‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යැයි පැරණි කියමනක් වේ. බොහෝවිට එය සත්‍ය බව ද පෙනී යයි. එහෙත් එය ඉඳුරාම අසත්‍යයක් බව තහවුරු කරන අය ද ඉඳහිට බිහිවෙති.
කලක් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා එවැනි විරල ගණයේ සමතෙකි. එතුමා ප්‍රකට දේශපාලනඥයෙකි. නීති විශාරදයෙකි. කලා ශිල්පියෙකි. බැතිමත් බොදු උවැසියෙකි. කලක් භාවනානුයෝගී මහතෙර නමකි. ව්‍යක්ත කථිකයෙකි. රට දැය සමය කෙරෙහි දැඩි ආදරයකින් යුතු වූ දේශප්‍රේමියෙකි. පෙර අපර දිග භාෂා සාහිත්‍යයන් ගැන මනා දැනුමක් ඇති පඬිවරයෙකි. දානපතියෙකි.
දක්ෂිණ ලංකාවේ බළපිටිය පුරවරය නිජබිම් කර ගනිමින් 1899 ජනවාරි 17 වැනිදා උපත ලද ශ්‍රී නිශ්ශංකයන්ගේ මා පියන් වූවේ නිශ්ශංක දිවේරිස් මැන්ඩිස් ද සොයිසා මහතා සහ අනෝමා වික්‍රමරත්න යුවතිපතින්ය.
කුඩා වියේදීම කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් කරන ලදුව බොදු ආගමික ආභාසය ඇතිව හැදුණු හර්බට් ශ්‍රී නිශ්ශංක දරුවා පසුකාලීනව රාජකීය විදුහලෙන්ද අධ්‍යාපනය ලැබීය. මූලික අධ්‍යාපනය නිමාකර කොළඹ නීති විද්‍යාලයට බැඳී නීති අධ්‍යාපනය හැදෑරීය.
එය අධිරාජ්‍යවාදී පාලනය යටතේ අන්ධකාරයේ ගිලී ගිය බෞද්ධ උරුමය සහ ආගමික වටිනාකම් නැවත නගා සිටුවීමට අනගාරික ධර්මපාල, හෙන්රි ස්ටීල් ඕල්කට් ආදී නායකයන් දැඩි අරගලයක නියැළී සිටින සමයක් විය. ශාසනය පිරිහී භික්ෂූන් වහන්සේලා පවා ආරාමීය සුඛෝපභෝගී ජීවිතයට නැඹුරු වෙමින් සිටියහ. ආමිෂයම මුල් තැන තබා මුදල් හදල් දානමාන පිළිගැනීම පමණක්ම මුල්තැනදීම සසර නිමා කිරීමේ ඒකායන මාර්ගය බව බොහෝ පැවිද්දෝ අනුදැන වදාළහ.
එහෙත් සසරින් එතෙරවීම උදෙසා වන පිළිවෙත විය යුත්තේ සිත දියුණු කරන භාවනානුයෝගී වීමෙන් බව දත් සමහර භික්ෂූන් වහන්සේලා බුරුම රටට වැඩම කරවා විදර්ශනා භාවනා පටිපාටිය හදාරා පැමිණ මෙරට බොදු ජනයාට මෙම නිත්‍ය නිර්වාණ ගමන් මාර්ගය පෙන්වා දෙමින් සිටියහ.
අරංගල සිරිධම්ම හිමියෝ දහ අට වසරක් බුරුමයේ මණ්ඩලේ නුවර ශික්ෂාකාමී විශූද්ධාණොන්සොයාඩෝ නම් මහ තෙරුන් වහන්සේ ගෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පමණක් නොව විදර්ශනා භාවනා හා කම්මට්ඨානාදිය ගැනද හදාරා මනා දැනුමක් සහිතව මව්බිම වෙත වැඩම කළහ. මෙසේ තමන් දැන කියා ගත් ධර්ම විනය කරුණු සහ භාවනා ක්‍රම පිළිබඳව ධර්ම දේශනා පවත්වමින් ආරණ්‍යගතව, රුක්ඛමූලගතව හා ශුන්‍යාගාරගතව භාවනා වැඩීමෙන් සිත දියුණු කර ගන්නා ආකාරයත්, සසරින් එතෙර වන ක්‍රියා පිළිවෙතක් ගැන දේශනා ආරම්භ කළහ.
කොළඹ නගරයේ පමණක් නොව තදාසන්න පෙදෙස්වල ද එම දේශනා අතිශය ජනප්‍රිය භාවයට පැමිණි අතර බොහෝ ජනී ජනයා ධර්ම ශ්‍රවණය පිණිස ඇදී ආහ. බළපිටියේ පදිංචිව සිටි නිශ්ශංක දිවේරිස් මැන්ඩිස් ද සොයිසාත් ඔවුන්ගේ අඹුදරුවනුත් මේ ධර්ම ශ්‍රවණයට යාම පුරුද්දක් කර ගත්හ.
ඔහු ශ්‍රී ලංකාවට සැපත්වීමෙන් පසු 1922 ජූලි මස 27 වැනිදා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර්වරයකු ලෙස දිවුරුම් දී වැඩ භාර ගත්තේය. වෘත්තීය දැනුම සහ අත්දැකීම් වලින් පෝෂණය වෙමින් තිබියදී රට පුරා පැතිරුණු කීර්තියක් ලබාගැනීමට එතුමා සමත් විය. විචක්ෂණ බුද්ධියකින් යුතුව වාදිභසිංහයකු මෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අධිකරණයේ දස්කම් පාන මෙම තරුණ අධිනීතිඥවරයා පිළිබඳ යශෝකීර්තිය ලංකාව පුරා පමණක් නොව විදේශයන්හිද ප්‍රකට වීමට ගතවූයේ කෙටි කාලයකි.
එවකට කොළඹ බේස්ලයින් පාරේ පදිංචිව සිටි මෙම පිනැතියෝ ධර්මය හා බණ භාවනා කෙරෙහි බොහෝ සෙයින්ම ඇදී ගියහ. නිශ්ශංක පවුලේ පුත්‍රයා වූ හර්බර්ට් ශ්‍රී නිශ්ශංක තරුණයා නීති විද්‍යාලයේ තුන් වැනි වසර හදාරමින් සිටියේය. සසර පුරුද්දේ පුණ්‍ය බලයකින් මෙන් ඔහුට ද පැවිදි දිවියට ඇතුළත් වීමේ ආශාවක් උපන්නේය.
එහෙයින් කවිධජ යන ශාසනික නාමයෙන් යුතුව පැවිදි බවට පත්වූහ. බුරුමයේ එරාවතී ගඟ අසබඩ ගල් ලෙනක වාසය කළ ගන්ධයුෂයාඩෝ නම් මහතෙරුන් වහන්සේගේ පාද මූලයෙහි සමථ, විදර්ශනා භාවනාද්වය ගැඹුරින්ම ප්‍රගුණ කිරීමේ වාසනාව කවිධජ ස්වාමීන් වහන්සේට අත්විණ.
කලක් ගතවනවිට උන්වහන්සේගේ පියා බලවත් සේ රෝගී බවට පත්වූයෙන් එතුමන්ට උපස්ථාන කිරීමත්, ගිලන් බවින් මුදවා ගැනීමත් යන සද් චේතනාවෙන් යුතුව උපැවිදි වූ බව ලේඛන ගතව තිබේ. පියා දිවංගතවීමෙන් පසු මහණ වීමට පෙර නවතා දැමුණු නීති අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමුවී ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී බැරිස්ටර්වරයකු ලෙස සමත් වූ ශ්‍රී නිශ්ශංක මහතා බි්‍රතාන්‍යයේ මිඞ්ල් ටෙම්පල්හි නීති වෘත්තියේ යෙදුණේය.
