දීර්ඝ කාලයක් පැවති ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැටීම හේතු කොට ගෙන 1815 මාර්තු මස දෙවැනි දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම හේතුවෙන් මෙරට පාලනය මුළුමනින්ම බි‍්‍රතාන්‍ය කිරීටයට නතුවිය. තුන්වැනි ජෝර්ජ් රජු මේ රටේ පාලකයා ලෙස නිල වශයෙන්ම පිළිගන්නා ලදී. එයට පෙර පෘතුගීසි සහ ලන්දේසි බලය මේ රටේ සමහර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූවද සම්පූර්ණ රාජ්‍යයම අත්පත් කර ගැනීමට ඔව්හු අසමත් වූහ.
බි‍්‍රතාන්‍ය පාලනය නොරිස්සූ කැප්පෙටිපොළ, මඩුගල්ලේ, කොහුකුඹුරේ රටේ රාල, බූටෑවේ රටේ රාල ඇතුළු නායකයන්ගේ මෙහෙයවීමෙන් උඩරට මහ කැරැුල්ල දියත් වූවද එය පරාජය කිරීමට බි‍්‍රතාන්‍යයෝ සමත් වූහ. ඉන් පසුව 1848 දී පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, හඟුරන්කෙත ඩිංගිරාල වැනි නායකයෝ නැවතත් සටනක් දියත් කළහ. මාතලේ කැරැුල්ල නමින් ඉතිහාසයට එක්ව ඇති එම අරගලයට අත්වූවේද පෙර කී සටනට අත් වූ ඉරණමමය. උණ්ඩයෙන්, ගිනි අවියෙන්, උපක‍්‍රමයෙන් එය මර්දනය කර දැමීමට බි‍්‍රතාන්‍යයෝ සමත් වූහ
මෙසේ දිගින් දිගටම සටන් කිරීමෙන් නොව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සමඟ තර්ක විතර්ක සාකච්ඡුා සම්මන්ත‍්‍රණ ආදී සාමකාමී ක‍්‍රියාමාර්ග තුළින් රටට නිදහස දිනාගැනීමට ශ්‍රී ලාංකික නායකයෝ බොහෝ උත්සාහ කළහ. 1915 ජාතිභේදවාදී අරගලයේදී සිංහල ජනතාවට ඉතා අසාධාරණ ආකාරයෙන් සැලකීම ගැන ඔව්හු කුපිත වූහ. එහෙත් ත‍්‍රස්තවාදයට හෝ කැරලි ඇතිකිරීමට නොගිය ඔව්හු ලංකා ජාතික සංගමය නමැති දේශපාලන සංවිධානය පිහිටුවාගෙන බි‍්‍රතාන්‍ය රජයට විවිධ බලපෑම් ඇති කළහ. ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇති කරන ලෙස ඉල්ලා සිටියහ. මේ සියල්ලෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1931 දී සර්වජන ඡුන්ද අයිතිය සහිතව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවක් නිර්දේශ කරනු ලැබුවේ ඩොනමෝර් කොමිසම මගිනි. කලින් පැවති ව්‍යවස්ථාදායක මන්ත‍්‍රී මණ්ඩලය වඩා පුළුල් කරමින් වැඩි නියෝජනයක් ඇති ආකාරයෙන් සංවර්ධනය කිරීමක් වුවද එය රටට නිදහස ලබාදීමක් නොවූවේය.
එයිනුත් නොනැවතී ලංකා ජාතික සංගමය තවදුරටත් තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පූර්ණ නිදහස ලබා දෙන ලෙස බල කළ අතර රාජ්‍ය මන්ත‍්‍රණ සභාවද එම සටනට උපයෝගී කර ගත් අවස්ථා දක්නට ලැබුණි. මේ වන විට ඉන්දියාවේද නිදහස් සටන ඉතා උග‍්‍ර තත්ත්වයට මෝරා තිබුණු අතර එයට සමගාමීව ලංකාවේ සටනද දියුණු වෙමින් තිබුණි.
දෙවැනි ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වූයේ මේ අතර වාරයේදීය. හිට්ලර්ගේ ඒකාධිපතිවාදී ෆැසිස්ට් බලය මැඩ පවත්වා යුද ජයග‍්‍රහණය ලැබීමේ වැඩි බරකට උරදීමට සිදුවූවේ මහා බි‍්‍රතාන්‍යයටය. හිට්ලර් පරාජය කිරීමට නම් ලොව පුරා විහිදී ඇති තම බලසම්පන්න අධිරාජ්‍යයේ යටත් විජිතවල සහයෝගය ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් විය. එම යටත් විජිතවල ආර්ථික සම්පත් හා මානව සම්පත්, යුද්ධයට ලබාගැනීමට අමතරව ඒවායේ නිදහස් අරගල දිගටම පැවතියහොත් තමන්ගේ ප‍්‍රමුඛතම අවශ්‍යතාව බිඳ වැටෙන බව බි‍්‍රතාන්‍යයෝ දැන සිටියහ. විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් චන්ද්‍රබෝස් තම රටේ නිදහස උදෙසා බි‍්‍රතාන්‍යයට එරෙහිව හිට්ලර්ගේ ආසියාතික සගයා වන ජපානයට උපකාර කිරීමට ඉදිරිපත්වීම සැලකිල්ලට ගත් විට වහාම පියවරක් ගත යුතු බව බි‍්‍රතාන්‍යයෝ වටහා ගත්හ. එනිසා යුද ජයග‍්‍රහණය මගින් ෆැසිස්ට්වාදය පරදවා ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ වහාම යටත් විජිත පාලනය යටතේ පවතින රටවලට නිදහස ලබා දෙන බවට බි‍්‍රතාන්‍යය ස්ථිර සාර පොරොන්දුවක් දුන්නේය. වසර හයක දීර්ඝ ප‍්‍රයත්නයකින් පසු බි‍්‍රතාන්‍යයේ නායකත්වයෙන් යුතු මිත‍්‍ර පාර්ශ්වය ජයග‍්‍රහණය අත්කර ගනිමින් දෙවන ලෝක මහා සංග‍්‍රාමය අවසාන විය.
ඒ 1945 වසරේදීය. යුද්ධය ජය ගැනීම සඳහා තම රට බි‍්‍රතාන්‍යයට කොන්දේසි විරහිත සහයෝගයක් ලබාදුන් බවත් යුද්ධය නිමාවට පත්ව ඇති මේ මොහොතේ තමන්ට දී ඇති පොරොන්දුව ඉටු කරමින් රටට නිදහස ලබාදීමට යෝග්‍ය අවස්ථාව එළඹ ඇති බවත් ලංකා ජාතික සංගමය බි‍්‍රතාන්‍ය මව් රජයට බලපෑම් කළේය. ඒ අනුව සුදුසු ආණ්ඩු ක‍්‍රමයක් නිර්දේශ කරනු පිණිස සෝල්බරි කොමිසන් සභාව පත්කර මෙරටට එවනු ලැබීය. එයින් නිර්දේශ කළේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් සහිත ඩොමිනියන් ක‍්‍රමයේ ආණ්ඩු ක‍්‍රමයකි. එය ක‍්‍රියාත්මක විය හැක්කේ බහු පක්‍ෂ ආණ්ඩු ක‍්‍රමයක් වශයෙනි. මෙම පසුබිම අනුව ප‍්‍රබල දේශපාලන පක්‍ෂවල අවශ්‍යතාව රටේ නායකත්වය දැරූ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ පිරිසට අවබෝධ වී තිබුණි. මේ වන විට ලංකා සමසමාජ පක්‍ෂය, ලංකා කම්කරු පක්‍ෂය, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයද, උතුරේ ලංකා ද්‍රවිඩ සංගමයද බිහි වී තිබුණි. තම කණ්ඩායම නියෝජනය කරන ප‍්‍රතිපත්ති මාලාවක් යටතේ නවපක්‍ෂයක් ගොඩ නගා ගැනීම සඳහා එවකට දුර්වලව පැවති ලංකා ජාතික සංගමයේ ප‍්‍රබලයෝ කටයුතු කළහ. ඒ අනුව සර් ජෝන් කොතලාවල මහතා කැඳවුම්කරු ලෙස රටේ ප‍්‍රධාන පිරිසකට ආරාධනාවක් යවමින් වර්ෂ 1946 සැප්තැම්බර් මස 6 වැනි සිකුරාදා සවස ඇල්බට් ක්‍රෙසන්ට්හි ෆාම් කෝට් මන්දිරයේ පැවැත්වෙන සභා රැුස්වීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.
විශාල පිරිසක් රැුස්වීමට පැමිණ සිටියහ. ජෝන් කොතලාවල මහතා තමා විසින් නියෝජිතයන් වෙත යවන ලද ආරාධනා පත‍්‍රය කියවීමෙන් අනතුරුව පිළිගැනීමේ කථාවද සිදු කරමින් සභා රැුස්වීමේ මුලසුන ගන්නා ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභානායක. ඞී.ඇස් සේනානායක මහතාට ආරාධනය කළේය. එතුමා මුලසුනට පැමිණීමෙන් පසු සභාව අමතමින් නව පක්‍ෂයේ අරමුණු සහ පරමාර්ථ පැහැදිලි කර දුන්නේය. මේ රට තුළ ජීවත් වන සියලූ ජාතීන් අතර සමගියෙහි. ඇති වැදගත්කම හා අවශ්‍යතාව ගැනත් සිහිපත් කළේය. හොඳ හිත සහ ජාතීන්ගේ අන්‍යොන්‍ය විශ්වාසය ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටි ඔහු එක්සත් ජාතික පක්‍ෂය රට තුළ ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත්වීම කෙරෙහිත් ජනතාවගේ අනාගත බලාපොරොත්තු හැඩගැස්වීමෙහි වැදගත් වගකීමක් ඉසිලීමේ ඇති හැකියාවත් ගැන විශ්වාසය පළ කර සිටියේය.
අනතුරුව ‘‘එක්සත් ජාතික පක්‍ෂය යන නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවිය යුතුයැයි මෙම සභාව යෝජනා කරන්නීය’’ යන යෝජනාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රී එස්. නටේසන් මහතා විසින් ඉදිරිපත් කළ අතර රාජ්‍ය මන්ත‍්‍රී ටී.බී. ජයා මහතා විසින් ස්ථිර කරනු ලැබීය. මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලදුව ඒකච්ඡුන්දයෙන් සභා සම්මත විය.
ඊළඟට වූයේ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ අවස්ථාවයි. එහිදී ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තාවකාලිකව මුලසුන භාරගෙන සභාපතිධූරය සඳහා ඞී.ඇස්. සේනානායක මහතාගේ නම යෝජනා කළේය. ජෝර්ජ් ඊ ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදුව ඒකච්ඡුන්දයෙන් සභා සම්මත විය. උප සභාපතිවරුන් වශයෙන් ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, ජේ.ඇල් කොතලාවල, ජෝර්ජ ඊ ද සිල්වා, අරුණාචලම් මහාදේව සහ ටී.බී. ජයා යන මහත්වරුන් පත් කර ගත යුතුයැයි ඞී.ඇස්. සේනානායක මහතා මුලසුනින් කළ යෝජනාවද ඒකමතිකව සම්මත විය. එසේම ප‍්‍රධාන ලේකම් ධූරයට එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතාත් සම භාණ්ඩාගාරික වශයෙන් ඒ.ආර්.ඒ රාසික් සහ ජේ.ආර්. ජයවර්ධන. (පසුව සර් රාසික්* පත් කර ගැනීමට ඞී.ඇස්. සේනානායක මහතා කළ යෝජනාද විරුද්ධත්වයකින් තොරව සම්මත විය. ස්තුති යෝජනාව වී.ආර්. ෂොක්මන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර රාජනීතිඥ සර් ලලිත රාජපක්‍ෂ මහතා විසින් ස්ථිර කරන ලදී. කාරක සභාවක් සහ ප‍්‍රචාරක සහ මුදල් යනුවෙන් කමිටු දෙකක්ද පත් කර ගන්නා ලදී එම අනුකමිටු දෙකේ සභාපතිවරුන් වශයෙන් ජේ.ඇල් කොතලාවල සහ බණ්ඩාරනායක යන දෙපොළ පත් වූහ. මේ අනුව ලංකා ජාතික සංගමය සිංහල මහා සභාව (බණ්ඩාරනායක* මැලේ සංගමය (ටී.බී. ජයා* සහ යෝනක සංගමය (රාසික්* එක්සත් ජාතික පක්‍ෂය තුළ ඒකරාශී වූ බවද පෙනී ගියේය.
ජාතික සංගමය වශයෙන් කටයුතු කිරීමේදී ද්‍රවිඩ ජනතාවගේ විශාල පිරිසක් නියෝජනය වූ නිසා එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයක්ම වූවේය. යාපනයේ ඇස්.අඞ්ඩලිංගම්, ජේ.ඞී. ආශිර්වාදම්x කොළඹ, දොස්තර ඇම්. කදිරවේළුපිල්ලෙx යාපනය, වාසල මුදලි ඇන්. කනගනායගම්x මහනුවර, ඒ.සී. කනගසිංහම්, ත‍්‍රිකුණාමලය, අධි නීතිඥ ඇස්.ආර්.x කනගනායගම්x යාපනය, නීතිඥ ඇම්.ආර්. කරාලසිංහම්x යාපනය, නීතිඥ ඇස්.ජේ.ඞී. කදිරගාමර්x කොළඹ, නීතිඥ ටී.ඇස්. කනගරත්නම්x චුන්නාකම්, මහනුවර නගරාධිපති ටී.ඇම්. ගුරුස්වාමි, වෙළඳ ව්‍යාපාරික ආර්. චෙල්ලයියාx යාපනය ආර්.ටී. චෙල්ලයියාx යාපනය, ඇම්.ජේකොබ්x යාපනය, රාජ්‍ය මන්ත‍්‍රී ජේ. ත්‍යාගරාජා, ඊ.ඒ. තම්බර්ු යාපනය, නීතිඥ සී.ආර්. තම්බයියාx යාපනය, වී.ඒ. දුරයප්පාx යාපනය, රාජ්‍ය මන්ත‍්‍රී එස්.ධර්මරත්නම්, අක්කරෙයි පත්තු, රාජ්‍ය මන්ත‍්‍රී ඇස්x නඬේසන්, චුන්නාකම්, ආර්.ආර්. නල්ලයියාx යාපනය යාපනයේ නාගරික මන්ත‍්‍රී ඇස්.ජී. නඩරාජා, නීතිඥ කේ.නඩරාජාx යාපනය, නීතිඥ ඒ. නවරත්නම්x යාපනය, නීතිඥ වී. නවරත්නම්x යාපනය, ව්‍යාපාරික නවසිවායම් චෙට්ටියාර් x යාපනය, නීතිඥ වී. නවරත්නම් x යාපනය, නීතිඥ වී. නාගලිංගම්, වඞ්ඩු කොඩෙයි, අදිගාර් නාගනාදර්x යාපනය, යාපනය නගරාධිපති සී. පොන්නම්බලම්, නීතිඥ ඇස් පතන්ජලිx යාපනය, නාගරික මන්ත‍්‍රී ජේ.පැටි‍්‍රක්, යාපනය, දොස්තර බි‍්‍රටෝ මුකුනායගම්x කොළඹ x ඩබ්ලිව්. මුරුගේසු x බළංගොඩ, අරුණචලම් මහාදේව රාජ්‍ය මන්ත‍්‍රී x යාපනය, ද්‍රවිඩ ගුරු සංගමයේ සභාපති කේ.බී.ඒ. මුතු කුමාරස්වාමි, පිල්ලෙx යාපනය, සර්.ටී.සී. රාජරත්නම්, චුන්නාකම්, අධිනීතිඥ සී.සී. රාසරත්නම් x කොළඹ, රාජ්‍ය මන්ත‍්‍රී ජේ.ජී.රාජ කුලේන්ද්‍රන්x නාවලපිටිය, අධිනීතිඥ ඇස්. රාජරත්නම්, හින්දු පාසැල් සංගමයේ කළමනාකාර x යාපනය, වෛද්‍ය ඞී.ඇස්. රාමනාදන් x යාපනය, වෙළඳ ව්‍යාපාරික වී.ඇස්.කේ. විජේරත්නම්, මීගමුව, අධිනීතිඥ සී. වන්නියසිංහම් x යාපනය, නීතිඥ වී. විනාසිතම්බි x යාපනය, නාගරික මන්ත‍්‍රී සර් රතනජෝති සරවනමුත්තු x කොළඹ, දොස්තර ඇස්. සුබ‍්‍රමනියම්, පළාත් භාර සෞඛ්‍ය නිලධාරී x යාපනය, අධිනීතිඥ ඒ.ආර්. සුබ‍්‍රමනියම් x යාපනය, ඇස් ස්වාමිනාදන් x යාපනය, නාගරික මන්ත‍්‍රී ජේ.ඇල්. සෙබස්තියන් x යාපනය, අධිනීතිඥ ඒ සම්බන්ධන් x යාපනය, නීතිඥ ඇම්.කේ. සුබ‍්‍රමනියම් x වඩුක්කොඩෙයි x සී. සුබ‍්‍රමානියම් x විදුහල්පති x චුන්නාකම්, සී.කේ. ස්වාමිනාදන් x යාපනය, ඇස්. සිවපාකසුන්දරම් විදුහල්පති වික්ටෝරියා විද්‍යාලයේ විදුහල්පති x පේදුරුතුඩුව, නීතිඥ ඇස්.ඒ. සභාපති x යාපනය යන මහත්වරු දෙමළ ජනතාව නියෝජනය කරමින් ආරම්භක විධායක කාරක සභාවට පත්වූහ.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගියේ මෙම ශක්තිමත් පදනම මතිනි. සිංහල, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන සෑම අනෙකුත් ජනවර්ග නියෝජනය කරමින් ඉතා ප‍්‍රබල නායකයෝ විධායක කාරක සභාවට පත් කරගෙන තිබුණ නිසා එක්සත් ජාතික පක්‍ෂයක්් වශයෙන් කටයුතු කිරීමට එයට හැකියාව තිබුණි. දශක හතක් ගෙවී ගොස් ඇත. මෙම සැප්තැම්බර් හයවැනි දිනට එම පක්‍ෂය ආරම්භයෙන් හැත්තෑ එක්වන සංවත්සරය ඉතා ඉහළින් සමරනු ඇත. ජාතියේ පියා යැයි විරුදාවලිය ලැබූ ඞී.ඇස්. සේනානායක මැතිතුමා 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙන විට මෙරට අගමැතිවරයාය. එක්සත් ජාතික පක්‍ෂයේ රජයේ නායකයාය.
නිදහසට වඩා උතුම් දෙයක් පරාධීන ජාතියකට තවත් තිබිය නොහැක. පරාධීන බවේ අවමානයට ශත වර්ෂ එක හමාරක් වැනි දීර්ඝකාලයක් මුහුණ දුන් ජාතියකට නිදහස ලැබුණු සහ ඒ සම්බන්ධයෙන් කරන්නට සිදුවූ පරිත්‍යාග ගැන වර්තමානයේ පරපුරට අමතකව ගොස් ඇති සෙයකි.
වසර හැත්තෑ එකක කාලය තුළ මෙම පක්‍ෂයට ඩඞ්ලි සේනානායක, සර්.ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, ඞී.බී. විජේතුංග, ගාමිණී දිසානායක, සහ රනිල් වික‍්‍රමසිංහ යන කෘතහස්ත දේශපාලනඥයෝ නායකත්වය දුන්හ. දේශපාලන අටලෝ දහමට අනුව වරෙක ජයග‍්‍රහණය කරමින් කීර්ති ප‍්‍රශංසාවන්ට ලක්වෙමින් ලාභය සහ යසස ලබමින්ද විටෙක පරාජය හා එයට සමගාමීව අයස, අලාභය, අපහාස උරුම කර ගනිමින්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය හා එම සංකල්පය ආරක්‍ෂා කරමින් පැමිණි දීර්ඝ ගමන් මග කිසිසේත්ම සුළුකොට තැකිය නොහේ. වර්තමානයේ ආණ්ඩුවේ බලගතු පාර්ශ්වය වන්නේද එක්සත් ජාතික පක්‍ෂයයි. වරෙක එහි නායකත්වය දැරූ ප‍්‍රබල නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1957 ඔක්තෝම්බර් 3 වැනිදා සුප‍්‍රසිද්ධ නුවර පාගමන ගැන තබා ඇති සටහනකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුයැයි මම සිතමි.
‘‘එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය මහ පොළව මත අඩිය ගසා සිටිය යුතුය. පොදු ජනයා සමඟ එක්වන්ව සිටිය යුතුය. පක්‍ෂයේ ආරම්භයේ සිටම නායකයෝ සුඛෝපභෝගී කාර්වලින් රැුස්වීම්වලට පැමිණ ඒවා ඇමතීමෙන් පසු රාජකීය ලීලාවෙන් ආපසු ගියහ. ජනතාව අතර ඇවිදිමින් ඔවුන් අතර ගැවසෙමින් ක‍්‍රියා කළ විට එය රටේ සාමාන්‍ය ජනතාවගේ පක්‍ෂයක් බවට පත් වනු ඇත.’’
සෝමසිරි වික‍්‍රමසිංහ.