අම්මා එනතුරු හඬා වැටෙන හදී


04-Page-6-S2-03     

 

සම්බුදු පියාණන්ගේ පාද ස්පර්ශයෙන් අතිශය පාරිශුද්ධත්වයට පත්වූ මුතියංගන වෙහෙරේ ගන්ඨාර හඬ පැතිරෙන සීමාවේ නමුනුකුල කඳු ශිඛරය පෙනෙන ඉසව්වේ, කණුපැල්ල ගමේ වෙලේ, ගාලේ මාස හයක් වයසැති -හදී” හඬමින් සිටියා.

04-Page-6-S2-05
මහ වැස්සට අම්මාට තුරුල්වෙලා හිටිය මේ වහුපැටියා තනි වුණේ ඇයිද කියන්න පැටියාවත් දැනගෙන හිටියේ නැහැ.


ඇයි අම්මේ මේ ශීතලේ මහ රෑම මාව තනිකර දාල ගියේ කියලා අහනව වගේ වහුපැටියා නොනවත්වාම උම්බෑ කිව්වා.


ඒ කෙඳිරියවත් අහන්න අහළ පහළ කවුරුවත් හිටියේ නැහැ. දිසානායක මුදියන්සේලාගේ ප්‍රේමරත්න බණ්ඩාර තමයි මේ අයගේ හිමිකරුවා.


ගොවිතැන හා ගව පාලනය රැකියාව කරමින් දැහැමින් ජීවත් වෙන ප්‍රේමරත්න තමාගේ ගවයන්ට දක්වන්නේ පුදුම ආදරයක්.


කලින්දා සවස පැටියා කිරි බොන තෙක්ම ඇඟ අතගා ආශාවෙන් බලා සිටි ප්‍රේමරත්න රෑ බෝවන තෙක්ම හිටියේ ගව ගාලේ.


උන්ට කන්න දීලා වතුර දීලා ගෙදර යනකොට හොඳටම හවස් වෙලා.


පසුදා අරුමැක්කේ නින්දෙන් නැගිට්ට ගමන් කහට කෝප්පයක් වත් බොන්නේ නැතිව ශීතල පවා නොතකා ඔහු වෙලට ආවේ පැටියාගේ සුවදුක් බලන්න.
ඒ වන විටත් පැටියා හඬමින් තප්පු ලමින් සිටියා.

 

04-Page-6-S2-04


හැබැයි වැස්සි පේනතෙක් මානයවත් හිටියේ නැහැ.


දෙයියනේ වැස්සිට මොකද උනේ? ප්‍රේමරත්න හොයන්න පටන් ගත්තා.


මඬේ එරි එරි කුඹුරට බැහැලා සොයා ගෙන සොයා ගෙන යනකොට ගාලට පහළින් ගලාගෙන යන මැදඔයේ එගොඩ පස්වේල්ලකින් පහළට වැටී සිටි වැස්සි දැකගන්න ලැබුණා. ඒත් ඌට පණ තිබුණේ නැහැ. 

6
දෙයියනේ උගේ ඝාතයක් කපාගෙන ගිහින්. ප්‍රේමරත්න ඔලුවේ දෑත තබමින් හඬාවැටෙමින් වැස්සි ළඟටම ගිහින් බලනකොට එක ගාතයක් නෙවෙයි ඝාත දෙකම කපාගෙන ගිහින් තිබූ බව දැක්කා.


ප්‍රේමරත්නගේ ඇඳෝනාව ඇසී අසල්වැසියන් දුවගෙන ආවත් කිරි වැස්සිට මොකක්ද උනේ කියලා කාටවත් අදහාගන්න බැරි වුණා.


-මේ වැස්සි පැටව් තුන්දෙනෙක් බිහිකළා. මේ අන්තිමට බිහිකළ පැටියා. මීට කලින් බිහිකළ පැටියෙකුත් මේ විදියට ඔයෙන් එගොඩ ගෙනිහින් මරලා මස් අරන් තිබුණා. හැබැයි මේ දක්වාම කවුද මේ අපරාධය කළේ කියලා හොයා ගන්න බැරි උනා. දෙයියනේ කියමින් ඔහු හඬා වැටෙමින් දුක කිව්වා.


-යන්න යන්න පොලිසියට යන්න” හිතවතුන්ගේ උපදෙස් මත ප්‍රේමරත්න පොලිසියට ගියෙත් කඳුළු බොමින්.


-සර් මගේ රත්ති මරලා ඝාත කපාගෙන ගිහින්” ඔහු හඬා වැටෙමින් කියද්දී බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.යූ.පී. මානියන්ගම මහතාට ඇති වුණේ හරිම දුකක්.


-දැන් හඬල වැඩක් නැහැනේ. අපි පව්කාරය ඇල්ලුවා” මානියන්ගම මහත්තයා එහෙම කියද්දී ප්‍රේමරත්න කඳුළු පිරුණ දෑසින් බලාගෙන හිටියා.


මේ පව්කාරයා එදා අලුයම 4ට විතර පොලිසියට කොටුවෙලා. තිබුණේ බදුල්ල නගරයේදී.


රාත්‍රී මුර සංචාරයේ යෙදුන උපපොලිස් පරීක්ෂක අධිකාරී මහතාට මහ බරක් කරමත තබාගෙන එන පව්කාරයා පිළිබඳව සැක පහළවී පරීක්ෂා කිරීමේදී කපාගෙන යමින් තිබූ ගව ඝාත සැකකරුගේ මල්ලේ තිබී හමුවී තිබුණා.


අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් කූඩුවේ සිටිනු ප්‍රේමරත්නට දැකගන්නට ලැබුණා.


පන්සලට ගිහින් කියන ගාථා ප්‍රේමරත්නට මතක් වුණා.

 


අන්තලික්ඛේන සමුද්ධ මච්චේ 

SLD_20170205_B004
පාපකර්මයක් සිදුකර ඒ විපාකවලින් බෙරී සිටීමට තැනක් මහ සයුරේද නැත. පර්වත කුහරයේද නැත. එවන් තැනක් තුන්ලොව කිසිම තැනක නැත.
එම බුදුදහම මෙනෙහි කරමින් සියලු සත්වයන්ගේ අනියත බව පසක් කරමින් ප්‍රේමරත්න රත්තිගේ මළකඳ තිබූ තැනට එන විටත් ගමේ අය මිහිදන් කටයුතු සඳහා වළ කපා තිබුණා.


රත්ති මිහිදන් උනේ ඒ හැමටම මහා වේදනාවක් දෙමින්.


වහු පැටියා තාමත් මඟ බලමින් උම්බෑ කියමින් හඬා වැටෙනවා. එයා දන්නේ නැහැ අම්මා ආයේ එන්නේ නැහැ කියලා.

m