සරසවි අධ්‍යාපනයේ යෙදෙන සමයේ ඔක්ස්ෆර්ඞ්හි දී හඳුනාගනු ලැබූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශිෂ්‍යයා ද සමග ඉතා සමීප සබඳතාවකින් යුක්තව කටයුතු කරනු දක්නා ලදී.
ඔහු ශ්‍රී ලංකාවට සැපත්වීමෙන් පසු 1922 ජූලි මස 27 වැනිදා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර්වරයකු ලෙස දිවුරුම් දී වැඩ භාර ගත්තේය. වෘත්තීය දැනුම සහ අත්දැකීම් වලින් පෝෂණය වෙමින් තිබියදී රට පුරා පැතිරුණු කීර්තියක් ලබාගැනීමට එතුමා සමත් විය. විචක්ෂණ බුද්ධියකින් යුතුව වාදිභසිංහයකු මෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අධිකරණයේ දස්කම් පාන මෙම තරුණ අධිනීතිඥවරයා පිළිබඳ යශෝකීර්තිය ලංකාව පුරා පමණක් නොව විදේශයන්හිද ප්‍රකට වීමට ගතවූයේ කෙටි කාලයකි.
එනිසාම බි්‍රතාන්‍ය අධිරාජයා වෙතින් පිදෙන රාජ නීතිඥ නම් උසස් පදවියකින්ද පිදුම් ලැබුවේය. අපරාධ නඩු පිළිබඳ විශේෂඥ දැනුමකින් යුතු මෙම දක්ෂ අධිනීතිඥවරයා මරණීය දණ්ඩනයෙන් මුදවාගත් වරදකරුවන්ගේ සංඛ්‍යාව ඉමහත් බව කියැවේ. පසුව ඔවුන්ට බණ දහම් කියාදී යහපත් පුරවැසියන් වශයෙන් සමාජ ගත කළ බවද පැරණි වාර්තාවන්හි දැක්වේ.
ආරණ්‍යවාසී භික්ෂු ජීවිතය කෙරෙහි බොහෝ සෙයින්ම උනන්දුවක් දැක්වූ මෙම තරුණ අධිනීතිඥවරයා ශ්‍රී ලංකාවේ එවැනි ආරණ්‍ය සේනාසනයක් නොමැතිවීමේ අඩුපාඩුව සපුරා ලනු වස් එවැන්නක් ආරම්භ කිරීමේ දැඩි ප්‍රයත්නයක නියැළුණේය.
මේ අතර භාරතයට ගොස් බුද්ධකාලීන ඉන්දියාවේ දහස් ගණන් මහරහතන් වහන්සේ වැඩ සිටි ගිජ්ජකූඨ, වේහාර, ඉසිගිලි ආදී ගිරිලෙන් පරීක්ෂා කර ආරණ්‍ය සේනාසනයක පැවතිය යුතු ගති සොබා දැනකියා ගත්තේය. සල්ගල ආරණ්‍ය සේනාසනය නිර්මාණය වූවේ මෙම නිරීක්ෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙනි.
එහි භාවනාවන්හි යෙදෙන සුවහසක් ගිහි පැවිදි යෝගාවරයන්ටත් එම ස්ථානයේ දියුණුවට කටයුතු කරමින් නව විහාරාරාංග ඇතිකරණ සුපින්වතුන්ටත් මහා කුසල සිදුකර ගැනීමට සල්ගල ආරණ්‍යය ගොඩනැගීමෙන් ශ්‍රී නිශ්ශංක මැතිතුමා කළ සේවය අනාදිමත් කාලයක් බොදු සැදැහැවතුන්ගේ නිවන් මග සඵල කර ගැනීමට මහත් සේ උපකාර වනු ඇත.
එම යුගයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට නායකත්වය දෙනු ලැබුවේ සාම්ප්‍රදායික මත දැරූ ගතානුගතික ප්‍රතිපත්ති ගරු කළ නායකයන් පිරිසකි.
මතු සම්බන්ධයි...
සෝමසිරි වික්‍රමසිංහ