හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් ‘සෝල්ට් එක’ යනුවෙන් හඳුන්වන්නේ හම්බන්තොට මහලේවායයි. ඔවුන්ගේ ජීවිත හා බද්ධ වන දිස්ත්‍රික්කයේ ප්‍රධාන කර්මාන්තයක් වූ ලුණු ලේවාය හම්බන්තොට වරාය ආරම්භ කිරීමට පෙර පරණ පාර ඔස්සේ කතරගම යන ඕනෑම කෙනෙකුගේ නෙත ගැටුණු අක්කර දහස් ගණනක් සිසාරා පැතිර ගිය දර්ශනීය ස්ථානයකි.
සංවර්ධන ව්‍යාපෘති ඉතාම අඩුවෙන් ක්‍රියාත්මක වූ හම්බන්තොට දිසාවේ 1978 දී ආරම්භ කළ ලුණුගම්වෙහෙර ව්‍යාපාරයත් ඊට පෙර ආරම්භ කළ මුරුතවෙල ව්‍යාපාරයත් අමතක කළ නොහැක. කෙසේ වුව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ දී ඇති කළ හම්බන්තොට ජාත්‍යන්තර වරායත් ගුවන් තොටුපලත්, දිස්ත්‍රික්කය පුරා විහිදුණු මාර්ග සංවර්ධනය ව්‍යාපෘතියත් තුළින් කොන්වී තිබුණු නොදියුණු පළාතකට ගෙනදුන්නේ විශාල ආලෝකයකි. මෙයට අමතරව එක් එක් පාලන සමයන් හිදී ඇති කරන ලද වැව් අමුණු සංවර්ධනය ඇඟලුම් කම්හල් ගම්උදා ආදී වැඩ පිළිවෙළවල් ද අගය කළ යුතුය. කෙසේ වුවද දක්ෂිණ අධිවේගී මාර්ගය හා කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගය සම්පූර්ණ වීමෙන් පසු සංවර්ධනයේ නව ප්‍රවණතා රැසක් ඇති වනවා නොඅනුමානය.
ස්වභාවධර්මයේ දායාදයක් ලෙසින් ආරම්භ වී ඇති හම්බන්තොට ලුණු ලේවාය මුල්කාලීනව සම්පූර්ණයෙන් රජය සතු සංස්ථාවක් වූ අතර 1997 වර්ෂයේ සිදුවූ පරිවර්තනයත් සමග ඇතිවූ වෙනස්කම් ද ඉතා වැදගත් වේ. 1997 ජනවාරි 24 වැනි දින රුපියල් මිලියන 471කට මුදල් අමාත්‍යාංශය සතුව තිබූ කොටස්වල අයිතිය පවරා ගන්නා ලද අතර ඉන් සියයට 90ක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට අයිති වූ අතර සියයට 10ක් එවකට සිටි සේවකයින්ට අයිති විය. 1997 සිට මේ දක්වා 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් ලෙස ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන අතර විගණකාධිපතිතුමාගේ සුපරීක්ෂණයට යටත්ව විගණන කටයුතු සිදුවේ. එපමණක් නොව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවට ද මෙහි ප්‍රගතිය වාර්තා කළ යුතු වන අතර මෙය රජය සතු ආයතනයක් ලෙස ද නිර්වචනය වෙයි.
මෙම හම්බන්තොට ‘ලංකා ලුණු සමාගම’ සතුව ලුණු මෙට්රික් ටොන් 1,35,000 හා 1,40,000ක අතර ධාරිතාවයක් තිබෙන අතර හම්බන්තොට මහ ලේවායට අමතරව ඒ හා සබැඳි කොහොලන්කල හා පලටුපාන ලේවායන් ද සංවර්ධනය වී තිබේ. මෙහි වාර්ෂික ලුණු විකුණුම් ආදායම රුපියල් මිලියන 1500ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 60% - 65%ත් අතර ප්‍රමාණයක් අලෙවි කරනු ලබන්නේ ලංකා ලුණු සමාගමයි. වාර්ෂිකව ලුණු අලෙවිය මෙ.ටොන් 60,000ක් පමණ වන අතර කර්මාන්ත ලුණු, කැට ලුණු හා මේස ලුණු යන ලුණු වර්ග කීපයක්ම මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. තත්ත්වයෙන් උසස් මෙම ලුණු හඳුන්වනු ලබන්නේ ‘ලක්ලුණු’ යන නමිනි.
මෙබඳු වූ හම්බන්තොට ලංකා ලුණු සමාගමේම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වූ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් එය මිල දී ගැනීමේ ඓතිහාසික කථාව මෙහිලා ගෙනහැර දැක්වීම හැමගේ දැනගැනීම සඳහා ඉතා වැදගත් වේ යැයි සිතමි. දාහත් වසරක් පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් 1994 වර්ෂයේ පැවැති මහා මැතිවරණයෙන් බලයට පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණු ආණ්ඩුවයි. එම ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය ධුරය පරිනැමුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. කම්කරු ජනතාව වෙනුවෙන් නිරන්තරව හඬ නැගූ නිසා එතුමාට එම අමාත්‍ය ධුරය පිරිනැමෙන්නට ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වැඩපිළිවෙළවල් සම්පූර්ණයෙන් කණපිට පෙරළීමට මෙන් බලයට පත්වූ පොදු පෙරමුණු ආණ්ඩුව එජාපයේ සමහර ප්‍රතිපත්තීන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් සමහර උත්සාහයන් වාමවාදී ප්‍රගතිශීලී කොටස් කිසිසේත් රිස්සුවේ නැත. පෞද්ගලිීකරණ ප්‍රතිපත්තිය එබඳු එක් වැඩපිළිවෙළකි. බලයට පත්වූ විගස පෞද්ගලික ප්‍රතිපත්තිය ඉවතලූ පොදු පෙරමුණු රජය නැවතත් එම පතිපත්තිය ඉදිරියට ගෙන යාමට සැරසුන අතර එසේ වූයේ සමහර කොටස්වල අවශ්‍යතාවයක් නිසා යැයි සිතිය හැක. එක් උදාහරණයක් වශයෙන් ආණ්ඩුව පිහිටුවා අවුරුදු 3ක් යන්නටත් මත්තෙන් හම්බන්තොට ලුණු ලේවාය පෞද්ගලික අංශයට පැවරීමට පිඹුරුපත් සකස් කිරීම සඳහන් කළ හැකිය. හම්බන්තොට ලුණු ලේවාය පිළිබඳවත් එය පෞද්ගලික අංශය මිල දී ගැනීමෙන් සිදුවන විපාක පිළිබඳවත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඉතා හොඳ අවබෝධයකින් පසුවිය. හම්බන්තොට නිජ භූමිය කරගත් එහි හැදුණු වැඩුණු එහි දේශපාලන පරපුරකින් පැවත එන එතුමාට මෙම ආරංචිය කිසිසේත් ශුභ ආරංචියක් නොවීය. කම්කරු අමාත්‍යවරයා වශයෙන් ලේවායේ කම්කරු ජනතාවගේ ඉල්ලීම් හා ඉදිරිපත්වීම් පිළිබඳව ඇස් කන් පියාගෙන සිටීමට ද මහින්ද මහතාට නොහැකි විය.
යාල අභය භූමිය සිට හම්බන්තොට නගරය දක්වා පැතුරුණු ලේවාය පෞද්ගලික සමාගමක් මිලට ගතහොත් දේශීය ආර්ථිකයට සිදුවන අනර්ථය පමණක් නොව අන්තවාදී සංවිධානයක් එය මිල දී ගතහොත් විශාල ප්‍රදේශයක ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට සිදු කළ හැකි යම් යම් ව්‍යාපෘතින් මගින් සිදුවිය හැකි හානිය හා විපත්තිදායක තත්ත්වය එතුමා දැඩි සේ කල්පනාවට ගෙන තිබුණි. අඩුම ආයෝජනයකින් වැඩිම ලාභ ප්‍රයෝජන ගත හැකි මෙබඳු ව්‍යාපාරයකින් උපරිම ප්‍රයෝජන ලබනවා වෙනුවට එය
පෞද්ගලිකකරණය කිරීම කෙතරම් අහිතකර දැයි මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධ දැනුමැති පිරිස් සමග වරින්වර සාකච්ඡා කළේය. පෞද්ගලීකරණ පුවත ඇසීමෙන් කනස්සල්ලට පත් ඔහු කම්කරු අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර එතුමා නිලධාරීන්ට ප්‍රකාශ කළේ කෙසේ හෝ මෙය නතර කරගත යුතු බවත් ඒ සඳහා උපාය හා උපක්‍රම අනුගමනය කළ යුතු බවත්ය. මිල ගණන් ඉදිරිපත් කරන විදේශ සමාගම් සමග හැප්පී හෝ හම්බන්තොට ලුණු ලේවාය මිලට ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ගැන නිරන්තර අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ අමාත්‍යතුමා තමන් යටතේ තිබූ ‘සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්’ මණ්ඩලයේ තිබූ මුදල් ආයෝජනයක් වශයෙන් යොදා හෝ ලුණු ලේවාය මිලට ගත යුතු යැයි කල්පනා කළේය. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට එහි මුදල් එහි ආයෝජන අංශය මගින් සුදුසු ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීමට බලය ඇත.
