ලංකාවට සර්වජන ඡන්ද බලය ගෙනදුන් 1931 ඩොනමෝර් කොමිසන් සභාව රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ලංකාවට ආදේශ කළ අතර ඒ නිසාම මෙරට සිවිල් සංවිධාන අතර දේශපාලන උනන්දුවද වැඩිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් සංවිධාන වළ නායකත්වය දේශපාලන පක්‍ෂ බිහිවීම දක්වා වර්ධනය විය. 1935 ලංකා සමසමාජ පක්‍ෂය බිහිවීමත් 1946 දී එක්සත් ජාතික පක්‍ෂය බිහිවීමත් සමඟ මැතිවරණ සඳහා පක්‍ෂ සහභාගීත්වය ඇරඹුණු අතර 1947 මහ මැතිවරණ එලෙස දේශපාලන පක්‍ෂ තරඟ කළ ප්‍රථම මැතිවරණය විය.
ඩොනමෝර් කොමිසමේ නිර්දේශ අනුව 1936 බිහිවූ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා නිල කාලය 1941 දී අවසන් වීමට නියමිත වුවද 1939 - 45 පැවැති දෙවැනි ලෝක යුද්ධය නිසා රාජ්‍ය මන්ත්‍රණ සභා නිල කාලය 1947 දක්වා කල් ගියේය. 1947 ජුලි 04 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හරින විට 1945 ජුලි 11 වැනිදා සෝල්බරී කොමිසන් සභාව විසින් එතෙක් පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා ව්‍යුහය වඩාත් විධිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් සඳහා නිර්දේශ ලබාදී තිබුණි. සෝල්බරී කොමිසන් සභාවේ නිර්දේශ අනුව ලංකාවේ පාර්ලිමේන්තු ව්‍යුහය කොටස් 03 කට බෙදනු ලැබීය.
1. රැජින වෙනුවෙන් පවතින අග්‍රාණ්ඩුකාරධූරය
2. මහජන නියෝජිත මණ්ඩලය
3. උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් සභාව
ඡන්ද කොට්ඨාස 89 සඳහා මන්ත්‍රීවරු 95 තෝරා ගැනීමට යෝජනා කළ අතර නියෝජනය නොවූ ජන කොටස් වෙනුවෙන් තවත් 06 දෙනකු පත්කිරීමට විධිවිධාන සලසා තිබුණි.
ඒ අනුව ප්‍රථම මැතිවරණය 1947 ජුලි 23 වැනි දින සිට අගෝස්තු 20 දක්වා පුරා දින 19 තිස්සේ පවත්වනු ලැබීය. මෙතෙක් පැවැති මැතිවරණ හා සසඳන විට මෙය විශේෂ මැතිවරණයක් විය. ලංකාවේ මුල් වරට දේශපාලන පක්‍ෂ මුල්කරගෙන මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් වූයේද අපේක්‍ෂකයින්ට මුල්වරට ඡන්ද සලකුණ භාවිතා කිරීමට සිදු වූයේද මෙම මැතිවරණයේ දිය. ලියාපදිංචි පක්‍ෂ 09 හා ස්වාධීන කණ්ඩායම් කීපයක් මැතිවරණයට ඉදිරිපත්ව සිටි අතර නාම යෝජනා දුන් සමස්ත අපේක්‍ෂකයින් සංඛ්‍යාව 362 කි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 3,048,145 ක් විය. ලංකාවේ මුල්වරට මැතිවරණ කොමසාරිස්වරයකු යටතේ මැතිවරණය මෙහෙය වීමට සිදු වූයේද මෙම මැතිවරණයේදී වන අතර 1947 පෙබරවාරි 01 දින මැතිවරණ කොමසාරිස් ධූරයට පී. ඕ. ප්‍ර
නාන්දු මහතා පත් කරනු ලැබීය.
මෙම ප්‍රතිඵල අනුව එ.ජා. පක්‍ෂයේ නායක ඩී. එස්. සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් 1947 සැප්තැම්බර් 26 වැනිදා දිවුරුම් දුන් අතර ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීම 1947 ඔක්තෝබර් 14 වැනිදා රැස්වී ප්‍රථම කථානායක ලෙස ඒ. එෆ්. මොලමුරේ මහතා පත්කර ගත්හ.
විපක්‍ෂනායක ධූරය ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාට හිමිවූයේ ලංකාවේ ප්‍රථම විපක්‍ෂ නායකවරයා ලෙසය. එ.ජා. පක්‍ෂයට විකල්පය ලෙස මාක්ස්වාදී පක්‍ෂ පෙනී සිටියත් මෙරට බහුතර ජනතාවගේ අපේක්‍ෂා ඉටුවන දේශපාලන ධාරාවක් වශයෙන් මාක්ස්වාදී මග තෝරා ගැන්මට ඔව්හු සුදානම් නැති බව ප්‍රකාශ වන්නේ 1952 මහමැතිවරණයේ සිට 1951 බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එ.ජා. පක්‍ෂයට විකල්පයක් ලෙස නිදහස් පක්‍ෂය වටා ජනතාව දිගටම විශ්වාසය තැබීම මතය.
1952 මාර්තු 22 වැනි දින අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අසු පිටින් ඇද වැටී මියගිය අතර අගමැති ධූරයට පත් ඩඞ්ලි සේනානායක මහතා 1952 අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරු විපක්‍ෂ නායක ධූරය දරණ ලද්දේ රතුනායක ආචාර්ය එන්. එම්. පෙරේරා විසිනි.
එම 1947 මැතිවරණයේදී මාක්ස්වාදී පක්‍ෂවලට මන්ත්‍රීධූර 18 හිමිවූ අතර ලංකාවේ ගමන්මග පිළිබඳව තීරණය කිරීමට එකල ලංකාවේ මාක්ස්වාදී පක්‍ෂවලට තිබූ හැකියාව මේ අනුව අති මහත්ය. නමුත් එ.ජා. පක්‍ෂයට විකල්පයක් ලෙස ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය සඳහා තවත් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයන්ගේ අවශ්‍යතාව මේ අනුව පෙනී ගිය අතර පසුකාලීනව 1951 සැප්තැම්බර් 02 දින බණ්ඩාරනායක මහතා ශ්‍රී.ල.නි. පක්‍ෂය පිහිටුවා පුරවන ලද්දේ එම හිඩැසය එවක් පටන් මාක්ස්වාදී පක්‍ෂවලට තනියම නැගී සිටීමේ හැකියාව අහිමි විය.
බණ්ඩාරගම
සමරසේන මුදලිගේ