ඉතිහාසයට එක්වුණු ඕමන්ත සෝදිසි මුරපොළ


  8 

 

අපේ රටේ තිබුණු එක පුංචි ගමක නමක් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ප‍්‍රසිද්ධ වුණා.  ඕමන්ත කියූ සැනින් නොදන්නා කෙනෙක් නැහැ. එය එතරම් ප‍්‍රසිද්ධ වූණේ යුද්දය නිසාවෙනි. යාපනය-මහනුවර ඒ-9 මාර්ගයේ වව්නියාව නගරය පසුකොට යාපනය බලා කිලෝමීටර් 13ක් පමණ යන විට මේ  ඕමන්ත ගම්මානය හමුවෙනවා.

 

OMANTHA-MORA_P10
 ඕමන්ත ප‍්‍රසිද්ධියට පත් වූණේ 2002 වසරින් පසුවයි. ඊට හේතුව වුණේ ප‍්‍රභාකරන් දකුණට දුන්න බෝම්බ බිය හින්ද. උතුරෙ වගේම දකුණෙ රට වටේම බෝම්බ පත්තු වුණා. මේ හැම බෝම්බයක්ම පිට වුණේ  ඕමන්ත හරහා. මේ නිසා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවසානෙදී  ඕමන්තෙදි දැවැන්ත සෝදිසි මුරපොළක් නිර්මාණය වුණා.


මේ මුරපොළ නිර්මාණයත් සමගම අපේ රට දෙකඩ වුණා කියා බොහෝ දෙනෙකුට දැනුනේ ඉන් අනතුරුවයි. එයට හේතුව වුණේ යුද්ධය මොන විදිහකට තිබුණත් මේ මුරපොළ හරහා දවසකට දහස් ගණනක් සාමාන්‍ය වැසියන් ගමන් කොට ප‍්‍රභාකරන්ගේ නීතියත් සමග ගැටීම නිසාවෙනි.


මේ කියන්නට යන  ඕමන්ත මුරපොළ ගැන බොහෝ දෙනෙකුට අතීත අත්දැකීම් සිහියට එන්නේ යුද්දය අවසන් වීමට පෙර හෝ ගෙවුණු වසර 13 ක කාලය තුළ මේ මුරපොළ හරහා වරක් හෝ දෙවරක් ඊට වැඩි වාර ගාණක් ගිහින් ඇති හින්දයි.


අපේ රටේ වසර 30 කට ආසන්න කාලයක් අනාරක්ෂිත ප‍්‍රදේශයක් තිබුණා. ඒ යාපනය මහනුවර ඒ-9 මාර්ගයෙන් ගත්තහම වව්නියාව  ඕමන්තෙ ඉඳන් යාපනය මුහමාලෙයි දක්වා අතර භූමි භාගය. සම්පූර්ණයෙන්ම වෙනත් පාලනයක් තිබුණේ. ඒ ප‍්‍රභාකරන්ගේ පාලන ප‍්‍රදේශයයි. ඉතින් මේ පාලන ප‍්‍රදේශයේ සිට දකුණටත් දකුණෙ සිට උතුරටත් සියලූ දෙනාම ආවේ ගියේ මේ  ඕමන්ත මුරපොළ හරහයි.

 

5

 


ඒ වගේම තමයි  ඕමන්තෙත් යාපනෙත් මුරපොළවල්වල තවත් පිරිසක් පදිංචි වෙලා හිටියා. ඒ ජාත්‍යන්තර රතු කුරුස කමිටු නිලධාරීන්. මේ අයගේ අධීක්ෂණයන් හමුවේ තමයි මේ මුරපොළවල් හරහා සියලූගමන් ගත්තේ. මේ අය මුරපොළවල් අතර නැවතිල හිටියට මොකද මුරපොළවල් ආසන්නයෙත් නිතර යුද හමුදාවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අතර වෙඩි හුවමාරු වුණා. මේ සිදුවීම් වෙනකොට ජාත්‍යන්තර රතුකුරුස කමිටු නිලධාරීන් එම අධීක්ෂණ කටයුතු වලින් ඉවත් වෙනවා. ඒත් එක්කම මේ මුරපොළවල් හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතිනවා. එහෙම වැඩි වශයෙන්ම සිදුවීම් වුණේ  ඕමන්ත මුරපොළේ. මේ හේතුව නිසා දහස් ගණනක් සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමනය නවතිනවා. ඉතින් නැවතත් දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් කිහිප දිනකට පස්සේ මේ මුරපොළවල් නැවතත් විවෘත වෙනවා.


මෙයට සම්බන්ධ කදිම සිදුවීමක් සිහියට නැගෙනවා.  ඕමන්ත මුරපොළ එවැනි සිදුවීමක් හේතුවෙන් වසා දැමූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිසක් එය වාර්තා කිරීමට   ඕමන්ත සීමා මුරපොළට ගිය වෙලාවෙදි එක් වරම මෝටාර් ප‍්‍රහාර එල්ලවුණේ ඉදිරියෙන් පිහිටි එල්.ටී.ටී.ඊ. මුරපොළේ සිටයි. එහිදී වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් පිරිස හිස් ලූ ලූ අත දිව ගිය අයුරු එකිනෙකාගේ වීඩියෝ කැමරා වල සටහන් වීමෙන් අදටත් යුද්දයේ කුරිරු බව මොනවට සිහියට නැගෙනවා.


 ඕමන්ත කියූ සැණින් සියල්ලන්ටම සිහියට නැගෙන්නේ මේ මුරපොළ සහ ඇවිලූනු යුද ගිනි නිසාවෙනි.  ප‍්‍රභාකරන් රට වටේ බෝම්බ පත්තු කළේ මේ  ඕමන්ත හරහා පිට කරපු මරාගෙන මැරෙන බොම්බ කරුවන් හා පුපුරණ ද්‍රව්‍ය නිසා. 2002 මාර්තු මාසයේ ආරම්භ වුනු දැවන්ත සෝදිසි මුරපොළ ලෝක ප‍්‍රසිද්ධ වුනේ මේ මුරපොළ හරහා ගමන් ගන්නා අය වෙනුවෙන් පැවති නීති රීති නිසාවෙනි.


යුද්දෙ කියල එහෙම නැත්තම් එල්.ටී.ටී.ඊ.ය  කියල මේ මුරපොළ හරහා ගමන් කරන පිරිස් අඩුවක් වුණේ නැහැ. ඔමන්ත මුරපොළට ගියාම දකින්නට ලැබුණේ රථ පෙළපාලි කිලෝමීටර් ගණන් ඈතට. මොකද  ඕමන්ත මුරපොළෙන් ගමන් ගත්ත කෙනෙකුට වාහනයකට නීති තිබුණා මුරපොළ හරහා රැුගෙන යාමට තහනම් භාණ්ඩ හා ද්‍රව්‍ය නිසා මේ හේතුවෙන් මුරපොළ හරහා ගමන් ගත් එක් වාහනයක් පරික්ෂා කිරීමට පැයකට ආසන්න කාලයක් ගතවුණා. මේ පරීක්ෂා කිරීම් වලට එදා සිවිල් වැසියන්ද විශාල ප‍්‍රමාණයක් යුද හමුදාවට කුලී පදනම මත යෙදවීමට සිදු වුණේ එතරම් වූ වාහන ප‍්‍රමාණයක් විශාල භාණ්ඩ හා ද්‍රව්‍ය ප‍්‍රමාණයක් මේ මුරපොළ හරහා ගමන් කිරීම නිසාවෙනි. මේ පරීක්ෂා කිරීම් වලින් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සිදුවුණා. ඒ තහනම් ආම්පන්න මුරපොළ හරහා ප‍්‍රවාහනය කිරීමට උත්සහ දරපු හින්ද.

 

6

අවසන් යුද්ුධයේදී එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මිදී  ඕමන්ත සෝදිසි මුරපොළට පැමිණ සිටි වන්නි වැසියන් පිරිසක්

 


කොහොම හරි  ඕමන්ත මුරපොළින් පැයක් හරි කාලය ගත වෙලා එළියට ගියා කියමුකෝ. ඊළගට අර මුලින් කියපු ජාත්‍යන්තර රතුකුරුස කමිටු නිලධාරීන් පසු කොට මීටර් 200ක් විතර ගියාම තමයි හොඳම හරිය පටන් ගන්නේ.  ඕමන්ත යුද හමුදා සෝදිසි මුරපොළ හා සමාන සෝදිසි මුරපොළක් එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් තිබුණා. මේ මුරපොළවල් දෙකේදී සෝදිසි කිරීම් සිද්ධවුණේ වෙනස් විදිහට. මොකද  ඕමන්ත මුරපොළේදී වාහන හා වැසියන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පරික්ෂා වුණත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ පරීක්ෂා කිරීම් කළේ දෙයාකාරයකට. එකක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අනික ඔවුන්ගේ යැපීම වෙනුවෙන්. යැපීම කිව්වේ ඔවුන්ගේ මුරපොළ හරහා ගමන් කරන සෑම වැසියෙකුගෙන්ම දවසකට රුපියල් දෙකක් හෝ තුනක් අය කෙරුනා. ඉතින් දවසකට මේ මුරපොළ හරහා ලක්ෂ ගාණක් ගමන් ගත්තා. අනිත් පැත්තෙන් වාහන වල ප‍්‍රවාහනය කෙරෙන භාණ්ඩ වලට රුපියල් දෙදාහෙ සිට දසදහස දක්වා බද්දක් එල.ටී.ටී.ඊ. සංවිධානයට ගෙවන්න වුණා. මේ නිසා එල.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන්ගේ දිනක අදායම කොටි ගාණක් වුණා. ඔවුන්ට යුද්දෙට අවශ්‍ය අවි ආයුධ මිලට ගන්න මුදල් ඔවුන්ගේ මුරපොළ හරහා ලැබුණා.


මේ ක‍්‍රියාවලියේදී කිව යුතුම දෙයක් තියනවා. ඒ මේ මුරපොළවල් දෙකේම සියලූ පරීක්ෂණ කටයුතු සිද්ධ වුණේ දිනපතා උදේ හයහමාරත් හතත් අතරේ සිට සවස පහත් පහමාරත් අතර කාලය තුළ තමයි. වෙලාවට මුරපොළවල් හරහා ගමන් කිරීමට නොහැකි වූ අය ඇතමෙක් ප‍්‍රභාකරන්ගේ අඩවියෙත් ඇතමෙක් ආරක්ෂක අංශ අඩවියෙත් රැුය පහන් කර උදෑසන වන තෙක්  ඕමන්ත මුරපොළ අසලත් යාපනයේ මුහමාලෙයි මුරපොළ අසලත් රැඳී සිටිනවා. ඉතින් ප‍්‍රභාකරන්ගේ අඩවියේ මැදි වෙලා ඉන්න දකුණේ වැසියන්ට වැඩි වශයෙන් නාගදීපේ වැඳ පුදා ගන්න ගිය වැසියන්ට උදෑසන වන තුරුම නින්දක් නැත්තේ යුද බියත් ජීවිත බියත් යන හේතුන් නිසා.


 ඕමන්ත සෝදිසි මුරපොළ ගැන කියනකොට මේ මුරපොළට එහායින් තිබුණු එල්.ටී.ටී.ඊ. මුර පොළ ගැනත් නොකියාම බැරි නිසයි ඉන් බිඳක් හෝ අනාවරණය කළේ.


කොහොම හරි 2005 වසර අවසන් වෙනකොට  ඕමන්ත ගැන ජාත්‍යන්තරයේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රසිද්ධියට පත් වුණා. කාලයාගේ අවෑමෙන් අවසන් යුද්දයේ ආරම්භයත් සමගම එල්.ටී.ටී.ඊ. මුරපොළ ඉවත් වුණා. ජාත්‍යන්තර රතුකුරුස කමිටු නිලධාරීන් ඉවත් වුණා.  ඕමන්ත මුරපොළ වැහුණා. වන්නියේ හිරවුණු වැසියන්ට නැවත යුද හමුදා පාලන පළාතට එන්න බැරිවුණා. ඒකම ප‍්‍රභාකරන්ගේ ගැලවීමත් වුණා. මේ කුමන කාරණා වුණත්  ඕමන්ත යුද හමුදා සෝදිසි මුරපොළ ඉවත් නොකිරීමට යුද හමුදා බලධාරීන් ක‍්‍රියා කළා. යුද්දේ අවසන් කාලය වෙනකොට ප‍්‍රභාකරන්ගෙන් විශාල වැසියන් පිරිසක් මිදී යුදහමුදා පාලන ප‍්‍රදේශ වෙත ආවේ මේ  ඕමන්ත මුරපොළ හරහයි. මේ නිසාත්  ඕමන්ත සෝදිසි මුරපොළ ලෝකප‍්‍රසිද්ධ වුණා.


කොහොම හරි වසර 30 ක් පුරාවට තිබුණු යුද්දෙ අවසන් වුණත් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ  ඕමන්ත මුරපොළ ඉවත් නොකිරීමට සිදුවුණේ යුද්දෙන් පසුවත් මේ මුරපොළ හරහා පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ රැුගෙන යාමට උත්සහ දැරූ අය අත්අඩංගුවට පත් වීමත් හින්දයි.


කොහොම හරි යුද්දෙන් පස්සෙ මේ මුරපොළේ පරික්ෂා කිරීම් තරමක් දුරට ලිහිල් කළේ සාමාන්‍ය වැසියන්ගේ පහසුව උදෙසායි. 2013 සැප්තැම්බර් මස 01 දා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ලියාපදිංචි කිරීම් හා පරික්ෂා කිරීම් බොහෝ දුරට ලිහිල් වුණා.

අවසානයේදී ගෙවුණු අගෝස්තු 29 වැනිදා  ඕමන්ත සෝදිසි මුරපොළත් ඉතිහාසයට එක් වුණේ මේ මුරපොළ හරහා ගමන් ගන්නා කිසිදු වාහනයක් හෝ වැසියෙක් පරික්ෂා කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව උදා වීම නිසයි.


එල්.ටී.ටී.ඊ. මුරපොළ තිබුණු තැනනම් මේ වෙනකොට තියෙන්නේ අඹ ගස් කිහිපයක් පමණයි. නමුත් යුදහමුදා මුරපොළ නම් පරික්ෂා කිරීම් සිදු නොවුණත් යුදහමුදා වාහන පරික්ෂා කිරීම් වලට ඒ ආකාරයෙන්ම තිබෙනවා.


ඉතිහාසයට එක් වුණු මේ  ඕමන්ත මුරපොළත් තවත් කොපමණ දවසක් තිබේවිද යන්න නොදන්නා කාරණයක් වුණත් අදටත් මේ මුරපොළ හරහා ගමන් කරන වැසියන් 90% කට වැඩි පිරිසකට ඒ අතීතය මතකයට නැගෙමින් ගමන් ගන්නා ගමන මෙහොතකට හෝ නවතින්නේ ඉබේම වාගෙයි. නමුත් මේ මුරපොළ  ඕමන්තෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙච්ච දවසක සිංහලයාට සියල්ල ඉතා ඉක්මනින් අමතක වන අයුරින් මේ ඉතිහාසයද මැකී යාමට බොහෝ දුරට ඉඩ ඇත.

m