සුළු ජාතීන් වනාහි අවි දරන්නෝ නොවෙති. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න කෙරෙහි මහ ජාතියෙන් සැදුම්ලත් ආණ්ඩුව නොසැලකිලිමත් වන බව හැඟීමත් සමග ඔවුහු කලබලවෙති. මුලින්ම පාලකයන් සමග සුහදව අදහස් හුවමාරු කරගන්නා ඔවුහු දෙවැනිව කොන්දේසි සහිත සම්මුති හා ගිවිසුම්වලට එළැඹෙති.
දිගින් දිගටම එවැනි වෑයම් අසාර්ථක වනවිට ජාත්‍යන්තරය ලවා බලපෑම් කරවන්නට හෝ ආයුධ සන්නද්ධව අරගල කිරීමට පෙලඹෙති. 1948 දී බි්‍රතාන්‍යයෙන් දේශපාලන නිදහස ලැබුවද ස්වදේශික සුළු ජාතීන් සමග හැලහැප්පිලි ලේ වැගිරීම් හා ජාත්‍යන්තර බලපෑම් මේ වනතුරුත් නිමාවී නොමැත.
ඇතැම් දෙමළ ජන නායකයන් ආණ්ඩුව සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවත් නව පරපුරේ ඉඟුරු කල්ලිය පැරණි නායකයන්ගේ ඉවසීම හා කල්මැරීම නොඉවසති. ඔවුන් සන්නද්ධ අරගලයක් කරා ඇදෙන්නේ එබැවිනි. එය දෙමළ මෙන්ම මහ ජාතිය වන සිංහලයන්ටද පොදුය.
1815 දී මහනුවර රාජධානිය යටත්කරගත් බි්‍රතාන්‍යයෝ මුළු රටේ පාලනය සිය අතට ගත්හ. 1829 දී ගෙනා කෝල්බෲක් කැමරන් කොමිසම විසින් වාර්ගික නියෝජනයක් රටට හඳුන්වා දෙනු ලැබිණ. 1931 දී ඩොනමෝර් කොමිසම සර්වජන ඡන්ද බලය ස්ථාපිත කළ අතර සිංහල ආධිපත්‍යයට ප්‍රධාන තැනදී කටයුතු කළහ. මෙහිදී ජී. ජී. පොන්නම්බලම් නායකත්වය දුන් ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය දෙමළ ජාතිකයන්ට සමබර නියෝජනයක් ඉල්ලා සටන් වැදුණහ.
1944 දී සෝල්බරි කොමිසමේ නිර්දේශ මත දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (ක්‍ැහකදබ ඔක්) පිහිටුවන ලදී. එස්. ජේ. වී. චෙල්වනායගම් නමැති චරිතය කරළියට එන්නේ මේ යුගයේදීය.
මලයාවේ විසූ ශ්‍රී ලාංකික දෙමළ පවුලක 1898 මාර්තු 31 වැනිදා උපත ලද සැමුවෙල් ජේම්ස් වේළුපිල්ලේ චෙල්වනායගම් කෘතහස්ත දෙමළ නීතිඥයකු, දේශපාලනඥයකු හා මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ අතර ඉලංකෙයි තමිල් අරසුකච්චි (ෂඕණ) සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ (ඔඹඛත්) හි නිර්මාතෘ හා නායකයා විය.
ජී. ජී. පොන්නම්බලම් 1944 දී ්ක්‍ඔක් ස්ථාපනය කරන විට චෙල්වනායගම් එහි සංවිධායකයකු විය. දෙමළ සම නියෝජනය සඳහා මෙම පක්ෂ සටන් කරද්දී එහි කන්කසන්තුරේ අපේක්ෂකයා ලෙස ඔහු 1947 දී ඉදිරිපත්වී ජයග්‍රහණය කළේය.
පුරවැසි පනත ගෙන එන ලද්දේ 1948 අගෝස්තු 20 වැනිදාය.
එම පනතට එරෙහිවූ පොන්නම්බලම්ගේ ්ක්‍ඔක් පක්ෂය එජාපය හා උරණ වීය. 1949.12.10 දින ඉලංකෙයි තමිල් අරසුකච්චි (ෂඕණ) පක්ෂය පිහිටවූ අතර චෙල්වනායගම්, නාගනාදන් හා වන්නිසියහම් එහි නායකත්වය දැරූහ. එය ෆෙඩරල් පක්ෂය යැයි පසුව හැඳින්විණ.
