මෙරට දේශපාලනඥයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට විජයානන්ද දහනායක මහතා පත්ව ඇත්තේ හේතු ගණනාවක් නිසාය. 1902.10.22 වැනි දින උපත ලබා ඇති දහනායක මහතා 1917 කේම්බි්‍රජ් ජූනියර් විභාගය සමත්ව 1924 රජයේ ගුරු විද්‍යාලයට ඇතුළත්වී 1927 - 1936 දක්වා ගුරු වෘත්තියේ යෙදුණු අතර 1935 දෙසැම්බර් ගාල්ල නගර සභාවේ කලුවැල්ල ආසනයට තේරී පත්වී 1939 ජූනිවලදී ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපති ලෙස ගාල්ල නගර සභාවට පත්විය.
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල කොට්ඨාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් 1944.10.14 වන දින ජය ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු විය. 1947 සිට ක්‍රියාත්මක වූ ලංකා ස්වාධීන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඩී. එස්. සේනානායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ එකම සිංහල මන්ත්‍රීවරයා වූයේද දහනායක මහතායි.
අවස්ථාවට අනුව තමන් පෙනී සිටින දේශපාලන පක්ෂය මාරු කිරීමේ සහජ දක්ෂතාවක් දැක්වූ දහනායක මහතා 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුවේ ගාල්ල මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වූයේ බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නියෝජනය කරමිනි. 1952.05.30 දින පැවැති දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී නවලංකා සම සමාජ පක්ෂයෙන් ගාල්ලට තරග කර ජයගත් මෙතුමා 1956.04.27 දින පැවැති තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා නායකත්වය ගත් මහජන එක්සත් පෙරමුණෙන් ගාල්ලට තරග කර වැඩි ඡන්ද 10,956 කින් ගාල්ල ජයගෙන එම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරීය.
1959 සැප්තැම්බර් 26 දින බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන චරිතය රඟපෑ විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ කිසිවකු බලාපොරොත්තු නොවුණ ලෙසිනි. ඒ නිසාම සහෝදර ඇමති මණ්ඩලය සැමවිටම සැකයට භාජන කළ අගමැතිවරයා ඇමතිවරුන් බුරුතුපිටින් එළියට ඇද දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ මහජන එක්සත් පෙරමුණෙන් හා ශ්‍රීලනිපයෙන්ද ඈත්වී වෙනම පක්ෂයක් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. 1960 මාර්තු 19 දින පැවැති මහමැතිවරණයෙන් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දහනායක අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් ආසන 101කට තරග කළත් ජයගත හැකිවූයේ ආසන 04 පමණි. නමුත් අගමැති ධුරය දරමින් නායකත්වය දුන් දහනායක මහතා වැඩි ඡන්ද 483 කින් ගාල්ල ආසනය පරාජයට පත්විය. ලංකා ඉතිහාසයේ අගමැති ධුරයක් දරා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වූ එකම දේශපාලනඥයා විජයානන්ද දහනායක පමණි.
1960 ජූලි 20 මහ මැතිවරණයේදී ගාල්ල ආසනයට නැවත තරග කළ දහනායක මහතා එවර ජයග්‍රහණය කළේය. 1964 දී ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයට බැඳී 1965 මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ අතර 1970 මැයි 27 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව ඉන් ජයගත්තේය. නමුත් නොබෝ කලකින් එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉල්ලා අස්විය. 1974.05.03 වැනි දින එවක ජාතික රාජ්‍ය සභාවෙන් නෙරපා සතියකට ජාතික රාජ්‍ය සභාව තහනමකට ලක්වීමටද දහනායක මහතාට සිදුවිය.
1977 මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගාල්ල ආසනයට ඉදිරිපත් වුවත් 1977.07.21 පැවැති එම මැතිවරණයේදී ඔහු නැවත පරාජයට පත්විය. නමුත් ජයග්‍රහණ කළ ඇල්බට් සිල්වා මහතාට විරුද්ධව ඉදිරිපත්වූ ඡන්ද පෙත්සමකින් ඔහු වැරදිකරුවකු වූ බැවින් 1979 දී ලබාදුන් තීන්දුව සමග නැවත අතුරු මැතිවරණයක් 1979.12.20 වැනි දින ගාල්ල සඳහා පවත්වන ලදී. එහිදී වැඩි ඡන්ද 13012 කින් එජාප අපේක්ෂකයා වශයෙන් තරග කර ජයගත්තේය. 1982 ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු නිලකාලය වසර 06 කින් දීර්ඝ කළ අතර ඒ නිසා 1983 දී පැවැත්විය යුතු මහ මැතිවරණය 1989 දක්වා කල් ගියේය. ඒ අතර දහනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ සමුපකාර අමාත්‍ය ධුරයට 1986.03.04 වැනිදා පත්විය.
මේ ආකාරයෙන් විජයානන්ද දහනායක මහතා ලංකාව පුරා විවිධ දේශපාලන පක්ෂවලින් දේශපාලනය කර මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් හා අගමැතිවරයෙක් ලෙස තේරීපත්වූ ඉතා සැහැල්ලු සරල චරිතයක් වූ අතර නිහතමානී අවංක දේශපාලනඥයකු ලෙස 1997.05.04 දින අභාවප්‍රාප්ත වන විට අවුරුදු 95 පසුකර තිබිණි.
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූපය අන්තර්ජාලයෙනි