අධ්‍යාපන බලධාරීන්ට නෙපෙනෙන ලෝකාන්තය පාමුල පාසල


(ප්‍රින්ස් රත්නායක)
හොඳම දේ දරුවන්ට යයි යන කියමනක් තිබේ . එහෙත්  එය එලෙසින්ම ඉටුවේදැයි සොයා බැලීම  ඉතාමත් අගනේය. කොළඹට කිරි ගමට කැකිරි යයි වෙන් කියමනක් නැතත් එවැනි කතාවක් වර්තමානයේදි බිහි විය. කැකිරි  තබා කැකිරි  ඇටයකදු නොලැබෙන දරුවන් වෙසෙන  ගමක්  පිළිබඳ  තොරතුරකි මේ.

වතු ජනාවාසිකයන් වු නග්රුක්, නනපේරියල්  ඉහළ හා පහළ කොටස් තුනක ජනතාව වෙසෙන ලංකාවේ ඉහළම ගම්මානයේ දරුවනට ලැබෙනුයේ ඉහළ සැලකිල්ලක් නම් නොවේ.

බළන්ගොඩ සිට කිලෝමීටර් 43 ක් පමණ දුරින් පිහිටි  කඳුශිකරවලින්‍  වටව ඇති  මෙම ප්‍රදේශයට  යාමට බළන්ගොඩ සිට කිලෝමීටර් 18ක් පමණ කොළඔ බදුල්ල  මාර්ගයේ  ගමන් ගත්විට ලෝකාන්තයට යන නන්පේරියල් මාර්ගය  ඔස්සේ යා යුතුය. 

එතැන් පටන් පටුවූ ,ගල් ගැලවී ගිය ඇතැම් තැන්හි මහා වලවල් සහිත දුර්ග මාර්ගයක් හමුවේ. එම කඳුවලින් ගහන  සොඳුරු පරිසරය ගතට දනවන සිසිල සිත නිවද්දී එහි ජීවන අරගලයෙ යෙදොන්නෝ මෙන්ම පුංදි දරුවෝද තමන් අත් විඳින අනේක දුක් ගැහැට හමුවේ විඳින පීඩාව ලඝුකර  තැකියහැකි නොවේ.  

බළන්ගොඩ ඩිපෝවට අයත් බසයක් මෙම දුෂ්කර මගේ දිනකට ගමන් වාර දෙකක් ගමනා ‍ගමනයේ යෙදෙන්නේ විවේකානන්ද පාසල දක්වා පමණි.එතැන් සිට තවත් කිලෝමීටර් 5 ක් පමණ නන්පේරියල් වතු කම්හල දක්වා ධාවනය වූ බසය දැන් ධාවනයෙහි නොයෙදෙන්නේ මාර්ගය පිළිසකර නොකිරීම නිසාය . 

මේ හේතුවෙන්ම  ගමේ එකම පාසල වන විවේකාන්නද විදුහලට දරුවන් ගමන් ගන්නේ පයිනි. නන්පේරියල් දක්වා එම දුරත් නග්රුක් දක්වා දුරත් මුළු දුර කිලෝමීටර් 12 ක පමණ දුරක් උදේ හවස මෙම දරුවෝ දෙපයින්ම යති. ලංකාදීප නියෝජිතයින්  එම විදුහලට යන විටත් විදුහල්පති පාසලේ ගේට්ටුව අසලට වී දරුවන් පයින් ගමන්ගන්නා අයුරු නිරීක්ෂණය කරමින් සිටින අයුරු දැකගත හැකිවිය. 

  සිසුන් නිවෙස්බලා යන අයුරු බලා සිටින්නේ මන්දැයි ඔහුගෙන් විමසු විට ඔහු “ මේ අය උදේ හවස යන්නේ පයින්. ඇතැම් විට වත්තේ ලොරිය හම්බවුනොත් නැගලා යනවා .මෙ අවට හැමතැනම තියෙන්නේ දියඇලි දිය පාරවල්.  මේ අය මේ දිය ඇලි වල බැහැලා නානවා. ළමයි කෙටි පාරවල් වලින් කිලෝමීටර් 8 ක් විතර  පයින්  යනවා. ඒ අය කන්දේ ඉහළට යනකම් බලා ඉන්න වෙනවා.ඉතින් ඒ ගැන නොබැලුවොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් ” යැයි පැවසීය. 

