පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමඟ ඬේලිමිරර් පුවත්පතේ සුසන්ත ආර්. ප‍්‍රනාන්දු කළ සම්මුඛ සාකච්ඡාවේ අනුවාදයකි.
|
නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින් ඔබගේ ප‍්‍රජා අයිතිය අහිමිකරන ආකාරයේ තවත් නඩුවක් පැවරීමට උත්සාහ කරන බව ඔබ පසුගියදා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණා. ඔබ මෙම බාධාවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ද? මැතිවරණයකට තරග කිරීමට ඔබ සුදුසුද?
මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නැහැ. මගේ නම මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව බස්නාහිර පළාත් සභා මැතිවරණයට මසකට ඉහත මැතිවරණ කොමසාරිස්වරයා මා හට ප‍්‍රකාශ කළා. ඔහු මා හට ප‍්‍රකාශ කළේ මගේ ද`ඩුවම් කාලය තවම සම්පූර්ණ කර නොමැති බවයි. වෙනත් ආකාරකින් පැවසුවහොත් මගේ ප‍්‍රජා අයිතිය අහෝසි වී නොමැති බවයි. කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරන තෙක් මගේ නම මැතිවරණ නාම ලේඛනයේ තිබූ බව මා දැන සිටියේ නැහැ. නාමලේඛනයට ඇතුළත්ව තිබිණි නම් එය වෙනස් කළ නොහැකියි. මගේ ඡුන්දය ප‍්‍රතික්ෂේප කළහොත් කොළඹ දිස්ති‍්‍රක්කයේ සියලූ ප‍්‍රතිඵල අවලංගු කළ යුතු වෙනවා. රජය කොහෙන්දෝ සොයා ගත් එක්තරා කවටයකු මගින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. එවැන්නක් සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවයි මගේ හැඟීම. බොහෝ අය විශ්වාස කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම නීතිපතිවරයාද රූකඩ ලෙස කටයුතු කරන බවයි.
ජනාධිපතිවරණයට තරග කිරීම සදහා පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාව ඔබ පුනරුච්චාරණය කරන්නක්. එමෙන්ම පොදු අපේක්ෂකයා සොයා ගත යුත්තේ ජනාධිපතිවරණය අත ළඟටම පැමිණි විට බවත් ඔබ පවසනවා. ඔබ සිතන අයුරින් තවමත් පොදු අපේක්ෂකයකු නම් කිරීම ස`දහා කාලය පැමිණ නොමැතිද?
පොදු අපේක්ෂකයා පිළිබ`ද ජනපි‍්‍රය මාතෘකාව කරළියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේ දී. ඒ ස`දහා විවිධ පක්ෂවලින් අපේක්ෂකයන් සිටියා. එම වකවානුවේ මා පක්ෂ දේශපාලනයට සම්බන්ධවී නොසිටි බැවින් මා පොදු අපේක්ෂකයකු ලෙස නම්කරනු ලැබුවා. දැන් නැවත වරක් මහජනතාව පොදු අපේක්ෂකයකු පිළිබ`ද කතා කරනවා. පසුගිය වාරයේ මෙම ආරාධනාව පැමිණියේ ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදීයි. එම අවස්ථාවේ අප ජනාධිපතිවරණය පිළිබ`දව මාස ගණන් සාකච්ඡුා කොට තිබුණේ හෝ විශාල සූදානමකින් සිටියේ හෝ නැහැ. විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම මේ රටේ සියලූ ප‍්‍රශ්නවලට විස`දුම නොවෙයි. එය අහෝසි කළත් දුෂිත පුද්ගලයෙක් නැවත බලයට පත්විය හැකියි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන අතරම දුෂිත පුද්ගලයාද ඉවත් කළ යුතුයි.
කිසියම් ආකාරයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා වුවහොත් ඔහුට සහාය දැක්වීමට ඔබ සූදානම්ද?
එවැනි අවස්ථාවක අපට ක්ෂණික තීරණයක් ගැනීම අපහසුයි. එය විශ්ලේෂණාත්මකව සලකා බැලිය යුතු කරුණක්. සාකච්ඡුා මාර්ගයෙන් තොරව තීරණයකට එළඹුණහොත් එය සවිස්තරාත්මක නොවූ ඒක පාක්ෂික තීන්දුවක් විය හැකියි.
එහෙත් ඔබ ඕනෑම කෙනෙකු සමඟ සාකච්ඡුා කිරීමට සූදානම් නේද?
නිසැකවශයෙන්ම. විරුද්ධ පාක්ෂික කණ්ඩායම්වලට පුද්ගලයකු තෝරාගත යුතුනම් ඔවුන් ඒ පිළිබ`දව සාකච්ඡුාකොට පොදු එකඟත්වයකට පැමිණිය යුතුයි.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විය හැකිද?
ඔව්. ඕනෑම කෙනෙකුට කැමති කෙනෙක් නම් කළ හැකියි. එහෙත් අප විසින් ඒ පිළිබ`දව සියුම්ව සොයා බැලිය යුතුයි. සත්‍යවශයෙන්ම අප සැම එකඟ විය යුත්තේ එක් අරමුණක් උදෙසායි. දුෂිත පාලකයා පරාජය කිරීමට ප‍්‍රමුඛතාව දිය යුතුයි. රට සංවර්ධනය කොට එය නිවැරදි මාර්ගයට රැගෙන ඒම දෙවැනි කාර්යයි.
බොන් ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් 2013 දී ප‍්‍රකාශයට පත්කළ ජාත්‍යන්තර හමුදාකරණ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 36 වැනි ස්ථානයට පත්ව තිබෙන අතර කලාපයේ දැඩි හමුදාකරණයට ලක්වූ රටවල් අතර ඉදිරියෙන්ම තිබෙන රටක් ලෙස නම් කොට තිබෙනවා. 30 වසරක යුද්ධය ජයග‍්‍රහණය කිරීම ස`දහා නායකත්වය දුන් හමුදා නායකයකු වශයෙන් මෙය ඔබ දකින්නේ රට පිළිබ`ද ධනාත්මක සංඥාවක් ලෙසද?
හමුදාව සිවිල් පාලනයට සම්බන්ධවනවා නම් එය අත්‍යන්තයෙන්ම අසුභවාදී සාධකයක්. එවැන්නක් කිසිදු රටක සිදු නොවිය යුතුයි. අප මින් පස්වසරකට ඉහත යුද්ධය අවසන් කළා. කෙමෙන් කෙමෙන් හමුදාව සාමාන්‍ය ජන ජිවිතයෙන් ඉවත් කිරීමට ගෙවුණු පස්වසර ඕනෑතරම් ප‍්‍රමාණවත්. ප‍්‍රජාතන්තවාදී ප‍්‍රවාහය තුළ මානව හිමිකම් ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය සුරකිමින් රටක් පාලනය කළ යුතුයි. ඉදිරි දැක්මක් හා බුද්ධියක් ඇති පුද්ගලයෙක් කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්. නුසුදුසු පුද්ගලයකු රටක් පාලනය කරන විට නීතිය තමන් අතට ගැනීමට ඇති ප‍්‍රවණතාව වැඩියි. දුෂණය සහ අක‍්‍රමිකතා රට තුළ ව්‍යාප්ත විය හැකියි. එවැනි රටකට ආපසු ගමනක් විනා ඉදිරි ගමනක් නැහැ.
අපට විශාල හමුදා බලයක් ඇති බැවින් රටේ සංවර්ධනයට ඔවුන් යොදාගත හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකියි
අපට හමුදාව කම්කරු රැුකියා ස`දහා යොදා ගෙන කම්කරුවන්ගේ රැකියා අහිමිකළ නොහැකියි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හේතුවෙන් සෑම වසරකම පාහේ ජිනීවා යෑමට සිදුවෙනවා. මෙම වැරදීම සිදු වූයේ කොතැනකද?
මෙහිදී. රජය රට වෙනුවෙන් නිවැරැුදිව කි‍්‍රයා කළ යුතුව තිබුණා. ජිනීවා චෝදනා දෙආකාරයි. එකක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබ`ද චෝදනා. දෙවැන්න යුද අපරාධ චෝදනා. රජයට මෙම ගැටලූ සමථයකට පත් කර ගැනීමට අවශ්‍ය වූවානම් එය ජිනීවා දක්වා යන්නේ නැහැ. එම ප‍්‍රශ්න මෙහිදීම විසදා ගත හැකිව තිබුණා. රජයට රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට තිබුණා. අපට සුදු වෑන් සංස්කෘතිය නැවැත්වීමට බැහැ. ඌව පළාත් සභාව විසුරුවා හැරීමට පැය 12කට පෙර දිසා ලේකම්වරයා මාරු කොට තමන්ගේ හිතවතෙකු ඒ ස`දහා නම්කර ඇති බවයි. මට පේන්නෙ මේවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. පාලකයන්ගේ පැවැත්ම උදෙසා බරපතල වැරදි කි‍්‍රයා සිදු කරනු ලැබුවා. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ජිනීවා යාමට අයිතියක් තිබෙනවා. රටේ පාලකයා තමා විසින්ම නිවැරැුදි විය යුතුයි. එසේ නොකොට වෙනත් රටවල දුෂිත පුද්ගලයන් හා දුෂිත රාජ්‍ය නායකයන් හරහා රටේ ධනය අති විශාල වශයෙන් වැය කිරීමෙන් ප‍්‍රයෝජනයක් අත්වන්නේ නැහැ.
යුද අපරාධ සම්බන්ධයෙන් පැන නැඟී ඇති චෝදනා සම්බන්ධයෙන් මුහුණ දී රටේ සහ හමුදාවේ නම රැුක ගැනීමට මා සූදානම්. එහෙත් මෙම සහෝදරයන් දෙදෙනා (ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා) ප‍්‍රකාශ කරනුයේ ඔවුන් යුද්ධය මෙහෙයවන ලද හෙයින් මා විසින් නොව ඔවුන් විසින් ඒ සදහා පිළිතුරු දිය යුතු බවයි. එහෙත් ඕනෑම ස්ථානයකට ගොස් සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු ලබා දී හමුදාවේ නාමය පිරිසිදු කිරීමට මා සූදානම්. එකෙකු හෝ දෙන්නෙකු ජිනීවා මානව හිමිකම් කඩ කොට ඇතිනම් එය ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් විනා හමුදාවේ ප‍්‍රශ්නයක් නොවෙයි. එමෙන්ම නීතිය හා ආධිපත්‍යය ඉහළ නැංවීමට අපට සිදුවෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රධානතම අවි සැපයුම්කරුවා වූ කේ. පී. නොහොත් කුමරන් පත්මනාදන් විසින් මෙහෙයවන ලද අති විශාල අරමුදල් සම්බන්ධව ඇත්තේ විශාල අභිරහසක්. එම අරමුදල් හා ඔහු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර නෞකාවලට සිදුවූයේ කුමක්ද?
විශාල වශයෙන් ව්‍යාපාරවල නිරත වූ කේ.පී. අති විශාල ධනයක් ඉපැයූ අතර මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වනතෙක් එම මෙහෙයුම්වල නිරතව සිටියා. අත් අඩංගුවට පත්වූ විගස ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී කේ.පී. ඔහු යටතට ගනු ලැබුවා. අපට ඔහු හමුවීමට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා කේ.පී. සමඟ ඍජුවම කටයුතු කළා. කේ.පී. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි ලෙසිනුයි මා කටයුතු කළේ. කේ.පී. මැලේසියාවේ සිට රැුගෙන ආ දිනයේ ආරක්ෂක ලේකම්වරයා මට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ‘ඔබ දන්නවාද කේ.පී. මැලේසියාවේ සිට මෙහි ගෙන ආවා’ යැයි පැවසුවා. ඔවුන් කේ.පී. සමග කුමක් කළාදැයි අප දන්නේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා තමයි ඔහු හා ගනුදෙනු කළේ.
එයින් ගම්‍ය වන්නේ කේ.පී. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිළිබ`ද දැනුම්වත්ව නොසිටි බවද?
නැහැ. එම මෙහෙයුම පිළිබ`දවත් අප දැන සිටියේ නැහැ. එය සිදුවූයේ මැලේසියාවේදී. පිරිසක් මැලේසියාවට ගොස් ඔහු භාරගෙන තිබුණා. ඔහු සතුව තිබූ අරමුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න අප දැනගත යුතුයි. අප මේ පිළිබදව ජනතාව දැනුම්වත් කළ යුතුයි. එහෙත් කේ.පී.ගෙන් එම මුදල්වලට සහ නෞකාවලට සිදුවූයේ කුමක්දැයි දැනගත හැකි වූයේ නැහැ. අපට පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතුව තිබුණා. ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට පත් වූ විට හා අරමුදල් සොයා ගත්විට ඒවා රාජසන්තක කොට සියලූ තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුයි. ඒවා රාජ්‍ය රහස් නොවෙයි. මෙම සිදුවීමත් මා හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සොයාගෙන රජයට බාර දුන් රත්රන්වලට සිදුවූ දෙයට සමානයි. එම රත්රන්වලට සිදුවූයේ කුමක්දැයි යන්න කිසිවකු දන්නේ නැහැ.
කිලෝ ග‍්‍රෑම් 220ක් බරැති රන් ආභරණ පිරවූ යකඩ පෙට්ටි කීපයක් අප රජයට භාර දුන්නා. පසුව මේ පිළිබදව බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ රත්රන් කිලෝ 110ක් සොයා ගත් බවයි. එය අප සොයාගෙන රජයට බාර දුන් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණයි. එම රත්රන්වලට කුමක් සිදුවූයේදැයි අප දන්නේ නැහැ. එම රත්රන් බහා තිබූ කවරවල ඒවායේ හිමි කරුවන්ගේ නම් සදහන්ව තිබුණා. බොහෝ දෙමළ පිරිස් එල්.ටී.ටී.ඊ. බැංකුවල තම රත්රන් තැන්පත් කොට තිබුණා. ඒවා මහජනතාවට අයත් රත්රන්. රජයට හැකියාව තිබුණා ඒවායේ හිමිකරුවන්ට නැවත භාර දීමට. මා සිතන්නේ නැහැ එය එලෙස සිදුවුණා කියා.
|