1988 යනු දිවයින පුරා දේශපාලන භීෂණය බුර බුරා නැඟුණ සමයකි. එක් පැත්තකින් කොටි ත‍්‍රස්තවාදය ගම් වැසියන් මෙන්ම නගර වැසියන්ද බිලිගත් කොටි, රටේ මර්මස්ථානවලට දිගින් දිගටම පහර දෙන්නට වූහ.
මරාගෙන මැරෙන පිරිමි පොලිස් ඇස්වසා ගම් දනව් සිසාරා බෝම්බ අටවමින් තම ‘‘රාජකාරිය’’ අකුරටම ඉටු කළහ. ජංගම බෝම්බ බඩ බැඳගත් කාන්තාවෝ ප‍්‍රසිද්ධ ස්ථානවල මෙන්ම දේශපාලන රැුස්වීම් හා රජයේ කාර්යාලවලද ගොදුරු සොයමින් ගැවසුණහ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කල්ලිය වෙතද රජයේ ඇඟිලි දිගුවිය. 1971 දී ඔවුන් මෙහෙයවූ කුලූඳුල් විප්ලවයේ ප‍්‍රති නිර්මාණයක් ලෙස 1983 සිට ඇරඹුණ රාජ්‍ය විරෝධී ඝාතනරැුල්ල හඳුන්වා දෙන ලදී. ඔවුන්ට ‘‘දේශපේ‍්‍රමි’’ ලේබලයද ඇලවෙන ලදී. එහෙත් සැබෑවටම මෙම පැහැරගැනීම්, වධ හිංසාකිරීම් හා ඝාතනරැුල්ල මෙහෙවූයේ එජාප රජයේම ආශිර්වාදය ලැබූ කල්ලියක් විසින් යන ප‍්‍රසිද්ධ රහස රැුව් දෙන්නට විය.
මෙම සමය තුළ රටේ පරිපාලනය, නීතිය ක‍්‍රියාත්මක කරනවුන් මෙන්ම ආයතන පාලනය සිදුවුයේද දේශපාලන අතකොළු වන විශ්වාසවන්තම නිලධාරි පිරිසක් විසිනි. ඇඹිලිපිටිය මැදිමහ විදුහලේ උසස්පෙළ x සිසුන් 32 දෙනාගේ අතුරුදහන්වීමද එහි අතුරු ඵලයකි. වෙනත් වදන්වලින් කිවහොත් විදුහල්පතිවරයාගේ පෞද්ගලික වෙස්පෙරළියක් නිසා වූ අපරාධයකි.
ඇඹිලිපිටියේ සිසු ඝාතන රැුල්ල ඇරඹුණේ 1980 අග භාගයේ සිදුවූ අහඹු සිද්ධියකිනි. පෞද්ගලික ව්‍යාපාරිකයකුට තෙල් ගබඩාවක් ඉදිකිරීම සඳහා පාසල් භූමියෙන් කොටසක් පවරාදීම ගැන ප‍්‍රදේශවාසීන් සහ සිසුවෝ විරෝධතාව පළකළහ. එය උද්ඝෝෂණයක් ලෙස පැතිර ගියේය.
මෙම කලබලයෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිතු එක් පුද්ගලයෙක් විය. ඔහු විදුහල්පති තනතුරට ඇස ගසාගෙන සිටි අධ්‍යාපන නිලධාරියකු වූ දයානන්ද ගලප්පත්තිය. ජ.වි.පෙ හිතවාදියකු ලෙසින් පෙනී සිට සටන් පාඨ ඇතුළත් පෝස්ටර් පාසලේ ඇලවීමට ඔහු ක‍්‍රියාකළබව කියති. මේ නිසා අභූත චෝදනා එල්ලවූ විදුහල්පති ජයතිස්ස මහතා මාරුකර හැරිණ.
දේශපාලන ආශිර්වාදයෙන් විදුහල්පති පුටුවට පත්වුණු ගලප්පත්ති තමා පාසල තුළ ජ.වි.පෙ මර්දනයට සුදුසු පුද්ගලයා බව කියා සිටීම නිසා එහි කඳවුරු බැඳගත් හය වන කාලතුවක්කු බළකාය සමග මිත‍්‍ර වීමට ඔහුට හැකිවිය.
විදුහල්පතිගේ පුත් චමින්ද එකල මෙම පාසලේ ආධිපත්‍යය උසුලමින් සිසුන් සමග නොයෙක් මත ගැටුම් ඇතිකර ගත් අතර ඒවා කලකෝලාහල බවට පත්වීමට වැඩිකලක් නොගියේය. යු.ඇන්.පී පළාත් සභා මන්ත‍්‍රීවරයකුගේ ආශිර්වාදයද චමින්දට ලැබිණ. ආරක්ෂක භටයන් පාසලේ නිතර ගැවසෙනවාට විදුහල්පති පියාගෙන්ද විරෝධයක් නොවීය. පාසලේ අර්බුදය පිළිබදව ගුරුවරුන් තිදෙනකුගේ විනය කොමිටියක් පත් කෙරිණ. දිගට හරහට සිසු සිසුවියන් ගෙන් කට උත්තර ගැනිණ. චූදිතයන්ගේ ලැයිස්තුවක්ද තැනිණ.
‘උඹලා වැඩිපුර දඟලූවොත් ටයර් උඩ යවනවා ‘තේක්ක කැලේ යවනවා’ මහඑවුන්ට හදන්න බැරිනම් මං හමුදාවට භාර දීලා හරි හදන්නම්’ විදුහල්පතිවරයා වහසිබස් දෙඞීය. තේක්ක කැලේ එදා විරුද්ධවාදින්ගේ ඉරණම විසඳුණු තැනකි.
එහෙත් විදුහල්පතිවරයාට එරෙහිවද නැඟුණ චෝදනාවලද අඩුවක් නොවීය. ‘කල්ලිවාදයක් ගොඩනැඟීම, ළමුන් ඇතුළත් කර ගැනීමේදි අල්ලස් ගැනීම ආහාර මුදල් වංචාව’ වැනි චෝදනා ඔහුට එල්ලවිය.
මේ අතර මෙම විෂම පරිසරය තවත් ව්‍යාකුල වීමේ සිද්ධියක් මතුවිය. එනම් චමින්ද ගලප්පත්ති සහ ඉහත කී පළාත්සභා මන්ත‍්‍රීගේ දියණිය අතර ඇති වූ පාසල් පේ‍්‍රම සම්බන්ධයයි.
මෙම පේ‍්‍රම සම්බන්ධය පිළිබඳ විපරමින් සිටි අනිත් පිළේ සිසුන්ට සිසුවිය චමින්දට ලියු පෙම්හසුනක් හමුවිය. ඔවුන් එය කියවා විනෝද වූ අතර දින කිහිපයකින්ම එය විදුහල්පතිට ආරංචි වී ලිිපිය ආපසු ගැනීමට උත්සහ කළද අසාර්ථක විය. සිසුවියද ඇඹිලිපිටිය විදුහලෙන් අස්වී රත්නපුර පාසලකට ගියාය. සිසුන්ගෙන් පළිගැනීම එතැන්සිට ඇරඹුණු බව සාක්ෂි විභාගයේදී හෙළිවිය.
89.11.06 දින රාත‍්‍රියේ විදුහල්පතිගේ ‘‘ද්‍රෝහි’ ලැයිස්තුවේ සිටි පළමු වැන්නා වූ රසික කුමාර විජේතුංග සිසුවා හමුදා භටයන් විසින් ප‍්‍රශ්න කිරීමට යැයි රැුගෙන යන ලදි. ඔහු පිලිබඳ කිසිඳු තොරතුරක් නොලැබුණු වාතාවරණය තුළ පිළිවෙළින් දරුවෝ 32 ක් සතියක් ගානේ අතුරුදන් වූහ.
ඒ චාමර, සුසිල්, රුවන්. නිලාන්, රවින්ද්‍ර, නලීන්, උදේශ්, ප‍්‍රසන්න, පාලිත, මහින්ද පාල, එච්. පී. ඞී. පාලිත, අනුර, වසන්තප‍්‍රිය, ස්ටීවන්, ප‍්‍රභාත්, ප‍්‍රදීප්, විජේසිංහ, ධම්මික නිහාල්, ප‍්‍රදීප්, පියසිරි, ඇල්ෆුඞ්, සනත්, ජයසිරි, ජගත්, ජනක දයානන්ද, ඒකනායක, විජේසිංහ, කරුණාසිංහ, ප‍්‍රසන්න හා ජයතිලක ආදිහුය.
‘‘මෙම සිසුන් කළ එකම වැරැුද්ද භීෂණ සමයේ පෙළපාළි වලට සහභාගි වීම පමණයි. මේ කිසිවකු ජ.වි.පෙත් එක්ක සම්බන්ධයක් නෑ. මෙම සිසුන් රාජ්‍ය විරෝධි කටයුතුවලටත් සම්බන්ධ නෑ’
එය රහස් පොලිසිය පසුව සොයාගතතේය. එහෙත් අතුරුදන් වීම කෙළවරක් නොවිය. ඔවුන් ආපසු ගෙදර ආවේ කායිකව හා මානසිකව රෝගින් බවට පත්වීමෙනි. නැතහොත් කුඩුපට්ටම් වූ මළ සිරුරුසේය. අන්තිමට එසේවත් ඔවුන් දැකගන්නට මවුපියන්ට පිනක් නොලැබුණේ සුරියකන්ද අභිරහස් කඳු වළල්ලේ හෑරු සමුහ මිනිවල තුළ නිදන් වූ හෙයිනි.
1989 නොවැම්බර් මස 17 වැනිදා ඊටම රුකුල්දෙන තවත් සිද්ධියක් සිදුවිය. ඇඹිලිපිටිය හා උඩවලවේ දෙවිදුහල අතර ක‍්‍රිකට් තරගයක් පැවැත්විණ. මෙහිදී උඩවලවේ විදුහල් පිල පැරදිණ. එම විදුහලට සහය පිණිස පැමිණි චමින්ද ගලප්පත්ති ඇතුළු සහචරයෝ කෙතරම් කිපුණාදයත් තම පැරණි පාසලේ සිසුන් සමග ගැටුමක් ඇතිකර ගත්හ.
‘‘තොපි මට ගැහුවා. මං ඒකෙ පළියට ටයර්වලින්ම උත්තර දෙන්නම්’’
ඔහු වහසිබස් දෙඩිය. එදින රාත‍්‍රි ඇඹිලිපිටිය ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයන් වූ ප‍්‍රභාත්, ප‍්‍රදිප්, බැරගම ආරච්චි යනාදී සිසුවෝද පසුදිනක ප‍්‍රදිප්, ඉන්දික හා නිහාල් යන සිසුවෝද පැහැරගනු ලැබිණ. මරාදමනු ලැබු සිසුන් 32 දෙනාට අමතරව පාසලෙන් පැහැරගත් සිසුන් ගණන 148 ක්.
දරු සෙනහසින් සමහර මව්පියෝ වියරු රෝගින් වූහ. සමහරු අකාලේ මිය ඇදුනහ. බොහෝදෙනා හමුදා කඳවුරු පොලිස් බලධාරින්. කොළඹ පරිපාලන නිලධාරින් හා මැති ඇමතිවරුන් සොයාගොස් පැමිණිලි කළහ.
‘පොලිසිය කිව්වේ එහෙම කෙනෙක් අපිනම් ගෙනාවෙ නෑ. හම්බවුණොත් කියන්නම් කියලා. අපෙන් අත්සනක් වත් ගත්තෙ නෑ’ මවුපියෝ පවසති.
‘අපේ කටඋත්තර ලියාගත්තේ නෑ.
