සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි.
සම්මන්ත්‍රණයේ මූලික අරමුණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ මතවාදය ප්‍රචාරය කිරීම වූ බැවින් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල කණ්ඩායමක් එයට සතියකට පෙර අදාළ නගරයට ගොස් එම නගරයේ නවාතැන්ගන්නා ලදී.
එම සතිය පුරා නගරයේ සියලු වීදි මාවත් ආවරණය වන පරිදි සිසුන් කණ්ඩායම් බැගින් ගෙන් ගෙට ගොස් දැනුවත් කිරීමේ කාර්යය සිදුකරන ලද අතර ආධාරද එකතු කරන ලදී. නගරය අවට පෝස්ටර් මගින් පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකොට අවසන් දින සම්මන්ත්‍රණය පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණවලදී වාමාංශික දේශපාලන
පක්‍ෂවල කට්ටිවාදය නැවත ඉස්මතු විය. මේ වනවිට බලය බෙදීම සම්බන්ධව දේශපාලන පක්‍ෂ අතර ප්‍රබල බෙදීමක් තිබුණු අතර උතුරේ බෙදුම්වාදී සංවිධානවලට සම්බන්ධ ඇතැම් පුද්ගලයෝ වෛද්‍ය සංගම්වල තනතුරු හොබවමින් සිටියෝය.
වෛද්‍යය සිසුන් මෙම බෙදීම් තම අරගලයේදී නොසලකා හල බැවින් ආරාධිත දේශන සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා,රාජිත සේනාරත්න,නලින් ද සිල්වා වැන්නවුන් හට ආරාධනා කරන ලදී. එහෙත් පසුව තමන්ගේ දේශපාලන මතවාදයට පක්‍ෂ අය පමණක් දේශන සඳහා සහභාගී විය යුතු යැයි වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ දේශකයින් බලකර සිටින ලද හෙයින් සම්මන්ත්‍රණයේදී මහාචාර්ය නලින්ද සිල්වා මහතාට දේශන සඳහා සහභාගීවීමට අවස්ථාව නොදෙන ලදී.
වෛදය සිසුන් මෙම බෙදීම් තම අරගලයේදී නොසලකා හල බැවින් ආරාධිත දේශන සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා,රාජිත සේනාරත්න,නලින් ද සිල්වා වැන්නවුන් හට ආරාධනා කරන ලදී. එහෙත් පසුව තමන්ගේ දේශපාලන මතවාදයට පක්‍ෂ අය පමණක් දේශන සඳහා සහභාගී විය යුතු යැයි වාමාංෂිශික ව්‍යාපාරයට සම්බන්ධ දේශකයින් බලකර සිටින ලද හෙයින් සම්මන්ත්‍රණයේදී මහාචාර්ය නලින්ද සිල්වා මහතාට දේශන සඳහා සහභාගීවීමට අවස්ථාව නොදෙන ලදී. කෙසේ වුවද මෙම සම්මන්ත්‍රණ පසුබිමේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ විශාල කාර්යයක් ගෙන් ගෙට ගොස් සිදු කරන ලද බැවින් සම්මන්ත්‍රණ දිනය වැදගත් අවස්ථාවක් නොවීය. මෙම සම්මන්ත්‍රණ මාලාව සරත් කොල්ලුරේ සොයුරාගේ සංවිධාන ශක්තිය පිළිබඳ හොඳම උදාහරණය වේ.
