අනුරපුර ගුවන් හමුදා කඳවුරට පහරදුන් කොටි නායකයාගේ පාපෝච්චාරණය


 

 

කලූ කොටි සාමාජිකයින් ගුවන් කඳවුරු ප‍්‍රාහාරය ආරම්භ කල පසු  මම සැටලයිට් ෆෝන් එකෙන් කිලිනොච්චියේ සිටි තමිල්මාරන් මාස්ටර්ට කතා කර කොටි ගුවන් යානා දෙක අනුරාධපුරයට එවන ලෙස දැනුම් දුන්නා. කමාන්ඩෝ පුහුණුව ලබාදුන්නේ රුසියානු ජාතිකයින් දස දෙනෙකු විසින්
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ කම්බි වැට කපලා කළු කොටි සාමාජිකයින් 18 දෙනකු කඳවුරු භුමියට ඇතුල් කළාට පස්සේ ගුවන් හමුදා බංකරක සිටි අයකු කවුද කවුද කියලා කෑගසන ගමන් ඔවුන්  තමන්ට වෙඩි තැබු බවත්  පසුව එම  බංකරයට ආර්.පී.ජී ප‍්‍රාහාරයක් එල්ල කර ගුවන් හමුදා කඳවුරු ප‍්‍රහාරය ආරම්භ කළ බවත් ප‍්‍රහාරය ආරමිභ වී විනාඩි දහයකින් විමන්ගේ කණ්ඩායම එම්.අයි.24 හෙලිකොප්ටර් යානයකට පහරදී බිම හෙලූ බව පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් ඔස්සේ දැනගත් බවත් පසුව තමා අත තිබු සැටලයිට් දුරකථනයෙන් කිලිනොච්චියට කතාකර කොටි ගුවන් යානා දෙක නොපමාව  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ප‍්‍රහාරයට එවන ලෙස තමා තමිල්මාරන් මාස්ටර්ට දැනුම්දුන් බවත් ඒ අනුව කොටි ගුවන් යානා දෙක අනුරාධපුරයට පැමිණි බවත් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගොඩබිමින් සහ ගුවනින් ප‍්‍රාහාර එල්ල කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටින රාසවල්ලවන් තබෝ රූබන් නොහොත් කූගන් නැමැති හිටපු ප‍්‍රබල කොටි සාමාජිකයකු අධිකරණයට පාපොච්චාරණයක් ලබා දෙමින් ප‍්‍රකාශ කර ඇත.

 

 

 


අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන මෙම නඩුවට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවු විමර්ශන කණ්ඩායම මගින් විත්තිකාර තබෝරූබන් නැමැත්තා ලබාදී ඇති එම ලිඛිත පාපොච්චාරණයේ මෙසේද සඳහන්ය.

මගේ නම රාසවල්ලන් තබෝරූබන්. ලිපිනය මයිලඩි උතුර, කන්කසන්තුරේ. වයස අවුරුදු 27 යි. මා ඉපදුනේ යාපනය ඉනුවිල් රෝහලේ. පසුව මා පදිංචිව සිටියේ මයිලඩි කන්කසන්තුරේ උතුර යන ලිපිනයේ. ඊට පසුව 1990 වසරේ යුද්ධය ආරම්භ වීමත් සමග චුන්නායගම් ප‍්‍රදේශයට ආවා. එහි 1995 වසර වන තුරු සිටියා. ඒ කාලයේ මම පාසල් යමිනුයි සිටියේ. ඊට පසුව සූරියකදිර් (රිවිරැස) කියන හමුදා මෙහෙයුම පටන් ගත්තා.

ඒ යුද්ධය නිසා අපේ පවුලේ අය සමග මාත් යාපනේ සිට වෙනත් ප‍්‍රදේශයක් වන කෝපායි උඩුවිල් ඉටුපාලෙයි පෙරම්කුලම් වලට ගියා. ඊට මාස හයකට පස්සේ ආයිත් අපි චුන්නායගම් වලට ආවා. රිවිරැුස මෙහෙයුමේදී යාපනය ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදාවෙන් ඇල්ලූවා. චුන්නායගම් වල ඉලෙක්ටි‍්‍රක් කඩයක මාස එකහමාරක් විතර වැඩ කළා. පසුව ගෙවල්වල වයරින් වැඩ කළා. ඊට පස්සේ 2001 වසරේ කොළඔ, දෙහිවල සහ කලූබෝවිල ප‍්‍රදේශවලට අවා. එහේ සීට‍්‍රා කොම්පැණියේ වසරක් විතර වැඩ කළා. 2002 වසරේ සාම ගිවිසුම නිසා යාපනය පාර ඇරියා. ඉන් පසුව මා නැවත චුන්නායගම් වලට ගියා.
 

 
කඩාවැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන්

එහේ ගිහින් නැවත වයරින් වැඩ කන්ට‍්‍රෑක් කළා. 2002.11.18 වැනි දින මා යාලූවෙක් සමග යාපනය බස් නැවතුම්පළේ ඉන්න කොට වීචි කියලා එල්.ටී.ටී.ඊ එකේ කෙනෙක් පැමිණ දවස් 15 ක ටේ‍්‍රනින් එකකට කියලා කිලිනොචිචියේ වට්ටකච්චි ප‍්‍රදේශයට අපි එක්කගෙන ගියා. ඊට පස්සේ වට්ටකච්චි බේස් එකේ මාස තුනක් විතර හිටියා. එතනදි ෆිසිකල් ටේ‍්‍රනින් එක දුන්නා. ටික කලකට පසුව මුත්තියන්කට්ටු සුබේසන් බේස් එකට එක්ක ගෙන ගියා. එහි මාස හයක පුහුණුවක් දුන්නා. මා සමග 180 දෙනෙකු එම පුහුණුව ලැබුවා.

ටී.56, ස්වයංක‍්‍රීය ගිනි අවි, එල්.එම්.ජී. අවි සහ ටොම්බා ගිනි අවි වලින් වෙඩි තියන හැටි පුහුණු කළා. එම පුහුණුව අපට ලබා දුන්නේ කමලන් මාස්ටර් යටතේ. එම කෝස් එක ඉවරවුණාට පසුව මයික් බේස් එකට අපව එක්කගෙන ගියා. කොටි සංවිධානයේ ලූතිනන් කර්නල් සීලන් තමයි අපිව එක්ක ගියේ. එහිදී අපව ඉම්රාන් පාන්ඩියන් බළකායට අනුයුක්ත කළා. පසුව ආර්.පී.ජී., එම්.පී.එම්.ජී., ටොමිබා, ජී.පී.එස්. කොම්පස්, මැප් රීඩින් පිළිබඳව පුහුණුවක් මාස තුනක කාලයක් ලබා දුන්නා. එම පුහුණුවට හිටියේ මා සමග 99 දෙනකු පමණයි. එම පුහුණුවෙන් පසුව මා ඇතුලූ 80 දෙනකු පුදුකුඩුඉරිප්පු මන්නාන් තන්ඩල් ප‍්‍රදේශයේ පිහිටා තිබු කොටි නායක ප‍්‍රභාකරන්ගේ චාලි වන් බේස් එකේ තුන්වැනි ආරක්ෂක වළල්ලට දැමිමා. එතන මාසහයක් විතර ඉන්න කොට පසුව ඉම්රාන් පාන්ඩියන් බළකායට (පඩයන්) දැම්මා. එතන ඉඳලා මමත් එක්ක 40 දෙනෙකු පසුව රාධා බළකායට (පඩයන්) මාරු කළා. එසේ මාරු කළායින් පස්සේ චාලි වන් බේස් එකේ පළවැනි ආරක්ෂක වළල්ලේ රාජකාරි බාර ගත්තා. එහි නායකයාව සිටියේ සීලන්. පළවෙනි ආරක්ෂක වළල්ල හැටියට තිබුණේ කොටි නායක ප‍්‍රභාකරන්ගේ ගෙදර වටේ කටු කම්බි වැටක්. කොටි නායක ප‍්‍රභාකරන්ගේ ගෙදර තිබුණේ පුදුකුඩුඉරිප්පු ඉඳලා ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයට කිලෝ මීටර් 2 ක් විතර එනකොට දකුණු පැත්තේ පාරෙන් තව කිලෝ මීටර් දෙකක් විතර ගිහාම හමුවන තැනක.

