පාර්ලිමේන්තුවේ සභානායක සහ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා 1951 ජුලි මස 12 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් මෙසේ කීවේය.
‘‘කතා නායකතුමනි, මා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කිරීමට ඉඩ ප‍්‍රස්තා සලසා දීමෙන් මට දැක් වු විනීත ගුණය ගැන මගේ කෘතඥතාව පළමුවෙන්ම ඔබ වෙත පිරිනමමි. සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයෙන් අද මා අස් වු බව ඔබ දන්නෙහිය. මේ අවස්ථාව වු කලී මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් රටේ මහජනයා සම්බන්ධයෙනුත් තරමක් වැදගත් විය යුතු අවස්ථාවකි. එහෙයින් මෙම අවස්ථාව සම්බන්ධයෙන් කිව යුතු කරුණු ස්වල්පයක් ප‍්‍රකාශ කර සිටීම සඳහා ඔබගේ අවසරය මම ඉල්ලා සිටිමි.
ඉතා කුඩා කල පටන්ම මගේ ඡුන්ම භූමියත්, එයට ඉටුකළයුතු සේවයත් පිළිබඳ ආශාවක් මගේ සිත තුළ නිදන්ව පැවතුණේය. එය වු කලී ජීවිතය කැප කිරීමක් මෙන් ඇති වු චේතනාවකි. මේ වේතනාව මුදුන් පත් කිරීම සඳහා වැඩ කිරීමේදී මා වෙත ඉදිරිපත් වුණු දුෂ්කරතා රාශියකි. මගේ ජනතා සේවය ආරම්භයේ දීම මගේ ඥාති මිත‍්‍රාදීන්ගේ අප‍්‍රසාදයට පත් වීමත් ආත්ම පරිත්‍යාගයක යෙදීමේත් අවස්ථාව මා වෙත එළඹුණේය. දැන් මා හමුවට එළඹ තිබෙන්නේත් එබදුම අවස්ථාවකි. දැන් මේ ලැබී තිබෙන මේ අවස්තාවයේදී මගේ පෞද්ගලික හැඟීම් ප‍්‍රකාශයට පත් කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. දැන් එළඹී තිබෙන්නේ පෞද්ගලිකත්වය ඉක්ම වු වැදගත් ජාතික ප‍්‍රශ්නයකි.
එක්සත් ජාතික පක්ෂය සමුප්පත්තියට පත්වීමේදී සිංහල මහා සභාව එයට සහාය පළකිරීමේදීත් එම පක්ෂය ආණ්ඩු බලය අතට ගැනීමේදී එය යටතේ සේවය කිරීමට මා එකඟවීමේදී මා බලාපොරොත්තු වුවේත් ජාතික ආරක්ෂාවටත් ජාතික උන්නතියටත් අදාළ වන ස්ථිර සාර ආණ්ඩු ක‍්‍රමයක් පිහිටුවා ගැනීමය. ජාතික ප‍්‍රශ්න සම්බන්ධයෙන් වඩා වැදගත් ප‍්‍රතිපත්ති කලාපයක් ඇති වේ යැයි ද එම ප‍්‍රතිපත්ති කලාපය අනුව වඩා සාර්ථක ක‍්‍රියා කලාපයක් ඇති වේ යයි ද ඒ අනුව වඩා සාර්ථක සේවයක් ඉටු කිරීමට හැකි වේ යයිද මම බලාපොරොත්තු වුවෙමි.
එක්සත් ජාතික පක්ෂයට බැඳීමෙන් මා බලාපොරොත්තු වු පළමු වන බලාපොරොත්තුව ඉටු වු බව මෙහිදී කියනු කැමැත්තමි. එය වු කලී ස්ථිර සාර ආණ්ඩු ක‍්‍රමයක් පිහිටුවා ගැනීමයි. එහෙත් එම පක්ෂයට බැඳීමෙන් මා බලාපොරොත්තු වු මහජන සංවර්ධන පරමාර්ථයෝ අත්‍යයන්තයෙන්ම ව්‍යවර්ථ වූහ. ප‍්‍රතිපත්ති සම්පාදනයෙන් ඇති වන මතභේද අවංක වශයෙන් ගණන් ගැනීමට මගේ අකමැත්තක් නැත්තේය එහෙත් මහජනයාගේ යහපත සම්බන්ධයෙන් කෙරෙන කටයුතු පිළිබඳව මෙහි පහළ වී ඇත්තේ ඛෙදවාචකයකි. අග්නිදිග ආසියාවේ අවශේෂ රටවල් නිදහස සම්බන්ධයෙන් මුහුණ පෑ තත්ත්වයන්ට වඩා පහසු තත්ත්වයක් ඇතිව අපි අපේ ජාතික නිදහස ලබා ගතිමු. අප අතරේ අභ්‍යන්තර භේදයක් නොපැවතුණේ අපේ ජාතික භාණ්ඩාගාරය පිරී පැවතුන හෙයිනි. එය වූ කලී අපේ නිදහස් ලංකාවේ බරපතළ ජාතික ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා එළඹ පැවතුණ ස්වර්ණමය අවස්ථාවකි. සාමාජික වශයෙන් ද සභ්‍යත්වය වශයෙන්ද ආර්ථික වශයෙන් ද එම අවස්ථාව අප හමුවේ පැහැර හරින ලද්දේය.
එහි ප‍්‍රතිපලය වුවේ එම ප‍්‍රශ්නය වඩ වඩාත් උග‍්‍රත්වයට පත් වීමය. දේශ චාරිකාවේ යෙදෙන්නන්ගේ ඇසින් බලනුයේ නම් මුළු අග්නිදිග ආසියාවෙම ලංකාව ඉතා සෞන්දර්ය සම්පන්න දිවයිනකි. එහෙත් මහජනයාගේ පැත්තෙන් බලතොත් අග්නිදිග ආසියාවෙන්ම ලංකාව අතිශයින්ම දුක්ඛිත බලාපොරොත්තු කඩවුණු අපේක්ෂා විරහිත දිවයිනකි. මෙබඳු තත්ත්වයක් නිදහස ලැබීමෙන් පසුව අප ලංකාව වැනි රටක ඇතිවීම අල්ප මාත‍්‍රයකින්වත් සතුටු දායක නොවේ.
රටේ වැඩි යහපතක් බහුතර මහජනයාගේ ශුභ සිද්ධියක් සඳහා මගේ අදහස් වලට ආණ්ඩු පක්ෂයේ අවශේෂ ඇමතිවරුන්ගේ අදහස් සංසන්දනය කර ගැනීම සඳහා මම හැම විටම බලාපොරොත්තු ඇති කර ගතිමි. එහෙත් මේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම නිෂ්ඵල බවත් නිරර්ථක බවත්් මෑතක පටන් පහළ වන්නට පටන් ගැනුණු ප‍්‍රශ්න නිසා මට ප‍්‍රත්‍යක්ෂ වී ගියේය. එහෙත් මහජනයාගේ යහපත සඳහා මෙතැන් පටන් මා දරන්නට යන ප‍්‍රයත්නය සම්බන්ධයෙන් මා හමුවට එළඹිය හැකි ප‍්‍රශ්න ඉතාම භාර දුර බවත් මා ඉඳුරා දැන සිටිමි. එහෙත් එම ප‍්‍රශ්න විසඳීම සඳහා මම හෘදයාංගම ප‍්‍රයත්නයක් දරන්නෙමි.
