1931 ඡන්ද සටන පටන් ගත් තැන් පටන්ම ෆොන්සේකාගේ ජයග්‍රහණය කැපී පෙනුණ ද, ජයතිලකගේ අභියෝගය සුළුවෙන් නොතකා කටයුතු කිරීම නිසා 18,000කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සුසන්තා ද ෆොන්සේකා ජයග්‍රහණය කළ අතර 1936 දී පානදුරය නිජබිම කරගත් තවත් ධනවත් පවුලකට අයත් තරුණයෙක්, එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා, ලන්ඩන් ආර්ථික විද්‍යාලයෙන් බී.ඇස්.සී. උපාධියත් - නීති විද්‍යාලයෙන් අධිනීතිඥ උපාධියත් ලැබ, මාර්ක්ස්ගේ අනුගාමිකයකු වශයෙන් ලෙස්ලි ගුණවර්ධන ලංකාවට සැපත් විය
ඓතිහාසික පානදුරාවාදයෙන් අනතුරුව සර්ව ජන ඡන්දය ස්ථාපිතව රට පුරා ව්‍යාප්තවීමෙන් පසු දේශපාලන පක්ෂ ක්‍රමය ඔස්සේ වාද - විවාද ආරම්භ වූයේ දේශපාලන අවබෝධයෙන් මොන්ටිසෝරි තත්ත්වයෙන් පසුවූ ජනතාවගේ ඡන්දය කෙසේ හෝ ඩැහැ ගැනීමේ බලවත් පරිශ්‍රමයක් සහිත උපක්‍රමයෙනි.
නවසිය තිස් ගණන්වල දී වුවද, පානදුරය දියුණු ජනාකීර්ණ නගරයක් වූ අතර, අරක්කු පෙරීම හා විනාකිරි නිෂ්පාදනය වැනි වාණිජ නිෂ්පාදනවලින් ධනය රැස් කර ගත්තෝ සැලකිය යුතු පිරිසක් වූහ. අදටත් එම කර්මාන්තය සුවිශාල දියුණුවක් ලබමින් ඇත.
නගරයේ හා මුහුදුබඩ ආසන්නයේ ජීවත් වන්නන් විවිධ රැකියාවන්හි යෙදී සිටින අතර උසස් අධ්‍යාපනය ලබා රජයේ නොයෙකුත් රැකියාවන්හි ද බොහෝ දෙනා යෙදී සිටිති.
ධීවර කර්මාන්තය ලණු ඇඹරීම, ලෑලි පෙට්ටි සෑදීම ද ජීවනෝපායන මාර්ගය සරු කරන කර්මාන්තයන්ය. මුහුදින් තරමක් ඇතුළට වන්නට ගොවිතැන වැනි කෘෂිකාර්මික ව්‍යාපාරයක් ද දක්නට ඇත.
1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූයේ එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබ අධිනීතිඥවරයකු වශයෙන් ලංකාවට සැපත් පානදුර නගරයේ ඉතා ධනවත් පවුලකට අයත් අතිශයින්ම ජනප්‍රිය තරුණයෙකු වූ සුසන්තා ද ෆොන්සේකාය. “මෝනිං ලීඩර්” පත්‍රයේ කර්තෘත්වය දැරූ සුසන්තාගේ කුළුඳුල් ඡන්ද සටනේ ප්‍රතිමල්ලවයා වූයේ එම පළාතේම උගත් නීතිඥයෙකුවූ එම්. එච්. ජයතිලකය.
1931 ඡන්ද සටන පටන් ගත් තැන් පටන්ම ෆොන්සේකාගේ ජයග්‍රහණය කැපී පෙනුණ ද, ජයතිලකගේ අභියෝගය සුළුවෙන් නොතකා කටයුතු කිරීම නිසා 18,000කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සුසන්තා ද ෆොන්සේකා ජයග්‍රහණය කළේය.
1936 දී පැවැති රාජ්‍ය සභා මැතිවරණයේ දී මෙම තත්ත්වය වෙනස්වීමක් උද්ගත විය.
පානදුරය නිජබිම කරගත් තවත් ධනවත් පවුලකට අයත් තරුණයෙක්, එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා, ලන්ඩන් ආර්ථික විද්‍යාලයෙන් බී.ඇස්.සී. උපාධියත් - නීති විද්‍යාලයෙන් අධිනීතිඥ උපාධියත් ලැබ, එවකට අලුත් දේශපාලන පැතිකඩක් වශයෙන් ලොවට හඳුන්වනු ලැබූ මාර්ක්ස්ගේ අනුගාමිකයකු වශයෙන් ලංකාවට සැපත් විය. ලෙස්ලි ගුණවර්ධන නම් වූ මෙම කඩවසම් තරුණයා ලංකා සම සමාජ පක්ෂය හා සූරියමල් ව්‍යාපාරයට සම්බන්ධවී දේශපාලන පොර පිටියට ද අවතීර්ණ විය.
ධනවත්, කුලවත්, උගත්, පවුල් දෙස් විදෙස්හි උසස් අධ්‍යාපන ආයතනවලින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උප්පැන්නයේ සඳහන් සිංහලකම අවශ්‍ය පරිදි කළුමැද, ජාතික ඇඳුම ඇඟලා ගෙන ආරූඨ කරගත් ජාතිකත්වයකින් ජනතාව අතර ජාතික නායකයන් වීමට වෙර දැරීම එදා ප්‍රභූන් අතර බහුලව පැවතිණ.
.මෙසේ ජාතික ඇඳුමෙන් සැරැසුණු විසිහය හැවිරිදි ලෙස්ලි ගුණවර්ධන තරුණ අධිනීතිඥවරයාත්, දේශපාලන වාසි ලබා ගැනීමේ හුදු චේතනාවෙන් පුරුදු යුරෝපීය ඇඳුම් කට්ටලය ගලවා නොතැබූ ෆොන්සේකා තරුණ අධීනීතිඥවරයාත් දේශපාලන පොරපිටියේ දී කඩවසම් පෙනුමෙනුත් උගත්කමෙනුත් දේහ ලක්ෂණයෙනුත් පෞරුෂත්වයෙනුත් කැපී පෙනුණු චරිත දෙකක් විය.
රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයන්හි දී පක්ෂ හරිහැටි නොතිබූ බැවිනුත් බහුතර ඡන්ද දායකයන්ගේ අඩු අධ්‍යාපනය හෙයිනුත් පාට අනුව ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද පෙට්ටි භාවිත කළ අතර 1936 මැතිවරණයේ දී මාර්ක්ස්වාදයේ නිලපාට වන රතුපාට ලෙස්ලි ගුණවර්ධන අපේක්ෂා කළ ද, 1931 මැතිවරණයේදීත් තමාට හිමිවූ රතුපාට අත්හරින්නට ෆොන්සේකා අකමැතිවූ බැවින් රතුපාට ඔහුටත් කහපාට ගුණවර්ධනටත් හිමිවිය.
ලෙස්ලි ගුණවර්ධන අධිරාජ්‍ය හා ධනපති විරෝධී ඡන්ද ප්‍රකාශනයක් නිකුත් කරමින් ඉන්දියා ජාතික නිදහස් සටනට ලංකාව ද එක්විය යුතු බවට සඳහන් කළේය. එසේම මාර්ක්ස්වාදියෙකු හැටියට තමාට එල්ල කරන ලද ආගම් විරෝධී චෝදනාවට පිළිතුරු දුන් ලෙස්ලි ගුණවර්ධන, මෙම තරගය පවතින්නේ තමාත් ෆොන්සේකාත් අතර මිස, සීයලා දෙදෙනකු අතර නොවේ යයි ද ප්‍රකාශ කළේය.
මේ අතර ලෙස්ලි ගුණවර්ධනට අභියෝග කළ සුසන්තා ද ෆොන්සේකා, ඔහුගෙන් ප්‍රශ්න කළේ, අධිරාජ්‍ය විරෝධී ගුණවර්ධන මන්ත්‍රී වුවහොත් බි්‍රතාන්‍ය මහරජුට පක්ෂපාතී බවට දිවුරුම් නොදෙන්නේ දැයි යන්නය.
මෙයට පිළිතුරු දුන් ගුණවර්ධන කියා සිටියේ දිවුරුම් දීම නිකම් චාරිත්‍රයක් බවත්, බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරමින්ම චිත්ත රංජන්දාස් හා මෝතිලාල් නේරු වැනි ඉන්දීය ජාතික වීරයන්, එංගලන්තයේ රජුට පක්ෂපාතී බවට දිවුරුම් දී ඇතැයි කියාය.
කෙසේ වුවද, තරගය ඉතා උග්‍ර වූ අතර ප්‍රතිගාමියෙකු ලෙස ෆොන්සේකා හැඳින්වීම බහුතර ජනතාව විසින් අනුමත නොකරන ලද හෙයින් පත්‍ර කර්තෘවරයකු වශයෙන් සිදු කරන ලද මෙහෙයය ද සලකා ඔහු ජනතාවාදියෙකු බවට ඇසුණු කතාවලින් වටහා ගෙන ඡන්දය දුන්හ.
අවසානයේදී ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.
සුසන්තා ද ෆෙන්සේකා ඡන්ද- 24,872
ලෙස්ලි ගුණවර්ධන ඡන්ද -15,322
මේ අනුව වැඩි ඡන්ද 9550 කින් සුසන්තා ද ෆොන්සේකා දෙවනවරටත් පානදුර මන්ත්‍රීවරයා වී, නියෝජ්‍ය කතානායක පදවියට ද පත්විය.
කාලය අනුව, දේශපාලන වාතාවරණයද වෙනස් වීමෙන් පසු 1947 මහ මැතිවරණයේ දී ලෙස්ලි ගුණවර්ධන පානදුර ආසනයට තරග නොකොට ඉවත් වීමෙන් අනතුරුව ලංකා සම සමාජ පක්ෂයෙන් තරග බිමට බටුයේ, “සම සමාජ” පත්‍රයේ කර්තෘව සිටි හෙන්රි පීරිස්ය. දෙදෙනාම හිටපු පත්‍ර කර්තෘන් දෙදෙනකු වීම නිසා එයද බොහෝ විට තරගයට බල පෑවේය. මේ අවස්ථාව වනවිට වාමාංශික අදහස්වලට ජනතාවගෙන් වැඩි කොටසක් හරවා ගැනීමට මාර්ක්ස්වාදින් සාර්ථක ප්‍රයත්නයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි පීරිස් විසින් සුසන්තාද ෆොන්සේකා පරාජය කිරීමෙන් පසු ෆොන්සේකා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය.
එහෙත් ඔහු 1949 දී බුරුමයේ ලංකා තානාපති වශයෙනුත් 1964 දී ජපානයේ තානාපති වශයෙනුත් විදේශ ගතවූ අතර එම තනතුර දරමින් සිටියදීම ජපානයේ දී අභාවප්‍රාප්ත වූයේය.
1952 දී පැවැති මහ මැතිවරණයෙන් පානදුර ආසනයට යළිත් තරග වැදුණ හෙන්රි පීරිස් එක්සත් ජාතික පක්ෂයේ ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගරට පරාජය විය.
රටේ දේශපාලන වෙනසක් සිදුවූ 1956 දී නැවත පානදුර ආසනයට තරග කළ ලෙස්ලි ගුණවර්ධන, ඩී. සී. ඩබ්. කන්නන්ගර පරාජය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1960 මාර්තු හා ජුලි මහ මැතිවරණවලදී ද ලෙස්ලි ගුණවර්ධන තම අසුන රැක ගත්තේය.
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර