රජ කාලයේ සහ යටත් විජිත සමයේද දඬුවම් පැමිණ වුවද බන්ධනාගාර ඉතිහාසය නිල වශයෙන් ඇරඹෙන්නේ 1802 සිටය. බි්‍රතාන්‍ය ආණ්ඩුව මගින් 1818 කැරැල්ලෙන් අනතුරුව ඇහැලේපොල අධිකාරම් ඇතුළු 53 ඔහුගේ නිවසේ රඳවා තබනු ලැබීමෙන් අනතුරුව මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ ආරම්භය සිදුවිය. මැගසින් බන්ධනාගාරයේ ආරම්භය සිදුවූයේ 1841 දීය. මහර බන්ධනාගාරය 1875 දීද, බෝගම්බර බන්ධනාගාරය 1876 දීද පිහිටුවන ලදී (බෝගම්බර බන්ධනාගාරය 2014 ජූනි 5 පල්ලේකැලේ දුම්බර ප්‍රදේශයට ගෙන යන ලදී.) ආසියාවේ පළමු එළිමහන් සිරකඳවුර වූයේ 1950 පිහිට වූ පල්ලේකැලේ සිරකඳවුරය.
බන්ධනාගාර කටයුතු අනපේක්ෂිත ලෙස පුළුල් වූයේ 1971 අප්‍රේල් ජවිපෙ පළමු කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගත් සහ භාරවූ 17,000 කට අධික පිරිස හේතුකොටගෙනය. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණි විශ්වවිද්‍යාලයන් රැඳවුම් කඳවුරු බවට පත්විය. වීරවිල එළිමහන් කඳවුර 1978 දී පිහිටවූ අතර කෑගල්ල සහ ත්‍රිකුණාමලයේ සිරමැදිරි 1982 ජනවාරි 22 සිට රක්ෂිත බන්ධනාගාර තත්ත්වයට උසස් කෙරිණි. වසර 1983 ජූලි කලබල හේතුවෙන් ජූලි 25 බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලෙන් දෙමළ රැඳවුම්කරුවන් 53 දෙනෙකු මරුමුවට පත් විය. එයට පිළිතුරක් ලෙසින් දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසින් රජය නිදහස් කරන ලද සිරකරුවන් උදෙසා ස්ථාපිත කරන ලද පදවියේ පිහිටි නව ජීවනගමට 1984 නොවැම්බර් 30 පහරදී පුනරුත්ථාපනය වූ සිංහල සිරකරුවන් 56 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මරා දමන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි පැලවත්ත රැඳවුම් කඳවුර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 1985 දී ආරම්භ කරන ලද්දේ සංක්‍රමණ කඳවුරක් වශයෙනි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහාය. ජවිපෙ 2 වැනි කැරැල්ල ආරම්භ කිරීමත් සමඟම සාමාන්‍ය සිරකරුවන් සඳහා වූ මැගසින් රක්ෂිත බන්ධනාගාරය 1987 මැයි 7 පටන් ත්‍රස්තවාදය වැළැක්වීම් පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් රැඳවුම්කරුවන් සඳහා වෙන් කෙරිණි. පැලවත්ත කඳවුරට ගෙන ආ දෙමළ බෙදුම්වාදී සංවිධානවල සාමාජිකයින්ට වෘත්තීය පුහුණුවක් ද එකල ලබාදෙන ලදී. එහි කොටසක් 1989 අවසාන භාගයේදී වධ කඳවුරක් ලෙසද ක්‍රියාත්මක විය.
