බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයා ලෙස මෙහිදී හඳුන්වනු ලැබුවේ ආණ්ඩුකාරයා යන නමිනි. 1948 ට පෙර අවසන් බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා සර් හෙන්රි මන්ක්මේසන් මුවර්ය. 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ප්‍රදානය කළ විට බි්‍රතාන්‍ය නියෝජිතයා හඳුන්වනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරයා යන නමිනි. 1948 - 49 දක්වා අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලැබුවේ මන්ක් මේසන් මුවර් විසිනි.
1949 සිට 1954 දක්වා සෝල්බරිසාමි අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ අතර 1954 සිට 1962 දක්වා සර් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාර ධූරය දරණ ලද්දේය. 1960 ජුලි 21 පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප. බලයට පත්වූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ලෙස දිවුරුම් දී වැඩ භාරගත්තාය. එම රජය ක්‍රියාත්මක කළ ඛනිජ තෙල් ජන සතුව හා රක්‍ෂණ සමාගම් පිහිටුවීම, පාසල් රජයට පවරා ගැනීම ආදී ජාතිකවාදී වැඩ කටයුතු ගැන උරණවූු බටහිර රටවල් ප්‍රමුඛ දේශීය ධනේශ්වර පංතිය නියෝජනය කරමින් හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලය අල්ලා ගැනීමේ වැඩ පිළිවෙළක් 1962 ජනවාරි 27 වැනි දිනට යොදා ගෙන තිබුණි. එම හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට පෙර හෙළිදරව් වූ අතර එය මෙහෙයවූ නායකයින් අත්අඩංගුවට ගනුලැබීය. එම නඩුව විභාග වෙද්දී එම කුමන්ත්‍රණය පසුපස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකද සිටි බවට රජය සැක කරන ලදින් බි්‍රතාන්‍ය රජය හා සාකච්ඡාකර ඔහු එම තනතුරින් ඉවත් කර විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරධූරයට පත් කිරීමට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පියවර ගත්තාය.
මේ අතර 1970 මැයි 27 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ජයග්‍රහණය ලබා මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලන ලද ජනවරම අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සකස් කිරීම ආරම්භ විය. කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලීය නව රඟහලට රැස්වූ සෑම පක්‍ෂයකටම අයත් මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස සමන්විතව 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව සකස් කරන ලදී. එම නව ව්‍යවස්ථාව තුළින් බි්‍රතාන්‍ය සමග තිබූ සියලු පරිපාලනමය බැඳීම් ඉවත් කිරීම සිදු කළේය. ඒ අනුව,
1. රැජිනගේ නාමයෙන් රජයේ සේවකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අහෝසී විය.
2. ලංකාවේ උපරිම අධිකරණය ලෙස බි්‍රතාන්‍ය ප්‍රිවි කවුන්සලය එතෙක් හැඳින්වු අතර ලංකාධිකරණය තුළ අවසාන ඇපැල් උසාවිය ලෙස හඳුන්වන ලද්දේ එයයි. නව ව්‍යවස්ථාවෙන් ලංකාවේ අවසාන අධිකරණය ලෙස ශ්‍රේෂඨාධිකරණය හඳුන්වාදෙන ලදී.
3. බි්‍රතාන්‍ය කිරීටයේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩාකාරයා 1972 දක්වා හඳුන්වා තිබූ අතර පාර්ලිමේන්තු සැසිවාර විවෘත කිරීම අගමැතිගේ උපදෙස් මත පාර්ලිමේන්තු කැඳවීම, විසුරුවා හැරීම, කල් තැබීම, යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ආදියද ඔහුට අයත් කාර්යයන් අතරවිය. 1972 ව්‍යවස්ථාව මඟින් එම අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කරන ලද අතර නාමමාත්‍ර විධායකය ලෙස නම් තැබූ ජනාධිපති ධූරයක් ස්ථාපිත කරන ලදී.
1972 මැයි 22 වැනි දින සුභ නැකතින් නව ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමග නව ජනාධිපති ධූරයද ප්‍රතිස්ථාපනය විය. එතෙක් එනම් 1972 මැයි 21 දින දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ විලියම් ගොපල්ලව මහතා 1972 මැයි 22 දින සිට ජනාධිපති වශයෙන් අගමැතිනිය විසින් පත්කළ අතර අග්‍රාණ්ඩුකාර ධූරය ජනාධිපති බවට පත් විය. මෙසේ රැයක් පසුවී පහන් වන විට අග්‍රාණ්ඩුකාරවරයා ජනාධිපති විය.
බණ්ඩාරගම
සමරසේන මුදලිගේ