දේශපාලන ලෝකය කැලඹූ ‘ මරණ දඬුවම ’


ශ්‍රී ලංකාවේ මරණ දඬුවම පිළිබඳ ඉතිහාසය රජ සමය දක්වා ඈතට දිවයයි. විජය රජුගේ සමයේ (ක්‍රි.පූ. 543) සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1815) දක්වා රාජනීතියේ උපරිම දඬුවම වූයේ මරණයයි.


අපරාධ සිදු වූයේ තදබල   කෝපය නිසාද ආත්මාරක්ෂාව සඳහා ද යන්න රජවරු පවා දඬුවම් දෙන්නට පෙර සලකා බැලූ බව පෙනේ. වංශවතකු මරා දැමුණේ ගෙල සිඳීමෙනි. එහෙත් සාමාන්‍ය මිනිසකු මරාදැමුයේ බිම බාවා හෙල්ලෙන් ඇනීමෙනි.


රාජද්‍රෝහීන්ට කිසි ගැලවීමක් නොවිණ. ඔවුන්ට දඬුවම් වූයේ පුලුස්සා පණපිටින් මැරීම හෝ හෙලට පෙරළා දැමීමය. රාජද්‍රෝහී චෝදනාව මත ක්‍රි.ව. 01 දී භික්‍ෂූන් 60ක් හෙලකින් පෙරළා මැරූ බව මහාචාර්ය සී.එම්.එස්. ජයවර්ධනගේ ඔයැ ෘැ්එය ඡ්බ්කඑහ සබ ක්‍ැහකදබ  ග්‍රන්ථයේ දැක්වේ.


පුරුෂයන් මෙසේ මරද්දී ස්ත්‍රීන් මරාදැමුවේ වෙනත් ක්‍රමවලටය. දියේ ගිල්වීම, කස පහරදීම, මස් ගැලවී යනතුරු පාරදිගේ ඇදගෙනයාම වැනි දඬුවම් ඇයට ලැබිණි.


පෘතුගීසී, ලන්දේසි හා බි්‍රතාන්‍ය පාලන යුගවලදී ශ්‍රී ලාංකිකයනට සානුකම්පිතව මරණ දඬුවම ලබාදෙන ලදි. රොබට් නොක්ස්ගේ තොරතුරුවල එම දඬුවම් මැනවින් දක්වා ඇත.


පෘතුගීසි සමයේ දරුණුම නිලධාරි වූයේ කොමදෝරු සයිමන් කොරයාය. ඊළඟට ජෙරනිමෝද අසවේදුය. මව ලවා දරුවන් වනේ ලා කෙටවීම, මිනිසුන් කිඹුලන්ට ආහාර සඳහා ගංගාවලට විසිකිරීම, දරුවන් දෙකට කැපීම හා ස්ත්‍රීන්ගේ පයෝධර කැතිගෑම පෘතුගීසීන්ගේ දඬුවම්වලට අඩංගුය.


ලන්දේසි යුගයේ අධම ආණ්ඩුකාරයා වූයේ පිට්ෘස් චුයිස්ට්ය. ඔහුගේ ක්‍රමය වූයේ චූදිතයන්ගේ බොකුබඩවැල් එළියට ඇදීමය. ලන්දේසි දේවගැති බැල්ඩියස් පවසන අන්දමට කුමන්ත්‍රණකාරී ප්‍රධානීන් තිදෙනකු අල්ලා දැවදඬු උපකරණයක බහා ඇටකටු කුඩුකර පපු කැනති එළියට ගෙන මස් කැබලි ගස්වල එල්ලා, හිස උල් ලීවල අමුණා ප්‍රදර්ශනය කර ඇත.


එල්ලා මැරීම නීතිගත කරන ලද්දේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ෆෙඞ්රික් නෝත් විසිනි. එහෙත් චූදිතයාගේ ඉල්ලීම මත එල්ලා මැරීම වෙනුවට  හිස ගසා දැමීමට ඉඩ ලබා දුණි.


ඩොනවන් මොල්ඩි්‍රම් නම් බි්‍රතාන්‍ය ලේඛකයා විවිධ රටවල කළ ගවේෂණයක් ඇසුරින් ලියූ ්‍ය්බටප්බ ීච්රු එය්එ බදදිැ  කෘතිය සිංහලට පරිවර්තනය කළ යසපාල වනසිංහ මහතා බි්‍රතාන්‍ය යුගයේ සිට නිදහස ලබන සමය දක්වා මෙරටෙහි මරණ දඬුවම් ඉතිහාසය පිළිබඳ අපූරු කතාවලියක් සිංහල පාඨකයාට ගෙනඑයි.


බි්‍රතාන්‍ය සමයේ භික්‍ෂුවකට මරණ දඬුවම පනවා තිබුණේ 1823 දීය. උන්වහන්සේට එල්ල වූ චෝදනාව නම් ක්‍රිෂ්ණ රෙඩිස් නමැති දමිළ අයකුට සිංහල කිරුළට අයිතිය ලබාදීමට කුමන්ත්‍රණ කිරීමයි.
උන්වහන්සේට සමාව දෙන ලෙස ජේමිස් කැම්බල් ආණ්ඩුකාරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරිණ.


“භික්ෂුවක් වශයෙන් පිළිපැදිය යුතු ශීලයට මිනිසුන් මරන්න කුමන්ත්‍රණය කරන එක අදාළ නෑ”


එසේ කී ආණ්ඩුකාරයා මරණ දඬුවමට ඉඩ සැලසූ අතර ක්‍රිෂ්ණ රෙඩිස්ගේ පිටේ හණ ගසා මහනුවර කසළ ශෝධකයකු ලෙස යෙදවීය.


ක්‍රි.ව. 1816 සිට 1821 දක්වා ප්‍රභූවරුන්ගේ විනෝදාංශයක් වී ඇත්තේ මිනිසුන් එල්ලා මැරෙන හැටි  නැරඹීමය. 1863 මාර්තු 23 වැනි දින අත්අඩංගුවට පත් සූර සරදියෙල් හා මම්මලේ මරික්කාර් දින 40ක් තිස්සේ නඩු අසා එල්ලා මරා දමනු ලැබුවේ යුරෝපීය කාන්තාවන්, සංචාරකයන් රැස්කකා බලා සිටිද්දීය.


වර්ෂ 1847 - 50 වකවානුවේ බි්‍රතාන්‍යයන් පැන වූ බදුවලට එරෙහිව කැරලි ගැසූ මාතලේ හා කුරුණෑගල ජනතාවට නායකත්වය දුන් කඩහකපොළ කුඩා උන්නාන්සේ නම්  හිමි නම අත්අඩංගුවට ගෙන එල්ලා මරණ ලද්දේ සිවුර පිටින්මය.


කෑගල්ල ආරච්චි කෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ 12 දෙනෙකු වරදකරුවන් වූ අතර ඉන් පස්දෙනකු එල්ලා මැරුවේ එක වරමය. කෑගල්ලේදී වූ මිනීමැරුමට දඬුවම් කළේ ද කෑගල්ලේදීමය. සිරකරුවන්ට පිරිත් කීම සඳහා භික්‍ෂූන් 12 නමක් වැඩම කර තිබිණි.


බි්‍රතාන්‍ය ආණ්ඩුවේ උප ඒජන්ත බැද්දේගම නවකතාව ලියූ ලෙනාර්ඞ් වුල්ෆ්ගේ අත්දැකීම් ඇතුළත් කෘතියේ සමූහ වශයෙන් එල්ලා තිබියදී නොමැරුණ අයකුගේ හිස කඳින් වෙන්වී නහර පුපුරා ගැලූ ලේ වැඩම කර සිටි භික්‍ෂූන්ගේ සිවුරුවලට ද වැටී තිබේ.


මරණීය දණ්ඩනය අහෝසි කිරීමට 1928 පෙබරවාරි 05 වැනි දා ඩී. එස්. සේනානායක මැතිඳු මැතිසබයට ගෙන ආ යෝජනාව ස්ථිර කරන ලද්දේ සභානායක ඩී. බී. ජයතිලකයන් විසිනි. බෞද්ධ ප්‍රතිපත්තිවලට එය පටහැනි නිසා යෝජනාව සම්මත කැරුණේ 19 ට 7 අනුපාතයෙනි.


ඊට සහය දුන් අය අතර එච්. ආර්. ෆ්‍රීමන් හා ටී. බී. ජයා යන මන්ත්‍රීවරු ද වූහ. එහෙත් පත්කළ මන්ත්‍රීවරයකු වූ ජී. ඒ. එච්. චිල් යෝජනාවට විරුද්ධ වෙමින් පැවසුවේ මරණ දඬුවම අහෝසි කරනවා නම්  විකල්ප දඬුවමක් දිය යුතු බවයි. බි්‍රතාන්‍යයේ මරණ දඬුවම අහෝසි වී නොතිබීම නිසා යෝජනාව යට ගියේය.


දෙවැනි වරටත් 1936 දී මන්ත්‍රී සුසන්ත ෆොන්සේකා යෝජනා කළේ මරණ දඬුවම වෙනුවට දිවි ඇති තුරා බන්ධනාගාර ගත කිරීම සුදුසු බවය. එයද ප්‍රතික්‍ෂේප විය.


තුන් වැනි ප්‍රයත්නය වූයේ 1942.05.21 වැනිදා ඒ. පී. ද සොයිසා මැතිඳුන් ගෙන ආ යෝජනාවය.


“චූදිතයා පෝරකයට යැවිය යුත්තේ ජූරියේ ඒකමතික තීරණය අනුව පමණයි.”


එය ද අසාධාරණයැයි තහනමට ලක්විණ. 1948 මෙරටට නිදහස ලැබ පැවැත් වූ පළමු විවාදයේදීම මහනුවර මන්ත්‍රී ෆ්‍රෙඩී ද සිල්වා මරණ දඬුවම බුදු දහමට පටහැනි බව කියමින් තර්ක කළේය. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමේ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම කරුණම ඇතුළත් යෝජනාවක් මහාචාර්ය ජී. පී. මලලසේකරයන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබිණි.

 

 

මතු සම්බන්ධයි...

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි