බණ්ඩාරනායක ඝාතනයේ යට ගිය කතා


මුළු රැයපුරා නිහඬව තිබූ නගරයට හිරු එළිය පතිතවත්ම, ක්‍රම ක්‍රමයෙන් කාර්ය බහුලවීමට පටන් ගත්තේය. කඩ සාප්පු විවෘත වූ අතර, ජනයා තම දෛනික කටයුතුවල නිරත වනු පිණිස වීදි ඔස්සේ ගමන් ඇරඹූහ. බස් රථ, මෝටර්කාර්, බයිසිකල් මහ මාර්ගවලට අවතීර්ණ විය. ඒ සිකුරාදා දිනයකි. නගරවාසීන්ටත්, පිට පළාත්වලින් රැකිරක්ෂාවලට පැමිණි ජනයාටත් එම දිනයේ විශේෂත්වයක් නොදුටුවාහුය.


රාජගිරියේ, ඔබේසේකරපුර දෙසට ඇති මාර්ගයට මායිම්ව පිහිටි එතරම් ප්‍රසිද්ධියක් නොමැති කුඩා විහාරස්ථානයකි. අමරවිහාරය යන නමින් හැඳින්වූ එම විහාරස්ථානයේ නේවාසිකව සිටි භික්ෂූවක් උදෑසනම ඉන් පිටවී ප්‍රධාන මාර්ගය දෙසට පා ගමනින් ගියේ සිවුර ඒකාංශව හැඳගෙන, වක් මිට සහිත කළු පැහැති කුඩයක්ද ඉහළා ගෙනය.


ප්‍රධාන මාර්ගය්දී කුලී මෝටර් රථයක් නතර කර එයට ගොඩ වූ භික්ෂුව බොරැල්ල දෙසට යන ලෙස රියදුරාට පැවසීය. අතරමග බස් නැවතුම්පලක රැඳී සිටි තමන් දන්නා හඳුනන පුද්ගලයන් දෙදෙනෙකු රථකට නංවාගත් භික්ෂුව, ඔවුන් දෙදෙනාට බොරැල්ල මංසන්ධියේදී බැස ගැනීමට ඉඩ දෙනු පිණිස රථය නතර කරවීය. අනතුරුව කුලී මෝටර් රථය බුලර්ස් පාර ඔස්සේ  ධාවනය විය.


ලංකා ගුවන් විදුලි කාර්යාලය ආසන්නයේදී රථය නතර කරවාගත් භික්ෂුව ඉන් බැස රියදුරාට කුලිය ගෙවා රථය නිදහස් කර හැරියේය. සිටිතැන දීම සිවුර මඳක් බුරුල් කර, එය දෙවුරම වැසෙන සේ සකස්කර හැඳගත් හෙතෙම ගුවන් විදුලි කාර්යාලය ඉදිරිපිට නතරකර තිබූ කුලී මෝටර් රථයක් කරා ගියේය.


‘හාමුදුරුවනේ කොහාටද?’ යි කුලී රථයේ රියදුරු පිලෙන් සිංfඤා් භික්ෂුවගෙන් විමසීය.


“රොස්මිඞ් ප්ලේස් එකට යමු”, කියමින් භික්ෂුව රථයේ ඉදිරිපස අසුනට ගොඩවිය. 


“රොස්මීඞ් ප්ලේස් එකේ කොහාටද හාමුදුරුවනේ?” රථය ඉදිරියට ධාවනය කරමින් රියදුරු තැන යළිත් විමසුවේය.


‘අගමැති තුමාගෙ බංගලාවට”


“අගමැති තුමා ළඟදී රට යනවලු නේද හාමුදුරුවනේ?” පිලෙන් සිංfඤා් ඇසුවේය.


“ඔව්, ඔව්. මේ සැරේ ගිහින් ලංකාව විකුණලා ඒවිද දන්නෙ නැහැ” භික්ෂුව මදක් නොරිස්සුම් ස්වරයෙන් පිළිතුර දුන්නේය.


“ඇයි හාමුදුරුවනේ එහෙම කියන්නේ, දැන් ඉස්සරට වඩා දුප්පතුන්ට හොඳයි නේදැ?’ යි පිලෙන් සිංfඤා් විමසීය.
“තමුසේ කොහොමද මට වැඩිය දන්නේ? මම පක්‍ෂයේ සාමාජිකයෙක්. අගමැති ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්” යනුවෙන් භික්ෂුව පිළිතුරු දුන්නේ කෝපය මුසු ස්වරයෙනි.

 

භික්ෂුවගේ අතෙහි තිබූ රිවෝල්වරය එක් වරක් පත්තුවිය. වෙඩිල්ල වැදුණේ අගමැතිවරයාගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයටය. වේදනාවෙන් යුතුව ‘ආහ්” කියමින් අගමැතිවරයා අත වේගයෙන් ගැසුවේය.
ඒ සමගම දෙවැනි වෙඩිල්ල ඔහුගේ පපුවට වැදුනි ‘බුදු අම්මෝ” යි කියමින් ආපසු හැරුණු අගමැතිවරයා තමන්ට හැකි පමණ වේගයෙන් එක් අතෙකින් පපුව අල්ලාගෙන ගෙතුළට දිවගියේය.

 

 


නොහඳුණන භික්ෂුවක සමඟ දේශපාලනය ගැන කථා කිරීමට යාම නුවණට හුරු නැති බව සිතා ගත් පිලෙන් සිංfඤා් එතැන් සිට නිහඬවම රථය පැදවීය. මෝටර් රථය බණ්ඩාරනායක මහතාගේ නිවස ඉදිරිපස නතර කළ පසු ඉන් බැස ගත් භික්ෂුව, රථයේ කුලිය ගෙවා, ගේට්ටුවෙන් ඇතුළු විය.


ඒ වන විට අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට පැමිණ සිටි තිහක් හතළිහක් පමණ පිරිස අගමැති නිවසේ ආලින්දයේ සහ මිදුලේ රැඳී සිටියහ. ආලින්දයට ගොඩ වූ භික්ෂුව වාඩිවීමට තැනක් වේදැයි සිතමින් වටපිට බැලීය. අමුත්තන් සඳහා පනවා තිබූ ආසන පේළියේ එක් අසුනක තවත් භික්ෂුවක් අසුන්ගෙන සිටියේය. පොළොන්නරුවේ ගොවි නියෝජිත පිරිසක් කැටුව පැමිණ සිටි නිවන්තිඩියේ ආනන්ද හිමි අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනේ සිටි අයෙකු වහා නැගිට ප්‍රමාදව පැමිණි භික්ෂුවට වාඩි වීමට ඉඩ සලසා දුන්නේය.


ගෘහයේ සාලයේ ඒ වන විට විශේෂ අමුත්තන් දෙපළක් අගමැතිවරයා බැහැදැකීමට පැමිණ අසුන්ගෙන සිටියාය. එළඹෙන සඳු දින අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබූ බැවින්, ඒ සම්බන්ධව තානාපති මට්ටමෙන් අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණ සිටි මෙරට ඇමරිකානු තානාපතිවරයා වූ බර්නාඞ් ගප්ලර් මහතා ඉන් එක් අයෙකු විය. අනෙක් තැනැත්තා වූයේ, රාජ නීතිඥයෙකු වූ ඇන්.ඊ. වීරසූරිය මහතාය.


එදින නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබුණේ  උදෑසන දහයටය. අග්‍රාමාත්‍යවරයාද එයට සහභාගිවීමට නියමිතව සිටියේය. පාර්ලිමේන්තුවට යාමට පෙර තමා මුණගැසීමට පැමිණ සිටින ජනතාවගේ අවශ්‍යතා අසා දැනගෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීම මූලික කර්තව්‍යයක් සේ සැලකූ අගමැතිවරයා ඒ සඳහා සූදානම් විය.


සුපුරුදු පරිදි ජාතික ඇඳුමෙන් සැරසී එක් අතක දුම් උරන පයිප්පයද, අනෙක් අතෙහි ඊට යොදන දුම්කොළ අඩංගු පැකට්ටුවද රැගෙන සිනාමුසු මුහුණින් යුතුව අගමැතිවරයා උඩු මහලේ සිට පියගැට පෙළ බැස විත් සාලයට ප්‍රවේශ විය.   


ප්‍රථමයෙන් අතට අත දී ඇමරිකානු තානාපති ගප්ලර් මහතා පිළිගත් අගමැතිවරයා ඔහු සමග සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාව අවසන ගප්ලර් මහතා අගමැතිවරයාට සුභ පතා එතැනින් නික්ම ගියේය, අනතුරුව, සාලයේ රැඳී සිටි ඇන්.ඊ. වීරසූරිය මහතා දෙසට හැරුණු අගමැතිවරයා ඔහුටද අතට අත දී ආචාර කළේය. වීරසූරිය මහතා පැමිණ සිටියේ බාන්ස් ෂෙල්ටන් රත්වත්තේ මහතා සමගය. එහෙත් රත්වත්තේ මහතා එම අවස්ථාවේ සිය සොහොයුරිය වූ අග්‍රාමාත්‍යවරයාගේ ආර්යාව සමග නිවස ඉදිරිපිස කථාබහක නිරතව සිටියේය.


ඇන්.ඊ. වීරසූරිය මහතාගේ අවශ්‍යතාවය අසා දැනගත් පසු අගමැතිවරයා පසෙක සිටි සිය ලේකම්වරයා අමතා අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ අනුව අගමැති ලේකම් තැන වීරසූරිය මහතා කැටුව කාර්යාලය තුළට ගිය අතර, අගමැතිවරයා එතෙක් තමන් හමු වීමට පැමිණ සිටි මහජනයා කරා ගියේය.


භික්ෂූන් දෙනමක් ආලින්දයේ අසුන් ගෙන සිටිනු දුටු අගමැති පළමුවෙන් එදෙසට ගියේය. පොළොන්නරුවේ සිට ගොවි පිරිසක් සමග පැමිණ සිටි නිවන්තිඩියේ ආනන්ද හිමි වෙතට ගිය අග්‍රාමාත්‍යවරයා පහත් වී වැඳ පැමිණි කාරණය අසා සිටියේ ය. හිමිගේ ගැටලුවලට ඉතා ඕනෑකමින් සවන්දී සිටි අගමැතිවරයා අවශ්‍ය පියවර ගැනීමට එකඟත්වය පළ කර සාකච්ඡාව නිමා කළේය. ඉන්පසු අසල අසුන්ගෙන සිටි අනෙක් භික්ෂුව දෙසට හැරුණු අගමැතිවරයා ‘මේ හාමුදුරුවෝ මොකද ආවේ?’ යයි අසමින් ඉදිරියට නැඹුරු වී දෑත් එක්කොට වැන්දේය. එවිටම, භික්ෂුව වම් පස සිවුර යටට අත යවා කිසියම් කළු පැහැති දෙයක් අතට ගන්නා අන්දම දුටු අගමැතිවරයා තුෂ්නිම්භූත විය.


භික්ෂුවගේ අතෙහි තිබූ රිවෝල්වරය එක් වරක් පත්තුවිය. වෙඩිල්ල වැදුනේ අගමැතිවරයාගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයටය. වේදනාවෙන් යුතුව ‘ආහ්” කියමින් අගමැතිවරයා අත වේගයෙන් ගැසුවේය.


ඒ සමගම දෙවැනි වෙඩිල්ල ඔහුගේ පපුවට වැදුනි ‘බුදු අම්මෝ” යි කියමින් ආපසු හැරුණු අගමැතිවරයා තමන්ට හැකි පමණ වේගයෙන් එක් අතෙකින් පපුව අල්ලාගෙන ගෙතුළට දිවගියේය.

 

පසුදින උදෑසන වන විට අගමැතිවරයාගේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් නරක අතට හැරෙන ලකුණු පෙන්නුම් කළේය. විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටියහ. පසු දින එනම් 1959 සැප්තැම්බර් මස 26 වන දින උදෑසන 7.25 මොහොත එළඹෙත්ම ඒ අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ දේහපාලනඥයා මෙලොව හැර ගියේය.

 

 


භික්ෂුවද මාරාවේශයෙන් අගමැතිවරයාගේ පසුපස පන්නමින් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමට පටන් ගත්තේය. ආලින්දයේ රැඳී සිටි බොහෝ දෙනා මේ අනපේක්ෂිත සිද්ධියෙන් භීතියට පත්ව මිදුලට පැන ගත්තෝය. සිහි එළවාගත් නිවන්තිඩියේ ආනන්ද හිමිද ඝාතකයා පසුපස එළවායාමට පටන් ගත්තේය. මිදුලේ සිටි ජනයා කුතුහලයන් යුතුව ආලින්දයට රොක් වූහ.


ගෘහය ඉදිරිපිට මල්ගස්වලට වතුර දමමින් සිටි සොහොයුරු බාන්ස් රත්වත්තේ මහතා සමග කථාබස් කරමින් සිටි සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගෙතුලින් ඇසෙන වෙඩි හඬ කෙරෙහි සිය අවධානය යොමු කළාය. කිසියම් කලබයක් ගේ දෙසින් ඇසෙන හෙයින් ඇය ලහි ලහියේ ගෙට දුව ගියාය.


රිවෝල්වරයක් මානාගත් භික්ෂුවක් සිය ස්වාමියා පසුපස පන්නාගෙන යන අන්දම දුටු බණ්ඩාරනායක මැතිනිය වහා දුව ගොස් ඝාතකයාගේ සිවුරේ එල්ලී ගත්තාය. කලබලයට පත් භික්ෂුව ආපසු හැරී මැතිනිය දෙසට රිවෝල්වරයා එල්ල කිරීමට තැත් කරන බව දුටු බණ්ඩාරනායක මහතා ආපසු හැරී ඝාතකයාගේ අතට වැරයේ පහරක් එල්ලකළේය. ඒ පහරින් ඝාතනය අත තිබූ රිවෝල්වරය බිම පතිත විය.


ඒ සමගම අවට සිටි පිරිස ඔහු වටකරගෙන පහරදීමට පටන් ගත් අතර එතැන සිටි අයෙක් ලේන්සුවක් දමා බිම තිබූ රිවෝල්වරය අහුලා ගත්තේය. ඒ සමගම ගේට්ටුවේ මුරට සිටි පොලිස් කොස්තාපල් සමරකෝන් එතැනට දුව විත් සිය රයිපල් තුවක්කුවෙන් ඝාතකයාට පැන යාමට ඉඩ නොලැබෙන පරිදි වෙඩිල්ලක් තබා මෙල්ල කරගත්තේය.


මේ වන විට අගමැතිවරයා ලේ පෙරමින් කාර්යාල කාමරයේ අසුනක ඇලවී සිටියේය. ඝාතකයාගේ ඉවත් බවක් නොමැති වෙඩි තැබීමෙන් පසෙක සිටි ගුණරත්න නමැති පාසල් ගුරුවරයෙකු ද තුවාල ලබා සිටියේය.


බරපතළ ලෙස තුවාල ලබා සිටි අග්‍රාමාත්‍යවරයා වහා මහ රෝහල කරා රැගෙන යන ලදුව, එහිදී වෛද්‍යවරුන් රැසක් එක්ව ශල්‍ය කර්ම කිහිපයක්ම සිදු කරන ලදී. කෙසේ වෙතත් අගමැතිවරයාට ඉතා යහපත් සිහි කල්පනාව තිබුණි.
‘මොකද සර් වුණේ” ප්‍රධාන වෛද්‍ය නිලධාරී පී.ආර්. ඇන්තනීස් මහතා අගමැතිවරයාගෙන් ඇසීය.


“අර කළු බඩුව සිවුර අස්සෙන් එළියට ගන්නා තෙක් මොකක්ද වෙන්න යන්නෙ කියල මට තේරුණේ නැහැ” අගමැති කීය.
“මොන සිවුරද?” යි එවර ඇන්තනීස් මහතා විමසුවේ විමතියෙනි.


“බෞද්ධ භික්ෂුවකගේ සිවුර” අගමැති පිළිතුරු දුන්නේය.


“ඒ මෝඩ මිනිහා මට වෙඩි තිබ්බේ ඇයි?” යනුවෙන් බණ්ඩාරනායක අගමැතිවරයා දොස්තර ඇන්තනීස් මහතාගෙන් කිහිපවරක්ම ඇසුවේය. එහෙත්, එයට දීමට සාර්ථක පිළිතුරක් ඇන්තනීස් මහතාට නොවූ බැවින්, ඔහු නිහඬව සිටියේය. 


මේ ලෙස වෙඩි පිට වෙඩි තබා තමා ඝාතනය කර දැමීමට උත්සාහයක නිරතවීම ගැන අගමැතිවරයා පුදුමයටත්, කම්පාවටත් පත්ව සිටියේය. එවන් කෲර ඝාතනයකට ලක්වීමට තරම් බරපතළ වරදක් තමා කිසිවෙකුටවත් කර නොමැති බව ඔහු විශ්වාස කළේය. එහෙත් අගමැතිවරයාගේ සිතෙහි හටගත් එම ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ඔහු ජීවත්ව සිටියදී නොලැබුණු අතර, ඔහු මියගියේ ද එම පැනය සිත තුළම රදවාගෙනය.


අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාට වෙඩි තබන ලද පුවත රට පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. සිද්ධිය ඇසූ බොහෝ දෙනා එය ඇදහිය නොහැක්කක් සේ විස්මයට පත්වූහ. මුළු රටම එකවරම බිහිසුණු නිහඬතාවකට පත්විය. භික්ෂුවක් අගමැතිවරයාට වෙඩි තබන ලද ආරංචිය ලත් මින් සමහරු මහත් සේ කෝපයට පත්වූහ. සමහරු භික්ෂූන් වහන්සේලා දෙස ද්වේෂ සහගත ලෙස බැලූහ. ‘ඔය සිවුර අස්සෙත් පිස්තෝල තියනවාද?”යි යනුවෙන් භික්ෂූන් වහන්සේලාගෙන් ඇසීමට තරම් සමහරු පෙළඹුනාහ.


රටේ තත්ත්වය නරක අතට හැරෙන බව කාහටත් පෙනී ගියේය. උදෑසන 11 පමණ වන විට කොළඹ නගරයේ පාසල් වසා දමා සිසු සිසුවියන් නිවෙස් කරා පිටත් කර හරින ලදහ. රාජ්‍ය ආයතන මෙන්ම බොහෝ පෞද්ගලික ආයතනවලද කටයුතු ඇන හිටියේය. රටේ කලබලකාරී තත්ත්වයක් හටගතහොත් එයට මුහුණ දීම සඳහා පොලීසිය සහ යුද හමුදාව සීරුවෙන් තබන ලදී.


පසුදින උදෑසන වන විට අගමැතිවරයාගේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් නරක අතට හැරෙන ලකුණු පෙන්නුම් කළේය. විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටියහ. පසු දින එනම් 1959 සැප්තැම්බර් මස 26 වන දින උදෑසන 7.55 මොහොත එළඹෙත්ම ඒ අසාමාන්‍ය ශ්‍රේෂ්ඨ දේහපාලනඥයා මෙලොව හැර ගියේය.


ලංකා අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අභාවය රොයිටර් පුවත් සේවය මගින් ලොව පුරා ප්‍රචලිත කෙරුණි. එම ඛේදවාචකය ඇසූ සමස්ත ලෝකයම ඉමහත් කම්පාවටත්. ශෝකයටත් පත්විය. එතැන් සිට ලොව විවිධ රාජ්‍ය නායකයන්. විවිධ සංවිධාන, ආගමික නායකයන්ගෙන් ශෝක පණිවුඩ මෙරටට ගලා ඒමට පටන් ගත්තේය.
ජාතික කොඩි අඩ කුඹු කර ඔසවා තබන ලද අතර, ගම් නියම් ගම් නගරවල සෑම නිවසකම, වෙළඳ ආයතනයකම, සුදු කොඩි ඔසවා තිබුණි. මේ කුරිරු ඝාතනය පක්ෂ විපක්‍ෂ සෑම අයෙකුම දැඩි ලෙස හෙළා දුටහ. උදේ හවස බණ්ඩාරනායකට දෙස් දෙවොල් තබමින් සිටි විරුද්ධවාදීහුද මෙම සිද්ධිය ඇදහිය නොහැකි දෙයක් ලෙස සලකා මහත් සේ කම්පාවට පත්වූහ. 


බණ්ඩාරනායක අගමැතිවරයාගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවූ විරුද්ධවාදී දේශපාලන මත දැරූ අය කිසිවිටෙකවත් ඔහු මරා දැමිය යුතු යැයි මොහොතකට හෝ නොසිතූහ. බණ්ඩාරනායක මහතාගේ නිහතමානී, නම්‍යශීලි භාවයත්. ව්‍යක්ත කථිකත්වයත් චාම් සරල පැවැත්මත්, සංවරශීලි හැසිරීමත් දුප්පත්, පොහොසත් සියල්ලන්ම එක සේ අගය කළෝය. ඔහුගේ කෙටි කාලීන රාජ්‍ය පාලන කාලය තුළ ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝග රැසක් වීය. භාෂා ප්‍රශ්නය, ජාතිවාදී කලකෝලහාල, කම්කරු ප්‍රශ්න, වැඩ වර්ජන ඔහුගේ පාලන සමයේ උච්චස්ථානයෙන් වැජඹුනි. 

 


මතු සම්බන්ධයි

 

 

 

ප්‍රේමලාල් රණවිළ