මෙරට පාලනය කළ අති විශිෂ්ට පාලකයකු වූ සර් ජෝන්ගේ පුරාවෘත්තය වූ කලී ජාතික ඉතිහාසයෙහි අමරණීය සිහිවටන රැසක් එක් කරන්නකි. ඔහු තුළ තම ළදරු විය හා සබැඳුන තම පියාගේ එඩිතර බව, කාර්යක්ෂම බව තුළින් උපන් ජාතිකානුරාගයක් එක්ව තිබිණි. ඒ අනුව ඉදිරි ගමන් මගෙහි එක් පියගැටපෙළක් පසු කළ හෙතෙම තම දේශපාලන කාර්යේදී ද එකී ගති ලක්ෂණ පරිපාලන ක්‍රියාවලියට ද යොදා ගත්තේය.
නැගී මතුව එන ශ්‍රී ලංකාවේ නව සෞභාග්‍යය ඔහු දුටු එක්තරා අන්දමක සිහිනයක් වී තිබිණි. ඇතැම් විට ඒ ගැන කනස්සල්ලට පත්විය. එහෙත් තමා සමග එක්ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක කවදා හෝ මේ රට එදා පැවැති අර්බුදකාරී දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් ගොඩගනිතැයි යන සිතිවිල්ලක් ඔහු තුළ පැවතිණි. මේ වනවිට නැගීගෙන එන ඒ මහජන මතය පෙරටු කරගෙන අගමැතිකමට පත්වූ බණ්ඩාරනායක එදා පාර්ලිමේන්තුවේ අගමැති වෙනදා ඔහු සභා ගැබේ දිවුරුම්දීමට පැමිණි බණ්ඩාරනායක තම දකුණතින් අල්ලාගෙන විපක්ෂනායකයාව සිටි එන්. එම්. පෙරේරා සමග කථානායකවරයා ඉදිරියට කැඳවාගෙන ගියේ මෙතෙක් කල් තිබූ දේශපාලන ආරවුල් වියවුල් අමතක කරමිනි.
පැය විසිහතරකින් සිංහලය රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු දී මහජනතාව ඉදිරියට පැමිණ අගමැතිකම ලබාගත් බණ්ඩාරනායකට එය පැය විසිහතරකින් කළ නොහැකි විය. එය අපේ ඉතිහාසයේ දේශපාලන පොරොන්දුවලට එක්තරා පූර්වාරම්භයක් පමණි. පසු කලෙක බණ්ඩාරනායක මැතිනිය දුන් ප්‍රතිඥාවක් වූයේ ඒ වනවිට පැවැති උග්‍ර සහල් ගැටලුවට හඳෙන් හෝ හාල් ගෙන එන බවකි. බණ්ඩාරනායක මැතිනියට එබඳු අදහසක් පළ කිරීමට හේතු වූයේ ඒ වනවිට රුසියාවේ යූරි ගගාරින් අභ්‍යාවකාශයට ගොස් සිටි නිසාය. අපි ඒ ඉතිහාසගත කතා පුවත යළි ඔබ සමඟ එක් කරන්නෙමු.
ඉතින් මම සර් ජෝන් කරපු කියපු දේවල් ටිකක් ආපහු එක් කරන්නම්.
අගමැති බණ්ඩාරනායක මේ රටේ අලුතින් ගෙන්වන මෝටර් රථවලට අලුත් නොම්මරයක් හදන්න තීරණය කළා. ඒ වෙනකොට කාර්වලට දීලා තිබුණෙ ඉංග්‍රීසි අකුරු ්ලඊලක්‍ලෘ ඉවරවෙලා’ ක්‍ෑශඛධභ කියන එදා ලංකාව හැඳින්වූ නමේ අකුරු දෙක බැගින් යොදා තිබූ අතර ඒ වන විට ෑභ කාණ්ඩයද අවසන්වීමට ළංව තිබුණි.
මේ වෙනකොට සර් ජෝන්ට හොඳ අදහසක් ආවා. නිකම් කසිකබල් මන්ත්‍රී කෙනෙකු වුණත් බණ්ඩාරනායක කරන්නේ හොඳ වැඩක් කියලා තමන්ගේ පරණ තේජවන්තකම පැත්තකට දාලා සර් ජෝන් බණ්ඩාරනායක ළඟට ගියා.
‘ශ්‍රී අකුර දාන එක බොහොම හොඳයි. ඒත් මම දැන් අගමැති නොවෙයිනේ. මට ඕනැ කරනවා එක දෙයක්. තමුන්නාන්සේ අගමැති. යන්නේ කැඩිලැක් කාර්එකේ. මම ගන්න අලුත් කාර් එකට 1 ශ්‍රී 1 කියලා නොම්මරේ ගහගන්න ඕනැ. එතකොට අර දෙමළ හැතිකරේට හොඳ පාඩමක්.
දේශපාලන වශයෙන් ප්‍රතිවාදියකු වූ සර් ජෝන් බණ්ඩාරනායකගේ අලුත් අදහසට එක් වෙමින් සිය මෝටර් රථය 1 ශ්‍රී 1 ලෙස යොදාගෙන මුළු රට පුරා ගමන් ගත්තේ ඉතාම සැහැල්ලු මිනිසකු ලෙසටය.
අගමැති බණ්ඩාරනායක හමු වූ සර් ජෝන් පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා උපදෙස් දුන්නේය.
