නිහඬ රාත්‍රියක ගුප්ත චාරිකා


මිනර්වා  හා ලියෝ පසෙකින් තබා ගැනීම හේතුවෙන් ඬේඬේ හා ජැමිටෝගේ ආදරයට යම් විචිත්‍ර බවක් එක් වී යැයි කිව හැක. බොහෝ රාත්‍රී කාලයන්හි යාමට ආරක්ෂා සහිත තැනක් නොවූ විට ඬේඬේගේ හඬට බිය ජනක ආශ්වාදයේ රසයක් මුසු වුණි. ඔවුන් පියාගේ ෆෝඞ් රියේ හෝ ජැමිටෝගේ පියාගේ චෙවි රියේ ගමන් කරනුයේ ජැමිටෝ ඬේඬේ හා මිනර්වා පමණක් පිටතට දිස්වන පරිදිය. ලියෝ රියේ පිටුපස සැඟව සිටියේය. ඔවුන් හමුදා මුරපොලවල් පසුකොට කළපුව දෙසට ගමන් කරන විට ඬේඬේ ගේ හදවත බියෙන් ගැහුණි. ඔවුහු සිව් දෙනාම ස්වල්ප වේලාවක් කතාබහ කරමින් ගියද අනතුරුව මිනර්වා හා ලියෝ නිහඬ වන්නට වූහ. කොඳුරා කතා කිරීම් හා සිනාසීම් හැර අන් කිසිවක් නොවීය. 
 
ජැමිටෝ මෙම භයානක ගමන්වලට පෙළඹුණේ මන්දැයි කිව නොහැක. ඔහු බොහෝ විට ගැටලු මගහැර යන්නෙකි. එක් නීති විරෝධී පැත්තක් ලිහිල් වීම තෝරා ගත්විට අනෙක් අතින් ඬේඬේ ගේ ග්‍රහණය දැඩිවන බව ඔහු  සිතන්නට ඇත. ලියෝගේ පැමිණීමෙන් පසුව ඈ අන් කවරදාටත් වඩා ජැමිටෝ දිරිමත් වන පරිදි වැඩ කළාය. 


නමුත් ඬේඬේ ගේ සිතේ දිරිය සවිමත් ගැට දමා නිම නොකළ මැහුමක් මෙන් ගැලවී ගියේය. පොලිසිය වමේ සහ දකුණේ මිනිසුන් වට කරන අන්දම පුවත්පත් වලින් කියවන්නට ලැබීම ඇයට දරාගත නොහැකි විය. ඈ තවදුරටත් පුවත්පත් නොකියවා සිටීමට තීරණය කළාය. රටේ පාලනය උමතු බවට හැරෙමින් හාස්‍යමය අණ පනත් ගෙනෙන්නට විය. එකම පාට කාකි කලිසම හා කමිස ඇඳි ඕනෑම කෙනෙකුටත් ලොකු දඩයක් නියම කෙරුණි. එය කබායේ ජැකට්ටුව අතේ ගෙන යා හැකි නීතියට පටහැනි වුණි. ලියෝ නිවැරදිය. මෙය හාස්‍ය ජනක හා උමතු පාලනයකි. එය විසුරුවා හැරිය යුතුව තිබිණි. 


නමුත් ඈ එවැනි දෑ ලැයිස්තුවක් ජැමිටෝ හමුවේ පැවසූ විට ඔහුගෙන් අපේක්ෂා කළ ප්‍රතිචාරය නොලැබුණි. ඉතින්? කියා ඔහු ඇසුවේ ඈ හිස ඔසවා බලන විටය. 


‘ඒක විහිළුවක් නොවෙයිද? මං අදහස් කෙරුවෙ ඒක හාස්‍යජනක, උමතු විහිළුවක් බවයි.  


ඬේඬේ තම රන්දිවක් ඇති දක්ෂ සොයුරිය මෙන් භාෂණයෙහි නිපුණත්වයක් නොදැක්වුවාය. මගෙ දෙවියනි, මෙම හාස්‍යජනක උමතුව ඈ කෙසේ පහදන්නද? 


ඔයා මොනවා ගැනද මේ කියන්නේ?


ඬේඬේ ගේ ඇස්වල  කදුළු පිරුණි. එයාට තේරෙන්නෙ නැද්ද?


ඈ හඬන විට ඔහු ඇගේ අත අල්ලාගෙන සිට අනතුරුව ඔහුගේ විධානය කරන සැනසිලි ස්වරයෙන් කරුණු පහදා දුන්නේය. එකම පාට කාකි ඇඳුම් කට්ටලය යුද හමුදාවේ නිසා ඇඳුමේ වෙනස රඳවා ගත යුතුවුණි. අත උඩින් කබායක් දමාගෙන යන කෙනෙකුට තුවක්කුවක් සඟවා ගෙන යා හැක. මෑත භාගයේදී අල් ජෙෆේට (වෘජිලෝ) එරෙහිව දියත්වන කුමන්ත්‍රණ පිළිබඳව කටකතා පැතිරේ. 


ඔයාට තේරුණාද වස්තුවේ?


නමුත් ඬේඬේ ට නොවැටහුණි. ඈ දෑස් තදින් පියා අන්ධයෙකු මෙන් ප්‍රාර්ථනා කෙරුවේ හැම දෙයක්ම යහපත් වේවා කියාය. 


මෙයින් නොබෝ කලකට පසුව ලියෝ ඔවුන් හා පැවසුවේ අගනුවර හා පැවති සබඳතා උම්මත්තකාගාරයක් සඳහා සූදානම් කළ හැකිවනු ඇති බවය. ඔහු සහ තවත් කිහිප දෙනෙකු නෙරපීමට සැරසෙන බවය. මිනර්වා දැඩිව නිහඬ වුවාය. අනතුරුදායක දේශපාලනය ගැන අදහස් දැක්වීමක් නොකරන ජැමිටෝට පවා ලියෝගේ තත්ත්වය අවබෝධ වුණි. 


ඔහු සංසුන්වෙලා මේ කුපිත කිරීම් නතර කරලා හිටිය නම් ඔහුට රටේ වෙනස්කම් ගැන කටයුතු කරන්න තිබුණායි ඔහු පසුව ඬේඬේ හා පැවසුවේය. ඊළඟට ඔහුට හෙමිහිට  වැඩ කරලා රටේ වෙනස්කම්වලට උදවු දෙන්න තිබුණා. මේ විදියට ඈතකට ගියාම ඔහුගෙන් කාටවත් වැඩක් තියේද? 


ඔහු සමගි සම්මුති ගැන විශ්වාසය තබන්නෙ නැහැ. ඬේඬේ ලියෝ ආරක්ෂා කළාය. ඇගේ හඬෙහි වූ කෝපය ඈ තුළම විමතියක් ඇති කළේය. ලියෝගේ කැපවීම හෑල්ලුවන බව ඇයට දැනුණි. ඇයටද එපමණ නිර්භීත විය හැකිවුණි නම් ඈ කල්පනා කළාය. එහෙත් ඇයට එසේ විය නොහැකි වුණි. 


ජැමිටෝ තමා සිතන අන්දම ඬේඬේ ට වටහා දෙන්නට වෑයම් කළේය. 


ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසි වැනි කොටස



ඔබට තේරෙන්නෙ නැද්ද මගෙ හදවත, මුළු ජීවිතය බැඳීම්වලට යටත් වෙනවා. ඔබට ඔබේ මව සහෝදරිය පියා එක්ක බැඳීම් වගකීම් තියෙනවා. මුහුද හා ගොඩබිම, වෙරළ රේඛාව එක්ක ගිවිසුමක් තියෙනවා. එය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඔබට තේරුණාද මගේ පණ?


මට තේරුණා යි ඬේඬේ අවසානයේ පැවසුවේ ඈ විවාහවීමට සිටි පිරිමියා කෙරෙහි වගකීමෙන් බැඳෙමිනි. ලියෝ සැඟවෙන්නට ගිය රාත්‍රිය ඇයට මතක තිබිණි. එය අන්තිමේ දී ඈ ජැමිටෝ හා විවාහ වන්නට එකඟ වූ රාත්‍රිය වුණි. 


ඔවුහු ඩොමිනිකන් පක්ෂයේ රැස්වීමක් සඳහා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගියහ. ලියෝ මෙන් තමා සහ තම පවුලේ අය කරදරයට ඇද දැමීමේ උවමනාවක් නැතිනම් පක්ෂයේ කටයුතු සඳහා යාම කළයුතු දෙයකි. ලියෝ ඒ සඳහා නොපැමිණෙන බව අමුතුවෙන් කිවයුතු නොවීය. මිනර්වාද ඔවුන් හා පැමිණියාය. 


එම සැඳෑව මැරුණු එකකි. පක්ෂයේ ඉහළ තනතුරක් දැරූ කාන්තාවක් ‘මෝරල් මෙඩිටේෂන්’ නම් කෘතියෙන් කොටසක් කියවුවාය. එය ඩෝනා මේරියා හෙවත් රටේ ඉහළම කාන්තාව ලියූ කමකට නැති පොතකි. ආඥාදායකයාගේ බිරිය ඉන් වචනයක් හෝ ලියා නැතැයි හැම දෙනාම පාහේ දැන සිටි නමුත් රැස්ව සිටි පිරිස විනීත ලෙස අත්පොලසන් දුන්හ. ඒ මිනර්වා හැරය. ඬේඬේ ඇයට වැලමිටෙන් ඇන මෙසේ කීවාය. ‘ඒක ජීවිත රක්ෂණයක් ගානයි’ 


ඔවුහු එක එල්ලේම සිහිබුද්ධියෙන් යුතුව නිවසට ළඟා වූහ. ඔවුන් සාලයේ වාඩිවී සිටියේ කෘමි සතුන් පලවා හැරීම පිණිස ගෑස් ලාම්පුව නිවාදමාය. ජැමිටෝ යොමු වූයේ මිනර්වා ඇගෙන් ප්‍රශ්න කිරීම නමින් හැඳින්වූ දෙයටය. “ඔබේ මිත්‍රයා ඔබටත් යාමට ඇරයුම් කළාද?” මවගේ නිවසේ දී ලියෝගේ නම නොකියා සිටීමට තරම් ජැමිටෝ බුද්ධිමත් විය. 


මිනර්වා  කතා කිරීමට පෙරාතුව කෙටි නිහැඬියාවක් ඇති වුණා. ‘ලියෝ’ යි අද ඇරඹුණේ ඔහුගේ නම පැහැදිලිව සඳහන්  කරමින් හා ඇගේ ස්වරය අඩු කිරීමට තරම් බියමුසු නොවෙමිනි. ‘මගෙ හිතවතෙක් විතරයි. ඒ වගේම නැහැ. ඔහු මට යන්න කතා කළේ නැහැ. ඇරත් මම යන්නෙත් නැහැ 


මිනර්වා ඔහු වෙනුවෙන් සිය ජීවිතය අනතුරේ හෙලා ගනිමින් ඔහු හා ආදරයෙන් බැඳී සිටි බවට එකඟ නොවුයේ මන්දැයි ඬේඬේ කල්පනා කළාය. 


ඔවුහු අද ඔහු සොයාගෙන මගෙ ගෙදරට ආවෝය. ජැමිටෝ කෙඳිරුවේය. ඬේඬේට ඇගේ දෙවුරෙහි මාංශ පේශීන් තදවන බව දැනිණ. මට උවමනා වුණේ නැහැ ඔයාලාට හිතේ කරදරයක්  දෙන්න. නමුත් ඔවුන් මාව පහළට එක්ක ගිහින් ප්‍රශ්න පොදියක් ඇහුවා. අද රෑ යන්නෙ ඕනැයි කියල මම හිතුවෙ ඒකයි. අපි අපේ හැසිරීම ගැන කල්පනාවෙන් ඉන්න ඕනි. 


ඔවුන්ට මොනවටද ඔහු සොයා ගන්න උවමනා වුණේ? මිනර්වා මෙවර ඇගේ හඬ පහත් කර විමසුවාය. 


ඔවුන් කිවුවේ නැහැ. නමුත් ඔහු යම් නීති විරෝධී දේවල් මට දීල තියෙනවද කියල ඔවුන්ට දැන ගන්න උවමනා වුණා. ඔවුන් කිවුවෙ එහෙමයි. 


ජැමිටෝ දිගු වේලාවක් නිහඬව සිටි අතර ඔහු පසෙක සිටි තරුණියෝද එසේ වූහ. ඔයා මොනවද කිව්වේ? යි ඬේඬේ විමසුවේ කෙඳිරීම අමතක කරමිනි. 


මම කිවුවා ඔහු එහෙම කරපු බව?


ඔය මොකක්ද මිනර්වා කෑ ගැසුවාය. ඇයට උන්හිටිතැන් අමතක වූ බව පෙනුණි.

 

 

 

 

 

 

 

පරිවර්තනය 
මානෙල් ජයන්ති ගුණසේකර