ප‍්‍රභාකරන්ගේ ගෙදර වටේට තිබුණ පළවැනි ආරක්ෂක වළල්ලේ මාසයක් පමණ රාජකාරි කළාට පස්සේ සීලන් ඇතුලූ අපි 40 දෙනාම එතන සිට විශ්වමඩු සුබේසන් බේස් එකට එක්කගෙන ගියා. එහි ආවට පස්සේ මගේ කොටි සාමාජික අංකය වෙනස් වුණා. එතන සතියක් හිටියට පස්සේ වාලන්පුරම් ඇල්ෆා ෆෝ බේස් එකට අපව එක්ක ගියා. එම බේස් එකේ ඉන්නකොට තව අලූත් කට්ටියක් එතනට එක්ක ආවා. එතන ඉන්න කොට රුසියන් (රුසියානු_ කටිටියක් ඇවිත් මාස හයක් විතර පුහුණුවක් ලබා දුන්නා. එම පුහුණුවට ටී.56 ගිනි අවි, ආර්.පී.ජී. ගිනි අවි, එම්.බී.එම්.ජී ගිනි අවි, ටොම්බා ගිිනි අවි, පිස්ටල් අවි, ස්නයිපර් අවි පරිහරණය ඇතුලත්ව තිබුණා.

වෙඩි බෙහෙත් සම්බන්ධයෙන්ද කැලෑ සටන් සම්බන්ධයෙන්ද පුහුණුවක් එහිදී ලබා දුන්නා. මෙම පුහුණුවේදී කාලතුවක්කු, බොඩිගාඞ්ස්, එස්.එප්. කොමාන්ඩෝ, මුහුදු සටන් ආදිය කොටස් හතරකට බෙදා පුහුණුවක් ලබා දුන්නා. මා ඇතුලූ 120 දෙනෙකු කොමාන්ඩෝ පුහුණුව ලබුවා. සීලන්ද මා එක්ක එම කමාන්ඩෝ පුහුණුව ලබා ගත්තා. අපට මෙම පුහුණුව ලබා දුන්නේ රසියන් (රුසියානු) දස දෙනකු විසින්. එම පුහුණුව මාස හයක කාලයක් තිබුණා. මෙම පුහුණුවෙන් පසුව මාසයක කාලයක් සෑම් සෙවන් මිසයිල පුහුණුවක්ද ලබා දුන්නා. ඉන් පසුව නැවත කැලෑ පුහුණුවක් ලබා දුන්නා. පසුව සෙල්ලා මාස්ටර් විසින් මාසයක කාලයක් රෙකී කරන්න කියලා දුන්නා.

