එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගෙන සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ඒකරාශී කිරීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යාම තම එකම අරමුණ කරගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති තනතුරට පත්වූයේ 1956 අප්‍රේල් 12 වැනි දාය. අගමැති වීමෙන් පසු ඔහු ප්‍රථම වරට ගියරට මහා බි්‍රතාන්‍යයයි. නැත හොත් එංගලන්තයයි. එහි අගනුවර වූ ලන්ඩන් නුවරටයි. මේ “ලන්ඩන්’ ඔහුට හොඳ හුරු පුරුදු පුරවරයෙකි. ඔහු එහි ගියේ පොදුරාජ්‍ය මණ්ඩලීය අගමැති සමුළුවට සහභාගි වීමටය. ඔහුට එහිදී හමුවූ හොඳම මිතුරා වූයේ ඉන්දියාවේ අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරුය.
මේ ගමනේදී බි්‍රතාන්‍ය සහ ඉන්දීය අගමැතිවරුන් සමග ඔහු භෝජන සංග්‍රහ කීපයකටම සහභාගි විය. එවිට බි්‍රතාන්‍යයේ අගමැති තනතුර දැරුවේ ඇන්තනි ඊඩන්ය. මේ ඇන්තනි ඊඩන්ට බි්‍රතාන්‍යයේ අගමැති තනතුර දැරීමට හැකි වූයේ අවුරුදු 2කටත් අඩු කාල සීමාවකි. නේරු ලන්ඩන්හි කේම්බි්‍රජ් (CAMBRIDGE) විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර බි්‍රතාන්‍ය අගමැති ඊඩන් සහ බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඞ් (Oxford) ශිෂ්‍යයෝය. ඊට පෙර වින්ස්ටන් චර්චල් අගමැතිවරයාගේ රජයේ නියෝජ්‍ය අගමැති තනතුර වසර 15ක් දරා ඇති බි්‍රතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙකි.
මේ තිදෙනාගේ හමුව ලන්ඩන්හි ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල දෙකක් වූ කේම්බි්‍රජ් හා ඔක්ස්ෆර්ඞ් හමුවකට සමානය. මේ තිදෙනාගෙන් ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, ප්‍රංශ ආදී විදේශ භාෂා කීපයක්ම කතා කිරීමට හැකි චතුරම කථිකයා වූයේ බණ්ඩාරනායකය. තිදෙනාම බැරිස්ටර්වරු වීම තවත් විශේෂත්වයකි. පසුව බුද්ධාගම වැලඳ ගනු ලැබුවත් බණ්ඩාරනායක උපතින් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමිකයෙකි. ඔහු ආගම වෙනස් කළේ ලංකාවේ මුල් පුටුවට නැගීමට මාර්ගය පාදා ගැනීම සඳහා බව ඔහුගේ විරුද්ධවාදීහු ප්‍රචාරය කළහ. ඔහුව හඳුන්වනු ලැබුවේ “ආසියාවේ රිදී සීනුව” යන ගෞරවනීය නාමයෙනි.
මා මේ ලියන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේදී ලංකාවේ ඉන්දියාවේ සහ බි්‍රතාන්‍යයේ අගමැතිවරුන් තිදෙනෙකුගේ හමුව පිළිබඳ කතාන්දරය නොවේ. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් වැඩිපුරම ගියේ බි්‍රතාන්‍යයටය. නැතහොත් ලන්ඩන් නුවරටය. එදා මෙදා ලංකාවේ දේශපාලන පරිවර්තන බොහොමයක් සිදු වුණේ ලන්ඩන් නුවර පැවැත් වූ රහසිගත සාකච්ඡාවලින් අනතුරුවය. මේ ලියන්නේ ලංකාවේ සිදුවූ දේශපාලන අලකලංචියක් ගැනද නොවේ.
ඒ 1956 ජූලි මාසයේ අග භාගයේ දිනයකි. ලන්ඩනයට වසන්තය උදාවී තිබූ කාලයයි. අගමැති බණ්ඩාරනායක ලන්ඩනයට ළඟා වනවිට එහි ලංකාවේ තවත් හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම අහම්බයෙන් සිදුවූවකි. බණ්ඩාරනායක, ඩඞ්ලි, කොතලාවල යන තිදෙනා ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළ චරිත තුනකි. ප්‍රංශයේ විවේකයක් ගත කිරීමට ගොස් ලංකාව බලා ආපසු එන අතරතුර සර් ජෝන් කොතලාවල දින කීපයක් ලන්ඩනයේ සිටියේය. එමෙන්ම ඩඞ්ලි සේනානායක ද ඒ වන විට ලන්ඩනයට පැමිණ සිටියේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය.
ඒ වන විට මේ තිදෙනා සිටියේ කැත්තට පොල්ල මෙනි. 1947 අත්තනගල්ල ආසනයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරගකොට ඉන් ජයගෙන ඩී. එස්. සේනානායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති වූ බණ්ඩාරනායක 1951 ජූලි මාසයේ එජාපයට පයින් ගසා ඉන් ඉවත් වී 1952 අලුත් පක්‍ෂයක් ගොඩනගා ගත්තේය. ඔහු ඩී. එස්. ගේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ඩඞ්ලි හා කොතලාවල ඇමැතිවරුන් සමග සිටියේය.
බණ්ඩාරනායකගේ පෙරළිය තුළින් මහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූ නිසා ඩඞ්ලි හා කොතලාවල ඔහු සමග ඇති කරගෙන තිබුණේ “නයි වයිරයකි.”
ශ්‍රී ලංකාවේ එවකට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලන්ඩනයේ පදිංචි වී සිටියේය. ඔහු සිරිල් ගාඩිනර්ය. මේ තිදෙනාට එකම මේසයක භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම මේ ගාඩිනර්ගේ වැඩකි. ගාඩිනර් බණ්ඩාරනායක, ඩඞ්ලි හා කොතලාවල යන තිදෙනාටම කෑම වේලට ආරාධනා කළේය. එහෙත් ඔවුන් කිසිවෙකුට ඊට සහභාගි වන අය ගැන විස්තර නොදැන්වීමට ගාඩිනර් වගබලා ගත්තේය. ඔහු ඔවුන්ට පැවැසුවේ එය පවුලේ පෞද්ගලික සාදයක් බවයි. මේ සිරිල් ගාඩිනර් එම සමයෙහි ලංකාවේ “රජුන් තනන්නෙකු” වශයෙන් ප්‍රකටය. විවිධ දේශපාලකයින්ට බලය ලබාදීම සඳහා ඔහුගේ “සල්ලි’ වැඩ කළේය.
කේම්බි්‍රජ් ඔක්ස්පර්ඞ් ලන්ඩනයේ එක මේසයේ පාටියට මුලින්ම පැමිණියේ අගමැති බණ්ඩාරනායකය. ඔහු එහි සිටි ඉතා සීමිත ප්‍රභුන් පිරිස සමග සතුටු සාමීචියේ යෙදුණේ දුම් පයිප්පයක්ද කටේ රුවාගෙනය. ගත වූයේ විනාඩි කීපයකි. හිටපු අගමැති ජෝන් කොතලාවලය. කොතලාවල දුටු විට බණ්ඩාරනායක විමතියට පත්විය. ඔහු කොතලාවලට සිනහ වී අතට අත දුන්නේය. කොතලාවල ඔහු අසලම පුටුවක වාඩි වුණේය. කෙසඟ සිරුරකින් යුත් බණ්ඩාරනායක කොතලාවලගේ තරබාරු ශරීරයෙන් වැසී ගියා බඳුය.
කාලය සෙමින් ගලා ගියේය. ඊළඟට එහි ළඟා වූයේ හිටපු අගමැති ඩඞ්ලි සේනානායකය. බණ්ඩාරනායකත්, කොතලාවලත් පුදුමයට පත් වූහ. ඩඞ්ලි කිසිම ගානක් නැතිව දෙදෙනාටම ආචාර කොට ඔවුන් දෙදෙනාට සමීපව හිඳ ගත්තේය. දැන් එම පරිසරය මීයට පිම්බාක් මෙන් නිහඬය. නිහැඬියාව බින්දේ ව්‍යාපාරික සිරිල් ගාඩිනර්ය. “මෙතන දේශපාලනය තහනම්‘ ඔහුගේ මුවෙන් එසේ පිටවිය. සිනා හඬ පැතිරුනි. භෝජන සංග්‍රහයට ඇතුළත් වී තිබුණේ මස් මාළු, කරවල, බිත්තර වලින් තොර එළවළු හා සලාදවලින් සමන්විත ආහාරය. ඔවුන් කතා කරන්නට පටන් ගත්තේ පෞද්ගලික තොරතුරුය. ලංකාවේ පාර්ලිමේන්තුවේ, කැබිනට් මණ්ඩලයේ සහ වේදිකාවේදී ගහ මරාගත් මේ තිදෙනා එදා එහි හැසිරුණේ එක පවුලක සහෝදරයින් තිදෙනෙකු මෙනි. අද හැම තැනකදීම තැන නොතැන නොබලා කැත කතා, ජරා කතා පවසමින් එකිනෙකාට මඩ ගසා ගනිමින් අපහාස කර ගනිමින්, බලය ලබා ගැනීමට බලලෝභීව හැසිරෙන දේශපාලකයින් ගැන කියනුම කවරේද?
