහෙත් ජූලි මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය සියලූ ප‍්‍රතිගාමීන් හා පක්‍ෂ තුළ සිටි අවස්ථාවාදී බලලෝභීන් විමතියට පත් කරමින් බහුතර අසුන් දිනාගත් අතර ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමු අගමැතිනිය ලෙස ඇය විරුදාවලි ලැබුවාය.
අනතුරුව සෙනට් මන්ත‍්‍රී මණ්ඩලයේ අසුනක්ද ඇය වෙනුවෙන් පිරිනැමිණ.
රාජ්‍ය නායකයන් අතරින් ඇයගේ ළඟම යෙහෙළිය වූයේ අගමැති ශ්‍රී නේරුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධිය. ඔවුහු මිතුරියන් පමණක් නොව කලාව හා සංස්කෘතියට පෙම් කළ සහෘදයෝ වූහ.
ඉන්දිරා ප‍්‍රියවූයේ මෝසාර්ට්ගේ සංගීතයටය. සිරිමාවෝ ප‍්‍රියවූයේ බේතෝවන්ගේ බටහිර සංගීතයටය.
1940 ඔක්තෝබර් 03 වැනිදා විවාහ දිවියට එළඹි බණ්ඩාරනායක යුවළ උඩරට හා පහතරට වලව් පැලැන්තීන්ට අයත් වුවද කෙදිනකවත් එම භේදය තම යුගදිවියට බාධාවක් කර නොගත්හ. හොරගොල්ල වලව්වේ දොර කවුළු පොදු ජනතාව වෙනුවෙන් ඇරුණු අතර කෑම මේසයද දේශීය ආහාර පානයෙන් සරසා වැඩකරන ජනතාවට විවෘත විය. වලව්වේදී ඇය ඔහුගේ මිතුරිය වූවා සේම දේශපාලනයේදී ඔහුගේ සෙවණැල්ල වූවාය.
බළන්ගොඩ රත්වත්තෙ මහ වලව්වේ උපත ලැබ කොළඹ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලද නමුත් කුඩා කල සිටම සිරිමාවෝ මැතිනිය බෞද්ධ ධර්මය හා සිංහල කුල සිරිත් පිළිබඳ උසස් දැනුමක් ලබා සිටියාය.
‘‘මට මතකයි අපේ නාරද හාමුදුරුවන් බළංගොඩ වලව්වේ වස් වස්වාගෙන දිනපතා ධර්ම දේශනා ශ‍්‍රවණය කළා. හැබැයි අන්‍ය ජාතීන්ට හෝ අන්‍යාගමිකයන්ට හානි කළේ නෑ. රාජ්‍ය පාලනයට සුදුසු දරුවන් තැනීම එතුමියගේ විශිෂ්ටතම සේවාවයි.’’
මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියෝ වරක් පැවසූහ. ‘‘අපිට දෙවැනි නිදහස දුන්නේ එතුමියයි. 72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තැන්නම් අපි තාමත් හිතෙන් වහල්ලූ’’ උන්වහන්සේ එතුමියගේ සමරුවකදී සඳහන් කළහ.
1959 සැප්තැම්බර් 25 දා චීවරධාරියකුගේ වෙඩි උණ්ඩයට ළයදී බණ්ඩාරනායක මැතිඳුන් බරපතළ තුවාල ලැබීය. ඒ මොහොතේම ගෙතුළින් දිව ආ බණ්ඩාරනායක මැතිනියටද සාහසිකයා පිස්තෝලය එල්ල කළේය. එදා එම වෙඩිල්ල පත්තුවූවා නම් ජාතියේ ඉදිරි කලදසාව අඳුරුවනු නිසැකය.
එහෙත් ¥රදර්ශී නායකයා මරු විකල්ලෙන්ම ඇය ආරක්‍ෂා කිරීම සඳහා පිස්තෝලයට අතින් තද පහරක් ගැසුවේය. එය අසුලා ගන්නට පෙරම සාහසිකයා පැන ගිය අතර බණ්ඩාරනායක මහතා ඇද වැටුණේය. ඊට පසුකලකදී එතුමිය මරා දැමීමටත්, රාජ්‍ය බලය උදුරා ගැනීමටත්, ප‍්‍රජා අයිතිය නැති කිරීමටත් කුමන්ත‍්‍රණ රැුසක් සිදු කෙරුණ අතර ආශ්චර්යකින් මෙන් ඇය දිවි ගලවා ගත්තාය. නැතිවූ ප‍්‍රජා අයිතියද ලැබිණ.
එක්තරා අවස්ථාවක සාහසිකයකුට ඇය මැරීමට කොන්ත‍්‍රාත්තුවක් ලැබිණ. නිර්දන පන්තියේ කම්කරුවකු වූ මොහු මින් පෙර මැතිනිය ළඟින් ඇසුරු කොට හෝ දැක තිබුණේද නැත.
මැතිනිය සිටි වේදිකාව අසල එකම මිනිස් ගංගාවකි. ඇය වටා එකම මී මැසි පොදියකි. ඒ නිසා සාහසිකයාට ඇය අසලට කිට්ටුවීමටත් නොහැකි විය.
‘‘මේතරම් මිනිස්සු ඇයට ආදරේ ඇයි? මෙතන රහස මොකක්ද?’’
සාහසිකයාට සිතුණි. මෙවෙලේ යන්තමින් ඔහු දුටුවේ බණ්ඩාරනායක මැතිනියගේ සුදු පැහැති අතත් ඇය කිසිදා අත් නොහරින අත් බෑගයත්ය.
‘‘මං මරන්න ආවේ මේ තරම් සුන්දර අහිංසක කාන්තාවක් ද? සල්ලිවලට වඩා ඇය කොතරම් වටිනවාද?’’