නියමිත මාර්ගයේ කිලොමීටර්  අටක් පමණ  යාමට සිදුවුවත් ළඳු පඩිපෙළ ඔස්සේ කෙටිමාර්ග යළිත් මොවුන් කිලොමීටර් පහ බැගින් දිනකට කිලෝමීටර් 10 ක් පමණ පයින් ගමනේ යෙදෙති. 

 දරුවන් පැවසුයේ බස් එක තිබුණා නම් හොඳයි. ගොඩක් දුර හැමදාම පයින් ඉස්කෝලෙ යන්න ගියාම ඉගෙන ගන්න අමාරුයි. යනුවෙනි. මේ පිළිබඳව අදහස් දැක්වු  විවේකානන්ද දමිල විද්‍යාලයේ විදුහල්පති කේ. රමේෂ් මහතා.“ එක වසරේ සිට හත වසර දක්වා පන්ති පැවැත් වෙනවා. ගුරුවරු 05 ක් දෙනේක් සේවය කරනවා. ළමයි 105 ක් ඉගෙනුම ලබනවා.පන්තියක ළමයි 15 ක් 16 ක් අතර ඉන්නවා. මේ ඉස්කෝලෙ 7 පන්තියට ආවට පස්සේ එතනින් එහාට වෙන පාසලකට ළමයි යන්නෙ නෑ.

බස්එක නැති නිසා වත්තෙ රැදෙනවා. වෙනත් වෙනත් දේට යොමු වෙනව පාසල් යන්නෙ නැතිව.මේ පසාල 11 වසර දක්වා පැවැත්වීමට අනුමැතිය තිබෙනවා. ගුරුවරු දෙනවානම් මට එය 11 දක්වා පවත්වාගෙන යාමේ හැකියාව තිබෙණවා. ගුරුවරුන්ට රැ‍‍දෙන්න විදුහල්පති නිල නිවාස, විදුහල්පති නිල නිවාස එහෙම නෑ. නොවාසිකාගාරයක් හදලා තිබෙනවා . තවම පාලනයට කෙනෙක් පත්කර නෑ.එනිසා නව නේවාසිකාගාරය විවෘතකර නැහැ. සිසුන් 110 ට  එක ගොඩනැගිල්ලක් පමණක් තියනවා. තවත් ගොඩනැගිලි පහසුකම් ඇති කර දෙනවා නම් ගමේ ළමයින්ට ඉගෙනීමේ අවස්ථාව වැඩියෙන් ලබා ‍දෙන්න පුළුවන්. පාසල අසල ජනාවාසයක් නැහැ. කිලෝමීටර් 12 ක දුර මේ අය පයින් එනවා. මේ අයට නේවාසිකාගාරය හැදුවා. අවශ්‍ය පත්කිරිම කරන තුරු  විවෘකළ නොහැකියි. එනිසා ළමයි තවමත් කෙටිපාරවල් ඔස්සේ පාසල් පැමිණෙනවා. මේ දුර කිලෝමීටර් 8 ක් පමණ වෙනවා. කිලෝමීටර් 25 ක් ඇතුළත වෙන දෙමළ පාසලක් නැහැ පහසුකම් හොඳට දෙනවා නම් පාසල දියුණු කළ හැකියි.” යනුවෙන් පැවසීය.

 ගම්වාසීන් ද කීවේ තම ගමට එන මාර්ගය සකස්කර බසය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දෙන ලෙසත් අනෙක් ගම් කෙරෙහි දක්වන සැලකිල්ල තමන්ගේ ගමටත් සලසා දෙන ලෙසයි.