ෆෙඩරල් පක්ෂයේ අරමුණු හතරක් විය. උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ රාජ්‍යයක් හා ඉතිරි පළාත්වල සිංහල රාජ්‍යයක් පිහිටුවීම, දෙමළ පළාත් රාජ්‍ය අනුග්‍රහය ලත් යටත් රාජ්‍යයක් කිරීම, ලංකා දෙමළ කතා කරන ජනතාව සහ ඉන්දීය දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සමගිය, සිංහල හා දෙමළ භාෂා සඳහා සම අයිතිය යනු එම ඉල්ලීම්ය.
ඒ සමගම චෙල්වනායගම් හෙවත් චෙල්වාට 1952 දී හිමිවූයේ පරාජයයි. ඒත් ඔහු 1956 පෙරළියත් සමග යළි ආසනය දිනාගත්තේය. 1956 ජුනි 05 වැනිදා ඔහුගේ නායකත්වයෙන් යුත් දෙමළ ක්‍රියාකාරීහු ගාලු මුවදොර පිටියේදී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනතට එරෙහිව උද්ඝෝෂණය කළහ. මෙහිදී දරුණු පොලිස් ප්‍රහාරයකින් ඔවුන්ට උත්තර ලැබිණ.
සෛවරී දෙමළ රාජ්‍යයක් යන සටන් පාඨය අතැතිව 1956 අගෝස්තු මස 19 වැනිදා ත්‍රි’මලේ සිව් වැනි වාර්ෂික සමුළුවේදී ෂඕණ පක්ෂය විසින් යෝජනා 04 ක් සම්මත කර ගන්නා ලදී.
1957 දී බණ්ඩාරනායක අගමැතිඳුන් විසින් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා නොව ශ්‍රී ලාංකිකයන් විසින් කරන ලද උද්ඝෝෂණයක් නිසාය. අප්‍රේල් මාසයේදී චෙල්වනායගම් සමග කළ සුහද සාකච්ඡාව අනුව ජූලි 26 වැනිදා ගිවිසුමක් අත්සන් කෙරිණ. එය ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පතකි.
ඒ අනුව කෘෂිකර්ම, ජනපදකරණය සමුපකාර, අධ්‍යාපන, විදුලිබල, ධීවර හා සෞඛ්‍ය, නිවාස, කර්මාන්ත, ඉඩම් හා ඉඩම් සංවර්ධන, සමාජ සේවා හා ජල යෝජනා හා බදු සහ ණය ලබාගැනීමේ බලතල ඒකාබද්ධ කිරීම හා බෙදා වෙන් කිරීමේ තීරණ ප්‍රාදේශීය සභාවන්ටම පැවරිණ.
ෆෙඩරල් රාජ්‍යයකට අන්තර් කාලීන හැඩගැන්වීම ලෙස ඇතැමුන් මෙය විග්‍රහකළ අතර සිංහල අන්තවාදීන් පැවසුවේ රට බෙදාදීමක් ලෙසිනි.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් දෙමළ ප්‍රදේශවලට යවන ලද ශ්‍රී අකුර දරන වාහන අංක තහඩු භාවිත කිරීම, දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කළ අතර චෙල්වනායම් ශ්‍රී විරෝධි සටන මෙහෙයවමින් එම තහඩුවල තාර තවරා කොළඹට එව්වේය.
1958 මාර්තු සහ අප්‍රේල් මාසවල මෙම විරෝධය ඇවිළුණ අතර තහඩු අපහරණ චෝදනා මත චෙල්වා සහ ගෝලයන් රිමාන්ඞ් භාරයට පත්කෙරිණ.
අනිත් අතට 1958 අප්‍රේල් මස 09 වැනිදා භික්ෂූන් වහන්සේ ඇතුළු දහස් ගණනක් එම ගිවිසුමට එරෙහිව වීදි බටහ. දානය ප්‍රතික්ෂේප කළහ. මහා පෙත්සමකට අත්සන් ගැනිණ. මේ කැලඹීම දුටු අගමැති බණ්ඩාරනායක මහතා සඟරුවනගේ ඉල්ලීමකට ගිවිසුම ඉරාදැමීය.
1958 මැයි 25 වැනිදා වව්නියාවේ පැවති ෂඕණ මහා සමුළුවේ තීරණය පරිදි දෙමළ විරෝධයක් පැනනැගිණ. තමිල්නාඩු දේශපාලඥයන්ටද දෝෂාරෝපණයක් එල්ල විණ. ජාතික විමුක්ති පෙරමුණ සහ ෆෙඩරල් පක්ෂය තහනම් වූ අතර චෙල්වා ඇතුළු නායකයන් පාර්ලිමේන්තුවෙන් නෙරපා සිරගත කෙරිණ. ෂඕණ නායකයන් නිවාස අත්අඩංගුවට පත් කෙරිණ. චෙල්වනායගම් ගේ සන්නිවේදනය ගොළුවිය.
එහෙත් දිය යට එබූ රබර් බෝලයක් සේ මෙම නිරායුධ, සත්‍යග්‍රහශීලී නායකයාට තවත් ජනතා වරමක් 1960 මාර්තු මැතිවරණයෙන් ලැබිණ.
එජාප අගමැති ඩඞ්ලිගේ ආණ්ඩුවට සහාය දැක්වීමට චෙල්වා සැරසුණද බහුතරයකගේ අකමැත්ත නිසා එය අසාර්ථක විණ. විපක්ෂයේ ශ්‍රීලනිපය සමග ඔවුන් සාකච්ඡා ඇරඹූ අතර කොන්දේසි සහිත විකල්ප ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපයට සහායදීමට සූදානම් බව චෙල්වා ආණ්ඩුකාරයාට දැනුම් දුන්නේය. එම නිසා ආණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිණ.
1960 ජූලි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රීලනිපය සමග වාමාංශික පක්ෂ ලැබූ ජයග්‍රහණයට සම්මාදම් වූ චෙල්වනායගම් ද ජයග්‍රහණය කළේය. එහෙත් දෙපිරිස අතර මත ගැටුම් නිසා ශ්‍රීලනිපය 1961 ජනවාරියේ සිට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ නීතිය ක්‍රියාත්මක කළේය. එනිසා චෙල්වනායම් ඇතුළු දෙමළ හිතවාදීහු උතුරේ විරෝධතාවක් ඇරඹූහ.
යාපනය කච්චේරිය දෙමළ රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ අතර සිංහල භාවිතය නතර කළහ. විරෝධතා පත්‍රිකා බෙදීමට යුහුසුලු වූහ. කච්චේරිය ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණය කළහ. පෙබරවාරි 20 වැනිදා එහි පැවති සාදයකදී කච්චේරිය වැටලූ දෙමළ පිරිස් ආණ්ඩුවේ ඒජන්ත වූ එම්. ශ්‍රී කාන්තට හා පොලිස් අධිකාරි රිචඞ් ආර්න්ට්ගේ වාහන වලට යන්නට නොදී අවහිර කළහ. පොලිස් බැටන් ප්‍රහාරය ඔවුන්ට එල්ලවූ අතර අමිර්තලිංගම්, ධර්මලිංගම්, කන්දයියා සහ නාගනාදන් හා තුරිරත්නම් වැනි දෙමළ මන්ත්‍රීවරුද තුවාල ලැබූහ. රැස්ව සිටි පිරිසට පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරයට මුහුණදීමට සිදුවිය. චෙල්වා එම සිද්ධිය හැඳින්වූයේ මුළුමහත් දෙමළ ජනතාවට එල්ලවූ ප්‍රහාරයක් ලෙසය.
දෙමළ කතාකරන ජනතාවගේ නිදහස දිනාගැනීමට සටන් වදිමු. ඔහු හඬනැගීය. වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට කරන උත්සාහයක් ලෙස රජය එය හැඳින්වීය.
1961 අප්‍රේල් 18 වැනිදා හදිසි නීතිය ප්‍රකාශ කරන ලද අතර ෂඕණ සංවිධානය තහනම් කෙරිණි. එහි සියලු මන්ත්‍රීවරුන් හා සාමාජික පිරිස පනාගොඩ හංවැල්ලේදී අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණ. චෙල්වාගේ වියපත් බවත් දුර්වල සෞඛ්‍ය තත්ත්වය සලකා කඳවුරෙන් බැහැර කර නිවස වෙත යවන ලදී.
