අපි ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති පිළිගන්න කෙනා උඩට ගේනවා


      DSC_3677

1

 

බොදුබල සේනා සංවිධානය රට හමුවේ තබනවා යැයි කී ජාතික නායකයා කවුද? ලක්ෂ පනහක සිංහල - බෞද්ධ ඡුන්ද මල්ලක් හදන්නේ කාගේ කරේ එල්ලන්නටද? එම සංවිධානය ඉකුත් බොදු මහ සමුළුවේදී කතා බහට ලක් කළ මෙම කාරණා පිළිබඳව ”ඉරිදා ලංකාදීප” ය එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සාකච්ඡුාවක් මෙසේය.

 


ප‍්‍රශ්නය - හාමුදුරුවනේ බොදු සමුළුව සාර්ථකව පැවැත්වූවා කියලා හිතනවද?


පිළිතුර - අනිවාර්යයෙන්ම. ඒක ඉතිහාසයේ කාලයකට පසුව තිබුණු සඟ සමුළුවක්. ඉතින් අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණා. අපි අපේ ඉලක්ක බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් සම්පූර්ණ කරගත්තා.

 

04-Page-18-M-2


ප‍්‍රශ්නය - ඒ වුණාට ඔබවහන්සේලා කියපු සමහර දේවල් ගැන දැනටමත් බෞද්ධ - අබෞද්ධ පිරිස් අතර මතභේද ඇතිවෙලා තියෙනවා. ඉතින් කොහොමද සාර්ථකයි කියන්නෙ?


පිළිතුර - ගෙදරකට අයිතිකාරයෙක් ඉන්නවා. පන්සලක් වුණත් පල්ලියක් වුණත් ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි රටකටත් අයිතිකාරයෙක් ඉන්නවා. අද මේ රටේ ප‍්‍රශ්නය ඒකයි. හැමෝම කුලල්කාගන්නෙ විධිමත් වැඩපිළිවෙළක් නැති නිසා. නිදහසින් පස්සෙ අපිට ඒක උදාකරගන්න බැරිවුණා. මේවත් එක්කම රටේ විශාල කඩාවැටීමක් තියෙනවා. මොකද මිනිස්සු රටට ආදරය කරන්නෙ නෑ. මේක සිංහල දීපය. ඒ නිසා මෙහෙ උපදින හැමෝම සිංහලයෙ අය. ඒ නිසා මෙහෙ උපදින දෙමළ අය සිංහලයේ දෙමළ අය විය යුතුයි. මෙහෙ උපදින මනුස්සයා මුස්ලිම් නම් එයා සිංහලයෙ මුස්ලිම් කෙනෙක් වෙන්න  ඕනෑ. ඒගොල්ලන්ගෙ ආගම ඉස්ලාම් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලො සිංහල වෙන්න  ඕනෑ. ඒක ජාතිවාදයක් නෙවෙයි. නමුත් මෙහෙ බරපතළ විදියෙ ජාතිවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. මොකක්ද ඒ ජාතිවාදය? මේ රටේ සංස්කෘතිය මොකක්ද කියලා හඳුනා නොගෙන විවිධ වූ සංස්කෘතීන් බලහත්කාරයෙන් අපේ සංස්කෘතිය යටපත් කරගෙන මතුවෙමින් තියෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම ලෝකෙ කොහෙවත් වෙන්නෙ නෑ. සෞදි අරාබියෙ තියෙන්නෙ එක නීතියයි. එහෙ බෞද්ධ හෝ ක‍්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන හදන්න බෑ. අපි කියන්නෙ ලංකාවෙත් එක නීතියක් හදන්න කියලා. මේ රට සිංහල බෞද්ධ රට. මේ රටේ කොහේ කොහේ බැලූවත් පේන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒක විනාශ කරන්න දෙන්න එපා. එහෙම කිව්වා කියලා කවුරුවත් බය වෙන්න එපා. මොකද, මේ විශාල කුඩය යට  ඕනෑ කෙනෙකුට සුරක්ෂිත වෙලා තම තමන්ගෙ අනන්‍යතාව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අපි මේ සිංහල - බෞද්ධ සංස්කෘතිය රැුකගත්තෙ නැත්නම් මේක සුඩානය, සිරියාව, ඉරාකය වගේ ආගමික කලකෝලාහල ඇතිවෙන තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා තමයි අපි මේ රටට එක නීතියක් හදාගන්න  ඕනෑ. අපි ඒ සම්බන්ධව ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

2


ප‍්‍රශ්නය - කොරියාවේ රැකියා කරන තරුණයන් එකතු කරලා දුන්න සල්ලිවලින් මේ සමුළුවෙ වැඩකටයුතුවලින් බාගයක් කළා කියලා ඔබවහන්සෙ කිව්වෙ ලංකාවෙ ඉන්න බෞද්ධ බහුතරයකගෙ සහයෝගය බොදුබල සංවිධානයට නොලැබෙන හින්දද?


පිළිතුර - විශේෂයෙන් අපි උත්සාහ කළේ නෑ. ඔබට මතක ඇති අපි හලාල් සම්බන්ධ විරෝධතාව පටන් ගත්තට පස්සෙ හුඟක් ව්‍යාපාරිකයන්ට වාසි ලැබුණා. මුස්ලිම් අය හැමවෙලාවෙම එයාලගෙ ආර්ථිකය ශක්තිමත් වෙන විදිහට වැඩ කළේ. එයාලා සිංහල කඬේකින් කෑවෙ නෑ. හැබැයි අපි සිංහලයො ශක්තිමත් කරගන්න  ඕනැ කියලා කිව්වම ඒකට ජාතිවාදය කියලා කියනවා. අපි මේ ගෙනාපු මතවාදයත් එක්ක හුඟාක් ව්‍යාපාරිකයන්ට යහමින් මුදල් ලැබුණා. ඒ එක්කෙනෙක්වත් ඇවිල්ලා මේ සංවිධානයට රුපියල් පන්සීයක්වත් දුන්නෙ නෑ. අපි ඒ අය ළඟට විශේෂයෙන් ගියෙත් නෑ.

 


ප‍්‍රශ්නය - මේ රටේ බෞද්ධයන් ඉස්සරහට එන්නෙ නැත්නම් කොහොමද ඔබවහන්සේලා බොදු පුනරුදයක් උදාකරන්නෙ?


පිළිතුර - ඒක තමයි මේක දුෂ්කර. ඒක තමයි අපේ සද්දෙ මෙච්චර වැඩි. මිනිස්සු නිර්වින්දනය වෙලා. අනිත් එක මුස්ලිම් මනුස්සයෙක්  ඕනෑම වෙලාවක තමන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. මස් රාත්තලම ඉල්ලනවා. නමුත් සිංහලයා.... අනේ මුස්ලිම් මිනිහා තරහ වෙයි, දෙමළ මිනිහා තරහ වෙයි, අල්ලපු ගෙදර මනුස්සයා තරහ වෙයි, හිතමින් කටයුතු කරන්නෙ. අපේ ජාතිය සිංහලත් නොවන, දෙමළත් නොවන, මුස්ලිමුත් නොවන නිකන් මොකක්දෝ තත්ත්වයකට පත්කරලා තියෙන්නෙ. අපි එහෙම විශේෂයෙන් තෝරා බේරා ගත්ත ව්‍යාපාරිකයො ළඟට ගියෙත් නෑ. අපිට එහෙම යන්න වුවමනාවකුත් නෑ. අපි දන්නවා ඔය කාටකාටත් දවසක අපි ළඟට එන්න වෙනවා. නමුත් රට රටවල්වල ඉන්න මහත්වරු අපිට පුළුවන් විදියට උදව් කරනවා. කොරියාවේ තරුණයො කට්ටියක් අපිට එහෙට එන්න කිව්වා. අපි එයාලට මේ ගැන කිව්වහම එයාලත් අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ නිසා අපිට ඉතාමත් සාර්ථක බොදු සමුළුවක් පවත්වන්න පුළුවන් වුණා.

 

3


ප‍්‍රශ්නය - ඔය බොදු සමුළුවට ඔබවහන්සේලා ආන්දෝලනාත්මක භික්ෂුවක වූ මියැන්මාරයෙ චිරතු හිමියනුත් වැඩම කෙරෙව්වා. ඇයි ඒ?


පිළිතුර - බුරුමයෙන් අපට උපසම්පදාව ගේන්න පුළුවන් නම්, අමරපුර, රාමඤ්ඤ නිකායන් ගේන්න පුළුවන් නම් එහෙන් හාමුදුරුනමක් ගෙන්නන්න අපිට කාගෙන්වත් අවසර ගන්න  ඕනැද? ටයිම්ස් සඟරාවේ මේ හාමුදුරුවන්ගෙ මූණ දාලා ත‍්‍රස්තවාදී භික්ෂුවක් කියලා දැම්මට උන්වහන්සේ ත‍්‍රස්තවාදී භික්ෂුවක් කියලා සනාථ කරන්න තියෙන සාධක මොනවද? තමන්ගෙ රට ඇතුළෙ සිදුවෙන දේවල් අපි මේ කථා කරනවා වගේ බය නැතුව කථා කරන නිසා උන්වහන්සේට ත‍්‍රස්තවාදියෙක් කියලා කියනවා. අපි මේවට මූණ දෙන්න  ඕනෑ.


ප‍්‍රශ්නය - චිරතු හිමියන් ලංකාවට ගෙන්නලා මොකක් හරි පණිවුඩයක් දෙන්නද ඔබවහන්සේලා උත්සාහ කළේ?


පිළිතුර - කිසිම පණිවිඩයක් නෑ. අපි මේ ජීවත්වෙන ආසියානු කලාපය සාම කලාපයක් බවට පත්කර ගන්නයි අපිට  ඕනෑ. ඒ වෙනුවෙන් අපි වැඩකරන්න  ඕනෑ. ඒ වෙනුවෙන් නිකන් ඉඳලා හරියන්නෙ නෑ. අපිට අවශ්‍ය මේ ආසියානු කලාපය යුද ගැටුම්වලින් තොර, අන්තවාදයෙන් තොර කලාපයක් බවට පත්කරන්නයි. අපි කැමැතියි මිනිස්සුන්ගෙ විවිධත්වයට. ඒ විවිධත්වය හරිම සුන්දරයි. ඒක කවුරු හරි නසන්න හදනවා නම් අපි ඒකට විරුද්ධයි. ඒ නිසා අපි තීරණය කළා අපේ මූලධර්මය වන අවිහිංසාව පෙරදැරිව ලෝපුරා මුදාහරින මේ මිථ්‍යාවට එරෙහිව සටන් කරන්න.


ප‍්‍රශ්නය - ඒ කියන්නෙ ඉදිරියෙදි බුරුමයෙ 969 සංවිධානයයි, බොදුබලයයි එකම මගක යන්නෙ?


පිළිතුර - මියැන්මාරයෙ 969 සංවිධානය පමණක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ බොදුබල සංවිධානය පමණක් නෙවෙයි තව තියෙන බොහෝ බෞද්ධ සංවිධාන එකතු කරගෙන ශක්තිමත් බෞද්ධ ජාත්‍යන්තරයක් ගොඩනගන්න අපි සාකච්ඡුා කරනවා.


ප‍්‍රශ්නය - ඉදිරියෙදී රටට ජාතික නායකයෙක් හඳුන්වා දෙනවා කියලා ඔබවහන්සේ මේ සමුළුවේදී ප‍්‍රකාශ කළා. අත ළඟ ජනාධිපතිවරණයකුත් එනවා. මේ ඒ සඳහා පෙර සූදානම්වීමක්ද?


පිළිතුර - විශේෂයෙන්ම අපි කියන්න  ඕනෑ, අපේ නායකයා අපේ ප‍්‍රතිපත්තියයි, අපි ඉදිරිපත් කරලා තියෙනවා ප‍්‍රතිපත්ති මාලාවක්. අපි ඒවා යෝජනා කරලා තියෙන්නෙ සංස්කරණයන්ට යටත්ව. කවුරු හෝ කිව්වොත් මම බලයට ඇවිල්ලා මේ ප‍්‍රතිපත්ති මාලාවෙ මෙන්න මේ දේවල් මෙන්න මේ කාල පරාසය තුළ ක‍්‍රියාත්මක කරනවා කියලා එකඟතාවකට ආවොත් අපි ඔහුව හෝ ඇයව උඩට ගේනවා.

 

4


ප‍්‍රශ්නය -ඇත්තටම කවුද ඔය නායකයා?


පිළිතුර - අපිට ඒක එහෙම කියන්න බෑ. දැනට  ඕනැතරම් නායකයො ඉන්නවනෙ. එක දවසකින් ගහක් හැදෙන්නෙ නෑ. එක දවසකින් ගංඟාවක් හැදෙන්නෙත් නෑ. එනිසා අපිට  ඕනෑ මේ බීජය පැළ කරන්න. අපි දැන් කාටකාටත් රතු එළි දල්වලා තියෙනවා. එතකොට දැන් අවධානයෙන් බලන් ඉඳලා මේ මිනිස්සු වෙනස් වෙන්න උත්සාහ කළේ නැත්නම් පක්ෂ නායකයො ගොඩක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ අය මේක විශ්වාස කරයි කියලා. එහෙම නොවුණොත් අපි හදපු නායකයො ඉන්නවා.

 


ප‍්‍රශ්නය - ඔය නායකයා රට ඉස්සරහ තියන්නෙ මේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලද? පසුවද?


පිළිතුර - අපි පළමුවෙන්ම ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීලා තියෙනවා. නායකයා ගැන බය වෙන්න එපා. නායකයා වෙලාවට මතුවෙයි.

 


ප‍්‍රශ්නය - බොදුබලය මේ කරන්නෙ දේශපාලනයට එන්න කලින් මුට්ටිය දාලා බලන එකද?


පිළිතුර - නෑ.... අපි අනිවාර්යයෙන් කරන්නෙ දේශපාලනයක් තමයි. අනිවාර්යයෙන්ම අපි ඉදිරි මැතිවරණයකදී සමහර වෙලාවට අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවි. දැනුමක් නැති, මංකොල්ලකාරයොයි, කුඩුකාරයොයි බලයට ගෙනල්ලා රටට වෙලා තියෙන දේ අපි දන්නවා. ඒ නිසා අපිට අවශ්‍ය දැන උගත්, විනයවත් වෘත්තිකයො ටිකක් මේ පාර්ලිමේන්තුවට යවන්න. එතකොට විතරයි රටකට අනාගතයක් තියෙන්නෙ. අපි නෝර්වේවලින් සල්ලි ගත්තාය කියලා නරිවාදන් කියන උන්ට කියන්න තියෙන්නෙ, උඹලා පරිස්සම් වෙලා හිටපන්, උඹලා හම්බකරපු විදිහ මේ ඔක්කොම අපිට ඉස්සරහට කියන්න වෙයි ඒ නිසා අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් කවුද කියලා දැනගන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - ඒ කියන්නෙ නම් ලිස්ට් එකක් අතේ තියාගෙන ඉන්නෙ?


පිළිතුර - අනිවාර්යයෙන්ම. ඒවා එළි කරන්න අපි ශත පහකටවත් බය වෙන්නෙ නෑ. දිව කැපුවත් කට කැපුවත් මේ රටේ ජාතියෙ දරුවන් වෙනුවෙන් අපි ඒ දේවල් කරනවා. මේ මවාගෙන ඉන්න ව්‍යාජය සුනු විසුනු කරලා දාන්න  ඕනෑ.


ප‍්‍රශ්නය - මේ රටේ සිංහල - බෞද්ධ ඡුන්ද පදනම ගැන ඔබවහන්සේලා කලබල වෙලා ඉන්න බවක් පේනවා.....?


පිළිතුර - නෑ.... අපි කොහෙත්ම කලබල නෑ.

 


ප‍්‍රශ්නය - එහෙනම් ඇයි එදා බොදු සමුළුවේදී ජනාධිපතිවරණයට තරග කරන සිංහල - බෞද්ධ අපේක්ෂකයකු වෙනුවෙන් ඡුන්ද ලක්ෂ පනහක් එකතු කරනවා කිව්වෙ?


පිළිතුර - නෑ... මෙහෙමනේ. මේ සිංහල - බෞද්ධ බහුතරයගෙන් තමයි මේ රටේ  ඕනෑම කෙනෙක් ජනාධිපති වෙන්නෙ. හැබැයි ඒ නායකයො සිංහල බෞද්ධ ඡුන්දවලින් බලයට ඇවිල්ලා සිංහල බෞද්ධයන්ගෙ ප‍්‍රශ්න විසඳලා තියෙනවද? මේගොල්ලො සිංහල බෞද්ධයන්ගෙ ඡුන්දවලින් බලයට ඇවිල්ලා හැමදාම කරන්නෙ සුළු ජාතිකයො පිනවන එක. මේ රටේ ශරියා බැංකු ටික හැදුවා. හලාල් කියලා බෙදුම්වාදයක් හැදුවා. ඊළඟට අරාබි පාසල් මේ ඔක්කොම කරගෙන යනවා. මේ රටේ අන්තවාදී සංවිධාන හාරසීයක් විතර කටයුතු කරනවා. පක්ෂවල සිංහල - බෞද්ධ නායකයො මේවා ගැන කථාකරලා තියෙනවද? අපි දන්නවා අද මුස්ලිම් ව්‍යාපාරිකයො අල්ලස් දීලා වැදගත් ආර්ථික මර්මස්ථාන හසුරුවනවා. සිංහලයො අනාථ වෙලා තියෙනවා. කෝ සිංහල බෞද්ධ පක්ෂ නායකයො මේ අනාථ සිංහලයන් නගා සිටුවන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවද?

 


ප‍්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2005 දී වගේම 2010 බලයට ආවේ සිංහල - බෞද්ධ බලවේගවල උපරිම සහයෝගයෙන්. ඒ කියන්නෙ ඒ බලවේග අද ඔහු ගැනත් කලකිරිලා කියලා ඔබවහන්සේ පිළිගන්නවා.


පිළිතුර - මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ජාතියට කරපු එකම දේත් ඇති. දිනන්න බැරිව තිබුණු තිස් අවුරුදු යුද්ධයක් දිනලා දීපු එකම ඇති. ඒකට මේ ජාතිය ණය ගැතියි. පක්ෂ - විපක්ෂ අපි කවුරුත් ඒකට ගෞරවය දිය යුතුමයි. ලෝභයකින් තොරව. වෙන මොනවා නොකළත් ඒ ඇති. එතුමගෙ දෑස වලාපටකින් වැසිලා නම් දැන් අපි අනිත් දේ ගැනත් කථාකරන්න  ඕනෑ. අපි ගත්තොත් 27000 ක් ජීවිත දුන්නා මේ ප‍්‍රශ්නය විසඳන්න. ඒ ජීවිත දන්දුන් උතුරු නැගෙනහිර පළාත්වලට ගිහිල්ලා අද සමහර මුස්ලිම් ඇමැතිවරු භූමිය ආක‍්‍රමණය කරනවා. කවුද කථා කරන්නෙ? මොන දේශපාලන පක්ෂ නායකයො එකතුවෙලාද ඒ ගැන කථා කළේ? ඉඩකඩම් අල්ලනවා. කැලෑ කපනවා. දේශපාලන බලය පාවිච්චි කරලා එක රැයින් දෙමළ මිනිස්සු පළවා හරිනවා. ඒවට නෙවෙයි රණවිරුවො 27000 ක් දිවිදුන්නෙ. ඒ නිසා අපි මේවා විවෘතව කථා කළ යුතුයි.

 


ප‍්‍රශ්නය - ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හරි පාරට ගේන්නද බොදුබල සේනා සංවිධානය අර අඳින්නෙ?


පිළිතුර - ඒක වැරදියි. එහෙම අදහසක් නෑ. අපිට මේ නායකයො කවුරුත් එකයි. අපි ආමන්ත‍්‍රණය කරන්නෙ සියලූම නායකයන්ට.

 


ප‍්‍රශ්නය - ඔබවහන්සෙ සිංහල - බෞද්ධ ඡුන්ද ලක්ෂ පනහක් එකතු කරනවා කියලා කොළඹදී කියනකොට හෙළ උරුමයෙ ගම්මන්පිල මහත්තයා සිංහල - බෞද්ධ ඡුන්ද ලක්ෂ දහයක් හදනවා කියලා මහනුවරදී කියනවා. දෙගොල්ලොම මේ හදන්නෙ එකම පීල්ලකට ඇවිදින් මහින්ද රාජපක්ෂට උදව් කරන්නද?


පිළිතුර - එතුමා එහෙම කියලා තියෙනවද කියලා මම දන්නෙ නෑ. අපි හැමෝටම අරමුණු තියෙනවා. අපේ මතවාදය එකයි. මතවාදයෙන් හරි අපි අවශ්‍ය තැනදී එකතු වෙයි. ඒක කාටවත් වළක්වන්න බෑ.

 


ප‍්‍රශ්නය - ඔය බෞද්ධ ඡුන්ද එකතු කරන එකෙන් ඔබවහන්සේලා කරන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගෙ ඊළඟ ජනාධිපතිවරණ කැම්පේන් එක අතට ගන්න එක නෙවෙයි කියලද කියන්නෙ?


පිළිතුර - නෑ... ඒක කොහෙත්ම නෑ. ඒක වැරදි අදහසක්.  ඕනෑ කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපේ අරමුණ වෙන එකක්.

 


ප‍්‍රශ්නය - ඒ වුණාට පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී මොනරාගලින් ආණ්ඩුව ලැබූ ප‍්‍රතිඵලයෙන් පෙනී ගියේ ආණ්ඩුවේ සිංහල - බෞද්ධ ඡුන්ද පදනමට බලපෑමක් වෙලා තියෙන බව. බොදුබලය මේ විදියට සිංහල - බෞද්ධ ඡුන්ද ගැන උනන්දුවීමෙන් කෙනෙකුට හැඟී යන්න පුළුවන් නේද ඔබවහන්සේලා මේ උත්සාහ ගන්නෙ ඈත්වෙමින් තියෙන සිංහල - බෞද්ධ ඡුන්ද ගොඩ රාජපක්ෂ ජනාධිපතිවරයා පාමුල රඳවන්න කියලා...?


පිළිතුර - අපි ඌවට බැස්සා නම්, සමුළු දෙකක් තිබ්බා නම් අද මහ ඇමැති හරීන්. අපිට කියන්න තියෙන්නෙ එච්චරයි.

 

5

 


ප‍්‍රශ්නය - ඇයි එහෙම කියන්නෙ?


පිළිතුර - මොනරාගල ජනතාවට ඒ පීඩනය දැනිලා තියෙනවා. ආණ්ඩුව නියෝජනය කරන නායකයන් සිංහල බෞද්ධයන්ට පහර දෙනවා නම් ඒ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම්, ඒ මැතිවරණය තුළ ඉන්නෙ මුස්ලිම් අයගෙ වරදානවලට යටවුණු අය නම් මේ නටන නාඩගම මොකක්ද කියලා අහනවා. අපි දැක්කනෙ, හාලිඇළ මොකද වුණේ? අපි ඔය පැත්තෙ සමුළු දෙකක් විතර තිබ්බා නම් ඔය ප‍්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නෙ පුද්ගලවාදීව බලන දේශපාලනයක් නෙවෙයි. බිම් මට්ටමේ ජීවත් වෙන මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් තියෙනවා. ආක‍්‍රමණය දැනිලා තියෙනවා. සංස්කෘතිකමය වශයෙන් පේන විනාශය පේනවා. ඒත් කියන්න කෙනෙක් නෑ.

 


ප‍්‍රශ්නය - ඔබවහන්සේලා ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නෙ සිංහල - බෞද්ධ අපේක්ෂකයෙකුට නම් ඇයි සෝභිත හාමුදුරුවන්ගෙ වැඩපිළිවෙළට සහාය නොදෙන්නෙ? උන්වහන්සෙ හොඳ භික්ෂුවක්නෙ?


පිළිතුර - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් කියලා කියන්නෙ අපේ වීරයෙක්. අපේ පූර්වාදර්ශී චරිතයක්. රටේ ඉන්න බෞද්ධ අබෞද්ධ හැමෝගෙම චිත්තාවර්ධනයට හේතුවුණු ධර්ම කථිකයෙක්. උන්වහන්සේ දේශපාලන චරිතයක්. ජාතිය වෙනුවෙන් හිරබත් කෑ චරිතයක්. උන්වහන්සේ පොදු අපේක්ෂකයා හැටියට එන බව දැනගත්තු හැටියෙ අපි සතුටු වුණා. හැබැයි අපි බලන් හිටියා කවුද සෝභිත හිමියන්ව මෙහෙයවන්නෙ කියලා. ඒ පිරිස දැක්කම අපිට විශාල බයක් දැනෙනවා. මේ හදන්නෙ නැහෙන බොදු පුනරුදය විෂෙන් - විෂ නසනවා වගේ නසන වැඩක් කියලයි අපිට හිතන්නෙ.

 


ප‍්‍රශ්නය - රවී කරුණානායක මන්ත‍්‍රිවරයා වතිකානය සමඟ එකතු වෙලා කුමන්ත‍්‍රණයක් කරනවා කියලත් චෝදනා කරලා තිබුණා?


පිළිතුර - මම දන්නෑ ඉතින්. එතුමා එක එක වෙලාවට එක එක දේවල් කියනවා.

 


ප‍්‍රශ්නය - හාමුදුරුවනේ, බොදුබල සංවිධානය කවද්ද ප‍්‍රසිද්ධ දේශපාලනයට එන්නෙ?


පිළිතුර - අපේ මේ ක‍්‍රමවේදය මේ විදියටම ඉදිරියටත් තියෙනවා. අපි කරන්නෙ විමුක්ති අරගලයක්. මේකට කියන්නෙ නව ජාතික බොදු පුනරුද ව්‍යාපාරයක්. මේ වැඬේ අපි මේ විදියටම කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවෙ බොදු බලයෙ හාමුදුරුවො ඉන්නවා දකින්න පුළුවන් වෙයිද අපිට?


පිළිතුර - අනිවාර්යයෙන්ම

 


ප‍්‍රශ්නය - අපේක්ෂකයෙක් එක්කද?


පිළිතුර - මතවාදයක් එක්ක. ප‍්‍රතිපත්තියක් එක්ක.

 


ප‍්‍රශ්නය - ඒ කියන්නෙ අපේක්ෂකයෙක් ගේන්න අදහසක් නෑ?


පිළිතුර - ඒගොල්ලො මේ ප‍්‍රතිපත්ති ඉටු කළේ නැත්නම් ඒකත් කරනවා. අපි කරන්නෙ රට වෙනුවෙන්.


m