උපවාසයක නිරත රාජ්‍ය නායකයකු වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග්‍රහයක් පවත්වන්නේ කෙසේද? පසුගියදා ඇමෙරිකානු ධවල මන්දිර නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූයේ එම ගැටලූවට. එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුවට සහභාගී වීම ස`දහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එහිදී රතු පලස මතින් උණුසුම් ලෙස පිළිගැණුනා. ඇමෙරිකාවේ වෙසෙන දස දහස් ගණනක් වූ ඉන්දියානුවන් තම නායකයා දැක බලා ගැනීමට නිව්යෝක් නුවරට රැස්වී සිටියා. අගමැති මෝදි ඇමෙරිකාවට ගියේ බොහෝ කාලයකට පසුවයි. ගුජරාට මහ ඇමතිවරයාව සිටි සමයේ ඇති වූ හින්දු මුස්ලිම් ගැටුම් සමනය කිරීමට කිසිදු උත්සාහයක් නොදැරූ බවට චෝදනා කරමින් ඇමරිකාව 2005 සිට ඔහුට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට තිබුණා. එහෙත් ඔහු අති විශාල බහුතර ඡුන්දයකින් ඉන්දියාවේ අගමැති ධුරයට පත් වීමත් සමඟ ඇමෙරිකාවට තව දුරටත් ඔහු ප්‍රතික්ෂේප කළ හැකිවූයේ නැහැ. ආසියාවේ දෙවැනි බලවතා සමඟ සමීප සබ`දතා ගොඩ නඟා ගැනීමට ඇමෙරිකාවට සිදු වී තිබෙනවා.
‘ඇමෙරිකාවේ සියලූ වැදගත් වෙනස්කම් නිර්මාණය වීම ආරම්භ වන්නේ රාති‍්‍ර භෝජන මේසය තුළින්’යැයි රොනල්ඞ් රේගන් ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළා. ඇමෙරිකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවත්වන රාති‍්‍ර භෝජන සංග්‍රහය මෝදි වෙනුවෙන්ද සූදානම් කිරීමට ඔබාමා කටයුතු කළා. එහි විශේෂත්වය වූයේ එය මෝදි වෙනුවෙන්ම පැවැත්වූ පෞද්ගලික රාති‍්‍ර භෝජන සංග්‍රහයක් වීමයි. සිය ප්‍රථම හමුවේදී ඔවුන් දෙපළ අතර ත්‍යාගද හුවමාරු වූ අතර මෝදි ඔබාමාට ත්‍යාග කළේ භගවත් ගීතාවේ පිටපතක්. ඔබාමාට ලබා දීම ස`දහා භගවත් ගීතාවේ පිටපත් කිහිපයක් අලූතින්ම මුද්‍රණය කොට තිබුණා. ඊට අමතරව සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ පුස්තකාලයෙන් පිටපත් කර ගත් මාටින් ලූතර් කිංගේ දෙසුමක්ද ඔහු ඔබාමාට පරිත්‍යාග කළා.
තමා උපවාසයක නිරතව සිටින හෙයින් ඇමෙරිකාවේදී ජලය සහ දෙහි යුෂ පමණක් පානය පිණිස ගන්නා බවයි මෝදි ප්‍රකාශ කොට තිබුණේ. එහෙයින් ඔබාමාගේ භෝජන සංග්‍රහයේදී මෝදි උණුසුම් වතුර වීදුරුවක් පමණක් තොල ගාමින් සතුටු සාමීචියේ යෙදී සිටියා. ඇමෙරිකානු ජනාධිපතිවරයකු පැවැත්වූ භෝජන සංග්රයකදී ආරාධිතයා ආහාර නොගෙන සිටි ප්‍රථම අවස්ථාව මෙය විය හැකියි.
හින්දු භක්තිකයන්ගේ නවරාත්‍රී උපවාස සමය ඇරඹුණේ පසුගියදා. මෙම උපවාස සමයේදී හින්ඳූන් දුර්ගා දෙවඟන සිහිපත් කරමින් උපවාස කරනවා. හින්දු ධර්මයේ ශුද්ධත්වයේ සහ ශක්තියේ සංකේතය ලෙස සැලකෙන්නේ දුර්ගා නොහොත් ශක්ති දෙවඟනයි. එම උපවාසය පිරිසිදු වීමේ කි‍්‍රයාවලියක් ලෙසයි හින්දු ආගමිකයන් සලකන්නේ. උපවාස කාලයේ හින්ඳූන් මස් මාංශවලින් වැළකී, දිනකට එක් ආහාර වේලක් හෝ කිසියම් පලතුරක් හෝ පමණක් අනුභව කිරීම සාමාන්‍ය සිරිතක්. එහෙත් දැඩි හින්දුවාදියකු වන මෝදි කිසිදු ආහාරයක් නොගෙන දියරවලින් පමණක් ගත කිරීමට පුරුදුව සිටිනවා. ඔහුගේ මෙම පිළිවෙත වසර 40කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවත ආ චර්යාවක්.
භෝජන සංග්‍රහයට ඔබාමා සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ උප ජනාධිපති ජෝ බෙඩන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර මෝදි සමඟ ඉන්දියානු අභ්‍යන්තර කටයුතු පිළිබ`ද ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හා ඉන්දියානු නියෝජිතයන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියා.
උණුසුම් වතුර වීදුරුවක් පමණක් පානය කරමින් සියල්ලන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටි මෝදි ‘මා උපවාසයේ යෙදී සිටින හෙයින් ආහාර අනුභව කරන්නේ නැහැ. ඒත් මා ඉදිරියේ ඔබ ආහාර ගැනීම මට ගැටලූවක් නොවෙයි. මා පිළිබ`ද නොසිතා මේ ආහාර ඔබ භුක්ති වි`දින්න’ යනුවෙන් භෝජන මේසයේ සිටි සම්භාවනීය අමුත්තන්ගෙන් ඉල්ලා සිටියා. ඔබාමා ධවල මන්දිරයේ පැවැත්වූ භෝජන සංග්‍රහයට වැඩි වශයෙන් එක් කර තිබුණේ නිර්මාංශ ආහාර. අලිගැටපේරවලින් සැකසූ සලාදයක්, එළු කිරිවලින් සැකසූ චීස් වර්ග, කැරට් සහ ඉඟුරුවලින් තැනූ සෝස් වර්ග, අඹ අච්චාරු හා බාස්මතී සහලින් පිසූ බත් වලින් එම ආහාර මේසය සැරසුණා. සැර මත් බීම දක්නට නොතිබූ අතර රතු වයින්වලින් පමණක් සතුටු වන්නට ආරාධිතයන්ට සිදු වුණා.
මෝදි ඔබාමාගේ භෝජන සංග්‍රහය රස නොබැලූවේ ඔහුගේ නවරාතී්ර උපවාසය හේතුවෙන්මද එසේත් නැතිනම් වෙනත් කරුණු කාරණා එයට බල පෑවේද යන්න සැක සහිතයි. අතීතයේ ඇමෙරිකානු විරෝධී නායකයන්ට සැලකූ ආකාරයෙන් තමාටද සලකනු ඇතැයි ඇතැම් විට මෝදි සිතුවා විය හැකිය. කලක් තිස්සේ තමාට සිදු කළ අකටයුතුකම් හේතුවෙන් ඇමෙරිකාවට පුංචි රිදවීමක් කිරීමට මෝදි සිතුවාද? ඇමෙරිකාවට පැමිණි පසු නිව්යෝක් අධිකරණයක් මගින් තමාට එරෙහිව තොතීසි නිකුත් කිරීම හිස අතගා පහර දීමක් ලෙස මෝදි සිතුවාද? දේශපාලන ලෝකයේ අතීත සිදුවීම් සලකා බලන විට බොජුන් මේසයේ දේශපාලනය කෙබ`දුදැයි කිසිවකුට සිතා ගත නොහැකිය. මන්ද මතුපිටින් පෙනෙන මිත්රශීලීත්වය ඉක්මවා යන සැඟවුණු දේශපාලනික අරමුණු ඒ තුළ පවතින හෙයිනි.