චෙල්වනායම් ප්‍රභාකරන්ට සමාන කළ නොහැක්කේ සිංහල නායකයන් හා ඔහු තුළ තිබූ මිත්‍රත්වයත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමට සිංහල පක්ෂ සමග සම්මුතියකට ඒමට ඔහු තුළවූ කැමැත්ත නිසාය. සම්මුති හා ගිවිසුම් එකින් එක බිඳවැටෙන විට මානසිකව හා ශාරීරිකව ඇදවැටුණු චෙල්වනායම් ජීවිතයේ අවසාන භාගය ගෙවුණේ පාකින්සන් රෝගියකු ලෙසය.
ආයුධ සන්නද්ධ අරගලයකට වඩා ඔහු උපවාසය, සත්‍යක්‍රියාව, උද්ඝෝෂණය හා ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මාර්ග වලට ගරු කළේය. එනිසා සිංහල, දෙමළ ජනතාව ඔහු හැඳින්වූයේ කළු ගාන්ධි ලෙසිනි. තවත් අය ඔහු හැඳින්වූයේ තන්නායි චෙල්ව හෙවත් චෙල්ව පියා කියාය. එනම් සිලෝන් ටැමිල් පියා හෙවත් ලංකා දෙමළ පීතෘවරයා ලෙසය.
1961 දෙමළ උද්ඝෝෂණයේ චූදිතයන්ට එරෙහිව නඩු විභාගය අතරතුර බණ්ඩාරනායක අගමැතිනිය මැදිහත්වී චෙල්වනායගම්ගේ රෝගී තත්ත්වය සලකා බලා ස්නායු ශල්‍ය වෛද්‍ය ෆ්රැන්සිස් ජේම්ස් ගිලින්හැම්ගේ නිර්දේශය මත ශල්‍ය කර්මයක් සඳහා බි්‍රතාන්‍යයේ එඩින්බර්ග් රෝහල වෙත යැවූ අතර මාස කිහිපයකට පසු ඔහු යළි මව්බිමට එනවිට සියල්ල සමනය වී තිබිණ.
දෙමළ නායකයන්ගේ රැඳවුම් නියෝගය ඉවත් කළ බණ්ඩාරනායක මැතිනිය දිස්ත්‍රික් සභා පනත් කෙටුම්පත මගින් දිස්ත්‍රික් මට්ටමෙන් බලය බෙදා හැරීමට යෝජනා කළාය. නමුත් ජාතිවාදීහු ඇයට එරෙහිවූහ. එබැවින් 1964 දී එම ප්‍රයත්නයද නතරවිණ.
සිරිමාවෝගේ සමගි රජය 1964 දී බිඳවැටෙද්දී ෂඕණ සහය එජාප හවුල් ආණ්ඩුවක් සඳහා ලබාදෙන ලදී. 1964 දෙසැම්බර් 03 දින මහ මැතිවරණය දිනූ එජාපය තම කොන්දේසිවලට එකඟවූ චෙල්වනායම්ගේ පක්ෂය සමග ගිවිසුමක් අත්සන් කළේය. ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුම (ෘක්‍ක්) අත්සන් කෙරුණේ 1965 මාර්තු 24 වැනිදාය.
දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත යටතේ පරිපාලන කටයුතු හා ලේඛනගත කිරීම සඳහා දෙමළ භාෂාව උපයෝගී කර ගැනීමට ඉඩ සැලසිණ. උතුරු - නැගෙනහිර පළාත්වල අධිකරණ භාෂා පනත සංශෝධනය විය. ඉඩම් ආඥාපනත සංශෝධනය විය. හත්හවුල් ආණ්ඩුව දෙමළ නායකයන්ට පැවරූ ඇමැති තනතුරු පවා ෆෙඩරල් ක්‍රමය ලබාදෙනතුරු භාර නොගත්හ. උතුරු - නැගෙනහිර පරිපාලන භාෂාව දෙමළ භාෂාව කරමින් 1966 දී ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන පනත සම්මත කෙරිණ.
හත්හවුල පරදා 1970 දී සිරිමාවෝ යුගය උදාවන විට චෙල්වා පැවසුවේ දැන් ඉතින් දෙමළ ජනතාවට උදව් කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බවය. 1972 මැයි 22 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඔවුන්ගේ පැතුම් දුරස්ථ විය. 1977 දී දෙමළ අයිතිවාසිකම් පිළිබඳ නව ප්‍රාර්ථනා දැල්වෙද්දී අප්‍රේල් මස 26 වැනිදා හදිසි අසනීප තත්ත්වයෙන්ම ඔහු ස්වර්ගස්ථ විය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි