නොනිමි සටනක මතක සටහන්


සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් ‘‘තී‍්‍රමා විතාන සමරු පදනම’’ ප‍්‍රකාශයට පත් කළ ‘‘සිසු අරගලයට මග කියන පහන් තරුව’’ ප‍්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි. 


ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ජූලි මාසය කළු ජූලියක් විය. 1987 ජූලි මාසය තවත් කළු ජූලියක් සනිටුහන් කළේය. ජූලි 30 වැනි දිනට නියමිත කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර විභාගය ඉලක්ක කොට ජූලි මාසය විරෝධතා මාසය ලෙස නම් කරන ලදී. එසේම සියලූ වෛද්‍ය සිසුන් ජූලි පළමු වැනිදා සිට කලූ පටි බැඳ දේශනවලට සහභාගි වීම ආරම්භ කරන ලදී.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම අරගලයට සහාය දැක්වීම ආරම්භ කර තිබිණි. සංගමයේ විධායක කමිටුවේදී කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකට විභාගයන් නොපවත්වන ලෙසටද එකම ප‍්‍රමුඛතා සමඟ එකම ලේඛනයකින් සීමාවාසික පත්වීම් ලබා නොදීමට ද කටයුතු කළ යුතු බවට යෝජනා ස්ථිර කරන ලදී. ජුනි මස අවසානයේදී කොළඹ වෛද්‍ය පීඨ කායව්‍යවච්ෙඡ්ද ශාලාවේ පැවැති විශේෂ මහා සභා රැුස්වීමේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විධායක කමිටුව ගනු ලැබූ යෝජනා ඒකමතිකව සම්මත වූ අතර මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට රජයට සති දෙකක කාලයක් ලබා දී එය ක‍්‍රියාත්මක නොවුනහොත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට යාමට තීරණය කරන ලදී. 


 

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ස්ටැන්ලි කල්පගේ සහ සෞඛ්‍ය ඇමැති රංජිත් අතපත්තු සමඟ වෛද්‍ය සංගමය සාකච්ඡුා පැවැත්වූ අතර එම සාකච්ඡුා අසාර්ථක වූ බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 1987 ජූලි 15 වැනි දින සිට අඛණ්ඩව වැඩ වර්ජනයකට අවතීර්ණ විය. 1987 ජූලි 16 වැනි දින සිට දන්ත වෛද්‍ය සංගමය ද වැඩ වර්ජනයට එක් විය.


වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සමඟ එකම විභාගයක් පවත්වා එකම උපාධියක් පිරිනැමීමට විරෝධය දැක්වීමට තීරණය කර ඒ බව විශ්වවිද්‍යාල බලධාරීන්ට දැනුම් දෙන ලදී. එසේම සංකේත වැඩ වර්ජනයක් පවත්වා විරෝධතාව දක්වන ලදී


වෛද්‍ය වර්ජනය පැවැතියද සිසුන් විභාගවලට පෙනී සිටියහොත් සටන එතැනින් අවසාන වනු ඇත. එබැවින් ශිෂ්‍ය නායකයින්ට විභාග වර්ජනය සඳහා ශිෂ්‍ය එකඟතාව ලබා ගැනීමට අවශ්‍ය විය. පළමුවෙන්ම පැවැත්වීමට නියමිත වූ දෙවන වසර විභාගය. ඒ සඳහා හොඳම අවස්ථාව විය. පීඨයේ රැුඩිකල් මතවාදයේ ඉදිරියෙන්ම සිටියේ ඔවුන්ය. විභාග වර්ජන තීරණය සියලූ සිසුන්ගේ රැුස්වීමකදී ඒකමතිකව ගනු ලැබීය. ඒ සමඟම අනෙකුත් වසරවල සිසුන් ද වසර රැුස්වීම් පවත්වා විභාග වර්ජන සඳහා ඒකමතික තීරණයකට එළැඹියෝය.


අරගලය පරිපූර්ණ විය. කෙසේ වුවද ජයග‍්‍රහණය පහසු නොවන බව පැහැදිලි විය. වෛද්‍ය වර්ජනය බොහෝ දෙනෙකුගේ එකම බලාපොරොත්තුව විය. එවකට ජයවර්ධන ආණ්ඩුව සමඟ හැප්පී වැඩ වර්ජනයෙන් ඉල්ලීම් දිනාගත්. කණ්ඩායම් දෙකක් විය. එක් කණ්ඩායමක් වූයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයයි. අනෙක් කණ්ඩායම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. පෙර පැවැති වැඩ වර්ජනයකදී ඉතා පහසුවෙන් වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් දිනා සිටි බැවින් බොහෝ වෛද්‍යවරු ද බොහෝ වෛද්‍ය ශිෂ්‍යයන් ද දින කිහිපයක වර්ජනයකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලූව විසඳෙනු ඇතැයි විශ්වාස කළෝය.


එහෙත් ජයවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබාගත් කණ්ඩායම් දෙකේම ඉල්ලීම් හා ඔවුන්ගේ පන්ති ස්වරූපය පිළිබඳව දේශපාලනික වැටහීමක් මොවුනට නොවීය. ජයවර්ධනගේ ආණ්ඩුවෙන් වැටුප් ඉල්ලීම් ලබා දීමේදී හඳුනාගත් පන්ති ස්වරූපයට හාත්පසින්ම විරුද්ධ දේශපාලනයක් අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවීම තුළ ඇති බව ඔවුහු නොදුටුවෝය.


විභාග වර්ජනය පවා සිදු කරන ලද්දේ වෛද්‍ය සංගමයේ එකඟතාවයෙන් තොරවය (සැබැවින්ම කිවහොත් වෛද්‍ය සංගමයට පිටුපසින් සිටි මාක්ස්වාදී පක්‍ෂයන්ගේ විරෝධතාව මැදය* වෛද්‍ය වර්ජනයෙන් සියලූ දේ ඉටු වෙතැයි ද සිසුන් අරගලයෙන් ඉවත් විය යුතු යැයි ද මතවාදයක් ගෙන යෑමට උත්සාහ කළද බහුතරයක් සිසුහු එම මතය සමඟ එකඟ නොවූහ. එදා විභාග වර්ජනය සිදු නොකළේ නම් පරාජිතව අවසන් වූ දින 27ක වෛද්‍ය වර්ජනය අවසන් වීමටත් පෙර ආණ්ඩුවේ අවශ්‍යතාව ජයග‍්‍රහණය කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර සිසුන් රජයේ උපාධිය ලබා ගනු නියතය. 


වෛද්‍ය වර්ජනය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලූ සහයෝගය සිසුන් විසින් ලබා දෙන ලදී. සිසුන් කණ්ඩායම් වශයෙන් රටපුරා රෝහල්වලට ගොස් ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ මෙම දීර්ඝ වර්ජනයේ වෛද්‍යවරුන් අඛණ්ඩව තබා ගැනීම සඳහා අවශ්‍ය මානසික උත්තේජනය ලබා දෙන ලදී.


රජය මෙම වර්ජනය නොසලකා හැරි අතර අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා වර්ජිත වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සැලකෙන බව දැනුම් දෙන ලදී. කෙසේ වුවද මෙම නියෝග වැඩ වර්ජනය නතර කිරීමට සමත් නොවීය. දින 27කට පසු එස්. තොණ්ඩමන් මහතා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡුා කර මේ සම්බන්ධව ක‍්‍රියා කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටත් වර්ජිත වෛද්‍යවරුන්ට දඬුවම් නොකිරීමටත් එකඟ වූ අතර ඒ සමඟ වෛද්‍ය වැඩ වර්ජනය නතර කරන ලදී.


වෛද්‍ය වැඩ වර්ජනය ජයග‍්‍රහණය වෙත ගෙන යාමට නොහැකි වූයේ එහි නායකයන් පසුපස සිටි කට්ටිවාදී වාමාංශිකයන්ගේ ක‍්‍රියාකාරීත්වය නිසා බව මේ අරගලය සමඟ සිටි බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.