බණ්ඩාරනායක ඩඞ්ලි හා කොතලාවලට ඒ වනවිටත් අමතක නොවන පාඩමක් උගන්වා තිබුණත් ඔවුන් අතර කිසිදු වෛරයක් නොමැති බව මේ භෝජන සංග්‍රහයේදී ස්ථුට විය. එදා දේශපාලකයින් ස්වකීය මතවාදය ඉස්මතු කරලීම සඳහා පළිගැනීම්, අවලාද නැගීම් ආදියෙන් තොරව මහත්මා දේශපාලනයක නිරත වූ බව කිවහැක. එමෙන්ම එදා දේශපාලනයට පිවිසියේ උගත් නැණවත් පුද්ගලයින්ය. ඔවුන්ට එදා දේශපාලනය අනුසාරයෙන් මුදල් මඩිස්සල ගැසීමක් අවශ්‍ය නොවීය.
මොවුන් තිදෙනාගෙන් බණ්ඩාරනායක සහ ඩඞ්ලි බැරිස්ටර්වරුන්ය. බැරිස්ටර් තනතුර යනු රාජ්‍ය නීතිඥ තනතුරටත් වඩා ඉහළ නීති ක්‍ෂේත්‍රයේ ඉහළම තනතුරකි. කොතලාවල යුද හමුදාවේ උසස් නිලධාරියෙකි. මොවුන්ගෙන් ඩඞ්ලි සහ කොතලාවල ලන්ඩන්හි කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා සිටියහ. බණ්ඩාරනායක ලන්ඩන්හි ඔක්ස්ෆර්ඞ් (ධංදෙරා) සරසවියේ හිටපු දීප්තිමත් සිසුවෙකි. මෙයද කේම්බි්‍රජ් හා ඔක්ස්ෆර්ඞ් හමුවක් වශයෙන් හැඳින්විය හැක.
මේ තිදෙනාගෙන් වැඩිමහල් පුද්ගලයා වූයේ කොතලාවලය. ඔහු ඉපදුණේ 1895 දීය. මියගියේ 1980 දීය. මියයන විට වයස අවු. 85 බණ්ඩාරනායක ඉපදුණේ 1899 වසරේය. ඝාතනයට ලක්වූයේ 1959 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 60 කි. ඩඞ්ලි ඉපදුණේ 1911 වර්ෂයේය. මියගියේ 1973 දීය. එවිට ඔහුගේ වයස අවු. 62 කි. ඩඞ්ලි මියයන තෙක්ම අවිවාහකව සිටියේය. බණ්ඩාරනායක සිරිමාවෝ සමග විවාහ වී සිටි අතර ළමයින් 3 දෙනෙක් සිටියහ. කොතලාවල සේනානායක පවුලේ එෆී මෛත්‍රී ඩයස් බණ්ඩාරනායක සමග විවාහ වී පසුව ඇයගෙන් දික්කසාද වී සිටියේය. ඔහුට ලක්ෂ්මී කොතලාවල නමින් යුන් දුවක් සිටියාය.
මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය. එදා ලන්ඩන් නුවර රිජන්ට් වීදියේ “වීරස්වාමි” හෝටලයේ පැවති මේ භෝජන සංග්‍රහයේදී ජනතාවට නායකත්වය දුන් මේ දේශපාලන නායකයින් තිදෙනා කුණු වෙන්න බිව්වේ නැත. නොදන්නා සිංදු බයිලා කියන්න ගියේ ද නැත. වැටෙන්න නැටුවේද නැත. ලොකුකම පෙන්නුවේද නැත. වාද කරගත්තේද නැත. ඊට මූලික හේතුව මේ තුන් දෙනාම මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ ආභාෂය ලබාගෙන ඔහු යටතේ දේශපාලනයට හුරු වී සිටි නිසාය. මෙහිදී බණ්ඩාරනායක ඩඞ්ලි පිළිබඳ යම් රහසක් කොතලාවලට කී බවටද ආරංචියක් පැතිර ගොස් තිබුණි.
සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි