නිදහස ලැබීමෙන් පසු බිහිවිය යුතු රාජ්‍ය නායක පදවිවලට අභියෝගයක්ව සිටි ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතාට මහ කොමසාරිස් පදවියක් ලබාදී ඉන්දියාවට පටවා හැරීම අපේ රටේ සිදුවූ මහා පරිමාණයේ දේශපාලන කැපිල්ලක් බවට රට ජාතිය ආගම ගැන හැඟීමක් තිබූ මුහුකුරා ගිය දේශපාලනඥයෝ එදත් අදත් විශ්වාස කරති.
කීර්තිමත් විද්වතාණන් කෙනෙක් සහ ස්වදේශානුරාගයෙන් යුතුව සිය නිජ බිමට නිදහස ලබා ගැනීම පිණිස මහ මෙහෙයක යෙදුණු අසහාය ජන නායකයෙක් හැටියටත් ජනතා සම්මානයට පාත්‍ර වූ දොන් බාරොන් ජයතිලක (ඩී. බී.) ශ්‍රීමතාණන් අමද්‍යප ව්‍යාපාරයෙන් සමාජ සේවයටත්, එතැන් සිට දේශපාලනයටත් පිවිසියේය. 1915 ජාතිවාදී කෝලාහලයේ දී බි්‍රතාන්‍ය ආණ්ඩුව ඔහු සිරභාරයට ගන්නා ලදී. 1924 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික්ක ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට නිතරඟයෙන් පත්වූ ජයතිලක මහතා 1931 දී රාජ්‍ය සභා මැතිවරණයේදී කැලණිය ආසනයට නිතරඟයෙන් තේරී පත්විය.
එදා රාජ්‍ය සභා ඇමති මණ්ඩලයේ ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති පදවිය ඩී. බී. ජයතිලක මහතාට හිමිවිය. එතුමා රාජ්‍ය සභාවේ සභානායකවරයා ද විය.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධ විද්‍යාලංකාර සභාවේ සභාපතිවරයා ලෙසද දීර්ඝ කාලයක් සිය කාලය ධනය කැපකළ එතුමා 1936 මහා මැතිවරණයේදී යළිත් කැලණිය මන්ත්‍රීවරයා ලෙස නිතරඟයෙන් පත්විය. එම රාජ්‍ය සභාවේම නැවතත් එතුමා ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති පදවියටද පත් කරගන්නා ලදී.
තරඟකාරී සහ අභියෝගාත්මක දේශපාලන වාතාවරණයක් මැද විවිධ ගැටුම්, කැපිලි, කෙටිලි සහ ඇනුම් - බැණුම් මැද වුව ශාස්ත්‍රීය කටයුතුවල නියැළුනු හෙතෙම ධම්පියා අටුවා ගැටපදය, සිඛවළඳ විනිස, බුදුගුණාලංකාර සන්නය, කතිකාවත් සඟරාව, තිසර සංදේශ සන්නය, පැරකුම්බා සිරිත සහ ජාතක අටුවා ගැටපදය වැනි පොත්පත් රාශියක් සම්පාදනය කළේය.
සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවිය එතුමන් වෙත පිරිනමන ලද්දේ එතුමන්ගේ භාෂාමය සහ සාහිත්‍යමය දක්ෂතාවන් මනාලෙස සලකා බැලීමෙන් පසුවය. ඒ සමගම ඔහුගේ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ද ආරම්භ විය.
දොන් බාරොන් ජයතිලක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු සහ සභානායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ ලෙස රජයෙන් දීමනාවක් ලබාගැනීමෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා පනතේ 16 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් කොළඹ පනික්කි වීදියේ පදිංචිකරුවකු වූ ඩී. සී. ඩබ්ලිව්. අබේසේකර නමැත්තෙකු කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබිණි. රුපියල් 23,000 ක අලාභයක් ගෙවන ලෙසද පැමිණිලිකරු ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා දේශපාලනයෙන් කැපී ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භාරගෙන කොළඹ කොටුව දුම්රිය පොළේ සිට විශේෂ දුම්රියකින් ගමන් ඇරඹූ ජයතිලක මහතා කැලණිය දුම්රිය පොළේ දී දුම්රිය නවත්වා ඉන් බැස පයින්ම විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වා පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ට වැඳ නමස්කාර කොට ආශිර්වාද ලබාගත්තේය. ඉන්දියාවේදී රෝගාතුරවූ මේ මහා ජාති හිතෛෂියා දේශප්‍රේමියා ප්‍රතිකාර උදෙසා ලංකාව බලා ගුවන් මගින් එමින් සිටියදී 1944 මැයි 24 වැනිදා උඩු ගුවනේදීම අභාවප්‍රාප්ත විය.
මෙම නඩුව දිස්ත්‍රික් උසාවියේ ප්‍රතික්ෂේප වූ අතර පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයද එම අභියාචනය ප්‍රතික්ෂේප කරන ලද්දේ එංගලන්තයේ රාජාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුට ඉඩ දෙමිනි.
ඩියුස්ඩින් සාමි, ප්ලේන්බර්ස් සාමි සහ ඩාර්ලිං සාමිවරුන් යන රාජාධිකරණ විනිශ්චය කාරවරු හමුවේ මෙම නඩුව විභාග කෙරුණු අතර පැමිණිල්ල වෙනුවෙන් රාජනීතිඥ එල්. ඩී. ග්‍රයිදර් සහ රාජනීතිඥ එච්. ජේ. හැලව් පෙනී සිටියහ. ජයතිලක මහතා වෙනුවෙන් රාජනීතිඥ ඒ. ඇම්. ඩන් සහ ආචාර්ය කොලොම්බොස් පෙනී සිටියහ.
දීර්ඝ වාද විවාද වලින් පසුව රාජාධිකරණය ජයතිලක මහතාට විරුද්ධව තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එංගලන්තයේ සිටි ජයතිලක මහතා ගැන දන්නා ඉංග්‍රීසි විද්වතුන් ද ලාංකික විද්වතුන් ද බකිංහැම් මාලිගයේ රජ පවුලට කිට්ටු අය ලවා ජෝර්ජ් මහරජතුමාට මෙම සිද්ධිය ගැන කරුණු සැලකර සිටියහ.
ජයතිලක වැන්නකුගේ අගය තේරුම්ගත් මහ රජතුමා මහජනයා විසින් පත්කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු ලෙස සිටීමෙන් හෝ ඡන්දය දීමෙන් හෝ සිංහල ශබ්ද කෝෂයේ කතෘ යම්කිසි නීතියක් කඩ කළේ නම් හෙතෙම එයින් නිදහස් කරනු ලැබේ. යන ආඥාව නිකුත් කළේය.
එක් පුද්ගලයෙකු වෙනුවෙන් එංගලන්තයේ මහරජතුමා රාජාඥාවක් වෙනස් කළ ප්‍රථම සහ විශේෂ අවස්ථාව මෙය බව නීති ක්ෂේත්‍රය සලකයි. මෙම නඩුවේ පැමිණිලිකරුට ඒ සඳහා වැය වූ විශාල මුදල සපයන ලද්දේ කිසියම් අදිසි බලවේගයක් විසින් බව එදා ප්‍රකට විය.
ශ්‍රී ලංකා දේශපාලනයෙන් කැපී ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භාරගෙන කොළඹ කොටුව දුම්රිය පොළේ සිට විශේෂ දුම්රියකින් ගමන් ඇරඹූ ජයතිලක මහතා කැලණිය දුම්රිය පොළේ දී දුම්රිය නවත්වා ඉන් බැස පයින්ම විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වා පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ට වැඳ නමස්කාර කොට ආශිර්වාද ලබාගත්තේය.
ඉන්දියාවේදී රෝගාතුරවූ මේ මහා ජාති හිතෛෂියා දේශප්‍රේමියා ප්‍රතිකාර උදෙසා ලංකාව බලා ගුවන් මගින් එමින් සිටියදී 1944 මැයි 24 වැනිදා උඩු ගුවනේදීම අභාවප්‍රාප්ත විය.
මේ සිද්ධිය මුළු මහත් ජාතියම ශෝකයට, කම්පාවට පත්වූ එකක් විය.
උපාලි රූපසිංහ