විසිරී ඇති වෘත්තීය සමිති ව්‍යාපාරය ඒකාබද්ධ කොට වෛද්‍ය ශිෂ්‍ය අරගලය වෙත සහය ලබාගැනීමට මේ අතර වෛද්‍ය සිසුන් තීරණය කරන ලදී. වෘත්තිය සමිති දෙදහස් පන්සීයයකට අධික ප්‍රමාණයකට ආරාධනා පත් යවා නාරාහේන්පිට අභයාරාමය වෙත කැඳවනු ලැබුවේ මෙම අරමුණ පෙරදැරිවය. කෙසේ වුවද මේ සඳහා අවසානයේ සහභාගීවූයේ වෘත්තිය සමිති සියයකටත් අඩු සංඛ්‍යාවකි. මෙම වෘත්තීය සමිති සිය සහයෝගය ලබාදීමට එකඟ වූ අතර පොදු විරෝධතා ප්‍රකාශනයක් සඳහා අත්සන් කිරීමටද එකඟ වන ලදී. මේ වනවිට වෘත්තීය සමිති ජාතික අරගලයකට නොව වෘත්තීය අරගලයකට පවා ශක්තියක් නොමැතිව පැවැතියද විවිධ වෘත්තීය සමිති සම්මේලන මෙම අරගලය වෙනුවෙන් වෙන වෙනම සාකච්ඡා කැඳවන ලදී.
ලංකා කොමියුනිස්ටි පක්‍ෂයේ පණ්ඩිත මහතාගේ නායකත්වයෙන් පැවැති වෘත්තීය සමිති සම්මේලනයේ සාකච්ඡාවක් කැඳවූ අතර එම සාකච්ඡාවට සහභාගී වූ අ.වි.ශි.බ.ම නියෝජිතවරයාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙනු ලැබූ අතර මෙම අරගලය තමන්ට හිතවත් කණ්ඩායම් සමඟ පමණක් පැවැත්වීමට සියලු උත්සාහ දරන ලදී. බාලා තම්පෝ මහතා නායකත්වය දරන වෘත්තීය සමිති සම්මේලනයද වෙනම සාකච්ඡාවක් කැඳවන ලදී.
වෛද්‍ය සිසුන්ගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති අරගලයට සහාය දැක්වීමට ඉදිරිපත් වූ අතර ඔවුන් මෙම අරගලයේදී වැඩි දායකත්වයක් දක්වන ලදී.
විශ්වවිද්‍යාල සියල්ලක්ම මේ වනවිට ශිෂ්‍ය අරගල ඇරඹි පැවැති අතර බොහෝ දෙනකු විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන ලදී. විශ්වවිද්‍යාල අනධයයන කාර්ය මණ්ඩලය සඳහා ඒ ඒ විශ්වවිද්‍යාලවල වෘත්තීය සමිති පැවැතිය ද ඒවා එම විශ්වවිද්‍යාලයේ අනෙකුත් සමිති හෝ වෙනත් විශ්වවිද්‍යාලවල වෘත්තීය සමිති සමඟ සම්බන්ධයක් නොපැවැත්වීය. ශිෂ්‍ය අරගලවල ආශිර්වාදයක් ලැබූ මෙම වෘත්තීය සමිති අ.වි.ශි.බ.ම මෙහෙය වූ අරගල සඳහා සහාය දැක්වුද සංවිධානාත්මක සහයක් දැක්වීමට විධික්‍රමයක් නොවීය.
වෛද්‍ය සිසුන්ගේ මෙහෙයවීමෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානගත කිරීම ඇරඹිණි. එක් එක් විශ්වවිද්‍යාල තුළ පැවැති සියලු සංගම් රැස්කර විශ්වවිද්‍යාල තුළ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයක් ගොඩනැගුණු අතර සියලු විශ්වවිද්‍යාලවල වෘත්තිය සමිති සන්ධාන එක්කොට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩල පිහිටුවන ලදී, අදටත් ක්‍රියාත්මක වන මෙම අන්තර් විශ්ව විද්‍යාලය වෘත්තීය සමිති බලමණ්ඩලය වෛද්‍ය ශිෂ්‍ය අරගලය මගින් වෛද්‍ය සිසුන්ගේ මැදිහත්වීමෙන් නිර්මාණය වූ බව වර්තමානයේ එහි සිටින නායකයින් නොදන්නවා විය හැකිය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්