ඒ අනුව ඒ වනවිට විශාල අරමුදලක්ව පැවැති භාරකාර අරමුදලේ මුදල් හෝ යොදවා ලේවාය මිලට ගතහොත් පුද්ගලික අංශයට නොගොස් එය රජය සතුව තබා ගැනීමේ හැකියාව ගැන විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රාජපක්ෂ මහතා අමතක කළේ නැත. ඒ අනුව හම්බන්තොට ලුණු ලේවාය මිල දී ගන්නට සේවක භාරකාර අරමුදල මිල ගණන් ඉදිරිපත් කළේය. මේ අතර ඉන්දියාවට හා මැද පෙරදිගට සම්බන්ධ සමාගම් කීපයක් ද මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ලෝක බැංකුවේ උපදෙස් පරිදි පර්ත් ආයතනය විසින් මෙම මිල ගණන් කැඳවීම සිදුකළ අතර ඔවුන්ගේ දැඩි ස්ථාවරය වූයේ පුද්ගලීකරණය කිරීමයි. එනිසා ඔවුන්ට ද විරුද්ධ නොවී උපායශීලීව ක්‍රියා කිරීම මහින්ද මහතාගේ අදහස විය.
මේ අතර රජයට සම්බන්ධ ETF අරමුදලට ලුණු ලේවාය ලබාදීම පුද්ගලිකකරණයක් වන්නේ කෙසේදැයි ලෝක බැංකුව ද ප්‍රශ්න කළා. එම ප්‍රශ්නය හමුවේ නීති අංශ ද සමග සාකච්ඡා කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ETF ආයතනය විසින් මිලදී ගැනීම රජයේ මිල දී ගැනීමක් නොවන බවත් ETF ආයතනයේ තිබෙන්නේ සේවකයින්ගේ මුදල් බැවින් එම කටයුත්තේ පෞද්ගලික ස්වභාවයක් ඇති බවත්ය. එසේ නීති තර්ක ද ඉදිරිපත් කරමින් පර්ත් ආයතනයේ නිලධාරීන් ද පැහැදිලි කරමින් අමුතු ආකාරයේ ක්‍රමවේදයකට ලුණු සංස්ථාව මිලදී ගැනීමට කටයුතු කළ ආකාරය ඔහුගේ විචක්ෂණභාවය මැනවින් පෙන්නුම් කරන්නකි. මෙම කරුණ සම්බන්ධව ටික කලක් තර්ක විතර්ක කරමින් පසුවෙද්දී 1997.01.24 දින ලුණු ලේවාය වෙන්දේසි කිරීම සිදුවිය. එහිදී අනපේක්ෂිත ආකාරයට ගැනුම්කරුවෝ වැඩි ගණන් ඉදිරිපත් කළහ.
ඒ ගැන දැඩි අවධානයෙන් සිටි ETF ආයතනය (සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල) සියලු මිල ගණන් පරදා රුපියල් මිලියන 471කට ලුණු ලේවාය මිලදී ගැනීමට ඉදිරිපත් විය. ඒ අනුව ETF ආයතනය හම්බන්තොට ලුණු ලේවාය මිලදී ගත් අතර විදේශීය සමාගම් අතට පත්වී පුද්ගලිකකරණය වීමට ගිය වටිනා ආයතනයක් උපක්‍රමශීලීව රජය සතු මණ්ඩලයක හව්හරණය ඇතිව මිලදී ගෙන පාලනය කරගෙන යාමට හැකි විය. මේ දක්වා හම්බන්තොට ලුණු ලේවාය ද වඩාත් ව්‍යාප්ත වෙමින් හා නවීකරණය වෙමින් පවත්වා ගෙන යන්නේ මේ පසුබිම යටතේය. මෙම සිද්ධිය මෙසේ නොවුණා නම් දකුණේ වටිනා සම්පතක් අපට අහිමි වනවා පමණක් නොව විදේශීය සමාගම්වල ආධිපත්‍යයට ශ්‍රී ලංකාවේ වැදගත් භූමි භාගයක් යටත් වනු ඇත. අපේ දේ අපිම රැකගෙන ජාතික ආර්ථිකය සවිමත් කරමු.