(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලයේ කඩා වැටිමට ආසන්න ගොඩනැගිලි තුළ ජීවිතයක් මරණයත් සමග අධ්‍යාපනය හදාරණ දරුවන්ට කඩිනමින් අලුත් ගොඩනැගිලි ඉදිකර දෙන්නැයි දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හිටපු කථානායකවරයකු වන එච්.එස් .ස්මයිල් මහතා විසින් 1958 වසරේ නැවත පදිංචි කිරිමේ ක්‍රියාවලිය යටතේ එළුවන්කුලම ගම්මානය ස්ථාපිත කිරීමත් සමග එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලය ආරම්භ කර ඇති බව පැරණි ජනතාව පවසයි.
ඒ සමයේ පාසලේ මුල්ම ගොඩනැගිල්ල ඉදිකිරිම් සිදුව ඇති අතර ඉන් පසුව නැවත ගොඩනැගිල්ලක් 1972 දි ලැබි තිබේ . නැවත පාසලට ගොඩනැගිලි දෙකක් 2000 වසරේදි ලැබි ඇති බව කියයි. පළමු වසරේ සිට අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු මේ වන විටත් පාසලේ කෙරෙන අතර සිසුන් 400ක් පමණ සංඛ්‍යාවක් ඉගෙනීමේ නිරතව සිටින බව දෙමාපියෝ පවසති.
කඩා වැටිමට ආසන්න යල් පැන ගිය භාවිතයට නුසුදුසු ගොඩනැගිලි තුළ දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ වෙනත් ස්ථානයක් නොමැති බැවිනි.
එසේම අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ පංති මේ වන විට පවත්වාගෙන යන්නේ දෙමාපියන් විසින් තාවකාලිකව ඉදිකරන ලද පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තුළය .නමුත් මේ වන විට එම තාවකාලික ගොඩනැගිල්ලේද පොල් අතු දිරා ගොස් ඇති අතර එයද අබලන්ව තිබෙන අයුරු දැක ගත හැකිය .මේ නිසාම අව්වටත් වැස්සටත් මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු වල නිරත විමට මෙම දරුවන්ට සිදුව තිබෙනු දැක ගත හැකිය .
පාසලේ ඇති ගොඩනැගිලි හතරෙන් දෙකක්ම මේ වන විට යල් පැන යාම නිසා පාසලේ පාසල් සංවර්ධන සමිතිය මගින් අවස්ථා ගණනාවකදිම අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කර තිබුනද ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් නොවු බව දෙමාපියෝ පවසති.
දෙමාපියන් පවසන්නේ අබලන් ගොඩනැගිලි තුළ ජීවිතයත් මරණයත් අතර සිටිමින් අනාගතය ජය ගැනිමට දරුවන් දැවැන්ත සටනක නිරත වි සිටින බවයි.
ඒ.පී.ඒ. මුනාෆ් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ
“ මේ පාසල පරණම පාසලක් .ඒ පාසලේ දරුවන්ට පසුගිය රජයන් ගොඩනැගිලි හදා දුන්නෙත් නැහැ . මේ රජයත් අපිට සලකන්නේ නැහැ. මේ දරුවන් ගොඩනැගිලි වලට යටවෙලා මැරිලා ගියොත් මේ සියලුම බලධාරින් වග කියන්න ඕනෑ බව අපි කියනවා . අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතිව ඉක්මනට මේ දරුවන්ට මේ අබලන් ගොඩනැගිලි වලින් එළියට ඇවිත් නිදහසේ අධ්‍යාපනය කරන්න ඉඩ කඩ සලසා දෙන්න කියලා තමයි කියන්නේ.
පසුගිය දින අමාත්‍යධුරයෙන් ඉවත් කල වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය.
“ මේ පාසල පිළිබදව මට ඉල්ලිම් ලිපි ආවා . නමුත් සමහර පාසල් වල ගැටළු වලට නිරන්තරයෙන් කථා කලත් මේ පාසලේ කිසිම කෙනෙක් ඒතරම් ක්‍රීයාත්මක නොවිම නිසා තමයි ප්‍රමාදයට හේතුව .නමුත් මම මගේ යුතුකම් ඉටුකලා ලබන වසරේ මේ පාසලට ගොඩනැගිලි අනුමත කිරිම ධුරයෙන් ඉවත් කරන්න කලින් කළා“