අධිවේගයේ බොරු වළවල්


12-page-4-BB

 

අධිවේගී මාර්ග ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ පසුගිය ජනාධිපතිවරණය සමයේය. ‘‘මෙගා ඞීල්’’ ගැන කතා කරද්දී මුලින්ම කියැවුණේ අධිවේගයයි. ජනපතිවරණයෙන් මාස අටකට පසු අද වන විට එම වචනය නෑසෙන්නාක් බඳුය. දැන් අධිවේගය ගැන නැවත අවධානය යොමු වී ඇත්තේ පසුගිය දිනෙක පළ වූ පුවත්පත් වාර්තාවක් නිසාය. ඉන් කියැවුණේ අධිවේගයේ ‘‘බොරු වළවල්’’ ගැනය.

SLTK_4.qxd

දක්ෂිණ අධිවේගී මාර්ගය සාදා තවමත් වසර පහක් නැත.


ලංකාවේ මුලින්ම හැදූ අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුලින්ම පැවැති ගැටලූව වූයේ පාරට බල්ලන් ඒමයි. නිසි ආකාරයට ආරක්ෂක වැටවල් ගසා නැති නිසා බල්ලන් ආ බව ඒ දිනවල කියැවිණි. බල්ලන් හැපීමෙන් වාහන අනතුරු සිදුවන්නට ගොස් වළක්වා ගත් අවස්ථා එමට විය.


ඉන් පසු අධිවේගී මාර්ගයේ වරින් වර අනතුරු වාර්තා විය. මේ අනතුරු සිදුවන ස්ථාන ගැන සෙවිල්ලෙන් සිටි පොලිසියට පෙනී ගියේ බහුලව අනතුරු සිදුවන ස්ථාන කිහිපයක් ඇති බවයි. රියදුරන්ගේ නොසැලකිල්ල නිසා අනතුරු සිදු වන වා නම් එකම ප‍්‍රදේශයක අනතුරු බහුල වන්නේ ඇයිදැයි ගැටලූවක් විය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මානප්පෙරුම මහතාට පාදයක කොටසක් අහිමි කළේ ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් ය.


වරක් අධික වර්ෂාවක දී දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටිණි. වාහන යටනොවී බේරුණේ අනූ නවයෙනි. මාර්ගයේ එක් මන්තීරුවක් වසා ඒවා සුද්ධ පවිත‍්‍ර කැරුණු අතර පස් කඳු කඩා නොවැටීමට යම් යම් පිළියම් යෙදීය.


එලෙස පිළියම් යෙදුවත් ගස් කඩා වැටීමේ අවධානම තවමත් පහව ගොස් නැත.


දකුණු අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් තැනින් තැන කැඞී ගොස් තිබේ. ඒ නිසා සතුන් අධිවේගී මාර්ගයට රිංගීමේ ප‍්‍රවණතාවක් ඇතැයි අධිවේගී මාර්ගයට සම්බන්ධ නිලධාරියෙක් කීවේය.


මාර්ගයේ ඇතැම් ස්ථාන නිසි සමතලා ගතියකින් තොර බවත්, එනිසාම ඇතැම් ස්ථානවල වැස්සට වතුර පිරෙන බවත් අධිවේගී මාර්ගයේ නිතර යන රියදුරෝ කිහිප දෙනෙක් කීහ.


ඇතැම් ස්ථානවලින් යද්දී වින්ඞ්ස්ක‍්‍රීන් මතට වතුර විසිවෙන තරමටම වතුර පිරෙන බව ඔවුහු පැවසූහ.


රියදුරන් කියන ආකාරයට අධිවේගී මාර්ගය ඇත්තේ සාමාන්‍ය මාර්ගවලට වඩා තරමක් වේගයෙන් යෑමට වුවත් වැසි දිනවලට වතුර වළවල් නිසා එලෙස යා නොහැකිය. ඊට හේතුව තැනින් තැන අධික ලෙස වතුර එක් රැුස් වීමයි. මේ නිසා වාහන ලිස්සා යෑමේ ප‍්‍රවණතාව වැඩිය. එමෙන්ම ඇතැම් අවස්ථාවල දී වින්ඞ්ස්ක‍්‍රීන් වෙත ජලය විසිවෙද්දී රියදුරන් කලබල වීම නිසා ද අනතුරු සිදුවීමට ගිය අවස්ථා ඇතැයි සමහරු පවසති.


මේ ගැන කිහිප අවස්ථාවක දී පැමිණිලි කළත් තවමත් පළක් වී නැතැයි දැන ගන්නට තිබේ.

SLTK_4.qxd
කිලෝමීටර් විස්ස, විසිපහ, පනහ, හැට, හැට පහ ආදී ස්ථාන ආශ‍්‍රිතව වැඩි වශයෙන් වතුර පිරී පවතින ස්ථාන ඇත.


කළු ගඟ හරහා ඉදි කර ඇති පාලම අසල (ගාල්ල දෙසට) අඟල් කිහිපයක් ගිලා බැස ඇති නිසා කොළඹ සිට ගාල්ල දෙසට යන කුඩා වාහන රියදුරන් හිටි ගමන් වළකට වැටී යළි ගොඩ එන තත්ත්වයක් මේ මාර්ගයේ ඇති බව ද බොහෝ දෙනෙක් කියති.


මීට පෙර මෙවැනි තත්ත්වයක් නොතිබුණු බවත් දැනගන්නට තිබේ. මෙම ස්ථානයේ ඇති කුඩා බැස්ම නිසා කුඩා වාහනවල යද්දී විශාල ගැස්මක් ඇතිවේ.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ ද මෙවැනිම ගැට්ටක් ඇත.  පාලමට වඩා මාර්ගය පහළින් පිහිටීම ඊට හේතුවයි. එමෙන්ම පාලම් මතින් යකඩ ස්ථර දමා ඇති අතර ඒ මතින් යද්දී ද විශාල ශබ්දයක් නැගෙයි. වාහනයේ ළමයින් යද්දී ඔවුන් බිය වූ අවස්ථා එමට බව රියදුරෝ කිහිප දෙනෙක් කීහ.


ඊළඟ ගැටලූව වන්නේ පාරේ පිවිසුම් ස්ථාන හැර අනෙක් ස්ථානවල විදුලි පහන් නොමැති වීමයි. මාර්ගයේ බොහෝ තැන් පවතින්නේ අඳුරේය.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත‍්‍රී කාලයේ අන් සියලූ_ ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා  වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.


සේවා මධ්‍යස්ථානයේ ඇති වැසිකිළි ආදිය නිසි පිරිසිදුකමක් නැත. මුදල් ගෙවා ඒවාට ගියත් ප‍්‍රමාණවත් පහසුකම් නොමැත.


අධිවේගී මාර්ග අනතුරකින් පාදයක් අහිමි වූ අජිත් මාන්නප්පෙරුම මහතා ඒ දිනවල කීවේ මාර්ගය ප‍්‍රමිතියෙන් අඩු බවයි.


අධිවේගී මාර්ග අනතුරක දී මාර්ගය රියදුරාගේ වියදමින් සාදා දිය යුතුය. මාර්ගයේ අලාභය ගෙවන තෙක් වාහනය නැවත ලබා නොදෙයි. ඇතැම් විට වාහනය හැදීමට යන වියදමට වඩා වැඩි වියදමක් පාරේ අලාභයට යයි. පාරේ අවුල් නිසා අනතුරු සිදුවී මාර්ගයේ අලාභයත් ගෙවීමට සිදුවීම දැඩි අසාධාරණ බව රියදුරෝ පවසති. නමුත් ඔවුන්ට විකල්පයක් නැත.


මාර්ගයේ ගැටලූ ගැන අධිවේගී මාර්ග අධ්‍යක්ෂ (මෙහෙයුම්, නඩත්තු)  එස්.  ඕපනායක මහතා මෙසේ කියයි.


‘‘මෙම මර්ගයේ වතුර රැඳෙන ස්ථාන හා අනෙකුත් අඩුපාඩු ඇති ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ගැටලූ කොන්ත‍්‍රාත් සමාගමේ අවධානයට යොමු කර තිබෙනවා.’’

m