1947 ප‍්‍රථම මහා මැතිවරණයෙන් පසු පිහිටැවූ එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් මණ්ඩලයට දෙමළ ජාතික දේශපාලනඥයෝ තිදෙනෙක්ම ඇතුළත් වූහ. අංක 51 මන්නාරම මන්ත‍්‍රී සී. සිත්තම්පලම් මහතා තැපැල් සහ විදුලි සංදේශ ඇමති වශයෙන් ද අංක 52 වවුනියාව මන්ත‍්‍රී සී. සුන්දරලිංගම් මහතා වෙළෙඳ ඇමති වශයෙන් ද මුල් අවස්ථාවේදීම කැබිනට් මණ්ඩල සාමාජිකයෝ බවට පත් වූහ.
කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ හා ධීවර අමාත්‍ය ධුරයට පත් කළ අංක 24 මහනුවර මන්ත‍්‍රී ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් වීමට එරෙහිව ප‍්‍රතිවාදී අපේක්ෂක ටී. බී. ඉලංගරත්න මහතා විසින් ගොනුකරන ලද පෙත්සම විභාගකොට දෙනු ලැබු තීන්දුවෙන් ආසනය අහිමි වීම නිසා ඔහු දැරූ අමාත්‍ය ධුරයට අංක 47 යාපනය මන්ත‍්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා (ද්‍ර.සං.* පත්කෙරිණි.
මෙම තිදෙනා අතරින් සී. සිත්තම්පලම් මහතා අතිදක්ෂ සිවිල් සේවා නිලධාරියෙක් විය. හෙතෙම වවුනියාව දිස්ත‍්‍රික්කයේ දිසාපති පදවිය දැරීය. සී. සුන්දරලිංගම් මහතා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විය. දෙමළ සංගමයේ නායක ජී. ජී. පොන්නම්බලම් මහතා රාජ නීතිඥවරයෙකි. මොවුනතුරෙන් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විවාදාත්මක චරිතය වූයේ වෙළෙඳ අමාත්‍ය ධුරයට පත් වූ සී. සුන්දරලිංගම් මහතාය. ඔහු තමා නියෝජනය කළ වවුනියාව ආසනය දෙවරක්ම පුරප්පාඩු වෙන්නට ඉඩ හැර අතුරු මැතිවරණ දෙකක්ම පැවැත්වීමට මඟ විවර කළේය.
සුන්දරලිංගම් මහතා ප‍්‍රථම වරට ජාතික දේශපාලනයට පිවිසියේ දෙවැනි ජාතික රාජ්‍යසභාවේ (1936* මන්නාරම් මුලතිව් ආසනය සඳහා 1943x08x28 දින පැවැත්වූ අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. ප‍්‍රථම මැතිවරණ සටනේ දී පරාජයට පත් වුවද හෙතෙම ඡුන්ද 5544ක් ලබා ගැනීමට සමත් වූයේය. ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූ අයි. ඥානමුත්තු මහතා ඡුන්ද 8298ක් ලබා ගනිමින් වැඩි ඡුන්ද 2754න් මන්නාරම මුලතිව් ආසනයේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා මන්ත‍්‍රීවරයා ලෙස තේරී පත් විය. පසුව 1944x05x13 දින මන්නාරම් මුලතිව් ආසනය වෙනුවෙන් පැවැත්වූ දෙවැනි අතුරු මැතිවරණයට ද තරග කළ නමුත් වැඩි ඡුන්ද 1305ක පරාජයක් ලැබීය. එවර ජයග‍්‍රහණය අත්කර ගත් ජේ. ත්‍යාගරාජා මහතා ඡුන්ද 6791ක් ලබා ගත් අතර සී. සුන්දරලිංගම් මහතාට හිමි වූයේ ඡුන්ද 5486කි. ඉන් වසර තුනකට පසුව පැවැත්වූ 1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී සී. සුන්දරලිංගම් මහතා අංක 51 වවුනියාව ආසනයට යතුර සලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළේය. එවර ඔහු පළමුවර ස්වකීය දේශපාලන ව්‍යාපාරය තුළ ජයග‍්‍රාහී මාවතට පිවිසි ආකාරය දැකගත හැකි විය. ඔහුගේ ඡුන්ද පදනම නොවෙනස්ව පැවතුණි. මුළු ඡුන්ද 5877ක් ලබා ගත් ඔහු ප‍්‍රතිවාදී අපේක්ෂක ජේ. ත්‍යාගරාජා (කුඩය* මහතා (ඡුන්ද 3381* වැඩි ඡුන්ද 2496න් පරදවා වවුනියාව ආසනයේ මන්ත‍්‍රීවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉන්පසු ප‍්‍රථම කැබිනට් මණ්ඩලයේ වෙළෙඳ ඇමති ධුරයට ඔහු පත් කෙරිණි. එහෙත් 1951 මාර්තු මස 01 සහ 02 යන දිනයන්හි පැවැත්වූ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සැසිවාරයේදී ජාතික කොඩිය පිළිබඳ විවාදයේදී, ජාතික කොඩි කාරක සභාවේ මතයට විරුද්ධ බව ප‍්‍රකාශ කිරීමෙන් හට ගත් අර්බුදය මත අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා විසින් නියම කරනු ලැබීමෙන් අනතුරුව සුන්දරලිංගම් මහතා අමාත්‍ය ධුරයට සමුදී පාර්ලමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තේය.
මෙම අර්බුදය හටගත් ජාතික කොඩි කාරක සභාව පිළිබඳ තොරතුරු සංෂිප්තයෙන් මෙසේය. බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී ලංකාවේ නිදහස ලැබීමෙන් පසු භාවිතා කළ යුතු ජාතික කොඩිය ගැන විවිධ අදහස් දේශපාලන කරළියට නැෙඟමින් තිබුණි. අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාගේ අදහස වූයේ සිංහලේ අන්තිම රජතුමා දෙමළ ජන වර්ගයට අයත් වුවද සිංහ කොඩිය නිල රාජකීය කොඩිය ලෙස පිළිගනිමින් කටයුතු කර ඇති බැවින් එය භාවිතා කිරීම සුදුසු බවයි. නමුත් මේ අවස්ථාවේ දී දෙමළ ජනයා නියෝජනය කළ ජී. ජී. පොන්නම්බලම් සහ ඇස්. ජේ. වී. චෙල්වනායගම් මෙම අදහසට තරයේම විරුද්ධත්වය පළකළහ. මෙම ප‍්‍රශ්නය සාධාරණ ලෙස විසඳීම පිණිස නිදහස් ලංකාවේ ජාතික කොඩිය නිර්දේශ කිරීම සඳහා ජාතික කොඩි කාරක සභාවක් පත් කරන බවට අගමැතිවරයා පොරොන්දුවක් දුන්නේය. ඒ අනුව පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය, සභා නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, සර් ලලිත රාජපක්ෂ, ටී. බී. ජයා, පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන, ජී. ජී. පොන්නම්බලම් සහ ඇස්. නඬේසන් යන අය සෙසු සාමාජිකයෝ වූහ. නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති විවාදයේ දී සී. සුන්දරලිංගම් මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය. ඔහු තරයේම ප‍්‍රකාශ කර සිටියේ සිංහ කොඩියට බැහැරින් සුළු ජන කොටස් වෙනුවෙන් පටි යෙදීම ඔවුන්ගේ අයිතිවාසිකම් නොසලකා හරිමින් ඔවුනට නිග‍්‍රහ කර ඇති බවය. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ සුන්දරලිංගම් මහතා ජාතික කොඩිය පිළිබඳ ප‍්‍රශ්නය මත වවුනියාව ආසනයට නැවත තරග කරන බව ප‍්‍රකාශකොට ආණ්ඩුක‍්‍රම නීතිය අනුව තුන් මසක් නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයෙන් පිටව සිට, ආසනය පුරප්පාඩු වෙන්නට ඉඩ හැර යළිත් තරගයට ඉදිරිපත් විය.
සී. සුන්දරලිංගම් මහතා බිරිඳ කනගම්බික්කෙයි අම්බල් සහ දරු තිදෙනා සමග.
ශ්‍රී ලාංකික ඡුන්ද දායකයන්ට නුහුරු නුපුරුදු අත්දැකීමක් වූ මෙම දේශපාලන සංසිද්ධිය 1951x09x18 දින දිනමිණ පත‍්‍රය වාර්තා කර තිබුණේ මෙසේය. ”අනිද්දා පාර්ලිමේන්තු ආසනයක් හිස් වෙයි. ජාතික කොඩි ප‍්‍රශ්නයෙන් විශේෂ දේශපාලන සිද්ධියක්. ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැුස් වනවිට ලංකාවේ ප‍්‍රධාන දේශපාලන මණ්ඩලය පිළිබඳ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ සිද්ධියක් සිදුවෙයි. එනම් මන්ත‍්‍රීවරයෙකුට ආසනයක් අහිමි වීමය. වවුනියාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. සුන්දරලිංගම් මහතාට අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වීමට නොහැකිය. ඒ මහතා පසුගිය මාර්තු මාසයේ 03 වැනිදා සිට අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික කොඩි කාරක සභාවේ කොඩි යෝජනාවට විරුද්ධත්වය දක්වා ඒ කොඩිය ඔසවනු ලැබීමෙන් පසු තමා පාර්ලිමේන්තුවේ වාඩි නොවන බව කියා අභියෝගයක් කළේය. අනිද්දා ඇති වන සිද්ධිය එහි ප‍්‍රතිඵලයයි. සභාවෙන් පිටත ගිය ඒ මහතාට තෙමසක් රැුස්වීම්වලට නොපැමිණීම නිසා ආසනය අහිමි වීය. සුන්දරලිංගම් මහතා මෙම රජයේ වෙළෙඳ ඇමතිවරයාය. මේ ආසනය හිස් වූ විට අතුරු මැතිවරණයේදී කොඩි ප‍්‍රශ්නය ද ඡුන්ද දායක ලැයිස්තු පිළියෙළ කිරීමේ ප‍්‍රතිපත්තිය ද ජාතික භාෂා ප‍්‍රශ්නය ද කුඩා ජාතීන්ට රක්ෂාවල් දීම පිළිබඳ ප‍්‍රශ්නය ද අනුව තමා ඒ ආසනය තරග කරන බව ඒ මහතා පැවසීය.
1951x10x31 දින අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා පත‍්‍ර භාර ගැනීම සිදු විය. එහෙත් යෝජිත මැතිවරණය නියමිත දිනයට පැවැත්වීමක් සිදු නොවීය. ඊට හේතුව මෙම අතුරු මැතිවරණයට ඉදිරිපත්ව සිටි වවුනියාව සුළු නගරාධිපති වී. ධර්මලිංගම් මහතා සිය නාමයෝජනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමයි.

ජී. ආර්. ඞී. බණ්ඩාර