පසුව පැලවත්ත කඳවුර 1988 සිට 1994 අගෝස්තු දක්වා ජවිපෙ රැඳවුම් කඳවුරක් විය. එහි මාරාන්තික උපවාසයක යෙදුණු අවසාන රැඳවියන් 54 දෙනා බූස්ස කඳවුරට 1994 අගෝස්තු 16 යොමුකරන ලදී. එදා පැලවත්ත සංක්‍රමික රැඳවුම් කඳවුර තිබූ ස්ථානයේ වර්තමානයේ පිහිටා ඇත්තේ හමුදා බුද්ධි අංශ පුහුණු කරන පුරෝගාමී බළකායේ කඳවුරකි. එමෙන්ම එහි ඇති ගොඩනැගිලි කිහිපයක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනවසරයෙන් දේශපාලන ආශිර්වාද මත කිහිප දෙනෙක් අත්පත් කරගෙන ඇත.
වසර 1988 ආරම්භය වන විට කළුතර දිස්ත්‍රික්කය ද ගිනියම් වී තිබිණිග තැන තැන ටයර් මත පිළිස්සී තිබූ මළසිරුරු කළුතරල මතුගමල අගලවත්තල බදුරලියල පැලවත්ත ඇතුළු ස්ථාන ගණනාවක එම දිනයන්හි සුලබ දසුනක් වියග ප්‍රචණ්ඩ ක්‍රියා සහ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් බහුල වශයෙන් සිදුවූයේ කළුතර දිස්ත්‍රික්කය කඳු ආශ්‍රිත ප්‍රදේශයක් නිසා කැරලිකරුවන්ගේ තෝතැන්නක් වූ බැවිනිග ජවිපෙට එරෙහිව කළුතර දිස්ත්‍රික්කයේ එජාපය වෙනුවෙන් ඉදිරියට පැමිණ සටන් කළේ බුලත්සිංහල එජාප සංවිධායක සහ කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවකය
පැලවත්ත රැඳවුම් කඳවුර තිබූ භූමි භාගය අක්කර 400 කින් පමණ අතීතයේ සමන්විත වූ අතර එහි මානසික රෝගීන් සඳහා රෝහලක් විය. පසුව එය අභාවයට යන ලදී.
අගලවත්ත මන්ත්‍රීවරයා වශයෙන් 1970 පත්වූ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විසින් සමගි පෙරමුණ ආණ්ඩුවේ මෙහෙයවීමෙන් එම ස්ථානයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මල්බෙරි ව්‍යාපාරයක් සහිත අත්කම් පේෂකර්ම ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. පැලවත්තේ පිහිටි එම අක්කර 400න් අඩක් පමණ ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දුන් අතර රජයේ කාර්යාල කිහිපයක්ද ඉදිකරන ලදී. එමෙන්ම එළකිරි ලබාගැනීම සඳහා කිරි හරක් ඇතිකළ අතර තෘණ වගාවක්ද ස්ථාපිත කරන ලදී. විවෘත ආර්ථිකය 1977 ජූලි සිට ක්‍රියාත්මක වීමත් සමඟම සියල්ල අභාවයට ගොස් ගොඩනැගිලි පාළුවී ගියේය. පැලවත්ත සංක්‍රමණික කඳවුර 1985 ආරම්භ කරන ලද්දේ ඉතිරි භූමි භාගයේය.
ආණ්ඩුවට එරෙහිව අරගල ඇතිවන අවස්ථාවන්හි අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීමට ඉඩ මදි හෙයින් විශේෂ කඳවුරු පිහිටුවනු ලැබේ. ඒවා රැඳවුම් කඳවුරු ලෙස හඳුන්වනු ලබයි. රැඳවුම් කඳවුරුවල සිටින චෝදනා සහිත අය අධිකරණය මගින් සිරගෙදරට ද සුළු චෝදනා ඇති අය පුනරුත්ථාපනය සඳහා යොමුකරන අතර චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති අය නිදහස් කරනු ලබයි. රැඳවුම් කඳවුරුවල ජවිපෙ දේශපාලන සිරකරුවෝ තමන් බැඳ ඇති යදම් දුටහ. ඒ සක්‍රීය දේශපාලනයේ තවදුරටත් චලනය වීමට ඔවුන් තුළ වූ කැමැත්ත හේතුවෙනි.
වසර 1988 අගභාගය වන විට ජවිපෙ 2 වැනි කැරැල්ල උත්සන්නව පැවැති හෙයින් එයට සහභාගි වූයේ යැයි සැක කළ පුද්ගලයින් වැලිකඩ, බෝගම්බර, මැගසින්, රක්ෂිත බන්ධනාගාරවලද කළුතර, පැලවත්ත සංක්‍රමණික කඳවුරේ ද පෙර නොවූ විරූ තදබදයක් සහ වාතාවරණයක් උද්ගත විය. මෙම කාලයේ සියලුම බන්ධනාගාරවලට ආරක්ෂාව සැපයීම සිදුකළේ ආරක්ෂක හමුදාව මගිනි. කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරෙන් පලා ගිය පිරිස 141 කි.
බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථමවරට වැලිකඩ, මහර සහ වෙනත් බන්ධනාගාරවල නිලධාරීහු ඉහළ වැටුප් පරිමාණ, වැඩිපුර නිල ඇඳුම් කට්ටල සහ සුබසාධන පහසුකම් ඉල්ලා රාජකාරි කටයුතුවලින් බැහැරව වැඩ වර්ජනයක් 1989 දියත් කළහ. මෙම වර්ජනයද පසුපසින් සිට මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගිනි. බන්ධනාගාර නිලධාරීන් ගේ වර්ජනය නිමා වූයේ පැය 24 තුළ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ලබා දීමට රජය එකඟ වීම මගිනි.
මෙහිදී බන්ධනාගාර ඉතිහාසය විස්මයට ලක් කරමින් කළුතර, පැලවත්ත රැඳවුම් කඳවුරෙන් ජවිපෙ සැකකරුවෝ 131 දෙනෙක් 1988 ඔක්තෝබර් 29 පොළොව යටින් මීටර 37 ක උමඟක් කපමින් නිරුපද්‍රිතව පලා යෑමට සමත් වූහ. මෙය වෙල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි නිසා දුර ප්‍රමාණය අඩු විය. මෙම උමඟ කැපීමට දින 41 ක් ගත විය. මෙය ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයකින් හෝ රැඳවුම් කඳවුරකින් උමඟක් තුළින් දේශපාලන සිරකරුවන් වැඩි පිරිසක් විධිමත්ව පලා ගිය ප්‍රථම අවස්ථාව වේ. රැඳවුම්කරුවෝ යළිත් දෙවන වරටත් 1992 සැප්තැම්බර් 19 කළුතර, පැලවත්ත කඳවුරෙන් උමඟක් තුළින් පලා ගියහ. එවර 64 දෙනෙකු මීටර් 59 උමඟින් පලා යෑමට සූදානම්ව සිටියද 11 වැන්නා හසුවීම නිසා පැන යාමට හැකි වූයේ 10 දෙනෙකුට පමණි. දේශපාලන සිරකරුවන් බන්ධනාගාරවලින් පලායෑම මෙයට පෙර සිදුවී ඇත්තේ ඔවුන් රෝහලට ඇතුළත් කළ විට පලා යෑම, තාප්පයෙන් හෝ කාණුවලින් පලා යෑම වැනි දෑය. පැලවත්ත කඳවුරේ ද සමන් වීරරත්න ඇතුළු රැඳවියෝ කිහිප දෙනෙක් නාගොඩ සහ මීගහතැන්න රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලා ගියහ.
වසර 1988 ආරම්භය වන විට කළුතර දිස්ත්‍රික්කය ද ගිනියම් වී තිබිණි. තැන තැන ටයර් මත පිලිස්සී තිබූ මළසිරුරු කළුතර, මතුගම, අගලවත්ත, බදුරලිය, පැලවත්ත ඇතුළු ස්ථාන ගණනාවක එම දිනයන්හි සුලභ දසුනක් විය. ප්‍රචණ්ඩ ක්‍රියා සහ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් බහුල වශයෙන් සිදුවූයේ කළුතර දිස්ත්‍රික්කය කඳු ආශ්‍රිත ප්‍රදේශයක් නිසා කැරලිකරුවන්ගේ තෝතැන්නක් වූ බැවිනි. ජවිපෙට එරෙහිව කළුතර දිස්ත්‍රික්කයේ එජාපය වෙනුවෙන් ඉදිරියට පැමිණ සටන් කළේ බුලත්සිහල එජාප සංවිධායක සහ කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවකය. කළුතර දිස්ත්‍රික්කයෙන් 1983 පාර්ලිමේන්තුවට පත්වූ ඔහු කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ පොලිස් සහ හමුදා කඳවුරුවල නිල නොවන මෙහෙයුම් සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ බවට චෝදනාවකි.
පැලවත්ත කඳවුරට බොහෝ විට යොමු කළේ නවගමුව, අතුරුගිරිය, ඉංගිරිය, මිරිහාන, පෑලියගොඩ, තිනියාවල, වැලිපැන්න, මීගහතැන්න ඇතුළු පොලිසි සහ කළුතර, රත්නපුර, ගම්පහ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශ සහ අධිකරණ මගිනි. භික්ෂූන් වහන්සේලා 40 කට ආසන්න ප්‍රමාණයක් ද එම කාලයේ වරින්වර පැලවත්ත කඳවුරේ රඳවාගෙන සිටියහ. එම භික්ෂූන් අතර හබරකඩ සුමනරතන හිමි, නාගොඩ සීලරතන හිමි, උඩුගොඩ සෝරත හිමි, යුදගනාවේ ආරියරතන හිමි, තලල්ලේ නාගිත හිමි, ධම්මානන්ද හිමි, සාගර හිමි, හඳපාන්ගොඩ විජිත හිමි ඇතුලු කිහිප දෙනෙක්ම වූහ. පැලවත්ත රැඳවුම් කඳවුරේ සිටි භික්ෂූන්ට සර්වෝදය සංවිධානය මගින් මාසිකව නෙස්ටමෝල්, සීනි, ප්‍රථමාධාර බෙහෙත් මාසික සලාකයක් වශයෙන් පූජා කරන ලදී.
පැලවත්ත කඳවුරේ සිටි රැඳවියන් ප්‍රවාහයන් තුනකට අයත් විය. ප්‍රධානතම බලවේගය වූ සියයට 70 ක් පමණ වූ අතිබහුතරය ජවිපෙ 2 වැනි කැරැල්ලට කොන්දේසි විරහිතව එක්ව සිටියහ. තවත් සියයට 20 ක් පමණ ජවිපෙට සම්බන්ධ වීමේ හේතු මත හෝ සැකපිට රැඳවියන් බවට පත්වී සිටි අතර ඔවුන් බන්ධනාගාර ජීවිතය තිත්ත වී හෝ ජවිපෙ කටයුතු සම්බන්ධයෙන් කලකිරී ඉන් ඉවත්ව නිහඬව සිටියහ. එහෙත් ඔවුන් කඳවුරේ බලය ගත් අති බහුතරය වූ ජවිපෙට පක්ෂ පිරිසට එරෙහිව කටයුතු නොකළේ එසේ වුවහොත් විවිධ තාඩන පීඩනවලට ගොදුරුවන හෙයිනි. තෙවැනි ප්‍රවාහය වූ සුළුතරය සියයට 10 සෑදී තිබුණේ සමාජයේ ලුම්පන් කොටස් වලිනි. ඔවුන්ට නිශ්චිත දර්ශනයක් නොවූ අතර විවිධ හොරකම්, මැරකම් සහ නීතිවිරෝධී ක්‍රියාවන් නිසා එසේ එක්වී තිබිණි. ඉන් ද බහුතරයක සහය ජවිපෙ රැඳවියන්ට හිමි වූයේ රිමාන්ඞ් ජීවිතයේ සාමූහික අත්දැකීම් ඔවුන් දන්නා බැවිනි.
පාතාල නායකයෙකු වූ නාවල නිහාල් ද කලක් පැලවත්ත කඳවුරේ රඳවා සිටි අතර බොහෝ දිනවල බාහිර පිරිස්වලට සංතෝසම් දී විවිධ සම්බන්ධකම් හරහා නිරතුරුව අරක්කු පානය කිරීම ඔහුගේ සිරිතක් විය. එය තහනම් කළ අතර එයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නාවල නිහාල්ට එක් රාත්‍රියකදී ඇඳඇතිරිල්ලකින් ඔහුගේ මුහුණ වසා තුවාල ලබන තෙක් පහරදී තිබිණි. නාවල නිහාල් වෙනත් වාට්ටුවකට මාරු කළ අතර පසුව ඔහුගේ නීතිඥයා කළ ඉල්ලීමක් අනුව වෙනත් බන්ධනාගාරයකට ද යොමු විය.
රැඳවියන්ගේ ඉල්ලීම් සහ බලපෑම් මත ඔවුන්ට නිසි ප්‍රමාණයක් ජලය ලබා ගැනීම, එළිමහනේ සිටීම, මුළුතැන්ගෙය සහ ආහාර බෙදා දීමේ පාලනය බාරදීම, රාත්‍රී කාලයේදී නිකරුණේ මැදිරිවලට පරිපාලන හමුදා භටයින් නොපැමිණවීම වැනි දෑ සිදුවිය. නිවෙස්වලින් ලැබුණු ඇඳුම් සහ ආහාරපාන එක ස්ථානයක ගබඩා කොට ක්‍රමානුකූලව බෙදා හැරි අතර නිවෙස්වල අය සමඟ විනාඩි 10 ක පමණ කාලයක් සතියකට වරක් පමණ කතා කිරීමට අවස්ථාව ලැබිණි. කඳවුරට යාබද නිවසක ජීවත් වූ නිවෙස් හිමියෙකු වූ ජයසිංහ විසින් රැඳවියන්ගේ ඥාතීන්ට බීමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ස්වේච්ඡාවෙන් ලබාදී තිබිණි. නිවෙස්වලින් රැඳවියන් මසකට වරක් පමණ බැලීමට පැමිණි පිරිස සියයට 60 ක් පමණ වූ අතර සතියකට වරක් බලන පිරිස සියයට 20 ක් පමණ විය. රැඳවියන්ගෙන් සියයට 5 ක් පමණ බැලීමට කිසිවෙකු කිසිම දිනක නොපැමිණුනි. දුෂ්කර ස්ථානවල තිබීම ද අත්අඩංගුවට ගැනීම නිසා එම ජීවන මංපෙත් ඇහිරීමද එයට හේතු වේ.
පැලවත්ත කඳවුරේ බොහෝ දෙනෙකු සිටියේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිත හැඟීමකිනි. ඔවුන් නිදහස් කරගැනීමට නෛතික ක්‍රියාමාර්ග ද නොගත් අතර කඳවුරෙන් නිදහස් කළද අතරමඟදී පැහැරගෙන ඝාතනය කර තිබිණි. එසේත් නොමැති නම් ප්‍රශ්න කිරීමේ මුවාවෙන් පිටතට ගෙන ගොස් කුමන හෝ හේතුවක් දමා ඝාතනය කිරීමට අවස්ථාව තිබිණි. එබැවින් කඳවුරෙන් උමඟක් හාරා පලා යෑමට නිශ්චිත වැඩසටහනක් ජවිපෙ මගින් සකස් කර තිබිණි. කඳවුර ඒ.බී.සී. යනුවෙන් වාට්ටු 3 කට වෙන්කර තිබූ අතර විරු සමරුවට ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා රැඳවියන් කඳවුර භාර සුබසාධක නිලධාරිවරයාගෙන් අවසර ගෙන තිබිණි. එයට ප්‍රථම එක් වාට්ටුවක් ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයින් රඳවා තබා ගන්නා ලද්දේ එහි සිටි “අපතයන්” වෙනත් වාට්ටුවකට මාරු කරමිනි. අත්කම් භාණ්ඩ නිමාකිරීම සඳහා දක්ෂයින් අවශ්‍ය බව කියමින් පරිපාලනයේ අවසරය මත ක්‍රියාකාරිකයින් එක් වාට්ටුවකට දමාගන්නා ලදී. ප්‍රදර්ශනය වෙනුවෙන් භාණ්ඩ සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන අතරතුර උමගේ කටයුතු ඉදිරියට නොකඩවා සිදුකරන ලදී.
පැලවත්ත කඳවුරේ උමඟ හැරීමේදී එහි නායකත්වය ගත් පිරිස 7 කි. ඔවුනට ක්‍රියාශීලීව එක්ව සිටි පිරිස 25 කට ආසන්නය. ඓතිහාසික සාධක අනුව ලංකාවේ උමඟවල් කැපීමට පාරම්පරික දක්ෂ අය සිටින්නේ කෑගල්ලේ පල්වරු ආශ්‍රිත ප්‍රදේශයේ වන අතර එහි උපන් රැඳවියෙකු මෙහිදී උමඟ කැපීමට සක්‍රීයව දායක වී තිබේ.
ලෝකය වඩාත් යහපත් තැනක් වී ඇත්තේ සියල්ල සිදුවෙමින් තිබියදී නිහඬව බලා සිටිය වුන් නිසා නොවන යහපත් සමාජයක් උදෙසා අරගල කළවුන්ගේ ධෛර්යයෙන් බව උමඟ හෑරූ නායකයියෝ එහි ආරම්භයේදී වාට්ටුවේ සියල්ලන්ටම පැහැදිලිව කියා සිටියහ. පැලවත්ත කඳවුරින් පලා යෑමේ නායකත්වය ගත්තේ කළුතර දිස්ත්‍රික් ජවිපෙ 1987/88 සන්නද්ධ නායකයා වූ කරුණාරත්න හෙවත් බණ්ඩාරය. කලක් හමුදාවේ සේවය කර ඉන් පලා ආ බණ්ඩාර කළුතර දෙදියවල පදිංචිකරුවෙකි. ඔහු අවිවාහකයෙකි. පියා මියගොස්ය. දක්ෂ කැරලිකරුවෙකු වූ ඔහු 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. කටුනායක ගුවන් කඳවුරෙන් අවි ආයුධ ලබා ගැනීම, තල්ගස්වල හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ප්‍රමුඛ වැඩ ගණනාවක් කළ ඔහු 1989 පයාගල දී අත්වැරදීමකින් සිදුවූ වෙඩි වැදීමකින් මිය ගියේය. ඔහුට ගෞරවයක් වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ මෙහෙයුම් කරුණාරත්න බළකාය ලෙසින් ජවිපෙ විසින් නම් කළ අතර ඒ පිළිබඳව ජවිපෙ දේශප්‍රේමී ජනතා සන්නද්ධ බළකායන් ගේ ඒකාබද්ධ අණදෙන මූලස්ථානය මගින් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන නායකයා ලෙස කලක් කටයුතු කළේ කැලණි සරසවියේ උපාධිධාරියෙකු වූ පැලවත්තේ චන්ද්‍රසිරි හෙවත් අසේලය. කළු උස මහත ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ඔහු බෙහෙවින් ජනප්‍රියය. පැලවත්ත කඳවුරේ ජවිපෙ න්‍යායචාර්යවරයා වශයෙන් කටයුතු කළේ නුවර රංජිත් වටවලය. පැලවත්ත කඳවුර ඇතුළත් කලාපයේ ජවිපෙ සන්නද්ධ නායකයා වූයේ පහළ හෙවැස්සේ කරුණාදාසය. මතුගම කොට්ඨාසයේ සන්නද්ධ නායකයා වූයේ කොළඹ කාර්මික විද්‍යාලයේ ආදිසිසුවෙකු වූ තොටගම ලියනගේ ප්‍රියන්ත කුමාරය.