වෘත්තිය සමිති ක්ෂේත‍්‍රයේ හෝ ශිෂ්‍ය සංවිධාන අතර සැලකිය යුතු බලයක් රහිත වුවද වෛද්‍ය සංගමයේ හා දන්ත වෛද්‍ය සංගමයේ ප‍්‍රධාන නිලතලවලට තම පාක්‍ෂිකයන් එම සංගම්වල සාමාජිකයන්ගේ ඇස් වසා පත් කර ගැනීමේ අවස්ථාව ලත් සමහර වාමාංශික පක්‍ෂ මෙම අරගලය පුළුල් බහුජන අරගලයක් ලෙස බලපෑම් කළ හැකි තත්ත්වයට පත්වීම වළක්වනු ලැබුවේය. මේ සඳහා වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට රහසින් රිංගවා ගත් කිහිප දෙනෙකු ද උපයෝගී කරගත් අතර මෙම අරගලයට අ.වි.ශි.බ.ම.ය.

අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති, වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් හෝ බහුජන සංවිධයක් එකතු වීම වළක්වන ලදී. අනෙකුත් කණ්ඩායම් අරගලයට එකතු කර ගතහොත් වෛද්‍ය වර්ජනය අතහැර දමන බවට රහසේ දැනුම් දෙන ලදී. කට්ටිවාදී අරගල ක‍්‍රමයෙන් පරාජය වෙත ගමන් කරන බව වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ බහුතරය පෙන්වා දුන්නද ආරම්භ කරන ලද වෛද්‍ය වර්ජනය රැුක ගැනීමේ අවශ්‍යතාව මත එහි ව්‍යාජ නායකයින්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩ දී බලා සිටීමට සිදු වී තිබිණි.


වෛද්‍ය වර්ජනය අවසන් වීමට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලූව විසඳා ගැනීමට අවශ්‍ය වූ හෙයින් පොදු අරගලයක් අයුරින් නොව ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ලෙස විශ්වවිද්‍යාලවල විරෝධතා ව්‍යාපාර පවත්වන්නට යෙදුණි.


දිග්ගැස්සෙන වෛද්‍ය වර්ජනය පරාජය වෙත ගමන් කරන බව හඳුනාගත් වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ රැුඩිකල් කණ්ඩායම වර්ජනයට අනුග‍්‍රාහකත්වය සඳහා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් විය. ඒ සඳහා කුමාර කුලතුංග ඇතුළු සිසුන් තිදෙනෙකු ඉදිරිපත් වූහ.


වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට එකඟ නොවූ බැවින් සංගමය පිටුපස සිටි අදිසි හස්තය වූ නව සමසමාජ පක්‍ෂයේ එවකට නායකත්වය දැරූ වාසුදේව නානායක්කාර හමුවී ශිෂ්‍යයන්ගේ මෙම කාරණා සාකච්ඡුා කිරීමට කටයුතු කරන ලදී. ව්‍යාජ වාමාංශිකයන්ගේ නිරුවත් කට්ටිවාදය හෙළිදරව් වූයේ මෙතැනදීය. තම පාක්‍ෂිකයන් යැයි වරදවා වටහා ගෙන ඔවුන් හට අවවාද කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය අතට යාමට ඉඩ නොදෙන ලෙසය.
අ.වි.ශ.බ.ම. යද මාරාන්තික උපවාස අදහසට විරෝධය දැක්වීය.

 

පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අරගලය ඇරඹූ වහාම මෙවැනි බරපතළ සටන් ක‍්‍රමයක් අනුගමනය කිරීමට තරම් සංවිධානාත්මක බලයක් රට තුළ ගොඩ නොනැගී ඇති තත්ත්වය යටතේ මාරාන්තික උපවාසයෙන් ශිෂ්‍යයන් මරණයට පත් වුවද රජය සිය ස්ථාවරය වෙනස් නොකළහොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය එතැනින් අවසන් විය හැකි බව ඔවුන්ගේ අදහස විය. (එකල රහසේ ආහාර ගනිමින් සිදු කරන මාරාන්තික උපවාස සංදර්ශන පිළිබඳ අත්දැකීම් නොවීය*


වෛද්‍ය වර්ජනය එයට හිමි අනිවාර්ය පරාජයෙන් අවසන් විය. මෙම පරාජය පිටුපස වූ සැබෑ හේතුව එම අරගලය අවංකව දායක වූ වෛද්‍යවරුන් අද වන තුරු නොදන්නා බව සහතිකය.


වෛද්‍ය වර්ජනයේ පරාජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය නව මානයක් වෙත ඔසවා තැබූ අතර රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ප‍්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා පුළුල් බහුජන අරගලයක අවශ්‍යතාව කාහටත් අවබෝධ විය.

 

 

 

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්