කලබලයටත් තමන් ගැන කලකිරීමටත් පත් සාහසිකයාගේ සිිහිය අවුල් විය. ඔහුට ගෙදර සිහිවිය. පිස්තෝලය අතින් ගිලිහිණ, හිස හැරුණු අත ගියේය.
තමන් දුන් කොන්ත‍්‍රාත්තුව ගැන සොයා බැලූ ප‍්‍රතිගාමීන්ට දැනගන්ට ලැබුණේ සාහසිකයා වාමාංශිකයන්ට භාරවී පාපොච්චාරණයක් කළ බවය. එය එදා විකල්ප පුවත්පත්වලද පළවිය.
සැමියා මෙන්ම දේශීය ආහාර රටාවක් දේශීය රෙදිපිළි රටාවත්. සංස්කෘතික පෙරළියත්, දේශීය නිවහල් ආර්ථීකයක්, නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් හා ජනසතු යුගයක් බිහි කිරීම අගමැතිනියගේ සිහින විය. මේ සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමටද ඇයට සිදුවිය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන්, වැනි සමාජවාදී කඳවුරේ චින්තකයෝ රැුසක් ඇයගේ කැබිනට්ටුව අලංකාර කළහ.
එසේම මෛත‍්‍රීපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක, පී.බී.ජී. කළුගල්ල ආදී ශ්‍රීලනිප දේශපාලනඥයෝ රැුසක්ද ඇය වටා සිටියහ. එනිසාම ජනතාවට රිදුණත් ජාතියේ ඉදිරිගමන උදෙසා ගතයුතු පියවර රැුසක් ගැනුණි.
‘‘මේක හාල් පොලූ, මිරිස් පොලූ, යුගය’’ යැයි ප‍්‍රතිගාමීහු ජනතාව කුලප්පු කළහ. දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ඇගේ ආණ්ඩුව පැනවූ සීමා තහංචි හා අණපනත් පරාජය කිරීමට ප‍්‍රතිගාමීන් උත්සාහ කළේ ජනතාව කලකිරවමිනි.
මතගැටුම් නිසා පක්‍ෂය තුළ මෙන්ම සමසමාජ කොමියුනිස්ට් සමාජවාදී කඳවුර තුළද හැලහැප්පීම් සිදුවීමෙන් ආණ්ඩුව පුපුරා ගිය අවස්ථා බොහෝය. තම දරුවන් පවා පිල් බෙදී වෙනත් පක්‍ෂ හදාගෙන පිටවී ගියත් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට මැතිනිය කටයුතු කළාය.
‘‘තරුණ අපි ඇයට සැලකුවේ අම්මාට වගෙයි. රාජ්‍ය නායිකාව වුණත් ඇය අපට සැලකුවේ මිතුරන්ට වගේම දරුවන්ට වගෙයි.’’
වරක් ශ්‍රීලනිප හිටපු ලේකම් ධර්මසිරි සේනානායක අපට පැවසීය.
‘‘ඡුන්ද ව්‍යාපාරවලට යනකොට ප‍්‍රවේශමෙන් ගිහින් එන්න’’ කියා අවවාද දුන් අයුරු පැරණි පාක්‍ෂිකයෝ අදද සිහි කරති.
ශී‍්‍රලනිප ආණ්ඩු පිහිටුවා කලක් ගතවන්නටත් පෙර හමුදා කුමන්ත‍්‍රණ, 71 තරුණ කැරැුල්ල වැනි මරණීය අභියෝග රැුසක් ඇයට එල්ලවිය. කැරලි මර්දනය සිදුවෙද්දී ඇය ආරක්‍ෂක අංශවලින් මෙසේ ඉල්ලා සිටියාය.
‘‘කැරලිකාරයො වුණත් ඒ අය අපේම රටේ දරුවෝ. වැරදි ආකල්ප වගේම බලපෑම් නිසයි ඔවුන් ආයුධ අතට අරන් තියෙන්නෙ. ඔවුන් මරා දැමීම මේවාට පිළිතුර නොවෙයි. පුළුවන් තරම් ජීවිත බේරන්න.’’
ඇය අනතුරුව තරුණයන්ගේ ආරක්‍ෂාව අභිවෘද්ධිය සලකා පුනරුත්ථාපන වැඩසටහනක් යෝජනා කළාය. ඒතුළින් නව ජීවය ලත් විශාල පිරිසක් අදද ජීවතුන් අතර වෙති.
මෙරටේ අයිතිවාසිකම් පමණක් නොව ලෝකයේ තැලෙන පොඩිවන ජනතාවගේ මානව අයිතීන් වෙනුවෙන්ද ඇය හඬක් නැගුවාය.
වරක් ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය ඉන්ධන සමාගම් ජනසතුව ගැන එම රටවල් කිපී ලංකාවට දෙන ආධාරද නතර කළහ.
ලෝක පොහොර අරමුදලක් පිහිටුවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අභියෝග කරන තුන්වන ලෝක අරමුදලක් ඇරඹීම, තුන්වන ලෝකයේ වාණිජ මර්චන්ට් බැංකුවක් පිහිටුවීම, මහාචාර්ය සේනක බිබිලෙගේ සහභාගීත්වය ඇතිව දේශීය ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීම, රක්‍ෂණ ජනසතුව තෙල් සමාගම් ජනසතුව මේ අතර වෙයි.
1976 අගෝස්තු 16 වෙනිදා ඇයගේ ප‍්‍රධානත්වයෙන් නොබැඳි ජාතීන්ගේ පස්වැනි සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී රටවල් 83 ක සහභාගීත්වයෙන් පැවැත්වූයේ බණ්ඩාරනායක නම් දිරිය මාතාවගේ ජාත්‍යන්තර සුහදත්වය වටහාගත් නිසාය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි