ඇලපාත මුදලිගෙන් පෙම් හසුනක්


     

අහල පහළ යමක් ඇති ගෙවල්වල දුවා දරුවන්ට ඉගැන්වීමට ගජමන් නෝනාට ආරාධනා ලැබිණි. ටියුෂන් අධ්‍යාපනය දෙන්නාක් මෙන් ගෙන්ගෙට යමින් පැය දෙක තුන උගන්වන ගජමන් නෝනාට ඒ වෙනුවට ආහාර ද්‍රව්‍ය වලින් හාල් පොල් වලින් මෙන්ම මුදල් වලින්ද කුලී ගෙවනු ලැබිණි. ගජමන් නෝනා ඒවා ගෙනැවිත් තම දරුවන්ගේ කුස ගින්දර නිවුවාය. 

 

fgj
මේ අතර යම් යම් උත්සව කවියෙන් වාර්තා කිරීමේ අවස්ථාවද ගජමන්ට ලැබිණි. ප‍්‍රදේශයේ ප‍්‍රභූවරුන්ගේ විවාහ මංගල උත්සව, පන්සල්වල දාන මාන පිංකම් හා උත්සව ආදිය කවියෙන් වර්ණනා කර ගැනීම හා වාර්තා කර ගැනීම උදෙසා ගජමන් නෝනාගේ සේවය ලබා ගැනුණි. මේ සියල්ලට මුදල් අය කළ ගජමන් නෝනා තම ජීවිකාව සලසා ගත්තේ අන්න ඒ මුදලිනි.


මදි පාඩුව තාත්තා ගෙනැවිත් දුන්නේය.


සැපසම්පත් ඇතිව ජීවත් වූ මේ සුන්දර ගැහැනිය අවුරුදු තිස් දෙකක් වෙද්දී වැන්දඹුවකව දුක් විඳින හැටි තාත්තා බලා සිටියේ දුකෙනි. නමුත් මේ දිරිය වන්ත ගැහැනිය ගැන නම් ඔහුගේ සිතේ ඇත්තේ ආඩම්බරයකි. කෙසේ හෝ ඇය ජීවිතය ජයගන්නවා ඇත.

11-gajaman-nona

 

දරුවන් සිව්දෙනෙකුගේ අම්මා කෙනෙක් වන නමුදු ගජමන් නෝනා තවමත් සුරූපීය. දුටු දුටුවන්ගේ සිත්, ප‍්‍රමෝදයෙන් පුරවන තරමටම සුන්දරය. සිහිනිඟ පුළුලූ’කුල ආදී ස්ත‍්‍රී ශරීරාංග වලින් යුක්තය. මේ නිසාම විවිධ උත්සව වාර්තාකරණයට ගියත් විසිතිස් දෙනෙකුගේ ඇල්ම බැල්ම ඇයට ලැබෙන්නේය. විටෙක මෙය වදයක් සේ දැනුනද කවිකාර හිතට එය සතුටක් නොවූයේද නොවේ.


අනෙක් අතට එකල කවිකාරියන් දුර්ලභය. මේ නිසා ගජමන් නෝනා ලවා යම් උත්සවයක් කවියෙන්, වර්ණනා මුඛයෙන් වාර්තා කරවා ගැනීමට ලැබීමද ධනවතුන්ට සම ප‍්‍රභූන්ට ආඩම්බරයට කරුණක් විය. එසේම කාට හෝ ගජමන් නෝනා සමග වචනයක් දෙකක් කතා කරන්නට ලැබීමද සතුටට කරුණකි. 
‘‘මම ගජමන් නෝනාව දන්නවා’’ යැයි යමෙක් කීවහොත් ඔහුටද ඒ සමාජයෙන් හොඳ පිළිගැනීමක් ලැබිණි.

 

අමදෝරු ආරච්චි ඇතුළු පිරිසක් ලන්දේසීන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගියේ ඔය වකවානුවේය. හලාවත සිට මුහුදු මගින් රැුගෙන ගිය මේ පිරිස ටික කලක්  කල්කටාවේ රඳවා තබාගනු ලැබීය. 


ඊටපසු ඔවුහු මුදාහරින ලද අතර, යාපනයට පැමිණ එතැන් සිට පා ගමනින් රුහුණු පුරයට පැමිණියහ. 
මෙන්න මේ සිදුවීම ගජමන් නෝනාගේ කවිසිත කම්පාවට පත් කළේය. ඇය මේ සිදුවීම කවියට නගන ලද්

දේ සංදේශ කාව්‍ය කලාව ආභාෂයට ගනිමිනි.

දුලාවතින් සියපත් දල පෙදා      කොද
නිලා නුවන් බබලන නිල් පුලා      ලෙද
ලොලා සිතින් දැක දැක මේ කලා      සොද
සලාවතින් යන සඳ දුක්මුලා      වැද

 

මේ කවියෙන් ඇය විස්තර කළේ අමදෝරුගේ බිරිඳ ගේ හදවතේ ඇවිළෙන වේදනාවයි. 

මෙම කාව්‍යයේ වැඩියෙන්ම ලියැවී ඇත්තේ ගමන් මාර්ග විස්තරයයි. මේ එහි ලියැවුණු හලාවත පිළිබඳ කතාවය. 

 

මුතු බෙල්ලන් කඩාගෙන සිදුකළ     කිමිඳ
ඒ ඇසිල්ලෙන් රැගෙන ගොඩලනේ හැම     සඳ
ඉඳ ලොල්ලෙන් කරන දෙමළුන් දැක      එසඳ
හිත ලොල්ලෙනි මගට බැස මැතිඳු ගුණ      සඳ

 

SLTK_04.qxdවිවිධ විරිත් වලින් රචිත කවි 206 කින් යුතු වූ මේ කාව්‍යය ‘ශෝක මාලය’ ලෙස නම් කර තිබිණි. 


ගජමන් නෝනා ලියූ විවිධ පද්‍ය බන්ධන අතර පොතක් ලෙස සැකසුණු එකම නිර්මාණය මේ ශෝක මාලය බවද පැවසේ.
ඇලපාත මුදලි මේ ශෝක මාලය කියෙව්වේය. වරක් නොව දෙතුන්වරක්ම මේ කවි පොත කියවන විට ඔහුගේ හිත නැවත වරක් අර නොලද පේ‍්‍රමයේ උණුසුමින් කිති කැවෙන්නට විය.


පුංචිම පුංචි දවස්වල  කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප ලබද්දී, තමන් සමග ශිල්ප ලත් ඔමල කොමල ‘කොලූ පැංචා’ මේ ගජමන් නෝනා බව මේ වනවිට ඇලපාත මුදලි දැන සිටියේය.

 


‘වෙලාවක  සපුගොඩ පන්සලට එන්න’   


සාමණේර හාමුදුරුවෝ එදා මේ බොළඳ කොලූ පැංචාට ඇරියුම් කළහ. 


‘එන්නම්’ 


එදා ඔහු පොරොන්දුවක් දුන්නේය.


එහෙත් කවදාවත් ‘ඔහු ධම්මරතන සාමණේර හිමියන්ගේ ඉල්ලීම ඉටුකළේ නැත. 


මාතර මුහන්දිරම් මියගිය විට, ඔහුගේ ගෙදරට ගිය ඇලපාත මුදලි, වැන්දඹු වූ ගජමන් නෝනා දෙස බැලූවේ පේ‍්‍රමණීය හැඟීමෙනි. 


ශෝක මාලය කියවීමෙන් හිත පේ‍්‍රමයෙන් පුරවාගත් ඇලපාත වහාම හසුනක් පිළියෙල කළේය. ඒ හසුන්පත ගජමන් නෝනාට යැවුවේ හිත යට ඉපදුණු සුන්දර බලාපොරොත්තුවක්ද ඇතිවය.


ඇලපාත හිමියෝ වරෙක ගජමන් නෝනාට මේ කවිය ලියා යැවූහ. 

11-page4-S2-1

කසාගල පන්සල

 

රතිරුති ළඟ ලියනි අප අසන      පැනැකිය
නැති විය බාල කාලේ සිට රති      කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු      අවදිය
රති සැප විඳින හැටි මට කියව      ළඳලිය

 

මේ කවිය දුටු ගජමන් නෝනා ඇගේ ඊළඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු සැපයුවාය.

වහා තිබූ සළුව උනමින් කර      අහකා
රහා පෙම අමුතු බොජුනකි බුදින      ලකා
පැහා නොව හඬන කොවුලිඳු හැඩ      වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස්      කකා

 

ඇලපාත හාමුදුරුවෝ තම සිවුර හැරලූයේ මේ පිළිතුරෙන් ලද උද්දාමය නිසා බව සමහරෙක් විශ්වාස කරති.කෙසේ වෙතත් සිවුරු හැරලූ ඇලපාත ධම්මරතන හිමි ක‍්‍රිස්තියානිය වැළඳගෙන  ඕලන්ද ආණ්ඩුවෙන් තාන්න මාන්නද ලබා ගත්තේය. සිවුර හැරලූ විගසම අලූත්කූරු කෝරලයේ දිසාපති තනතුර ලබාගත්තේය. 

ඉනික්බිති ඇලපාත මුදලි ලෙස ප‍්‍රසිද්ධ වූ ඔහු කෙසේ හෝ ගජමන් නෝනා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට අර ඇන්දේය. 
මුලින් මුලින් ඊට ඉඩ නොදුන්නත් ගජමන් නෝනා හා ඇලපාත මුදලි අතර කවි හසුන් නම් අනන්තවත් හුවමාරුවිය.


කවියට අසීමිතව ආදරය කළ බැවින්දෝ  ඕ තමාට ලැබෙන හැම කවි හසුනකටම කල් නොඉක්මවාම පිළිතුරු නම් යැවුවාය. 


ඔය අතර කාලයේ ගජමන් නෝනා සම්බන්ධයෙන් විවිධ කටකතාද පැතිර ගියේය. කටකතා පැතිරයාම එදත් අදත් අතර කිසිම වෙනසක් නොතිබුණ සිදුවීමකි. 

11-page4-S2-2


මේ කටකතා වලට එක් හේතුවක් වූයේ ගජමන් නෝනාගේම සමකාලීන කිවිඳියන්ය. රංචාගොඩ ළමයා යනු ගජමන්ට එරෙහි වූ තවත් එක් කවිකාරියකි. ගජමන් නෝනාගේ ලස්සන, ඇගේ වත්පොහොසත්කම ආදී දේවල් ගැන සේම ඇයට තිබුණු අසීමිත පිරිමි ආකර්ෂනය ආදිය රංචාගොඩ ළමයාගේ ඊර්ෂියාවට හේතු වන්නට ඇත.


කෙසේ හෝ වේවා ගජමන් නෝනා කරතොට ධම්මාරාම හාමුදුරුවන් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට අවලාදය මුසු කටකතාවක් මෙකල පැතිර ගියේය. මේ කටකතාවට එක් හේතුවක් වූයේ ගජමන් නෝනා ගේ නිවෙසත්, වේරගම්පිට පන්සලත් එක කිට්ටුවම පිහිටා තිබීමද විය හැකිය. 
මේ කටකතාව ඇලපාත මුදලිටද දැන ගන්නට ලැබිණි. ඔහු වහාම ඒ ගැන ලියූ හසුනක් ගජමන් නෝනාට යැව්වේය. එහි ඔහු නැගූ චෝදනාව මෙන්න.

මුනි පුතුන් ඇසුර ලත් සිප් දත්      රුවැතී
ගජ නමින් අඟනක් ළඟම     ඇති ඇති
සැම කතුන්ගේම සිරිතකටම      පැවැති
හොර හිමිත් ගැනුම අත නෑරම      කරතී


මෙම චෝදනාව ගජමන් නෝනාගේ හිත රිදෙව්වේය. ඇය මහත් ඇල්මෙන් ශිල්ප ලත් ගුරු හාමුදුරුවන් සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් නැගීම ඇගේ හිත කම්පාවට පත්කරන්නට ඇති නිසාය. 

 

ගජමන් නෝනා වහාම පිළිතුරු යැව්වාය.

 

සෑයේ වැදිලා විත් මෙවුරු      කිවිවරු
මීයේ වදය සේ රසකර කියති      බොරු
ලීයේ ඇදය හරිතත් හුයෙලා      අඟුරු
වෑයේ ඇදය බැලූවම ඊටත්      නැඹුරු

 

ප‍්‍රැන්සිස්කු එදා ගෙදර ආවේ ඉක්මනින් පිටව යන්නටය.

‘ඇයි සීයා අද කලබලෙන්?’
පුංචි මුනුබුරෝ ටික සීයා වටකර ගත්හ.


පිය සෙනෙහස අහිමි මේ පොඩි එවුන් පිය සෙනෙහස ලද්දේ සීයාගෙනි. 


සීයා පුංචිම මුනුබුරන් දෙන්නා මාරුවෙන් මාරුවට වඩා ගත්තේය. මේ වනවිට ලොකු මුනුබුරා අවුරුදු පහළොවක පමණ ගැටවරයෙකි. ඊට බාල මුනුබුරා අවුරුදු දොළහට කිට්ටු කර තිබුණි. මේ නිසා මොවුන් දෙදෙනා වඩා ගැනීමට බැරිය. එහෙත් ඔවුන්ද පැමිණ සීයා වැළඳ ගත්තේ මහත් වූ සෙනෙහසකිනි. 
‘මං දැන් රාජකාරියකට යනවා පුතේ. අද හෙට එන්න බැරිවෙයි.’ 
සීයා කීවේය.


‘කොහෙද තාත්තා යන්නේ’


ඒ ඇසුණු ගජමන් නෝනා ඇසුවාය. 


‘කසාගලට යන්න  ඕනෑ’


කසාගල යනු රන්න වීරකැටිය අතර පිිහිටි ස්ථානයකි. ගල් පර්වතයක් මත තැනූ කුඩා චෛත්‍යයකින්ද යුත් කසාගල පන්සල සිංහල රජ කාලය සමග බොහෝ සබඳකම් පැවැති සුන්දර පින්බර ස්ථානයකි. 


අනුරාධපුර යුගයේදී අක්කර දහසක නින්දගමක් පැවැරුණු මේ පුණ්‍ය ස්ථානයට කසාගල යන නම ලැබීමද රසවත් කතාවකි. 


භික්ෂූන් සිය ගණනකගේ සිවුරු වේළා ගැනීම සඳහා මේ ගලමත එලා තිබුණු බැවින් ඒ ගලට කසාගල යන නම ලැබී තිබුණි.


දෙවන පෑතිස් රජ සමයේ දෙතිස් ඵල රුහ බෝධියක් රෝපණය කරන ලද මේ පින්බිමේ වරෙක දළදා හිමියන්වද වඩා හිඳුවා ඇති බව කියති.
කාවන්තිස්ස, පළමුවැනි දප්පුල, පළමුවැනි විජයබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ වන්දනාවට ද ලක්වූ කසාගල විහාරයට ප‍්‍රැන්සිස්කු යනවිට වරුවක් හමාරක් ගතවී තිබුණි.


ඔහු පන්සලට යන විට පන්සලේ පුංචි කලබලයක් සිදුවෙමින් තිබිණි. ඒ අලියකු සහ ඇත්ගොවුවකු අතරය.


ලබන සතියට.....

M1