රට කරවන තැන ඇත්තන්ගේ තැන රැකදුන් හැටි


පසුගිය ජූලි 28 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ පැවැති පාර්ලිමේන්තු රැුස්වීම එකම ගාලගෝට්ටියකින් අවසාන වූ බව මාධ්‍ය වාර්තා කළේය. 


එදින සභාවාරය කථානායක කරු ජයසූරිය මහතා විසින් කල් තබනු ලැබූ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් සභා ගර්භය තුළදීම සභා රැුස්වීමක් පැවැත්වූ බවත් එහිදී පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේනතු මන්ත‍්‍රී ප‍්‍රියංකර ජයරත්න මහතා කථානායක අසුණේ වාඩි වී විකල්ප සභාව මෙහෙය වූ බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ජනාධිපති අසුනේ වාඩි වී සිටි බවත් කියවේ. රැුස්වීම සඳහා මන්ත‍්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කර ඇත්තේ මහනුවර දිසා මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා වන අතර ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතාත් රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රන්ජිත් සොයිසා මහතාත් එම විකල්ප සභාවාරයේදී කථා පවත්වා ඇත. 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උත්තරීතර බවත්් එහි බලය අන්සතු නොකළ හැකි බවත් අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහිම ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒසා උත්තරීතර වන්නා වූ ස්ථානයක කටයුතු සිදු කරවීමෙහි ලා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මාලාව සහ පාර්ලිමේතු (බලතල හා වරප‍්‍රසාද* පනත මගින්ද අවශ්‍ය මග පෙන්වීම සහ බලතල ලබාදී ඇත. එකී පනතේ පළමු පරිච්ඡේදයේ (7* වැනි වගන්තිය මෙසේ දැක්වේ. 


‘‘මේ පනතින් පවරන ලද වරප‍්‍රසාද, පරිහාර සහ බලතලවලට අතිරේකව, පාර්ලිමේන්තුව හා එහි මන්ත‍්‍රීවරුන් විසින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ හා එහි මන්ත‍්‍රීවරයන් විසින් තත් කාලයේ දරන භුක්ති විඳින හා ක‍්‍රියාත්මක කරන සහ ඒහා සමාන පරිහාර දැරීම, භුක්ති විඳීම් හා ක‍්‍රියාත්මක කිරීම කළ යුතුය’’ යනුවෙන් දක්වා තිබේ. එයින් ගම්‍ය වන අර්ථය වනුයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දීර්ඝකාලීන අත්දැකීම් සහ සම්ප‍්‍රදායයන් මෙන්ම වත් පිළිවෙත්ද නිසැකවම පරමාදර්ශයන් කොට සලකන බවයි. 


සභාවේ මතුවන බොහෝ ගැටලූ සහගත අවස්ථාවන්හිදී බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශාරදයකු වූ අර්ස්කින් මේගේ මත දැක්වෙන ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කරනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එය එසේ නම් බි‍්‍රතාන්‍ය පාලකයන් වූ සමහර අත්තනෝමතික රජවරු පාර්ලිමේන්තුවේ නිර්දේශ සහ අභිමතය නොතකා කටයුතු කරගෙන යාමේදී පොදු ජනතාවගේ පක්‍ෂය ගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයුධ සන්නද්ධව සටනට එළඹ ඔලිවර් ක්‍රොම්චෙල්ගේ නායකත්වයෙන් ජය අත්කර ගත් ආකාරයද යම් කෙනෙකුගේ සිහියට නැගෙනවා නොඅනුමානය. එම සටන නිමවූවේ ‘‘නෛකශ්‍රීන් විරාජමාන අත්‍යුත්තම’’ පළමුවැනි චාල්ස් මහාධිරාජයා දන්ගෙඩිය මත හොවා හිස ගසා මරා දැමීමෙන් බව අපට සැලකිල්ලට ගැනීමට සිදුවනු ඇත. එය පාර්ලිමේනතු සම්ප‍්‍රදායේ සම්ප‍්‍රදායන්ට ඇතුළත්ව නොමැතිවුවත් මුළුමහත් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයම ආරක්‍ෂා වූවේත් පෝෂණය වී ශක්තිමත් වුවේත් එම යුද්ධය නිසා බවට වන සත්‍යය කිසිවෙකුට අමතක කළ නොහැක. මෙය ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ ”එංගලන්තයේ සිවිල් යුද්ධය” වශයෙනි. 


දේශපාලන පක්‍ෂ ක‍්‍රමයේ වර්තමාන ක‍්‍රමයේ සංවර්ධනයට පෙර එය බිහිවූ යුගයේ, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දෙපක්‍ෂය හැඳින්වුණේ විග් සහ ටෝරි යන නම්වලිනි. වෙස්ට් මිනිස්ටර් යුගයේ රැුස්වූ විට විග් පාර්ශවය වම් පැත්තෙනුත් ටෝරි පක්‍ෂය දකුණු පැත්තේත් ආසනවල වාඩි ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. ටෝරි වාදීන් යනුවෙන් හැඳින්වුණේ සම්ප‍්‍රදායික රදල පංතියේ නියෝජිතයන්, නයිට්වරු, බැරන්වරු, පූජක පක්‍ෂය ආදී පැරණි මත ගරු කළ කණ්ඩායමයි. විග් යනු අලූත දියුණුු වෙමින් පවතින වෙළඳ පංතිය, ගැමි මධ්‍යම පන්තිය නියෝජනය කළ පිරිසයි. සම්ප‍්‍රදායික මත ගරු කළ ටෝරිවරු පසුකාලීනව කොන්සර්වේටිව් පක්‍ෂය බවට පත්වූ අතර විග් පාර්ශ්වය කම්කරු හෝ ලිබරල් නම් විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මනෙහිදී භාවිත වන දේශපාලනයේ වාමාංශය සහ දක්‍ෂිණාංශය යන සංකල්පය බිහිවූයේ මෙම විග් සහ ටෝරි දෙකේ විකාශනය අනුව බව නොරහසකි. 


මෙසේ බිහිවූ පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමේදී බලය දරන කණ්ඩායම ආණ්ඩු පක්‍ෂය ලෙසත් අනෙක් පිරිස විරුද්ධ පක්‍ෂය ලෙසත් හැඳින්වෙන පසුබිම හමුවේ වාද විවාද මත ගැටුම්, විවේචන සහ පිළිතුරුදීම් ඇතිවීම ස්වභාවික සංසිද්ධියක් විය. මෙම තත්ත්වයන් වර්ධනය වූ අවස්ථාවල යම් යම් ගැටලූ ඇතිවීම්ද දක්නට ලැබුණි. සර් රොබට් වෝල්පෝල් අගමැතිවරයාගේ යුගයේදී පවා මෙවැනි ගැටුම් ඇතිවූ බව කියනු ලැබේ. 


1947 දී සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය යටතේ වෙස්ට් මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ආරම්භ කරනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය බලය දක්‍ෂිණාංශික එක්සත් ජාතික පක්‍ෂය සතුවී එය ආණ්ඩු පක්‍ෂය ලෙසත් ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා විපක්‍ෂ නායකවරයා ලෙසත් පත්වීම ලැබූහ. මෙම යුගයේ වාමවාදීහු දැඩි ලෙසම තම මතවාදය කෙරෙහි එල්බගෙන සිටියහ. මෙයට හොඳම නිදසුනක් වන්නේ එකල ගාල්ලේ සමසමාජ මන්ත‍්‍රීවරයා වූ විජයානන්ද දහනායක මහතා, ගාල්ල නිල සංචාරයක් සඳහා පැමිණි එවකට අගමැතිවරයාට මල් මාලාවක් පලඳවා පිළිගැනීමේ වරදට පක්‍ෂයෙන් නෙරපා හැරීමේ සිද්ධියකි. එනිසා පක්‍ෂය x විපක්‍ෂ මත ගැටුම සීමාව ඉක්මවා දුර දිග ගෙන ගිය බව දක්නට ලැබුණි. 


පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වීමට පෙර පැවතියේ ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ පිහිටුවන ලද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවයි. 1931 දී මෙරට ජනතාවට සර්වජන ඡුන්ද බලය ලබාදීමෙන් පසු ඇති කරන ලද ඩොනමෝර් ක‍්‍රමයේ පදනම පක්‍ෂ දේශපාලන මත ක‍්‍රියාත්මක වූවක් නොවේ. එහෙත් එම සභාවේ පවා ගුටි බැට හුවමාරුවීම් දක්වා ගැටුම් වර්ධනය වූ අවස්ථා කොතෙකුත් තිබුණි. මේ එවැනි අවස්ථාවකි. 


බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ අතිශය බැ?රුම් යුගයක් වූ 1938 ආරම්භයේදී යටත් විජිත බාර මහ ලේකම්වරයා විසින් සන්දේශයක් එවමින් බි‍්‍රතාන්‍යයෙන් පත්කර එවා ඇති ආණ්ඩුකාරවරයාගේ බලතල තවදුරටත් වැඩි කරන බවත් හදිසි අවස්ථාවකදී අභිමතානුසාරී බලය ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙමින් රාජාඥාවක් නිකුත් කර ඇතැයි දන්වා සිටියේය. එය දැනගත් වහාම එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ පේදුරුතුඩුව මන්ත‍්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා එවැනි පියවරක් ගැනීම ගැන යටත් විජිත භාර ලේකම්වරයාට ස්තූති කරමින් එමගින් සුළු ජාතිකයන්ගේ ආරක්‍ෂාව සැලසෙනු ඇතැයිද ප‍්‍රකාශ කර තිබුණි. මේ වනවිට පොන්නම්බලම් මහතා මංමාවත් සහ කර්මාන්ත කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය. එකල ඇමති මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක වූවේ නැත. මෙම රාජාඥාව පිළිබඳව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ පැවති විවාදයේදී ගාල්ල රාජ්‍ය මන්ත‍්‍රී එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ සහ දුම්බර රාජ්‍ය මන්ත‍්‍රී ඒ. රත්නායක මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් පෙරළිකාර යෝජනාවක් ඉදිරිපත් විය. එයින් කියවුණේ මෙම හිතුවක්කාරී සහ අයෝග්‍ය පනත ඉල්ලා අස්කර ගන්නා තුරු රාජ්‍ය මන්ත‍්‍රණ සභාව බි‍්‍රතාන්‍ය පාලනයට කිසිම සහයෝගයක් නොදිය යුතු යැයි යනුවෙනි. මෙහිදී කථා කළ මහනුවර රාජ්‍ය මන්ත‍්‍රී සහ අමාත්‍ය ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා සඳහන් කළේ මෙම නීතිවල අසාධාරණ බව ඇමතිවරුන් හය දෙනෙකු යටත් විජිත භාර ලේකම්වරයාට ඉදිරිපත් කර තිබියදී පොන්නම්බලම් මහතා කර ඇති ක‍්‍රියාව දේශද්‍රෝහී කටයුත්තක් බවය. ආණ්ඩුකාරවරයාට හිතෙන දෙයක් කිරීමට බලයදීම පිළිබඳව මෙවැනි රාජාඥාවක් පනවා තිබීම සුදුසු බවත් එමගින් සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවන බව කියමින් සිය පෞද්ගලික මතභේද නිසා රටට ලැබෙන්නට යන නිදහසට අකුල් හෙළන පොන්නම්බලම් මහතා ද්‍රෝහියෙක් නොවන්නේ දැයි ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා විමසූ විට අවිස්සාවේල්ල රාජ්‍ය මන්ත‍්‍රී පිලිප් ගුණවර්ධන මහතා මහ හඬින් කියා සිටියේ ‘‘එයාට සබුක්කුවෙන් තලන්ට  ඕනෑ’’ කියාය. තේ විවේකය සඳහා සභාව කල් තැබුණි. 


මන්ත‍්‍රීවරු විවේකාගාරයේදී යළි මුණගැසුනහ. එහිදී පිලිප් ගුණවර්ධන මහතා වෙත කඩාපැන්න පොන්නම්බලම් මහතා මට සබුක්කුවෙන් තලන්නට ඔබම ක‍්‍රියා නොකරන්නේ මන්දැයි උපහාසයෙන් යුතුව විමසීය. අවශ්‍ය නම් තමන්්ට එසේ කළ හැකියැයි පිලිප් පිළිතුරු දුන්නේය. කෝපයට පත්ව සිටි පොන්නම්බලම් මහතාට ආවේගය පාලනය කර ගත නොහී පිලිප් ගුණවර්ධන මහතාට අතින් පහරක් දුන්නේය.  ඕනෑම මොහොතක සටනට සූදානම් අයෙකු වූ පිලිප් වහා පැන පොන්නම්බලම්ව බිම පෙරළා ගත්තේය. ඒ අසල සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ජෝර්ජ් ඊ. ද සිල්වා සහ සර් සුසන්තා ද ෆොන්සේකා යන මහත්වරු පිලිප් x පොන්නම්බලම් දෙදෙනා පසෙකට කළහ. එම ජවනිකාව එතෙකින් නිමාවට පත්විය. 


සවස සභාවාරය අවසන්ව මන්ත‍්‍රීවරු නැවතත් විවේකාගාරයට රැුස්වූහ. කුමන හේතුවකින් හෝ මෙම ගැටුම ගැන දැනගත් පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන මහතා එහි පැමිණ සිටියේය. සර් ක්ලෝඞ් කොරෙයා සහ සුසන්තා ද ෆොන්සේකා යන මහතුන් දෙදෙනා සමග කථා කරමින් සිටි පොන්නම්බලම් මහතා ළඟට ගිය රොබට් ගුණවර්ධන මහතා පොන්නම්බලම් මහතාගේ අතින් ඇද සටනට අභියෝග කළේය. මේ බව ආරංචි වූ ජෝන් කොතලාවල සහ ඞී. ඇස්. සේනානායක යන දෙදෙනා පැමිණ අරගලය බේරා දැමීය. මේ අතරේ රොබට් සහ කොතලාවල අතර සටනක් නූලෙන් වැළකී ගිය බවද සඳහන් වේ. මෙම අරගලයේදී කීප දෙනෙකුට හොඳ හැටි ප‍්‍රහාර සහ ප‍්‍රතිප‍්‍රහාර එල්ලවූ බවද සඳහන්ව තිබේ. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිදුවූ පෙර කී ගැටුම අද වනවිට බොහෝ දෙනෙකුට අමතකය. 


ඉතිහාසය යනු නැවත නැවතත් සිදුවන සමාන සිද්ධීන් මාලාවකැයි එක්තරා බටහිර විචාරකයෙක් පවසා ඇත. එය සත්‍යයක් බව ප‍්‍රත්‍යක්‍ෂ වූ අවස්ථාවන්ද වේ. මා එසේ සටහන් කරනුයේ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී සිදුවූ සිද්ධියට සමාන සිද්ධියක් මෙයට කලින් සිදුවී තිබීම නිසාය. එම සිද්ධිය පෙළ ගැසෙන්නේ මේ ආකාරයෙනි. දෙදහස් පන්සීයේ සම්බුද්ධ ජයන්ති උත්සවය අතිශය ගෞරවාකාරයෙන් පැවැත්වීමට එවකට සර් ජෝන් කොතලාවල මහතාගේ රජයට අවශ්‍ය විය. බහුතර ජනතාව බෞද්ධයන් වන රටක එය කාගේත් පැසසුමට ලක්වෙන සිදුවීමක් වූවා නිසැකය. මේ පිළිබඳ වැය ශීර්ෂ සාකච්ඡුාවට ගැනී තිබුණු අතර සභා න්‍යාය පත‍්‍රයේ එය සම්මත කිරීමට නියමිතව තිබුණේ 1955 අපේ‍්‍රල් 06 වැනිදාය. කථානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැුස්වූ අතර ලංකා සමසමාජ පක්‍ෂයේ මොරටුව මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා නැගී සිට පෙර කී වැය ශීර්ෂය ගැන කථා කිරීම ආරම්භ කළේය. 


මෙම යෝජනාව ගැන අවශ්‍ය පමණට සාකච්ඡුා වී ඇති බැවින් පිළිතුරු කථාව සිදුකර විවාදය අවසන් කරන ලෙස කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා ස්වදේශ කටයුතු භාර ඇමති ඒ. රත්නායක මහතාට නියෝග කළේය. එහෙත් සෝමවීර චන්ද්‍රසිරි මහතා කතානායක නියෝගයට අවනත නොවී දිගටම තම කථාව කරගෙන ගියේය. කතානායක තුමාගේ අනුමැතිය පරිදි ඒ. රත්නායක ඇමතිවරයාද සභාව ඇමතීම දිගටම කරගෙන ගියේය. සෝමවීර චන්ද්‍රසිරි මහතා කියා සිටියේ කෙසේ හෝ මෙම විවාදයේදී තම අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබිය යුතු බවයි.

කතානායකවරයා එක හෙළාම කියා සිටියේ තම නියෝගයට අවනත නොවන්නේ නම් මොරටුව මන්ත‍්‍රීවරයා සභා ගැබෙන් ඉවත් කරන බවයි. හැකිනම් එසේ කරන ලෙස මොරටු මන්ත‍්‍රීවරයා කතානායකවරයාට අභියෝග කළේය. ඔහු දිගටම කථාව කරගෙන ගියේය. මෙම අවස්ථාවේදී නැගී සිටි සභානායක ජේ. ආර්. ජයවර්ධන මහතා සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ පාර්ලිමේන්තු කටයුතු තහනම් කර සභාවෙන් ඉවත් කරන ලෙස යෝජනා කළේය. ඒ පිළිබඳව ඡුන්දය විමසීම සිදු කෙරුණු අතර වැඩි ඡුන්දයෙන් සම්මත විය. කලහකාරී මන්ත‍්‍රීවරයා සභාවෙන් ඉවත් කරන ලෙස නියෝග කළ කතානායකවරයා සභාව කල් තබා මූලාසනයෙන් ඉවත් විය. 


ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සභාවෙන් ඉවත්වූ නමුදු විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් සභාවේ රැුඳී සිටියහ. මේ අවස්ථාවේදී ගාල්ල මන්ත‍්‍රී විජයානන්ද දහනායක මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් තාවකාලික කතානායක ධුරයට දෙහි ඕවිට මන්ත‍්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි මහතාගේ නම යෝජනා කළේය. කෝට්ටේ මන්ත‍්‍රී රොබට් ගුණවර්ධන මහතා එම යෝජනාව ස්ථිර කරන ලදී. ඒ සමගම සමරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය. සෝමවීර චන්ද්‍රසිරි මහතා කථාව දිගටම කරගෙන ගියේය. පොලිසිය සහ පාර්ලිමේන්තු වේත‍්‍රධාරී පැමිණ සෝමවීර චන්ද්‍රසිරි මහතා සභා ගැබෙන් ඉවත් කළ අතර එඞ්මන් සමරක්කොඩි මහතාද මුලසුනින් ඉවත්ව ගියේය. 


රජය මෙම කාරණය සැලකුවේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් ලෙසය. නීතිපතිතුමාගේ නිර්දේශය වූවේත් එයමය. ඒ අනුව මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් වැඩබලන නීතිපති ටී. ඇස්. ප‍්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කළේය. ‘‘අපේ‍්‍රල් 06 වැනිදා දෙහි ඕවිට මන්ත‍්‍රී එඞ්මන්ඞ් සමරක්කොඞී මහතා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේදී අවඥා සහගත ලෙස හැසිරීමේ වරදක් කර ඇතැයිද එම වරද කිරීමට ගාල්ල මන්ත‍්‍රී ඩබ්ලිව්. දහනායක මහතා ආධාර හා අනුබල දී ඇත.’’


මෙම පදනම මත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලදුව එච්. ඇන්. ජී. ප‍්‍රනාන්දු ගරු විනිසුරුතුමා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී පළමුවැනි විත්තිකාර සමරක්කොඩි මහතා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙසේ පැවසූ බව උසාවි වාර්තාවල සඳහන් වේ. ‘‘පාර්ලිමේන්තුව ඇතුළත ඇති නොවන අන්දමින් එහි සාමය රැුක ගැනීමේ කාර්ය ශ්‍රේෂ්ඨාධිකරණයට භාර කළ අවස්ථාවක් මීට පෙර අසන්නට ලැබී නැත. මෙය පාර්ලිමේන්තුව සතු බලයක් අන් සතු කිරීමකි. එනිසා මෙම නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැත. එනිසා මෙම චූදිතයන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලමි.’’ එම තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්. ඇන්. ජී. ප‍්‍රනාන්දු විනිසුරුතුමා’’ මෙම නඩුව විමසීමට මෙම උසාවියට අධිකරණ බලයක් නොමැත. පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කර තමන්ට පවරා දුන් වරප‍්‍රසාද පනතේ සුප‍්‍රිම් උසාවියට නැති අධිකරණ බලයක් පාවිච්චි කිරීම ප‍්‍රතික්ෂේප කරමි. 


පාර්ලිමේනත්ුව සතු බලතල අන් සතු කිරීමට ඉඩ නොදිය යුතුයැයි එච්. ඇන්. ජී. ප‍්‍රනාන්දු විනිසුරුතුමා දුන් තීන්දුව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන සටහනක් යැයි විචාරකයෝ සඳහන් කරති. මක්නිසාද යත් එමගින් පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කර ආරක්‍ෂා කිරීමට මග සලස්වා ඇති බැවිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමය ආරක්‍ෂා කරමින් එම උත්තරීතර සම්ප‍්‍රදායන් තවත් බොහෝ කලක් පවත්වාගෙන යාමට මෙම පූර්වාදර්ශයන් මහෝපකාරීව ඇතැයි යන්න ජනතාවගේ පැතුමයි. 

එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ විවිධාකාර විරෝධතා දැක්වූ අවස්ථා කොතෙකුත් ඇති බව අපි දනිමු. ඝෝෂා කිරීමෙන් බාධා කිරීම, සභාවේ උපවාස, සත්‍යක‍්‍රියා සංවිධානය කිරීම් සභා ගර්භය මැදට පැමිණීම, සභාවේ බල අධිකාරියේ සංකේතය වූ සෙංකෝලය ඉවත් කිරීම් ආදී දේ ඒ අතර වේ. මේ කුමන දේ වුවත් සිදු කෙරෙන්නේ ජනතාවගේ අයිතිය හා සුබ සෙත සඳහා බව මේවා සිදු කෙරෙන බව නිතරම කියවෙන කථාවකි. එහෙත් කාටත් මේවා මතක් වෙන්නේ විපක්‍ෂය පැත්තේ සිටියදී පමණක් වීම ජනතාවගේ පැත්තෙන් මතුවන ගැටලූවකි. අද විපක්‍ෂයේ සිටින්නේ කලින් ආණ්ඩු කළ අයයි. එමෙන්ම අද රජයේ තනතුරු දරන්නේ මෑතක් වනතුරුම විපක්‍ෂයේ උද්ඝෝෂණය කළ අයයි. ප‍්‍රායෝගිකව මෙම ගැටලූව විසඳාගත හැකි අයුරින් කටයුතු කරන්නේ නම් ජනතාවගේත් මාධ්‍යවලත් අමන්දානන්දයට හේතුවක් වනු නිසැකය.

 

සෝමසිරි වික‍්‍රමසිංහ