පක්‍ෂයට රිංගන ඔත්තුකරුවෝ


හිර ගෙදරින් නැගුණ විජේවීර හඬ 06 වැනි කොටස

‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.


තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දුxලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.


එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.


2011 නොවැම්බරයේදී නියමුවා ප‍්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.


මේ ඒ ලියැවිල්ලය.


ඇතැම් පක්ෂවල එවැනි ද්‍රෝහීන් ඉක්මනින් එළිදරව්වු අතර ඇතැම් පක්ෂවල බොහෝ ප‍්‍රමාද වී එළිවුණා. තවත් තැන්හි එළිදරව් නොවීම සිටියා. ඇතැම් තැන්හි ඔවුන් සුළු විනාශයන් කර ඇති අතර තවත් තැන්හි මහ නස්පැත්ති කිරීමට ඔවුන් පොහොසත් වුණා. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික් පක්ෂයේ උසස් නායකයින් මෙන්ම මාවෝගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ උසස් තැන්හිද අනෙකුත් කොමියුනිස්ට් පක්ෂවලත් මෙවැනි පුද්ගලයන් සිට හෙළිදරව් වූ බව රහසක් නොවේ. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ලෝක ධනපති ක‍්‍රමය අබිබවා ලෝක නිර්ධන පංති විප්ලවයේ ජය කෙහෙලි නංවන තුරුම මේ අන්තරාව සහ තර්ජනය පවතිනු ඇත.


ධනපති ක‍්‍රමය තිබෙන තාක්කල්, ධනේෂ්වර සූරාකෑම තිබෙන තාක්කල්, ධනේෂ්වර පාලන පංතීන් සිටින තාක් කල් ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණ ඉටුකර ගැනීමට උත්සාහයන් දරනු ඇත. කළ හැකි සෑම සටකපට උපක‍්‍රමයක්ම යොදනු ඇත. ධනේෂ්වර සමාජයක ගොඩනගන නිර්ධන පංති ව්‍යාපාරය දත් තිස්දෙක මැද දිව රැුකෙන්නා සේය. ඉතා අපහසුවෙන් ධනේෂ්වර පංතියේ මෙවැනි අතවරයන්ගෙන් රැුකී සිටිය යුත්තේ ධනේශ්වර පංතිය සිය ඔත්තුකරුවන රිංගවීමට දරන ප‍්‍රයන්තයේ විශාලත්වය  හේතුකොටගෙන එයින් විශාල ප‍්‍රමාණයක් වැරදී යද්දීත් ඉතා සුළු ප‍්‍රමාණයක් හෝ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එසේ වනුයේ මේ කටයුත්ත සඳහා ධනේෂ්වර පාලක පංතීහු තමන් අභිමුව ඇති තමන් සන්තකව ඇති සෑම සියලූ හැකියාවක් බලවේගයක්, උපකරණයක් සහ උපාය උපක‍්‍රමයක්ම උපයෝගී කරගන්න බැවිනුත් තමන් කලක් මුළුල්ලේ අත්හදා බලා ප‍්‍රගුණ කරගන්නා ලද ඔත්තුකරුවන් රිංගවීමේ ක‍්‍රියාදාමය අංග සම්පූර්ණ ශාස්ත‍්‍රයක් බවට පෙරළාගෙන සිටීමත් එබැවින් ඉතා සූක්ෂම ලෙස එය කිරීමත් නිසාය.


ධනේෂ්වර ඔත්තුකරුවන් රිංගවීම ඔවුහු එහි බැ?රුම්කම හා වැදගත්කම හේතුකොටගෙනම ආවාට ගියාට උඩින් පල්ලෙන් නොකරති. එවැන්නක් හෙළිදරව් නොවන සේ වගබලා ගන්නා අයුරින් එය කරයි. ඔවුහු තම ඒජන්තවරුන්ට තම සැබෑ අරමුණ වසංකරගැනීමේ අවශ්‍යතාව සහ ක‍්‍රම හොඳින් පහදා දෙති. අවසාන තීරණාත්මක මොහොතකදී හැර මොවුහු හෙළිදරව් නොවීමට වගබලා ගනිති. ධනේෂ්වර සමාජයක් තුළ අලූතින් ගොඩනැගෙන සහ වර්ධනය වන විප්ලවවාදී ව්‍යාපාරයක් තුළට එම ව්‍යාපාරය කොතෙක් දුරට සැකය, සුපරීක්ෂාකාරීත්වය හා පරිශ‍්‍රම ඇති කරගෙන සිටියත් එය ජනතාවට විවෘත කර ඇති පක්ෂයක් හෙයින් ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේ බොහෝ අපහසුවෙන් නමුත් ධනේෂ්වර පංතියට තම ඔත්තුකරුවන් රිංගවීමට හැකියාවක් ලබාදේ. ජනතාවට දොර හරිමින් ද්‍රෝහීන් රිංගා ගැනීම වළක්වනු යන්න කොමියුනිස්ට් පක්ෂවල ක‍්‍රියාමාර්ගය වී තිබියදීත් ද්‍රෝහීන්ද එකා දෙන්නා අපහසුවෙන් නමුත් රිංගාගන්නා බව සැබෑය. ද්‍රෝහියා තමා ද්‍රෝහියකු නිසාම තමාගේ ද්‍රෝහීත්වය හෙළිදරව් නොවන සේ ඉතා පරිස්සම්වීමට වග බලා ගනී, මෙවන් තත්ත්වයන් යටතේ ඇතැම් විට ද්‍රෝහීන් හෙළිදරව් වීම කල් නොයවා සිදු වූවත් බොහෝ ද්‍රෝහීන් හෙළිදරව් වීමට කල් යනු ඇත. ඒ කාලය තුළ මේ ද්‍රෝහීන් විසින් තවත් දුර්වල පුද්ගලයින් දිනා ගනු ලබන හා හවුල් කරගනු ලබන අතර ව්‍යාපාරයට ඉමහත් හානිද පමුණුවනු ඇත. දෝහියකු ඔහුගේ සැබෑ තතු වසන්කර ගැනීමට විශාල කැප වීමකින්ද වැඩ කිරීමට පුළුවන. නැතහොත් එසේ කරන බව පෙන්වීමටද පුළුවන.

එසේම ඔවුහු නිර්ධන පංති ව්‍යායාමය ගැන විශාල උද්‍යෝගයක් උනන්දුවක් හා අවශ්‍යතාවක් පෙන්වීමටද පුළුවන. සිය ද්‍රෝහී බව එළිදරව් වීමට ඉඩ නොදෙන්නට පරෙස්සම් වීම හේතුකොටගෙන මෙවැනි තත්ත්වයන් යටතේ ද්‍රෝහීන් හෙළිදරව් කරගැනීම විශාල ගැටලූවකි. මේ ගැටලූවට මාක්ස්ගේ පටන් ලෙනින් හරහා මේ දක්වාම සෑම විප්ලවවාදියෙක්ම මුහුණ පා තිබේ.


බෝල්ෂෙවික් පක්ෂය තුළට රිංගාගත් මෙවැනි එක් සතුරු ඒජන්තවරයකු පිළිබඳව ලෙනින් වාමාංශික කොමියුනිස්ට්වාදය, නායකයෝ පක්ෂය, පංතිය හා බහු ජනතාව නම් පස්වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ සඳහන් කරයි.

‘‘අනෙක් අතට අපේ තත්ත්වය මෙසේ විය. නියම වශයෙන් නායකයන් එනම් ප‍්‍රධාන කාර්ය මණ්ඩලය ගුප්ත භාවයකින් වසන් කර තිබීමේ අවශ්‍යතාව මතු කළා වූ නිත්‍යනුකූල හා නීති විරෝධී කටයුතු කර තිබීමේ අවශ්‍යතාව මතු කළා වූ නිත්‍යනුකූල හා නීති විරෝධී කටයුතු අතර තාක්ෂණයෙන් එහා මෙහා මාරුවීමේ තත්ත්වය විසින් ඉතා අන්ත‍්‍රාදායක තත්ත්වයක් බිහිකරන ලද්දේය. නරකම තත්ත්වයක් මතුවූයේ 1912 දී මැලිනොවිස්කි නමැති ඔත්තුකාරයා බෝල්ෂෙවික් මධ්‍යම කාරක සභාවට ඇතුළත් වූ අවස්ථාවේය. ඔහු ඉතා කදිම පක්ෂයට භක්තිමත් සහෝදරයන් බොහෝ ගණනකට බරපතළ වැඩ ඇතිව දරුණු සිර දඬුවම් ලැබෙන තැනට වැඩ සැලසුවේය.

බොහෝ දෙනෙකු වෙත මරණය ළං කළේය. ඔහු ඊට වැඩියෙන් හානි කිරීමට ඉඩ නොලද්දේ නිත්‍යානුකූල සහ නීති විරෝධී කටයුතු අතර සුදුසු පෙළේ සබැඳියාවක් අප විසින් ඇති කර තිබූ හෙයිනි. පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වශයෙනුත් ඩුමාවේ නියෝජිතයෙකු වශයෙනුත් අපගේ විශ්වාසය දිනා ගැනීම සඳහා අපේ දිනපතා නිත්‍යනුකූල පුවත්පත් ගොඩනැගීම උදෙසා ආධාර වීමට මැලිනොවිස්කිට සිදුවිය. සාර් රාජාණ්ඩුව යටතේ වුවද එම පුවත්පත් මගීන් බෝල්ෂෙවික්වාදීන්ගේ අවස්ථාවාදීත්වයට විරුද්ධව සටන් කිරීමද එක් ආකාර වුවමනාවකින් යුතුව බෝල්ෂෙවික්වාදයේ මූලධර්ම ප‍්‍රචාරය කිරීමටද හැකියාව තිබුණි. මැලිනොවිස්කි එක් අතකින් හොඳම බෝල්ෂෙවික්වාදීන් බොහෝ ගණනක් බන්ධනාගාරයට හා මිනී වළවල් තුළට තල්ලූ කළ අතර අනික් අතින් නිත්‍යනුකූල පුවත්පත් මගින් දහස් ගණන් තරුණ බොල්ෂෙවික්වාදීන්ට දේශපාලන අධ්‍යාපනය දීමට ඔහුට ආධාර දීමට සිදුවිය. ප‍්‍රතිගාමී වෘත්තිය සමිති තුළ විප්ලවකාරී කටයුතු ආකාරයෙන් ඉගෙනීමේ කාර්යයට මුහුණදී සිටින ජර්මන් වගේම බි‍්‍රතාන්‍ය ඇමරිකන් ප‍්‍රංශ සහ ඉතාලි සහෝදරවරුන් මේ කරුණ කෙරෙහි තදින් සිත් යොමු කරනු මැනවි.”


දියුණුතම රටවල් ඇතුළේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ තුළට ධනපති පංතිය විසින් ඔත්තුකාරයෝ නිසැකවම ඇතුළු කරනු ලැබෙති. ඉදිරියටත් ඔවුන් විසින් එසේ කරගෙන යනු ඇත. මේ උවදුර මැඩලන එක් ක‍්‍රමයක් නම් දක්ෂ ලෙස නිත්‍යානුකූල හා නීති විරෝධී කටයුතු සම්බන්ධ කිරීමයි. මේ මැලිනොව්ස්කි නමැති ධනපති ඔත්තුකාරයා ජර්මනියේ යුද සිරකරුවකු වශයෙන් සිට බොල්ෂෙවික් පාලන කාලයේ රුසියාවට ආපසු පැමිණි විට රුසියානු කම්කරුවෝ ඔහුට විරුද්ධව වහාම නඩු විභාගයක් පවත්වා ඔහුව වෙඩිතබා මරා දමනු ලැබීය.


මේ පිළිබඳව ලෙනින් මෙසේ කියයි. අප කළ වරද ගැන මෙන්ෂෙවිකයෝ අපට තදින් පහර දුන්නා. අප කළ වරද නම් ඔත්තුකරුවකු මධ්‍යම කාරක සභාවේ තබාගැනීමයි. බොල්ෂෙවික් පක්ෂ තුළට රිංගවන ලද එකම ධනේෂ්වර ඔත්තුකරුවා මොහු පමණක් නොවේ. එමෙන්ම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ පක්ෂ තුළට ධනේෂ්වර පංතිය විසින් රිංගවන ලද එකම මැලිනොව්ස්කි මොහු පමණක් නොවීය. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළට ධනේෂ්වර පංතිය සිය කැත පංති අරමුණ ඉටුකර ගැනීමේ අභිප‍්‍රායෙන් රිංගවන ලද මැලිනොව්ස්කිලා සියදහස් ගණනක් විටින් විට එක් එක් අවස්ථාවලදී එක්කෝ හෙළිදරව්වී ඇත. නැත්නම් තමන් විසින්ම කල එළි බැස ඇත. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ මෙන්ම අපේ රටේ පැරැුණි වාමාංශික ව්‍යාපාරයද මේ තත්ත්වයට ගොදුරු වූ බව සත්‍යයකි. දෙවන මහා ලෝක යුද්ධයෙන් අනතුරුව සම සමාජ පක්ෂය දෙකට කැඞී යාමේදී සම සමාජ නායකයින් අතර උග‍්‍ර මතභේදයකට තුඩුදුන් මෙවැනි එක් ප‍්‍රශ්නයක් විය. එනම් සම සමාජ නායකයකු වූ ඩොරික් ද සුසා පොලිස් ඔත්තුකාරයෙකු යැයි පිලිප් ගුණවර්ධන ප‍්‍රමුඛ කණ්ඩායම තදින් විශ්වාස කිරීමයි. ලංකා කොමියුනිස්ට් පක්ෂයද 1960 ගණන්වලදී එහි උද්‍යෝගිමත් සාමාජිකයකු වූ නිමල් කරුණාතිලක පොලිස් ඔත්තුකරුවකු යැයි සැක කොට පක්ෂයෙන් නෙරපා දමන ලදී. අද මොහු එක්සත් ජාතික පක්ෂයේ බල කණුවකි. එලෙසම ජෝර්ජ් ආර්යාව හෙවත් කාල්කැස්මන් බිරිඳ ගැනද කොමියුනිස්ට් පක්ෂය පසුව සැක පහළ කළේය.

 

 

 

සකස් කළේ : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්