සිතිරන් විසින් තමයි මිසයිල පුහුණුව ලබා දුන්නේ. පසුව කේපාපුලන් කලෙයිවින්දන් කඳවුරේදී මාස තුනක කාලයක් කාලතුවක්කු සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දුන්නා. මෙම පුහුණුවීම් වලින් පසුව නැවත අපි කොටි නායක ප‍්‍රභාකරන්ගේ ගෙවල් වල ආරක්ෂාවට යෙදෙව්වා. කොටි නායක ප‍්‍රභාකරන් කිලිනොච්චි, පුදුකුඩුඉරිප්පු සහ විශ්වමඩු ප‍්‍රදේශවලට යනඑන අවස්ථා වල අපි ඔහුට ආරක්ෂාව සැපයුවා. මේ රාජකාරි කළේ කලෙයිවානන් කියන කොටි සංවිධානයේ ලූතිනන් කර්නල්ගේ අණදීම යටතේ. 2005 වසරේ අවසන් කාලයේදි වගේ මානිවන් කියන කාලතුවක්කු රෙජිමන්ට් එකේ නායකයා විසින් මට මිලිමීටර් 152 වර්ගයේ කාලතුවක්කුවක් බාර දුන්නා. ඒක අලූත් ගන් එකක්. ඒකේ ෂෙල් 10 ක් විතර දාලා තිබුණා. මට දුන්න එක වගේම තව කාලතුවක්කුවක් පුවන්ටත් බාර දුන්නා. අපි දෙන්නට වෙන වෙනම  ෂෙල් උණ්ඩ පනහ පනහ දුන්නා. මෙම කාලතුවක්කු දෙක යොදවලා තිබුණේ කොටි නායක ප‍්‍රභාකරන්ගේ ගෙවල් වල ආරක්ෂාවට. කාලතුවක්කු භාවිතය සදහා අණ දුන්නේ කමලිවන් මාස්ටර්.

කාලතුවක්කු බාරව මාස තුනක් සේවය කළා. පසුව අප සෙන්පරදි සමග පුදුකුඩුඉරිප්පු කඳවුරට ආවා. අප සමග සිටි 13 දෙනකු කොටි නායක ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව සැපයීමට අරන් ගියා. පසුව මම ඇතුලූ පිරිසක් මාවි ඇල්පා කඳවුරට මාරු කළා. එහි මාසයක කාලයක් රාධා රෙජිමන්ට් එකේදි මෝටාර් අවි සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දුන්නා. මේ කාලයේදි යාපනය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමට එල්.ටී.ටී. එකෙන් සැලසුමක් සකස් කළා. ඒකේ කොමිනිකේෂන් බාරව කටයුතු කිරීමට මා පූනරීන් වලට ගියා. පුනරින් වල ඉඳලා කොටි නායකයකුගේ උපදෙස් මත කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීමට කොමිනිකේෂන් ලබා දුන්නා. මා දුන්න එම කොමිනිකේෂන් වලට අනුව එල්.ටී.ටී. එකෙන් යාපනය ප‍්‍රදේශයට කාලතුවක්කු ප‍්‍රහාර 100 ක් පමණ එල්ල කළා. පසුව මාසයක මෙහෙයුම් වලට මම ඇතුලූ පිරිසක් වවිනියාවට සහ  ඕමන්තට ගියා.

 

 


ඊට පස්සේ මානලාරු (වැලිඔය) ප‍්‍රදේශයට අපිව එක්ක ගිහින් රෙකි කරපු පිරිසට කොමිනිකේෂන් කළා. එතන මාස එකහමාරක් පමණ කැලේ හිටියා. පසුව මා ඇතුලූ පිරිසක් විශ්වමඩු ඇල්පා පෝ බේස් එකට කැඳෙව්වා. එහි ගියාට පස්සේ තමිලත්පන් මාස්ටර් හමුවීමේදි මට කිව්වා සිංහල දන්න නිසා වැඩක් තියනවා කරන්න සුදානම්  වෙන්න කියලා. ඊට දවස් දෙකකට පස්සේ මාව වෙනත් කඳවුරකට එක්ක ගියා. එතන පුනලරසන්, පන්සීලන්, කැනිකීරන් සහ තෙන්නවන් යන අයත් හිටියා. පසුව තමිල්මාරන් මාස්ටර් මට බාර දුන්නා අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ප‍්‍රහාරයක් එල්ල කරන්න හැකියාවක් තිබේදැයි සොයා බලන්න කියලා. පසුව මම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරමින් ඉන්න කොට සෙම්බරදි, තවම්, පුරටිසි, කැනියවන් සහ සාදුරියන් යන අයත් මා සමග සිටියා. පසුව රත්නම් මාස්ටර් සමග කමලිබන් මාස්ටර් ඇවිත් ටීම් තුනකට කොටස් කරලා එක් එක් කණ්ඩායම් වලට වැඩ පැවරුවා.

එක ටීම් එකක නායකයා සෙන්පරදි. එයාගේ කණ්ඩායමට පැවරුණේ කෑම එකතු කරන්න. අනිත් ටීම එකේ නායකයා කුට්ටු. එයාට තිබුණේ එකතු කරන කෑම බීම් මල්වතුඔය තන්තිරිමලේ පැත්තට රැුගෙන ගිහින් වළ දාන්න. අනිත් ටීම් එකේ නායකයා වශයෙන් කටයුතු කළේ තමිල්මාරන් මාස්ටර්. ඔහුට තිබුනේ කොක්කුපඩයාන් කෑම්ප් එකේ සිට මල්වතුඔය ඔස්සේ ගොස් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට යන පාරවල් සොයා බලා රෙකී කරන්න.

මෙම ටීම් එකට හිටියේ මමයි, පන්සීලනුයි, තනිකීරන් යන අයයි. ඊට පසු මෙලෙස විශ්වමඩු කොටි කඳවුරේ සිට දවස් 25 ක් විතර සැලසුම් සකස් කළා. පසුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට යන්නේ කොහොමද කියලා තමලින්බන් මාස්ටර් අපිට ටේ‍්‍රනින් කළා. පසුව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර රෙකී කරන්න යන්න නයිට් විෂන්, ජී.පී.එස්. කොම්පාස්, ටෙලෙස්කෝප්, සයිලන්සර් පිස්ටල්, 85 ඩබ්. සයිලන්සර්, ටී.56 අවි අපට තමලින්බන් මාස්ටර් විසින් ලබා දුන්නා. අපි ඒවා බෙදා ගත්තා. මම ගත්තේ 85 ඩබ්. සයිලන්සර් එක. ජී.පී.එස්. කොම්පාස් එක, මැප් එක සහ කෑමට මැගී නූල්ඞ්ස්, චීස්, කැන්ඩෝස් ස්නැක්බාර්, ග්ලූකෝස් ආදී කෑම වර්ග අනිත් අය ගත්තා. අනුරාධපුර ගුවන් හමුදා කඳවුර රෙකී කරන්න පිටත්වෙද්දි තමිල්මාරන් මාස්ටර් මට රුපියල් 20000 ක් දුන්නා.

අනිත් අයටත් රුපියල් 2000 බැගින් දුන්නා. පසුව අප සිටිය කෑම්ප් එකේ ඉඳලා ඉලිප්පකඩවෙයි පිහිටි මුහුදු කොටි කඳවුරකට අපි වාහනයකින් එක්ක ගියා.

පසුව එතැනින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුර රෙකී කරන්න යන්න පිටත් වුණා. අප යන විට ඇඳගෙන හිටියේ කොළ පාට යුනිපෝම්. පසුව මා සමග කොටි සංවිධානයේ පිරිසක් කොක්කුපඩයාන්වල සිට කජුවත්ත, කුංජිකුලම්, පෙරියමුරුප්පු, කල්ලිකුලම් වලින් කැලෑ පාරවල් දිගේ තන්තිරිමලේ ප‍්‍රදේශය හරහා මල්වතුඔය අසලට ආවා. එතන නතර වුනා. අපි එද්දි රැුගෙන ආ කෑම නිල්පාට ප්ලාස්ටික් බැරල් හතරකයි අසුරලා තිබුණේ.