අවුරුදු ගණනාවක් මුළුල්ලේ පෞද්ගලික මිත‍්‍රත්වයකින් යුතුව ආශ‍්‍රය කළ සහචරයන්ගෙන් වෙන්වීම වු කලී පෞද්ගලික වශයෙන් මට අත්වුණු සංවේගදායක අවස්ථාවකි. අවුරුදු විසි පහකට අධික කාලයක් මුළුල්ලේ පෞද්ගලික සහයෝගයක් ඇතිව මා සමඟ ජාතික සේවයෙහි යෙදුණු අග‍්‍රාමාත්‍යතුමාගෙන් මට ලැබුණු කරුණාවත් පෞද්ගලික විනීත භාවයත් අප‍්‍රමාණය එහෙයින් එතුමන් කෙරෙහි මගේ පවත්නා ගෞරවය හා සැලකීම ඉතා විශාලය. එහෙත් පුද්ගලික ගරුත්වයත් මහජනයා පිළිබඳ යුක්තියත් අතර වෙනස තේරුම්ගෙන ඒ අනුව ක‍්‍රියා කිරීමට මා අපොහොසත් වෙතොත් මා කරන්නේ ජාතික අපරාධයක් බව මම ඉඳුරා දන්නෙමි. මගේ ජාතියත් ඡුන්ම භූමියත් පිළිබඳව මගෙන් ඉටුවිය යුතු, යුක්ති ධර්මය කෙබඳු පුද්ගලයෙකු කෙරෙහි වුවද මගෙන් ඉටුවිය යුතු යුක්ති ධර්මයකට වඩා උදාර විය යුතුය. එහෙයින් ඒබ‍්‍රහම් ලින්කන් අනුව යාමෙන් කිසිවෙකුටත් අනාදරයේ නොයෙදී සැමටම සමාදරයේ යෙදීම මගේ පරමාර්ථය බව කියන්නට කැමැත්තෙමි. මෙසේ කියමින් මා අදහස් කරන්නේ මිත‍්‍රත්වයෙන් මා කෙරෙහි ගෞරවය දැක් වු පුද්ගලයන් ගැන පමණක් නොවේ. අමිත‍්‍රත්වයෙන් මට ගෞරව කළ පුද්ගලයන්ද සමඟය.
නොයෙක් විට නොයෙක් විචාරකයන් විසින් උපුටා දක්වනු ලබන ඇක්ටන් සාමිවරයාගේ ප‍්‍රකාශයනයක් මට සිහිපත් වේ. මහජනයාට වටිනා සේවයක් කිරීමේ අදහසින් පටන් ගන්නා කටයුතු ආත්මර්ථකාමී කටයුතු වලින් කිළිටි වු කල්හි මහජන විපත්තියක් වන්නේය.
යනු ඇක්ටන් සාමිවරයාගේ ප‍්‍රකාශයේ සාමාන්‍ය අදහසය. මගේ ජීවිතය පිළිබඳ ඉතා දුෂ්කර අවස්ථාවක් වු මෙහිදී මගේ චිත්ත සන්තානයේ රැුව් දෙන එක්තරා සැනසිලිදායක චේතනාවක් තිබේ. එය වු කලී අනුන් අභිභවනය කිරීමේ ප‍්‍රස්තාව තවමත් මට ලැබී නැතත් තමන් අභිභවනය කිරීමේ අවස්ථාව බෙහෙවින් මට ලැබුණු බවය. මේ වනාහි මගේ සැනසිල්ල සඳහා වන සිතුවිල්ලකි.
මම ලංකාවේ ව්‍යවස්ථාදායකයේ අවුරුදු විස්සක් මුළුල්ලේ ජන සේවයේ යෙදී සිටියෙමි. එයින් පහළොස් අවුරුද්දක් මුළුල්ලේ මම ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළෙමි. මේ අතරතුර කාලයේදී මගෙන් සිද්ධ වෙන්නට ඇති වැරදි බොහෝ විය යුතුය. එහෙත් එම කාලය තුළදී මගෙන් සැලසුණු සේවයද බොහෝ විය යුතුය. මතුවටද ලංකාවේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් හෝ වේවායි, මන්ත‍්‍රිවරයෙකු වශයෙන් හෝ වේවායි සාමාන්‍ය රට වැසියෙකු වශයෙන් හෝ වේවායි මගේ ඡුන්ම භූමියටත් ජනතාවටත් ඉෂ්ට විය යුතු සේවය නොපිරිහෙළාම ඉෂ්ට වෙනවා ඇත.
මට විරුද්ධව යොමු කරනු ලබන බලවේගය කොතරම් උග‍්‍රදැයි මම ඉඳුරා දනිමි. අභිමානයත්, ධනයත්, චණ්ඩත්වයත් බලයත් මට විරුද්ධව යෙදේ යැයි සිතිය හැකි ආයුධ සමූහයකි. මේ දරුණු ආයුධ වලින් ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා මා සතුව ඇත්තේ අනතිමානයත්, අවංක භාවයත් මගේ ජනතාව උදෙසා සේවය කිරීමට ඇති අවංක අධ්‍යාශයත් පමණකි. මේ සඳහා මා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාවගේ අනුබලය හා ආධාරය මිස බලවතුන්ගේ ආනුභාවය හෝ පරාක‍්‍රමය නොවේ. මෙම සේවය මම ජාතික අභිමානයකිනුදු අවනත කමකිනිදු ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වන්නෙමි. එහිදී පෞද්ගලික විරුද්ධවාදීත්වය හෝ මිත‍්‍රත්වය කිසි විටෙකත් මම ගණන් නොගන්නෙමි. මේ අදහස් සමූහය මෙසේ ප‍්‍රකාශ කිරීමට ඉඩ ප‍්‍රස්තාව සැලසීම ගැන කතානායක තුමනි, මම ඔබට ස්තූතිවන්ත වෙමි.
එක්දහස් නවසිය පනස් එකේ ජුලි මස දෙළොස්වැනි දින පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය විවාදය පැවැත්වෙද්දී ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තමා දැරූ බලවත් තනතුරු වලින් ඉවත් වීම ප‍්‍රකාශ කරමින් විපක්ෂයට පැමිණියේය.
සැප්තැම්බර් දෙවැනි දින සිය හැට හය වන සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය පිළිබඳ ප‍්‍රවේශය එය යැයි මම සිතමි. 1946 දී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේදී සිංහල මහා සභාව එයට එක්වුවද එහි සාමාජිකයෝ තම සංවිධානය දිගටම පවත්වාගෙන ගියහ. එයට ප‍්‍රධාන හේතුවක් වුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවට නිදහස ලැබුණා වුවද පැවති ක‍්‍රමයේ තීරණාත්මක වෙනසක් සිදු කිරීමට රජයට අවශ්‍ය බවක් නොපෙනුණු නිසාය. මේ පිළිබඳව සිංහල මහා සභාව දිගින් දිගටම උද්ඝෝෂණ කරමින් සිටියේය.
තමන්ද සහභාගී වී සිටින ආණ්ඩුවක් රට පාලනය කරගෙන යද්දී වුවද අධිරාජ්‍යවාදී පාලනය යටතේ දේශීය භාෂාවන්ට ආගම් වලට සංස්කෘතීන්ට සාහිත්‍යයන්ට හා අනෙකුත් දේශිය වටිනාකම් වලට අහිමි වී ගිය අයිතිවාසිකම් ලබා ගැනීමට අපොහොසත් වීම ගැන සිංහල මහා සභාවේ සාමාජිකයෝ දැඩි ලෙස කනස්සල්ලට පත් වූහ. මෙම අරගලයේ තවත් පියවරක් වශයෙන් 1951 ජුලි මස 9 වැනිදා සිංහල මහා සභාවේ සම්මේලනයක් මාදම්පේ දී පැවැත්වීම සිදු විය. එහිදී සම්මත කර ගත් යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කරන ලද නමුදු එයට බලවතුන්ගේ අවධානයක් යොමු වුවේ නැත.
එහෙයින් විදේශීය පාලනය යටතේ පරිහානියට පත් විෂයයන් වු ජාතික භාෂාව (2* ආගම (3* ආර්ථික තත්ත්වය, ජනපද, ව්‍යාපාරය, ආයුර්වේදය රාජ්‍ය සේවය සමාජ සංරක්ෂණය කම්කරු සුබසාධනය වැනි අංගයන් දියුණුවියයුතු ආකාරය ගැන යෝජනා ඉදිරිපත් විය. එයට රජය පාර්ශ්වයෙන් ලැබුණු ප‍්‍රතිචාරය යහපත් වුවේ නැත. සිංහල මහා සභාවේ ඉවසීමේ සීමාව ඉකුත් විය. පාර්ලිමේන්තුවේ සභානායක සහ පළාත් පාලන හා සෞඛ්‍ය ඇමති ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තමන් දැරූ සියලූම තනතුරු අතහැර රජය වෙතින් අබිනික්මන් කළේ නව ගමන් මඟක් කෙරෙහි විශ්වාසය තබමිනි. මෙසේ පාර්ලිමේන්තුව තුළ දී තම දේශනය නිම කර විපක්ෂ වෙත ගමන් කරද්දී එවකට බෙලිඅත්ත මන්ත‍්‍රීව සිටි ඞී.ඒ. රාජපක්ෂ මහතා ද තම නායකයා පසු පස විපක්ෂයට පැමිණියේය. ඉන් පසුව සිංහල මහා සභාවේ සංවිධාන ව්‍යුහය මෙන්ම අලූතෙන් සම්බන්දවු දේශපාලන ක‍්‍රියාධරයන්ගේ ඇප කැපවීමද මත නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ විය. එහි ප‍්‍රථම පියවර වශයෙන් 1951 අගෝස්තු මස 21 වැනිදා ලංකාදීප පුවත් පත් පහත සඳහන් දැන්වීම් පළ කර තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මේ පක්ෂය පිහිටුවීම සඳහා අනුකූලතාව දක්වන්නවුන්ගේ මහා සභා රැුස්වීමක් 1951 සැප්තැම්බර් දෙවැනි ඉරිදා සවස 2.00 ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර ශාලාවේදී පවත්වනු ලැබේ. මීට සහයෝගය දක්වන සැමට මෙම රැුස්වීමට පැමිණෙන ලෙස කරුණාවෙන් ආරාධනය කරනු ලැබේ. මීට කැඳවන්නෝ
බර්නාඞ් එච්. අළුවිහාරේ, බද්උද්දීන් මහමුද්, සී.ආර්. බෙලිගම්මන, හජ්ජි, ඒ.ටී. කරීම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා, සී.පී. ද සිල්වා ඇන්තනි, ජේ.ඇම්. ද සිල්වා, පී.ද. ඇස්. කුලරත්න, ස්ටැන්ලි සොයිසා, පී.බී. දිසානායක, පී. දොලසිහිල්ල, පී.එම්. ප‍්‍රනාන්දු, ඞී.එම්. පණ්ඩිත ගුණවර්ධන, ටී.බී. ඇස්. ගොඩමුන්නේ, ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන, වර්නන් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තමරා කුමාරි ඉංලගරත්න ජේ.පී.ඇම්. ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.පී. ජයසූරිය ඇෆ්.ආර්. ජයසූරිය, ඇල්.බී. කොලූගල, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයවීර කුරුප්පු, ඒ.එච්. මාකර්, සී.ඒ.ඇස්. මරික්කාර්, සී.ඒ.සී. මරික්කාර්, ජේ.සී.ඩබ්. මුණසිංහ, රාජනීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.ශ්‍රී. නිශ්සංක, ඒ.සී නඩරාජා, ඇල්බට් පෙරේරා, ඩබ්ලිව්.ඇෆ්.බී. පෙරේරා වෝල්ටර් පෙරේරා ඩැරල් පීරිස්, සෙනෙට් මන්ත‍්‍රී බාන්ස් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.ඒ. රාජපක්ෂ එච්.බී.ඩබ්ලිව්. රඹුක්වැල්ල සී.වී. රණවක ඩබ්ලිව්.ඒ.ඞී. රාමනායක, සී.ඒ. සමරසිංහ, එච්. ස්වාමි නාදන්, කේ. සෙනෙවිරත්න, ඇස්.තංගරාජා, ටී.බී. තෙන්නකෝන් යන අය.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික‍්‍රමසිංහ.