විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන්න මේ මොහොතේ විපක්‍ෂයේ විවිධ දේශපාලන පක්‍ෂ ගෙනයන විශාල අරගලයක්ය. ඒ වෙනුවෙන් පිවිතුරු හෙටක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අතුරලියේ රතන හිමියන් හා හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මුලිකත්වයෙන් විවිධ විපක්‍ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එකම වේදිකාවකට කැඳවා විශාල ජනකායක් මධ්‍යයෙහි ජනහමුවක් පැවැත්වූයේ පසුගිය 12 වැනිදාය. ඒ කොළඹ නවම් මාවතට යාබද මුත්තයියා පිටියේදීය.
මේ වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, එජාපයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ මන්ත‍්‍රී අර්ජුන රණතුංග, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, කරු ජයසූරිය, රවි කරුනානායක, මංගල සමරවීර සහ ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන් රත්නපි‍්‍රය යන මහත්වරු ඇතුළු දේශපාලනයට සම්බන්ධ අය රැුසක් එදින සවස 4.00 පමණ වන විට එම වේදිකාවට එක්රොක් වූහ. වැඩි ඉඩකඩක් නොතිබුණද මුත්තයියා පිටියේ ඉදිවූ දැවැන්ත වේදිකාව වටාත්, නවම් මාවත ඇතුළු යාබද මාර්ග දෙපස එක් රොක්වූ ජනතාවගෙන් එම කලාපය පිරිණි.
සවස 4.00 පමණ වන විට පූජ්‍ය අතුරලියේ රතන හිමි හා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මුලින්ම වේදිකාවට ගොඩවූයේ පැමිණ සිටි ජනතාවගේ ජය ඝෝෂා මධ්‍යයේය.
ඉන් අනතුරුව සෙසු ආරාධිතයන් වරින් වර වේදිකාවට ගොඩවූ අතර ඉන් සමහරකුට ජනතාව ප‍්‍රීතිඝෝෂා නැගූහ. අර්ජුන රණතුංග මහතාටද ජනතාව එවන් වූ ප‍්‍රතිචාරයක්ම ලබා දුන්හ.සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණි වාහනය වේදිකාව පිටුපස නවතා ඔහු ඉන් බැස ගත්තද වේදිකාවට ගොඩනොවී ඒ අසලම රැුඳී සිටියේ කිසිවකුගේ පැමිබිම බලාපොරොත්තුවෙනි. මොහොතකින් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වාහනය ඒ අසල නවත්වද්දී ඉන් විපක්‍ෂනායකවරයා සමග අනෙක් පස දොරටුවෙන් බැස ගත්තේ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාය. ඔහු එජාපය අතැර සන්ධානයට එක්වන බවට පැවැති කටකතාවලට එය පැහැදිලි පිළිතුරක් සැපයීමක් ලෙස ඇතැමෙක් දිටීයහ.
සජිත් පේ‍්‍රමදාස මහතා ඔවුන් දෙදෙනා පෙරටුකොට ගනිමින් තිදෙනාම වේදිකාවට ගොඩවද්දී ජනතාව ඔල්වරසන් නැගූහ. කරු ජයසූරිය, රවි කරුණානායක, අර්ජුන රණතුංග, සරත් එන්. සිල්වා යන මහත්වරු අසුන්ගෙන සිටි අසුන්වලට යාබද අසුනකින් විපක්‍ෂනායකවරයා අසුන් ගනිද්දී සජිත් පේ‍්‍රමදාස මහතාද ඒ අසලින්ම අසුන් ගත්තේය. සභාව ඇරැුඹිණි. ඉන්පසු එළැඹියේ කථිකයන්ගේ අවස්ථාවය.
හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ මන්ද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කෙළේය.
”විධායක ජනපති ක‍්‍රමය වර්තමානයේ වැරැදි අතට ගමන් කරමින් තිබෙනවා. ඒ උවදුරින් රට බේරාගැනීමට එජාපය එක්සත්ව නැගී සිටීම ගැන සතුටුයි.
ජේ.ආර්. ජයවර්ධන මහතා මේ විධායක ධුරයෙන් බලාපොරොත්තු වූයේ රටේ ශීඝ‍්‍ර සංවර්ධනයක්. එදා ජනපති මැදුරට මම අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දෙන්න යද්දී එහි සිටියේ කිහිප දෙනයි. නමුත් අද විධායක ජනපති ක‍්‍රමයේ බලතල දරන අයගේ ආරක්‍ෂකයෝම එහි 6000ක් පමණ ඉන්නවා.
අද හැමෝම පොදු අපේක්‍ෂකයකු ගැන කතා කරනවා. ඕනෑ තරම් පොදු අපේක්‍ෂකයෝ මේ වේදිකාවෙ ඉන්නවා. මේ ඕනෑ කෙනකුට මහින්ද රාජපක්‍ෂ මහතාව ගෙදර යවන්න පුළුවන්. මේ විධායකය ඉතා බලසම්පන්නයි. ඒකයි එය දෙවතාවකට සීමා කළේ. ජේ.ආර්. ජයවර්ධන මහතා වගේම චන්ද්‍රිකා ජනපතිනියත් ඊට ගරුකර මහත්මා ගතියෙන් ගෙදර ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා ජනපති ධුරයට තුන්වරක් තරඟ කළ හැකිදැයි යන්න අගවිනිසුරුවරයාගෙන් විමසීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගෙයි.
අනතුරුව මයික‍්‍රපෝනයට පැමිණි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මන්ත‍්‍රීවරයාගේ හඬද ඉතා දැඩි ස්වරයක් ගත්තේය.
”වත්මන් ජනපතිවරයා එම තනතුරින් පන්නා දමන මෙහෙයුමට අද අපි සැවොම එක්වී සිටිනවා. සන්ධාන රජයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂය වන ජාතික හෙළ උරුමය එහි ප‍්‍රධාන භූමිකාවක් මේ මොහොතේ ඉටුකරනවා. හෙට අනින්දා වන විට ඔවුන් ආණ්ඩුවෙන් මුළුමනින්ම ඉවත්වීම අනිවාර්යයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අප පිළිගන්නේ නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මහින්දට තෙවරක් පුළුවන්ද කියා හැකිනම් කැබිනට් සංවාදයකට එන්න කියා අපි අභියෝග කරනවා. දැඩි අව් රශ්මියෙන් ගිනියම් වූ එම භූමියේ හුන් ජනතාව විවිධ සටන්පාඨ කියමින්, සටන්පාඨ රැුගත් පුවරු අත දරමින් ආවේගශීලි ස්වභාවයකින් හැසිරුණද කිසිදු කලබලකාරී සිදුවීමක් ඇති නොවන අයුරින් ඔවුන්ව පාලනය කිරීමට ආරක්‍ෂක අංශ නිලදරුවෝ සීරුවෙන් සැදී පැහැදී සිටියහ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා මධ්‍යස්ථව තම අදහස් ගෙනහැර පෑවේය.
”විධායක ජනපති ක‍්‍රමයේ හානිය ගැන නගරයේ ජනතාවට වගේම ගම්බද ජනතාවටත් හොඳින්ම දැනී තිබෙනවා. අද පොදු අපේක්‍ෂකයා ගැන හැමෝම කතා කරනවා. මෙතනදි වැදගත් වන්නේ පාට, පක්‍ෂ නොවෙයි. මොන පුද්ගලයා ඉදිරිපත් කළත් මෙතනදි වැදගත් වන්නේ ප‍්‍රතිපත්තියයි. අද රටට අවශ්‍ය මේ විධායක ජනපති ක‍්‍රමය ඉවත්කර අගමැති ධුරයට බලතල ලබාදීමයි. මම දේශපාලනයට ආවෙත් එම බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති සමගයි. අපි කාටත් එක් එක් න්‍යාය පත‍්‍ර තිබෙනවා. නමුත් මේ සියල්ල අමතක කර අද රට වෙනුවෙන් අප එක වේදිකාවකට එක්රොක් විය යුතුයි.
එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වෙතැයි ජනතාව යම් මතයක් පවතින චරිත ලෙස කතාබහට ලක්වන මාදුළුවාවේ සෝභිත හිමියන් වත්මන් ජනපතිවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි ලෙස හෙළා දකිමින් අදහස් ඉදිරිපත් කරද්දී ජනතාවගෙන් ලැබුණේ ප‍්‍රශංසාත්මක ප‍්‍රතිචාරයකි.
”මේ රැුස්වීම එජාපයේ, ශ්‍රීලනිපයේ හෝ ජවිපෙ රැුස්වීමක් නොවෙයි. මෙය රටට යහපාලනයක්, සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් ප‍්‍රාර්ථනා කරන සියලූ පක්‍ෂවල, නියෝජිතයින්ගේ රැුස්වීමක්. විධායක ජනපති ක‍්‍රමය පිහිටවූ පසු ඊට තදින්ම එදා විරුද්ධ වූ පුද්ගලයකු තමයි වත්මන් ජනපතිවරයා. ඔහු එදා කතරගම සිට කොළඹට පා ගමනින් ආවේ මෙය වහා අහෝසි කළ යුතුයි කියලයි. ඔහු එදා එහෙම ආවේ ඔහුගේ ඇෙඟ් සීනි තිබුණු නිසා නොවෙයිනෙ.
එහෙත් ඔහු එදා එපා කියූ දේ අද බදාගෙන දඟළනවා. මේ ක‍්‍රමය එපා කියලා මේ රජයේම ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන හා රෙජිනෝල්ඞ් කුරේ යන ඇමැතිවරුන් පවසනවා. අද පොලීසිය, පක්‍ෂ කාර්යාල බවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂ එකඟ වූ 17 වැනි සංශෝධනය යළිත් ගේන්න. අද තිබෙන මනාප ක‍්‍රමයට හැමෝම විරුද්ධයි. ඒ නිසා මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න සියලූ දෙනාම එක්වන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
අනතුරුව මේ කටයුත්ත සංවිධානය කළ පිවිතුරු හෙටක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ අදහස් දැක්වූ අතර එය ඉතාමත් ආවේගශීලි ස්වභාවයක් ගත්තේය.
විවිධ දේශපාලන පක්‍ෂ හා නියෝජිතයින් අපට එකම වේදිකාවකට ගෙන ඒමට ලැබීම අප ලැබූ ජයග‍්‍රහණයක්. දුෂණයට වංචාවට එරෙහිව මේ රැුස්වීමට ජනතාව එන්නෙ රැුකියා බලාගෙන නොවෙයි. අපි කසිප්පු බොන්න දීලා ජනතාව ගේන්නෙ නැහැ. අද හැමෝගෙම ප‍්‍රශ්නය පොදු අපේක්‍ෂකයා කවුද කියලයි. ඒ අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සමාජ බලවේගය මේ වනවිට ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ මතවාදය නොසලකා ජනපතිවරණයක් පවත්වනවා නම් ජනපතිවරයා පරාජය කිරීමට අවශ්‍ය ජනතා ශක්තිය දැන් ඒකරාශි වී තිබෙනවා. අපි මේ සියලූ දෙනා එකතු කළේ දින හතරකින්. රජය කියනවා යුද්ධය ජයග‍්‍රහණය කළේ, යුද්ධ කළේ ඔවුන් කියලා. නමුත් යුද්ධයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පදනම දැම්මේ අපියි. අද අපිත් එක්ක බොහෝ පක්‍ෂ එක්වී සිටිනවා. මේ කියාපාන්නේ වෙනසක ඇරැුඹුමයි.
අපි මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරනවාමයි. එය ධර්මයේ හඬයි. මිනිසුන්ගේ පපු කැවුතු තුළින් එන හඬ එයයි. ජනපතිවරණය ප‍්‍රකාශ කළ පසු රජයේ ඇමැතිවරු පහක් දහයක් නොව විස්සකට වැඩි ප‍්‍රමාණයක් අප වෙත පැමිණෙනවා. අපි එකතුවී ඉදිරියට ගමන් කරමු. මහින්ද ජනපතිතුමනි, ඔබ ජනපතිවරණයට යන්න. ඔබේ පැරදීම අනිවාර්යයි. අපි ප‍්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් කරනවාමයි.’’ උන්වහන්සේ තිරහඬින් පැවසූහ.
වේදිකාව ඉදිරිපස පනවා තිබූ අසුන්වල මීට සහයෝගය දක්වන මන්ත‍්‍රීවරු, මන්ත‍්‍රීවරියන් රැුසක් වූහ. රුවන් විජයවර්ධන, අඛිල විරාජ්, ජෝශප් මයිකල් පෙරේරා, තලතා අතුකෝරාල, රෝසි සේනානායක හා පාලිත තෙවරප්පෙරුම ඇතුළු බොහෝ මන්ත‍්‍රීවරු හා මන්ත‍්‍රීවරියෝ දැඩි උනන්දුවකින් මෙම කතාබහට සවන් යොමු කරමින් සිටියහ. වත්මන් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතණුවන්ද මේ පිරිස අතර සිටියේය. විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කතාබහටද බොහෝ දෙනෙක් දැඩි උනන්දුවකින් සවන් දුන්හ.
”විධායක ජනපති ක‍්‍රමය මේ රටට හඳුන්වා දුන් අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ සිටි අයගෙන් අද කි‍්‍රයාකාරී දේශපාලනයේ සිටින්නේ මම විතරයි. සමහරු එකඟ වුණත් නැතත් මේ විධායක ජනපති ක‍්‍රමය යටතේ රටේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකිවූ බව කිව යුතුයි. මහවැලිය හා කර්මාන්ත ශාලා ආදිය රටේ ස්ථාපිත කිරීමට මෙය ඉවහල් වුණා. 77 මේ ක‍්‍රමය අපි හඳුන්වා දුන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන්. 2010 න් පසුව මේ ක‍්‍රමය යටතේ සිදුවන්නේ රටේ සංවර්ධනය නොවෙයි, ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයේ පුද්ගලික සංවර්ධනයයි.
”අද අධිකරණය සම්පූර්ණයෙන්ම විනාශ කරලා. රාජ්‍ය සේවය හා පොලීසිය දේශපාලනීකරණය කර තිබෙනවා. රජය සිය ජඩවැඩ කරගැනීම සඳහා ගැලපෙන කොටසක් රජයේ සේවයට පත්කරගෙන තිබෙනවා. අපි 19 වැනි සංශෝධනය රජයේ පැත්තෙන් ඉදිරිපත් කර ගැනීමට ජාතික හෙළ උරුමය හා අතුරලියේ රතන හිමියන්ට පූර්ණ සහාය ලබාදිය යුතුයි. එය සාර්ථක වුවහොත් සියලූ දෙනාම ඒකරාශී වී විධායක ජනපතිට එරෙහි සටන ඉදිරියට ගෙන යමින් ඒ ක‍්‍රමය අවසන් කරන්නට පෙළ ගැහෙමු. සියල්ලන්ගේම ප‍්‍රීතිඝෝෂා මැද එම දේශපාලන කටයුත්ත අහවර වූයේ දැඩි සාමකාමී වාතාවරණයක් ඔස්සේය.