 

 


කෑම අසුරලා තිබුණ බැරල් එතන වළ දැම්මා. එදින රෑ අපි එතන රෙස්ට් කළා. පසුවදා උදේ 6.30 ට තමිල්මාරන් ඇතුලූ මාගේ කණ්ඩායම මල්වතුඔය සිට අසිරික්ගමට එන්න පිටත් වුණා. එසේ කිලෝමීටර් 20 ක් විතර පැමිණ ඇළක් ගාව නතර වුණා. පසුව නැවත ගමන් ආරම්භ කර සවස් වෙද්දි නැවත නතර වුණා. ටික වෙලාවක් එහි සිට නැවත රාත‍්‍රිය උදා වුණාට පස්සේ පිටත් වෙලා පසුදින පාන්දර 3 විතර වෙද්දි අලූත්ගමට පැමිණියා. පාන්දර 3 සිට එතන රෙස්ට් කරලා උදේ 8 ට විතර නැවත ගමන පටන් ගෙන පරසන්ගස්වැව ෆාම් එකට සවස 4 විතර වෙද්දි ආවා.

එහි රෑ 10.30 විතර වෙනකම් රෙස්ට් කළා. එදින රෑ 10.30 ට නැවත ගමන ආරම්භ කළා. පරසන්ගස්වැව ෆාම් එකේ ඉඳලා වව්නියාව අනුරාධපුර රේල් පාර පැනලා පොඩි තේක්ක කැලයක් තිබෙන තැනකට අපි ආවා. පසුදින රෑ 10 විතර වෙනකම් එතන නැවතිලා පසුදින අලූයම 1.00 ට ගමන පටන් ගත්තා. ඊට පස්සේ රඹෑව පරසන්ගස්වැව  පාර පැනලා ඇවිත් රඹෑව අනුරාධපුර පාර පැන්නා. එහෙම පැන්නේ රඹෑව අනුරාධපුර පාරේ මැදවච්චිය පැත්තට තිබෙන වැවක් ගාව පාරෙන්. එතන පොඩි බස් හෝල්ට් එකකුත් තිබුණා. එහෙම ක්‍රොස් කරලා උදේ 6 වන විට මිහින්තලේ තේක්කවත්තට ආවා. එදා සවස් වෙනකම් එතනම රෙස්ට් කළා. එදින ? 10 වන විට නැවත ගමන පටන් ගත්තා. ඒ එන ගමනේදි අනුරාධපුර ත‍්‍රිකුණාමලය පාර පැන්නා.

ඒ පාර ක්‍රොස් කරපු තැන පොඩි කෝවිලක් තිබුණා. ඒ කෝවිල තිබුණේ අනුරාධපුර සිට ත‍්‍රිකුණාමලය පැත්තට එන පාරේ වම් පැත්තේ. ඊට පස්සේ පරණ යාපනය පාර ක්‍රොස් කරලා නුවරවැව අයිනට ආවා. ඒ ක්‍රොස් කළේ කුඹුරක් ගාව තිබෙන ලොකු පාලමක් යටින්. පාන්දර තුන පමණ වන විට නුවරවැව ළඟට ආවා. නුවරවැව ළඟ කැලේට වෙලා උදේ අට වෙනකම් හිටියා. උදේ 8 ට විතර කෑම කාලා සරම්, ටී ෂර්ට් ඇඳගෙන එළියට ආවා. අපි ගෙනාපු ටී 56 අයුධ කැලේ හංගලා එතන දෙන්නෙක් නතර කළා. මමයි තමිල්මාරනුයි එළිියට ආවා. ජී.පී.එස්. එක තමිල්මාරන් අර ගත්තා. සයිලන්සර් පිස්ටල් එකද ඔහු අර ගත්තා. ඊට පස්සේ අපි අරන් ආව මාළු අල්ලන කොකු අරගෙන මාළු අල්ලනවා වගේ බොරුවට වැව ළඟට වෙලා ඇවිද ඇවිද සිටියා. එහෙම වට පිට බල බලා ඉඳලා නැවත කැලේ ඇතුලූට ගිහින් නුඞ්ල්ස් කෑවා. පසුව එදින රෑ 7 ට විතර තමිල්මාරන් කිව්වා පන්සීලන් එක්ක ගිහින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වටේට ගහලා තිබෙන කටු කමිබි වැට වටේ ගිහින් බලලා එන්න කියලා.

කොට කලිසම්, ටී ෂර්ටි ඇඳගෙන කටු කම්බි වැට බලන්න ගිහින් අපි ආවා. පසුව ? 11 විතර වෙනකම් කැලේට වෙලා හිටියා. ගුවන් හමුදා කඳවුර රෙකී කරපු ඒවා ගැන තමිල්මාරන් මාස්ටර් අතේ තිබුණ සැටලයිට් පෝන් එකෙන් කමලින්බන් මාස්ටර්ට කිව්වා. පසුව කමලින්බන් මාස්ටර් අපට ආපසු එන්න කියපු නිසා අනුරාධපුර සිට ආව පාර දිගේම දවස් හතක් පයින්ම කොක්කුපඩයාන්වලට ගියා. එහි සති දෙකක් සිටියා. ඊට පස්සේ බෝට්ටු වලින් ඉලිප්පකඩවායිවලට ඇවිල්ලා එහි සිට වාහනයකින් විශ්වමඩුවල කොටි කඳවුරට ආවා. එහි මාස හයක කාලයක් තවත් කට්ටියකට මම ජී.පී.එස්. කියලා දුන්නා. එහි සිටින විට සුනිල් තෙන්නකෝන් නැමැති යුධ හමුදා සෙබළකු ප‍්‍රශ්න කිරීම සඳහා මටයි තමිල්මාරන්ටයි බාර දුන්නා. ඊට පස්සේ මම එයාගෙන් ප‍්‍රශ්න කළා. දවස් 15 ක් විතර ප‍්‍රශ්න කරලා ඔහු රත්නම් මාස්ටර්ට බාර දුන්නා. පසුව මටයි, සෙන්පරදිටයි, පුනලාරයන්ටයි, සාදුරියන්ටයි රත්නම්  මාස්ටර් උපදෙස් දුන්නා දෙවැනි සැරේට ගිහිල්ලා අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වීඩියෝ කරගෙන එන්න කියලා.අනිත් කට්ටියට කිව්වා කෑම, වෙඩි බෙහෙත්, බෝම්බ, පතරොම් අරන් යන්න කියලා. අනුරාධපුරයට යන්න පිටත් වෙලා ඊට පස්සේ අපි වාහනයකින් ඉලිප්පුකඩවලට ආවා. එතනින් බෝට්ටු තුනකින් අපි කණ්ඩායම කොක්කුපඩයාම්වලට ඇවිත් දවස් තුනක් විතර එහේ සිටියා. පසුව ආයුධ සහ සැටලයිට්, වීඩියෝ කැමරා ඇතුලූ උපකරණ අරගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර දෙසට එන්න පිටත් වුණා. මීට පෙර ආව විදිහටම මල්වතුඔය ළගට ආවා. එහෙම මල්වතුඔය අසලට ඇවිත් අපි ගෙනාපු කෑම, බෝම්බ සහ පතොරොම් වළ දැම්මා. එතන කට්ටියක් නතර කරලා අපි මීට පෙර අනුරාධපුරයට ගිය මාර්ගයේම නුවරවැව ළඟට ආවා.

ඒ ගමනට දවස් හයක් විතර ගතවුනා. පසුව අප සමග පැමිණි අනිත් අය කැලයක් තුළ නතර කරලා මමයි තමිල්මාරන් මාස්ටර් අනුරාධපුර ගුවන් හමුදා කඳවුර පැත්තට තිබෙන වැලි පාරවල් දිගේ ගිහින් බැලූවා. ඒ තැන්වලදි ජී.පී.එස්. වලින් රීට් අංකය (දිශාව) ලබා ගත්තා. ඊට පස්සේ එදා රෑ වෙනකම් ඒ පැත්තේ පාරවල්වල ඇවිද ගියා. ඒ යන අතරේ පොඩි සිල්ලර කඩයකින් ගෝල්ඞ්ලීෆ්  තුනකුයි සෝඩා බෝතලයකුයි අපි ගත්තා. ගෝඞ්ලීෆ් පත්තු කරගෙන බිබී සෙන්පරදි  ගුවන් හමුදා කඳවුර සහ අවට ප‍්‍රදේශය වීඩියෝ කළා.