කොළඹින් ආපු නිලධාරියා නම් දුක් ගැනවිලි අනතුරක් නෑර ලියා ගත්තා. එච්චරයි අපි 1992 මානව හිමිකම් දිනයේ කොම්පක්‍ඳ්ක්‍ඳවීදියේ කළ උපවාසයේදී පහරදුන්නෙත් ඒ නිලධාරියාමයි. මේ ඔවුන් කොමිසමට කී කරුණුය.
ඇඹිලිපිටිය මහ විදුහලේ භීෂණ කඳවුරට හමුදා රැුකවරණය සැලසුණු අතර ගිනිඅවි රැුගෙන එතැන් සිට විදුහල්පතිට රැුකවරණය දෙන ලදි.
‘දරුවන් ගැන අදහස් අත් අරින්න දැන් ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න’’
තම දරුවන් සොයා ගිය අයට ඔහු දුන් පිළිතුරයි’ මා ‘සේනා’ එක්ක කතාකරලා බලන්නයි ඔහු වරක් පැවසිය. මෙම ‘සේනා’ නමැත්තා නඩුවේ චූදිතයකු වූ කෝප‍්‍රල් සේනාරත්නය.
‘මට කරන්න දෙයක් නෑ ඔහුගෙ පුතාගෙ නම ලැයිස්තුවේ තිබුණා. ඒත් බයවෙන්න එපා පුතා දැන් සෙවණ කඳවුරේ යහතින් ඉන්නවා. තව දවස් දෙකකින් එවාවි’
අතුරුදන් වූ පුතකු ගැන විදුහල්පතිදුන් පිළිතුරය. සතියකට පසු පියාද ‘ගෝනි බිල්ලකු’ සමග ආ හමුදාව විසින් රැුගෙන ගොස් දස වධදුන් අතර එහි පැමිණි විදුහල්පතිවරයා මූවත් තේක්ක කැලේටම යවන්නයි තියෙන්නෙ’ යයි පැවසිය.
සුජීව පුෂ්පකුමාර ප‍්‍රසන්න හඳුවල වනාහි 1989 දී එනම් දේශපාලන භීෂණ සමයේදී ඇඹිලිපිටිය මැදි මහ විදුහලේ 13 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ගැටවරයෙකි. පාසල් නිවාඩුව ගෙවීමට ඔහු ගාල්ලේ පුංචි අම්මාගේ නිවසට ආවේය.
දිනක් එහි පැමිණි ඇඹිලිපිටිය සෙවණ හමුදා කඳවුරේ පිරිසක් ප‍්‍රශ්න කිරීම සඳහා යැයි ඔහු කැටිව ගියහ.
‘අපේ දරුවා තාම ගෙදර ආවෙ නෑ’
මවුපියෝ හමුදා කඳවුරේ කර්නල් පැරී ලියනගේට පැමිණිලි කළහ ‘මං සොයල බලන්නම් මේ මාසෙ 05 වැනිදා උදේ 8.00ට කඳවුරට එන්න’ ඔහු කීය.
එහිදී මවුපියන්ට මුණගස්වනු ලැබුවේ එදා රැුගෙන ගිය හුරුබුහුටි පුතා නොව බාගෙට පණගිය මළානික වතින් යුත් සිහිමද නැතැත්තෙකි.
‘මෙයාද ඔය කියන පුතා’’
කාකි කබා කාරයෝ ඔවුන්ගෙන් විමසූහ. ඔවුහු අයාගත් ඇසින් හා මුවින් යුතුව දරුවා දෙස බලාසිටි නමුත් පිළිතුරු නොදුන්හ.
‘මෙන්න එයාගෙ වැඩ’
කර්නල් ලියනගේ කැඩුණු, බිඳුණු ඇදවුණු කුරුටු ලිපියක් ඔවුන්ට පෙන්විය. ඉන් කියැවුණේ අමුතුම කතාවකි.
(මතු සම්බන්ධයි*
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි