ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.
මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.
දහනව වැනි කොටස
ඬේඬේ ගේ මව පසුව කුමක් කීවත් ඈ මුලදී වර්ජිලියෝ මොරාලෙස් ප්‍රිය කළ බව කිව යුතුය. ඈ සාලයේ වාඩි වී තරුණ වෛද්‍යවරයා හා කතා බහ කළාය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ට්‍රයගිව් ලයි ගේ පැමිණීම අගනුවර පෙළපාළි, රජයේ වැඩපිළිවෙළ වැනි නොයෙක් දේවල් ඔවුනගේ කතාබහට ලක්විය. විටෙක මිනර්වාගේත් ඔහුගේත් කතාබහට කන්දී සිටි අම්මා මෙම කතාබහ මිනර්වාගේ සෞඛ්‍යයට එපමණ හිතකර නැති බව කීවාය. මොන වගේ වෙනස් අදහස් තියෙන තරුණයෙක්ද? විටෙක මව ලියෝ ගැන එසේ කීවාය.
විටෙක ඬේඬේට කලහකාරී බවක් දැනුණි. සියල්ලටම පසුව ඇගේ විවාහය තීන්දු වී තිබූ වැන්න. නමුත් එම තරුණයා ජැමිටෝ ගැන වචනයක පලුද්දක් කීමට නොතිබුණි. මෙක්සිකානු ගුයෙබරා ඇඳුමට ඔහු බොහෝ කඩවසම් විය. ඔහු බොහෝ හාස්‍ය කතා කීමට ද රුසියෙකි. අම්මා ඔහු ගැන දැන සිටියේ ඔහු ඇගේ ඥාති සොයුරියගේ කුස තුළට පැමිණි දා පටන්ය. ඔහු ගැන කීමට තිබූ එකම දෙය ඒ ජැමිටෝ කියා පමණි.
ඬේඬේ හා ජැමිටෝ විටෙක ගෙවත්තට වී කාටත් නොපෙනෙන්නට හාදු හුවමාරු කර ගත්හ. අම්මා සාලයේ හිඳ චෝදනාත්මක ස්වරයෙන් ඈ අමතන හඬ විටෙක ඬේඬේට ඇසිණ. විටෙක ඔවුන් විගසින් පිළිතුරු නුදුන් විට අම්මා ජැමිටෝ ගේ පැමිණීමට තහංචි දමමින් ඔහුට පැමිණීමට හැකි බදාදා සෙනසුරාදා පමණක් බව කීවාය.
නමුත් ජැමිටෝ පාලනය කළ හැකි කාටද? සහෝදරියන් පස්දෙනෙකු පාලනය කළ මවගේ සෙනෙහසින් නරක් වූ ජැමිටෝ සඳුදා පැමිණියේ ඩොක් එන්රිකේ හමුවීමටය. අඟහරුවාදා බදාදා ඉස්ටෝරුවේ බඩු පැටවීම හෝ බෑම වැනිදෑට උදවු කිරීමට තිබිණ. සිකුරාදා මව එවන යමක් රැගෙන ඒම කළ යුතුවිය. ඔහු ගෙන එන පොල්ටොපි හෝ චෙරි බෑගය ගන්නා මව සුසුමක් හෙළුවාය. මේ ජැමිටෝ නම්...
එක් ඉරිදාවක මේට් අම්මාට ඇසෙන සේ පුවත්පත උස් හඬින් කියවමින් සිටියාය. අම්මා තව දුරටත් ඇස් පෙනීම ගැන මැසිවිලි නැඟුවත් ඇගේ ගැටලුව වූයේ අකුරු කියවීමේ නොහැකියාව බව ඬේඬේ දැන සිටියාය. ඬේඬේ මවට ඇසෙන්නට ප්‍රවෘත්ති කියවන විට ඈ කනගාටුවට පත්වන දේවල් තිබී නම් ඒවා මග හැරියාය. නමුත් මෙදින මේට් විශ්වවිද්‍යාලයේ විරෝධතාවක් ගැන උස් හඬින් කියවූවාය. එය මෙහෙයවා තිබුණේ තරුණ මහාචාර්යවරුන් හා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් විසිනි. එම නම් අතර වර්ජිලියෝ මොරාලෙස් ගේ නම තිබිණ. අම්මාගේ මුහුණ අළු පැහැ වුණි. ඒක ආයෙත් සැරයක් කියවන්න වේගය අඩු කරලා යි ඈ ඇණවූවාය. මේට් ඡේදය නැවත කියවූයේ තමා කියවන්නේ කුමක්දැයි අවබෝධ කරගනිමිනි. නමුත් ඒ අපේ ලියෝ නෙවෙයි නේද?
මිනර්වා යි අම්මා කතා කළාය. කියවමින් සිටි පොත අත් තබාගෙනම නිදන කාමරයේ දොරෙන් එබී බැලුවේ ඔවුන් සෑම දෙනාගේ මරණයට හේතු වන්නයි. වාඩිවෙන්න පුංචි නෝනා ඔයාට කරුණු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.
අම්මා ලියෝගේ අදහස්වලට කන්දී සිටි බවත් ඔහු හා එකඟ වී ඇති බවක් කියමින් මිනර්වා දක්‍ෂ ලෙස තර්ක කළාය.
නමුත් ඒ දේවල් සමාජවාදී අදහස් බව මං දැනගෙන හිටියෙ නැහැ. අම්මා විරුද්ධ වූවාය.
එදින රැයේ තාත්තා ගොවිපොළේ වැඩ නිමකර පැමිණි පසුව අම්මා ඔහු ඇගේ කාමරයට කැඳවා දොර වසා ගත්තාය. ඬේඬේ හා ජැම්ටෝ සාලයේ කතා කරමින් සිටි බැවින් ඔවුනට ඇගේ කෝපයට පත් හඬ ඇසින. ඈ තිබූ දේවලින් ඬේඬේට අල්ලා ගත හැකි වූයේ අතරින් පතර වචන පමණි. ඕනෑවට වැඩියෙ ලුහුබඳිනවා. තැකීමක් කරන්න තමන්ගේ දුව නේද? ඬේඬේ ජැමිටෝ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙකි. නමුත් ඔහු ඉවත බලා ගත්තේය. ඔබේ මව පියාට දොස් කීම නොකළ යුතුයි. මං මොකුත් නොකියා සිටීම ගැන ඈ මටත් දොස් කිවුවා නම් අහකයි.
“ඔයා දැනගෙන හිටියද?” ඬේඬේ ඇසුවාය.
“ඔයා අදහස් කරන්නෙ මොනවද ඬේඬේ? ඇගේ නොදන්නා කම ගැන ඔහු විමතියට පත් වූ බව පෙණින. ඔයාත් දැනගෙන හිටියා නේද?”
ඬේඬේට කළ හැකි වූයේ හිස සැලීම පමණි. ලියෝ කොමියුනිස්ට්වාදියෙකු බව හෝ පත්තරකාරයින් ඔහු රජය පෙරළා දැමීමට සැරසෙන්නකු වැනි විවිධ චෝදනාවලින් හැඳින් වූ බව හෝ ඈ දැන සිටියේ නැත. ඈ මින්පෙර කිසිදාක රජයේ සතුරෙකු දැන නොසිටියේය. ඈ වටහාගෙන සිටියේ එවැනි පුද්ගලයින් කුරිරු පහත් පන්තියේ අපරාධකරුවන් බවය. නමුත් ලියෝ උදාර අදහස් සහිත සානුකම්පිත හදවතක් හිමි කදිම තරුණයෙකි. රජයේ සතුරෙක්? එසේ නම් මිනර්වා ද රජයේ සතුරෙකි. එසේ නම් දිගු වේලාවක් දැඩිලෙස කල්පනා කිරීමෙන් පසුව තමාද එබඳු සතුරෙකු වන බවට සැකයක් නැතැයි ඇයට අවබෝධ විය.
මම දැනගෙන හිටියෙ නැහැ යි ඈ යළිත් කීවාය. ඈ අදහස් කෙරුවේ ඔවුන් පොලිසිය හඹා එන තත්ත්වයකට පත්වන තුරුම අවබෝධ කර නොගන්නා වූ යමක් ගැනය.
ඬේඬේ ගේ දිවියට නව අභියෝගයක් එක්වුණි. ඈ උනන්දුවෙන් පුවත්පත් කියවන්නට වූවාය. ලියෝ සඳහන් කළ නම් ගැන ඈ අවධානය යොමු කළාය. ඈ තමා කියවූ දෑ හොඳින් කල්පනා කර බැලුවාය. මින් පෙර ඇයට මෙම දේවල් ග්‍රහණය නො වූයේ ඇයිද? ඈ තමාගෙන්ම විමසා බැලුවාය. නමුත් අසීරුම පැනය අනතුරුව මතුවුණි. ඈ දැනගත් පසුව කළ යුතු කුමක්ද?
ලියෝ යනු කවරෙක්දැයි දැනගත් පසුව අම්මා ඔහුට නිවසට පැමිණීම තහනම් කළාය. ඔවුනගේ මිත්‍රත්වය හෝ ප්‍රේම සම්බන්ධය හෝ කවරක් හෝ රහසින් ක්‍රියාත්මක විය. ඬේඬේ ඇයට උදවු කළාය. ඔවුන් ජැමිටෝ හා එළියට යන විට අතර මගින් ලියෝද එකතු කර ගැනීමට සිදුවිය.
එළියට ගොස් පැමිණි සැම විටම ඬේඬේ මිනර්වා ගේ කාමරයට ගොස් ස්වල්ප වේලාවක් එහි ගත කළාය. එය මේට් පාසල් නිවාඩුවට පැමිණි විට මිනර්වා සමගින් බෙදා ගත් කාමරයයි. ඈ මේට් ගේ ඇඳෙහි වැතිර සාමාන්‍ය පරිදි තොරතුරු කතා කරන්නට වෑයම් කළාය. මිනර්වා පිළිතුරු සැපයුවේ නිදිමත වූ අයුරිනි. ඬේඬේ තම අනාගත සැලසුම් යළි සිහිපත් කළාය. ඒ ජැමිටෝ හා විවාහ වන අන්දම ඔවුනගේ විවාහ උත්සවය මිලදී ගන්නා නිවස කෙබඳුද හදන ළමයින් ගණන යනාදී වශයෙනි. එය නතරවනු ඇත්තේ මිනර්වා උස් හඬින් හිනැහීමෙනි. ඔයා කඬේ රාක්ක අහුරනවා නෙවෙයි. හැමදේම සැලසුම් කරන්න එපා. ජීවිතයට ඔයාව පොඞ්ඩක් විමතියට පත් කරන්න ඉඩ දෙන්න.
එහෙම නම් ඔයයි ලියෝයි ගැන කියන්න”
“අනේ ඬේඬේ මට හරිම නිදිමතයි. කියන්න තරම් දේකුත් නැහැ” එයින් ඬේඬේ අවුලට පත් වූවාය. මිනර්වා පැවසුවේ ඈ ලියෝ සමග ආදර සම්බන්ධයක් නොපවත්වන බවය. ඔවුන් අරගලයක සහචරයින් දෙදෙනෙකු පමණි. එය මිනිසුන් හා ගැහැනුන් එක්ව කටයුතු කරන නව ක්‍රමයක් වූ අතර එයට ප්‍රේමය වැනි රොමැන්තික හැඟුම් ඇතුළත් නොවීය. ඬේඬේ හිස සැලුවාය. කොපමණ උද්‍යෝගි මනසකින් යුතු වුවද ඇයට හැඟී ගිය තාක් දුරට පිරිමියා පිරිමියෙකු වූ අතර ගැහැනිය ගැහැනියක වන්නීය. විප්ලවය කියා විශේෂ වගකීමක් තිබෙන්නට ඉඩක් නොවීය. තම සොයුරියගේ රහස් සැඟවීම ඇගේ ස්වාධීනත්වය බැව් සිතන්නට ඬේඬේ පෙලඹුණේ නිතැතිනි. නමුත් ඈ හේතු රහිතව මෙම සහචර සැබැඳියාවට අනුබල දුන්නාය. ඒ ඔවුන් දෙදෙනා කෙදිනක හෝ විවාහ වනු ඇතැයි යන අදහස පෙරදැරිකොටය.
පරිවර්තනය
මානෙල් ජයන්ති ගුණසේකර