එහිදී මාක්ස්වාදී තරුණ ව්‍යාපාරවලට බැඳී එහි අත්දැකීම් විඳිමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේ අධිරාජ්‍ය විරෝධී අදහස් හා ආකල්පවලින් පෝෂණය වූ සමාජවාදී අදහස්වලින් සන්නද්ධ වූ පිරිසක් ලෙස මෙරට තරුණ සංගම් පිහිටුවීම පෙරමුණු ගත්හ.
මේ අතර පළමු ලෝක සංග්‍රාමයේ අවසාන යුද්ධ සමාදානයේ දිනය ලෙස නොවැම්බර් 11 වැනිදා පොපිමල් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බි්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව එම මල් විකුණා ලෝක යුද්ධයේ සංග්‍රාමික භටයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට එම අරමුදල් යොදනු ලැබීය. මෙයට විරුද්ධව 1933 දී සූරියමල් විකිණීමේ ව්‍යාපාරයක් මෙරට තරුණ සංගම් විසින් අරඹා ඉන් ලැබෙන මුදල් මෙරට අහිංසක දිළිඳු පවුල් නඩත්තුවට යෙදවීමට තීරණය කරන ලදී.
මේ අතර රට පුරා මැලේරියා වසංගතයක් ඇති වූයෙන් සූරිය මල් ව්‍යාපාරය ඉන් අසරණ වන පවුල් සඳහා සහයවීමට ඉදිරිපත් වූයෙන් බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව අතපසු කළ ජනතාවට සහනාධාර සැපයීමට සූරිය මල් ව්‍යාපාරය නමින් වූ ස්වේච්ඡා සංවිධානය භාර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඊට නායකත්වය ගත් වාමාංශික අදහස් දැරූ මෙරටට පැමිණි ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි, පිලිප් වැන්නවුන් ජනතාව අතර මුල්බැස ගැනීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1935 දෙසැම්බර් 18 වැනිදා මරදාන ලෝරන්ස් විද්‍යාලයේදී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටුවනු ලැබීය. ආරම්භක දිනය 18, 19, 21 ලෙස ඇතැම්විට සඳහන්ව ඇත්තේ මූලික සාකච්ඡා අවසාන දින රැස්වීම ආදිය නිසාය.
මෙම ආරම්භයත් සමග රට පුරා සමකාලීන සමාජීය ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවසාන අරමුණු සාක්ෂාත් කරගැනීම් වස් ඉල්ලීම් 22 ක් ජනතාව ඉදිරියේ තබනු ලැබීය. ඊට විශාල ජන සහයෝගයක් ලැබුණු අතර ගැමි දුප්පතුන් අතර නාගරික මධ්‍යම පන්තිය අතරද මහා ජනතා පදනමක් ඇතිකර ගැන්මට කෙටි කලකින් සමසමාජ පක්ෂයට හැකිවිය. මෙම තත්ත්වය අනුව පක්ෂයට සාමාජිකයින් බඳවා ගැන්ම ශාඛා මට්ටමින් සිදුවිය. ට්‍රොස්කිවාදින්, තුන්වැනි ජාත්‍යන්තර වාදීන්, සරල සමාජවාදින්, විප්ලවවාදීන්, දැඩි මතවාදි විප්ලවවාදීන් ආදි විවිධ කොටස් මේ අයුරින් පක්ෂයට සෑම දෙසින්ම අනුගත වූහ.
මෙම වකවානුවේ 1931 පිහිටුවන ලද පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව 1935 දී විසුරුවා හරිනලද අතර 1936 පෙබරවාරි මස දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පවත්වන ලදී. ලංකා සමසමාජ පක්ෂය තීරණය කරන ලද්දේ මේ සඳහා ආසන 4කට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමටය.
1. රුවන්වැල්ල ආසනය - ආචාර්ය ඇන්. ඇම් පෙරේරා
2. අවිස්සාවේල්ල - පිලිප් ගුණවර්ධන
3. පානදුර - ලෙස්ලි ගුණවර්ධන
4. මොරවක - එස්. ඒ. වික්‍රමසිංහ
ලංකා සමසමාජ පක්ෂය ප්‍රථම වරට තරග කළ ආසන 04 න් ජයගත හැකි වූයේ ආසන දෙකක් පමණි. ඒ රුවන්වැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා හා අවිස්සාවේල්ල පිලිප් ගුණවර්ධනයි.
අවිස්සාවේල්ල
පිලිප් ගුණවර්ධන - 23,906
පොරස්ටර් ඔබේසේකර - 15,302
වැඩි ඡන්ද - 8604
රුවන්වැල්ල
ආචාර්ය එන්. එම්. පෙරේරා - 15,275
ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි - 12,300
ඩී. ජේ. සේනාරත්න - 777
වැඩි ඡන්ද - 2975
එහෙත් පානදුර හා මොරවක ප්‍රබල ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් සමසමාජ අපේක්ෂකයින් පරාජයට පත් කළහ.
මොරවක
ආර්. සී. කන්නන්ගර - 20,275
දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ - 17,365
වැඩි ඡන්ද - 2910
පානදුර
ඩී. ඇස් ද ෆොන්සේකා - 24,872
ලෙස්ලි ගුණවර්ධන - 15,322
වැඩි ඡන්ද - 11,061
රට පුරා මැලේරියා වසංගතයෙන් අසරණ වන පවුල් සඳහා සහයවීමට බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව හැකි නොවූ බැවින් ජනතාවට සහනාධාර සැපයීමට සූරිය මල් ව්‍යාපාරය නමින් වූ ස්වේච්ඡා සංවිධානය භාර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඊට නායකත්වය ගත් වාමාංශික අදහස් දැරූ ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි, පිලිප් වැන්නවුන් ජනතාව අතර මුල්බැස ගැනීමය.
නමුත් ජයග්‍රහණය කළ සමසමාජ මන්ත්‍රීවරුන් දෙදෙනා ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ විධායක කාරක සභා ක්‍රමය මගින් නව දේශපාලන මතය සමාජගත කිරීමට අතිවිශාල බලපෑමක් කරන ලදී.
මේ පිළිබඳව ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය ලියූ මහාචාර්ය කේ. එම්. ද සිල්වා හා හවඞ් රිගින්ස් මෙසේ සඳහන් කර ඇත.
“1936 මහ මැතිවරණයේදී අලුතින් පිහිටුවන ලද ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂයෝ දෙදෙනෙක්ද එනම් ආචාර්ය එන්. එම්. පෙරේරා හා පිලිප් ගුණවර්ධන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වය ලැබීමත් සමග පෙර නොතිබූ නීත්‍යානුකූල තත්ත්වයන් මෙන්ම එහි පැවැත්වුණු වාද විවාදවලට ලැබුණු පුළුල් ප්‍රචාරය නිසා විශාල ශ්‍රාවක පිරිසක් හා පොදුජන පිළිගැනීමක් මාක්ස්වාදීන්ට හිමිවිය.”
විධායක කාරක සභා ක්‍රමය තුළ පටු දේශපාලන ප්‍රශ්න හා ජාතිවාදී ස්වරූපයෙන් ගලාගිය සමාජ ආර්ථික ප්‍රශ්න වෙනුවට පුළුල් පරාසයන් තුළ සමාජ දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමට මෙම තරුණ වමේ දේශපාලන නායක දෙදෙනා උපරිම සේවයන් සිදුකළහ.
1937 මතු වූ බ්‍රෙස් ගර්ඩල් සිද්ධිය සමස්ත සමාජය තුළට ගෙනයාමටත් ඒ තුළින් යටත් විජිත ආණ්ඩුවේ නීතිවිරෝධී ක්‍රියාදාමය පැහැදිලි කර දීමටත් ගත් වෙහෙස වමේ දේශපාලන ව්‍යාපාරය වඩාත් ගම්බද ජනතාව දිනාගැන්මට හේතු පාධක වූ බවද ඉතිහාසයෙන් පෙනේ.
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