පසුව එදා රෑ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට නුදුරින් පිහිටි කැලයක නතර වුණා. පසුදින අප දෙන්නා නැවත කැලයෙන් එළියට ඇවිත් දකුණු පැත්තේ පාරවල් දිගේ ගිහින් තොරතුරු ලබා ගත්තා. සෙන්ටි‍්‍ර පොයින්ට් තියන තැන්, ගුවන් හමුදා කඳවුරු භූමියට රිංගන්න පුලූවන් තැන් විපරම් කර බැලූවා. ජී.පී.එස් එකෙන් රීට් අංකය (දිශාව) අරගෙන අපි සිටිය තැනට යළි ගියා. එහෙම නැවති ජී.පී.එස් එකෙන් ගත්ත රීට් අංකය සහ සියලූ විස්තර කමලන් මාස්ටර්ට බාර දුන්නා. අපි රෙකී කරන කොට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවන් යානා එන්නේ කොහෙන්ද එසේ එන ගුවන් යානා මොනවද කියලා  ඕනෑකමින් සොයා බැලූවා. බීච් ක‍්‍රාප්ට් යානයක් රාත‍්‍රි 11.00 ට විතර නග්ගන බවත්  පාන්දර 3.30ට විතර  බස්සන බවත් දැන ගත්තා. ඒවා හඳුනා ගත්තේ ගුවන් යානා වල ශබ්දයෙන් සහ ප‍්‍රමාණයෙන්.

මෙම තොරතුරු සියල්ල ලබාගෙන නැවතත් අපි කොක්කුපඩයාන්වලට යන්න අනුරාධපුරයේ සිට පිටත් වුණා. අසිරික්ගමට පයින් එන්න දවස් පහක් විතර ගියා. ඒ එන අතරේදි ඌරන්ට අටවලා තිබුණ බඳින තුවක්කුවක් පත්තු වෙලා තමිල්මාරන් මාස්ටර්ගේ කකුලක් කැඩුණා. ඔහු සිලාවතුර රෝහලේ නතර කරලා ප‍්‍රතිකාර දුන්නා. පසුව අපි කොක්කුපඩයාන්වලට ගියා. දවස් තුනකට පස්සේ මටයි සාදුරියන්ටයි කිලිනොච්චියට එන්න කියලා කමලින්බන් මාස්ටර් පණිවිඩයක් එවලා තිබුණා.

ඒ අනුව අපි ඉලිප්පුකඩවයිවලට ගියාට පස්සේ එතනින් රත්නම් මාස්ටර්, ඉලංකෝ මාස්ටර්, කමලින්බන් මාස්ටර් යන අය ඇවිල්ලා වාහනයකින් අපව එක්කරගෙන ගියා. ඒ යන අතරේ හමුදාව අපට ක්ලේමෝ තුනක් ගැහැව්වා. නමුත් අපි බේරුණා. එහෙම කිලිනොචිචියට ගියාට පස්සේ තමිල්මාරන් මාස්ටර් කිලිනොචිචිය හොස්පිට්ල් එකට දැම්මා. පසුව රත්නම් මාස්ටර් අප කිලිනොච්චිය  ඇල්ෆා ෆෝ බේස් එකට ගිහින් අපි අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වීඩියෝ කරපු පීස් එක සහ සියලූ තොරතුරු කමලින්බන් මාස්ටර්ට දුන්නා.


ලබන සතියට...