‘බලන්නකෝ ඇවිත් ඉන්න කට්ටිය. කොහොම ද බූරු හැත්ත හසුරවන්නේ. කවිකොළ කාරයො රෙද්ද උස්සගෙන කයිවාරු ගහන උදවිය අගමැතිතුමාට බැරි නම් මම උන්ට හොඳ පාඩමක් උගන්වනවා’.
සර් ජෝන් හැමදාම නියමිත වේලාවට පාර්ලිමේන්තු සභා ගර්භයට ඒම පුරුද්දක් කොටගෙන තිබුණි. එහෙත් මූලාසනයට හිස පහත් කර ප්‍රවිෂ්ටවීමට සර් ජෝන් කැමැත්තක් නොදැක්වීය. යුද හමුදා පිළිගැනීම් අනුව සෙලියුට් එකක් ගසා හිඳගැනීමට ඔහු පුරුදුව සිටියේය.
අලුත් පාර්ලිමේන්තුව පටන් ගත්දා සිට විහිළුවට ලක්වෙමින් තිබෙන සැටි සර් ජෝන් දැක ගත්තේය. මහජන බලවේගයක් යැයි කියා පැමිණි පාර්ලිමේන්තුවට මැරවරයන් රස්තියාදුකාරයන් පැමිණ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ කාමරවල නිතර නිතර ගැවසෙන අයුරු ඔහු බලා සිටියේය.
එක් දිනක් සර් ජෝන් ගාලු මුවදොර දෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට බලා සිටියේ තමා හමුවීමට එන අමුත්තකු බලාපොරොත්තුවෙනි. හරි හැටි ඇඳුමක් පැලඳුමක් නැතිව පැමිණි අලුත් මන්ත්‍රීවරයෙක් සර් ජෝන් ඉදිරියට පැමිණියේය. ‘හලෝ ජෝන් කොහොමද සැප සනීප. ඉස්සර අගමැතිනේ. අද මොකද මේ මූද පැත්ත බලාගෙන ඉන්නේ’. ‘හලෝ ජෝන් එහෙමද යකෝ උඹ මට කිව්වේ’.
සර් ජෝන්ගේ පා පහරින් අර අලුත් මන්ත්‍රීවරයා බිම පෙරළී හතරගාතෙන් වැටෙන අයුරු සර් ජෝන් බලාගෙන සිටියේය. දූවිලි කාගෙන ගිය අලුත් මන්ත්‍රීවරයා අගමැති බණ්ඩාරනායකට මේ ගැන පැමිණිල්ලක් කළේය.
‘තමුසෙ මහ මෝඩයෙක්. මමත් සර් ජෝන්ට කියන්නේ බොහොම ගරුසරුව සර් ජෝන් කියලා. ඇයි තමුසෙ හලෝ ජෝන් කියලා කිව්වේ. ගිහින් සමාව ගන්නවා. නැත්නම් හෙට වෙනකොට උන්නැහේ තමුසෙ කනින් ඇඳගෙන මං ළඟට එක්කරගෙන ඒවි’.
අලුත් මන්ත්‍රීතුමා සර් ජෝන්ගෙන් තමන් අතින් වූ අතපසුවීම ගැන සමාව ගත්තේය.
‘කොල්ලෝ මම උඹලට උපදේශයක් දෙන්නෙ. උඹ ආවෙ ලියුම් බෙදන රස්සාවක ඉඳලනේ. මේක පාර්ලිමේන්තුව. එකක් දැන ගනින් මෙතැන තමයි මුළු රටම හදන තැන. ගිහින් කියාපන් මහ එකාට මම අද එතැන හිටිය නම් උඹ අර ලියුම් ගෙනියන පියුන්කාරයෙක් කරනවා කියලා. බැහැපිය පැත්තකට’.
බණ්ඩාරනායක අගමැතිතුමා මෙරට බලයට පත් වූ පසු පළමුවරට ගෙන ආ පනත් කෙටුම්පත වූයේ මිනිරන් පතල් ආශ්‍රිත ප්‍රදේශ රජයට පවරා ගැනීමට වූ පනතකි. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙද්දී විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි සර් ජෝන් පනතට පක්ෂව අත්දෙකම උස්සාගෙන සිටීම දුටු ජේ. ආර්. මේ කාලයේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත. ‘මිනිරන් මහී කාන්තාවන්ගෙන් ලැබුණු රත්තරන්’ ඒ හැම මිනිරන් පතල් සියල්ලේම අයිතිය එදා තිබුණේ සර් ජෝන්ටය. පසුවදා අලුයමින් ඔහු එහි ගියේ තම සේවාදායකයන්ට පාරිතෝෂිත මුදල් දෙගුණයක් ගෙවා රජයට එකී භුක්තිය පවරාදීමටය.
උත්පත්තිගත එඩිතර බව විසින් යළි යළි පණ ගැහුණ එමෙන්ම ජාතික අභිමානය පෙරටුකොට ගත් නව චින්තනයක් ඔහු සතුව මුහුකුරා තිබිණ. එම ශක්ති විශේෂය මෙරට මෙතෙක් පහළ වූ එකදු රාජ්‍ය නායකයකු තුළින් දක්නට නොලැබුණත් ඉදිරියේදී එවැන්නකු පහළ වෙතැයි අපි සිතමු.