පොලිසියට බොරු කට උත්තර


 

“ලියෝ ගැන හමුදාවෙන් ප්‍රශ්න කරද්දී මම පාපෝච්ඡාරණයක් කළා’ ජැම්ටෝ ගේ හඬෙහි කෙළිලොල් බවක් රැඳී තිබිණ. “මම ඔවුන්ට කිවුවා ඒ හාදයා මට ගෑනු සඟරා ගෙනැවිත් දුන්න බව. මේ භටයින්ගේ විදිය ගැන ඔයාලා දන්නවනෙ. ඔවුන් හැමෝම හිතුවා වාර්තා වන දේවල්වලට වඩා ඔහු වෙනස් හාදයෙක් බව. මොනව නැතත් ඔවුන් මේ දක්වා තිබුණට වැඩිය ඉහළ විදියකට ඔහු ගැන හිතන්න පටන් ගන්න ඇති”


“ඔයා නම් ඔනෑවට වැඩියි” මිනර්වා සුසුමක් හෙළා අසුනින් නැගිට්ටාය. ඇගේ ගෙලෙහි විඩාපත් බවක් තිබුණ ද එහි කෘතවේදී බවක් රැඳී තිබිණ. අන්තිමේ දී ජැම්ටෝ ඔහුගේ දැක්මට අනුව දේශපාලන මෝඩකම් කළ හාදයෙකු වෙනුවෙන් ගෙල දිගුකර තිබිණ. හෙට සමහර විට අපට පත්තරෙන් කියවන්න ලැබේවි. වර්ජිලියෝ මොරාලෙස් ලිංගික උම්මත්තකයෙක් බව”
මිනර්වා ඉවත්ව ගිය පසු ඔවුන් අතර ඇතිවන සුපුරුදු නිහඬ බවට වඩා ආගන්තුක නිශ්චලත්වයක් රැඳුණු බව ඬේඬේ සිතුවාය. අනතුරුව රුම්ටෝ යළි මිනර්වා හා ලියෝ ගැන කතා කරන්නට විය.
‘ඔබ හිතන්නෙ ඈ මොනවා හරි හංගනවා කියල ද? ජැම්ටෝ ඬේඬේ ගෙන් ඇසුවේය.’


‘ඔබ හිතන්නෙ ඔවුන් රියො යැක් තරණය කරපු බව ද?’


‘අනේ ජැම්ටෝ ඬේඬේ ඔහුට පහරක් ගැසුවේ තම සොයුරිය ගැන එවැනි දෙයක් කීම පිළිබඳවය.


‘එයාලා පිටුපස ආසනේට වෙලා නැපෝලියන්ගෙ සුදු අශ්වයා ගැන කතා කෙරුවෙ නැහැ. ජැම්ටො ඇගේ කොණ්ඩය පසෙකට කෙරුවේ ඇගේ ගෙලෙහි සැඟවුණ සුදුවන් පෙදෙස ස්පර්ශ කිරීමටය.
‘අපිත් ඉස්සරහ සීට් එකට වෙලා නැපෝලියන්ගෙ සුදු අශ්වයා ගැන කතා කරල නොවෙයිනෙ. ඬේඬේ ඔහුට මතක් කර දුන්නේ ඔහු මෘදු ලෙස පසෙකට තල්ලු කරමිනි. සිප ගැනීමෙන් දැනෙන ආශ්වාදය තමාට තමා පාලනය කර ගැනීමේ හැකියාව අහිමි කරනු ඇතැයි ඈ බියවූවාය. අපිත් රියෝ යැක් තරණය කෙරුවෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ.”


“කවදාවත්ම මගෙ අහස කවදාවත්ම නැද්ද?


ඔහු විමසුවේ තම ස්වරයෙනි. රිදුමක් ඇතිවය. ඔහු යම් කිසිවකුට තම සාක්කුවට තට්ටු කළේය. ඬේඬේ බලා සිටියේ ඊළඟට වෙන දේ දැනගෙනය. මට මේ කළුවරේ පේන්නෙ නැහැ. ඔහු මැසිවිලි නැගුවේය. ලාම්පුව පත්තු කරනවද මගෙ පණ”


“ඇයි හැමෝම අවදි කරන්නද? මට බැහැ. ඬේඬේ මදක් චංචල වූවාය. ඇයට උවමනා වී තිබුණේ ඔහුගේ වචනය පමා කිරීමටය. ඇයට සිතීමට තිබිණ. තමා ගන්නා තීරණය ඉතාම නිවැරදි විය යුතු බව ඇයට දැනුණි.


“නමුත් ඔබට පෙන්වන්න දෙයක් මා ළඟ තියෙනවා. ජැම්ටෝගේ හඬෙහි කැලඹීඹක් විය.


“අපි ආයෙත් එළියට යමු. අපට තාත්තගෙ කාරෙකේ ගිහින් ඇතුළෙ ලයිට් එක දා ගන්න පුළුවනි.” ඬේඬේ ට ඔහු අධෛර්යමත් කිරීමට කිසිම හැකියාවක් නොවීය.


 

ජූලියා අල්වාරෙස් (Julia Alrarez) නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් In time of Butterfies කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසිඑක් වැනි කොටස



ඔවුන් හැකිලෙමින් හැප්පෙමින් එළියට ගියෝ ෆෝර්වඞ් රිය නවතා තිබු තැනටය. අඳුරේ එහි කළුපාට නැවුණු හැඩය දිස්වුණි. අම්මාට ඇගේ කාමරයේ ජනේලයෙන් ඔවුන් දැකගත නොහැකි වනු ඇත. ඬේඬේ පැතිදොර ඇර සිවිලිම් පහන දැල්වූවාය. ඇගෙන් අනෙක් පස රියැදුරු අසුනට වී ජැම්ටෝ විරිත්තමින් බලා සිටියේය. එය ඇගේ දඟකාර මස්සිනා ඇගේ හැට්ටය ඇතුළට හූනෙකු දමා සිනාසුණු අතීතය කරා ඈ රැගෙන යාමට සමත්වූ සිනහවකි. ඔහු අත පිටුපසට කරගෙන ඈ වෙත ළං වූයේ මේ අන්දමට විරිත්තමිනි.


“මගෙ බැටළු පැටියා’ ඔහු එසේ කියමින් ඇගේ අත සෙවීය.


ඇගේ හද ගැහෙන වේගය පිටතට ඇසෙන තරමට උස් වුණි. ඇගේ විනෝදයට බර නරක් වුණ. විහිළු කාර පෙම්වතා. ඕ. ඊළඟට ඈ වැටෙනු ඇත්තේ කවර අන්දමේ කරදරයක ද?


‘ඔයා මෙතැනට ආවෙ මොනවට ද ජැම්ටෝ ෆර්ඩිනැන්ඩස්? ඈ පැවසුවේ ඔහු ඇගේ අතට මුදුවක් දමන විටය. එය ඬේඬේ බොහෝ මිට එහි ගිය විට දැක තිබූ ඔහුගේ මවගේ විවාහ ගිවිසුම් මුදුවය. එය රන්පාට මලක් මැද කුඩා දියමන්ති සවිකළ මුදුවකි. ‘අනේ ජැම්ටෝ’ යි ඈ පැවසුවේ එය එළියට අල්ලා බලමිනි. ඒක හරිම ලස්සනයි.


“මගේ හදවත’ යි ඔහු කීය. “මම දන්නවා මම ඔබේ පියාගෙන් අවසර ගන්න ඕනි බව. නමුත් මිනර්වා මොනවා කිවුවත් මම නුතන මිනිහෙක්. මම විශ්වාස කරනවා මුලින්ම ඇසිය යුතු ගෑනිගෙන් බව.” ඒ සමගම ඔවුනට රියේ පිටුපස අසුනින් කැස්සක හඬක් ඇසුණි. ඈ හා ජැම්ටෝ එකිනෙකා දෙස බැලුවේ කම්පනයට පත්වය. “කවුද ඒ ? ජැම්ටෝ කෑ ගැසුවේය. කවුද ඔහුට ආපිට හැරී බැලීමට සිදුවූයෙන් ඔහු අසුන මත දණ ගසා ගත්තේය.


‘කලබල වෙන්න එපා. මේ මම” ලියෝ පිටුපස සිට කෙඳිරුවේය. ‘ඔය ලයිට් එක නිවාදානවද කරුණාකර?’


‘ජේසුනි ක්‍රිස්තුනි. ජැම්ටෝ කෝපයට පත් වුවත් ඔහු විදුලි පහන නිවා දැමුවේය. ඔහු නැවත වාඩිවී ඉදිරිපස බලාගෙන ඔහු හා ඔහුගේ පෙම්වතිය තනිව සිටි අයුරින් කතා කරන්නට විය.


‘මේ බලන්න මට කනගාටුයි.’ ලියෝ කරුණු පැහැදිලි කරන්නට විය.’ උණුසුම නැගලා මාරියෝගෙ ගෙදර වට කරලා”


“මට උදෙන්ම අගනුවර යන වාහනේ හිමිදිරිය ඇනා කැහුටියා ගහ ළඟට ඒවි. ඒ වෙනතුරු මම හැංගිලා ඉන්න ඕනි.”


“එහෙම නම් ඔබ මෙහෙ ආවෙ මුළු පවුලක්ම අනතුරේ දාන්නද?


ඔහු සැබැවටම ආපිට හරුණේ මෙම බිය සැක නැති හාදයාගේ ගෙල මිරිකා දැමීමට ය.


‘මට මේක මිනර්වාට දෙන්න උවමනා වුණා’

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර