අපේ රටේ ජාතික ගුවන් සේවාවක් ලෙස කි‍්‍රයාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බොහෝ විට විවේචනයට ලක් වන්නකි. විශේෂයෙන් ලාභ අවමව පවත්වාගෙන යනු ලබන මෙම ගුවන් සේවාවේ වත්මන් තත්ත්වය විමසා බැලීමට අපි එහි සභාපතිවරයා වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතා මුණගැසුණෙමු. මේ ඔහු හා කෙරුණ සංවාද සටහනයි.
* ප‍්‍රශ්නය: අපට ආසන්න ආසියානු හා මැදපෙරදිග කලාපවල බොහෝ ගුවන් සේවාවන් කාර්යක්ෂමව ලභදායීව පවත්වාගෙන යද්දී ශ්‍රී ලන්කන් ගුවන් සේවාව දිගින් දිගටම පාඩු ලබන්නේ ඇයි?
පිළිතුර:- මේ කලාපයේ ගුවන් සේවාවන් වන එමිරේට්ස්, කටාර් එයාවේස්, සිංගප්පූර් එයාර්ලයින්, කැතේ පැසිෆික් වැනි ගුවන් සේවාවන් දිහා බැලූවම ඒවායේ යානා අලූත්වැඩියා කළ නවීන පන්නයේ ගුවන් යානායි. ඒවායේ සියයට 20x25ක් පමණ අඩුවෙන් ඉන්ධන වැය වන්නේ. අපට එවැනි ධාරිතාවක් නැහැ. එම නිසා එම ගුවන් සේවා ලාභ උපයනවා. විශේෂයෙන්ම ඒවාට නවීන බොහෝ සැප පහසුකම්වලින් යුත් ගුවන්යානා තිබෙනවා. අපට ඒවා සමග තරග කරන්නට තරම් හැකියාවක් නැහැ.
![]() |
ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ |
ගුවන් සේවාවක් ගැන කතා කරද්දි ගුවන් තොටුපොළ, තීරුබදු සහිත සාප්පු සංකීර්ණ වගේ දේවලූත් එහි සාර්ථකත්වයට බලපානවා. ඒ වගේම ගුවන් බස් විකිණීමෙනුත් සමහර ගුවන් සේවා සමාගම් ලාභ උපයනවා. විශේෂයෙන්ම කැතේ පැසිෆික් ගුවන් සේවාව එසේ ලාභ උපයනවා. අපට එසේ කරන්නට හැකියාවක් නැහැ. නමුත් ජාතික ගුවන් සේවාවක් විදියට පාඩුව අවම කර ගැනීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නවා.
මැදපෙරදිග බැලූවම රජය ඒ ගුවන් සමාගම්වලට යානා මිලදී ගන්නවා. ඒ රටවල ආර්ථිකයත් එක්ක එවැනි දේ කළත් අපට විශාල ආර්ථික ගැටලූ තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව එමිරේට්ස් කරගෙන යද්දි හොඳින් කෙරුණා. නමුත් ඉදිරියේදී අපි අපේ ගුවන් සේවාවේ උන්නතිය වෙනුවෙන් බොහෝ දේ කරන්නට සැලසුම් සකස් කර තිබෙනවා.
* ප‍්‍රශ්නය: ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පාඩු පිට පවත්වාගෙන යන්නේ නම් ලාභදායී ආර්ථික මාර්ගවල යානා ධාවනය කළ යුතුයි. නමුත් එය සංචාරකයන් වැඩිපුර යන ගමනාන්ත වැඩිපුර ධාවනය නොකර මගීන් අඩුවෙන් යන ආර්ථික ගමනාන්තවල ධාවනය වන්නේ ඇයි?
* පිළිතුර:- අපි යුරෝපයේ ගමනාන්ත ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. චීනය, මොස්කව්, ඉන්දියාව වගේ රටවලට සතියකට දෙවරක් පියාසර කරනවා. ඉදිරියේදී ගමනාන්ත වැඩි කිරීමට අපි අදහස් කරගෙන සිටිනවා. තවත් වසර තුනක් හතරක් යද්දී අපට මේ තත්ත්වය මගහරවා ගැනීමට හැකිවේවි කියා විශ්වාසයි. යුරෝපාකරයේ අපි වසර ගණනාවක සිට ගමනාන්තවල යෙදෙනවා. ඉතාලියටත් සතියකට තෙවරක් පමණ පියාසර කරනවා. ගුවන් සේවාවක් වුණාම හැමදාම කොහේ හෝ රටකට ගමනාන්ත යොදාගත යුතුයි. ඉදිරියේදී අපි මේ ඉලක්කය වැඩි කිරීමට අදහස් කරනවා.
දැනට ගමනාන්ත 33ට අප යනවා. ජපානයට සතියකට ගමන්වාර 3ක් යනවා. ඉදිරියේදී සතියට 7 පාරක්වත් යන්නට අදහස් කරනවා. අපේ ගුවන් යානාවක රටකට යන මගියකුට ආපසු එන නියමිත දිනයට පෙරාතුව හෝ හදිසියේ හෝ එන්න වුණොත් එන්න අපේ ගුවන් වාර තිබිය යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ හැසිරීම පිළිබඳවත් සලකා බලා ඉදිරියේදී ගුවන් ගමන් වාර වැඩි කරන්නටත් අපි අදහස් කරනවා.
* ප‍්‍රශ්නය:- මෙතරම් අර්බුද මැද පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අලූත් ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක් තිබෙනවා. එය අමාරුවේ වැටීමක් නොවෙයිද?
* පිළිතුර:- අප සතුව තිබෙන ගුවන් යානාවලින් සියයට 50ම වසර දහයකට වඩා පියාසර කළ ගුවන් යානායි. අපි අනෙක් ගුවන් සේවාවන් සමග තරග කරන්නට නවීන අංගසම්පූර්ණ පහසුකම් සහිත ගුවන් යානා තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ගුවන් සේවාවක ගුවන් බළඇණිය වසර 5ක් අඩුවෙන් ධාවනය වූ ඒවා විය යුතුයි. ලෝකයේ අනෙක් රටවල් බොහොමයක් වසර 5ක් ධාවනය කළ පසු ඒවා විකුණනවා. නැවත මිලදී ගනිද්දී අලූත් යානාවක් මිලදී ගන්නේ. අපිත් එවැනි ක‍්‍රමවේදයන්ට යා යුතුයි. විශේෂයෙන්ම ගමනක යෙදෙන ගුවන් මගියකුට යානාව තුළ හොඳින් ආගන්තුක සත්කාරයන් තිබිය යුතුයි. එනිසා එවැනි දේ ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා.
* ප‍්‍රශ්නය: ගුවන් යානා මිලදී ගැනීමට ඔබ මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප වුණා. ජාතික ගුවන් සේවාවකට ගුවන් යානා මිලදී ගැනීම ජාතික කටයුත්තක් නම් භාණ්ඩාගාරය අහක බැලූවේ ඇයි? මෙය තව තවත් අමාරුවේ වැටීමක් නොවෙයිද?
* පිළිතුර:- අපි මහාභාණ්ඩාගාරයෙන් ඇපකරයක් ඉල්ලා සිටියත් ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ මත එවැනි පහසුකම් ලබාදීමේ ක‍්‍රමවේදයක් එහි නැහැ. අපි එයාර් බස් මිලදී ගන්නේ ලීසිං පදනම මතයි. එනිසා ඇපකරයක අවශ්‍යතාව මතු වුණත් අපේ සමාගම ගැන ගුවන් යානා ලබාදෙන සමාගම්වල තිබෙන විශ්වාසය මත එම කටයුතු නිරාකරණය කර ගැනීමට හැකිියාව ලැබී තිබෙනවා. මිලදී ගැනීමේදී සම්පූර්ණ අයිතිය සියයට 25ක්වත් අපට තිබිය යුතුයි. අපට තිබෙන A -340 යානා 6ම වසර 15කටත් වඩා ධාවනය වූ ගුවන් යානායි. එනිසා A -350 යානා 4ක් මිලදී ගැනීමට අදහස් කරනවා. ලීසිං පදනම යටතේ මුලින් අප ඇමෙරිකන් ඩොලර් කෝටි 8ක් ඒ සඳහා අත්තිකාරම් ලෙස බැඳිය යුතුයි. සාමාන්‍යයෙන් රිය පොළකින් වාහනයක් ගන්නවා වගේ නොවෙයි ගුවන් යානාවක් මිලදී ගනිද්දි අත්තිකාරම් බැන්දට පසුවයි යානාව සවි කරන්නේ. ඉදිරියේදී අපේ මුදල් ශක්තිය අනුව ගමනාන්ත අනුව යානා බලඇණිය 30ක් දක්වා වැඩි කරන්න සූදානම් වෙනවා. ප‍්‍රංශ එයාර් බස් සමාගමක් සමග එම යානා මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම් ඉතා ඉක්මනින් අත්සන් කරනවා. අප මිලදී ගන්නේ බෝයින් යානා නොවෙයි. එයාර් බස් වර්ගයේ ගුවන් යානායි. බෝයින් යානා මිලදී ගන්නවා නම් ඒ සඳහා ඉංජිනේරුවන්, ගුවන් නියමුවන් හා යානාවේ කාර්යයමණ්ඩලය වෙනස් කළ යුතු වෙනවා. එවිට ඒ සඳහා අමතර මුදලක් වැය කරන්න වෙනවා.
* ප‍්‍රශ්නය:- ඛනිජතෙල් සංස්ථාවෙන් ඔබ ආයතනය ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අතිවිශාල ණයක් ගෙවන්නට සිදුවෙලා තිබෙනවා. මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ කඩාවැටීමට හේතු වුණා. මේ ගැන ඔබේ විග‍්‍රහය?
* පිළිතුර:- ඉන්ධන මිල ලෝක වෙළෙඳපොළේ විශාල ලෙස වැඩි වුණා. අප යානාවලට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණයෙන් සියයට 50x60ක් මිලදී ගන්නේ ඛනිජතෙල් සංස්ථාවෙන්. අපි රටකට යද්දී ඒ රටට යාමට අවශ්‍ය තෙල් ප‍්‍රමාණය පමණයි යානාවට යොදන්නේ. ආපසු එද්දි ඒ රටෙන් ඉන්ධන ලබා ගන්නවා. එහෙම නොවුණොත් අධික තෙල් ප‍්‍රමාණයක් දරාගෙන යානාව ගුවන් තොටට බස්සවන්නට අපහසු වෙනවා. අපේ ආදායමෙන් සියයට 50ක් වැය වන්නේ ඉන්ධනවලටයි. ඉතිරිය පඩි නඩි හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුණාම ලංකාවෙත් මිල වැඩි වුණා. අපිි විශාල මූල්‍ය අර්බුදයකට මුලපිරුවා. ප‍්‍රශ්න ඇති වුණා. දැන් අපේ මූල්‍යමය සැලසුම් වෙනස් කරලා ඒවා ටිකෙන් ටික ගෙවාගෙන යනවා. යුද්ධය පැවැති කාලයේ මගීන් අඩුවෙන් අපේ ගුවන් යානාවල ගියේ. එනිසා ආදායම අඩු වුණා. දැන් අපි සතියකට රුපියල් මිලියන 150ක් ඒ ණය සඳහා ගෙවනවා. ගිය වසරේ අවසානයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් ගෙව්වා. තවමත් ගෙවනවා. ලෝකයේ ඉන්ධන මිල වැඩිම මාලදිවයිනේ. ඊළඟට ශ්‍රී ලංකාවයි. ඉන්ධන ලාබම සිංගප්පූරුවේයි.
අපි සිංගප්පූරුවේ මිලට ඉන්ධන ලබා දෙන්න කියා ඉල්ලූවත් ඒමිලට අපට ඉන්ධන ලබා දුන්නේ නැහැ. අනෙක් රටවල් තෙල් මිල වැඩි වුණාට පරණ මිල ගණන්වලටම ඉන්ධන ලබා දෙනවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටියා අපේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සිංගප්පූරුවෙන් ගෙන්වන්නට අවසර ලබා දෙන්න කියලා. එහෙම වුණොත් ඒක අපට විශාල සහනයක්. අපේ පාඩුව අපට අවම කර ගන්න පුළුවන්.
* ප‍්‍රශ්නය:- ශ්‍රී ලන්කන් ගුවන් යානාවලදී මගීන්ට ලබාදෙන පහසුකම් සතුටුදායක මට්ටමක නොපවතින බවට මගීන්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස?
* පිළිතුර:- අපේ ගුවන්යානා ඉතාම පරණයි. එනිසා ඒවායේ යම් යම් අඩුපාඩු තිබෙන බව මම පිළිගන්නවා. විශේෂයෙන්ම ආසන සුවපහසු මට්ටමකින් සකසන්නට මම අදහස් කරනවා. ඒවාට පිළියම් යොදනවා. මේවාට රජයෙන් මුදල් ඉල්ලන්න බැහැ. අපට ලැබෙන ආදායමෙන් තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. පැය 7, 8ක ගමනක් යද්දි මගියකුට සුව පහසුව තිබිය යුතුයි. අනෙක් ගුවන් සේවාවල ඒ පහසුකම් තිබෙනවා. අපට තවම ඒවා සමග තරග කරන්න තරම් ශක්තිමත් නැහැ. අලූත් ගුවන් යානා මිලදී ගත්තම මේ ප‍්‍රශ්න තරමක්දුරට මගහරවා ගන්න පුළුවන් වේවි. අපි ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ නිතරම අපේ ගුවන් යානාවල ගමන් කරන්න. අපේ ගුණ දොස් අපට කියන්න. එවිට අපට ඒවා හදාගන්න පුළුවන්. මේක රටේ ජාතික ගුවන් සේවය. එනිසා ලාංකිකයන් විදියට ජාතික හැඟීමකින් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි ආයාචනය කරනවා.
සටහන - දුෂ්‍යන්ත කුමාර