ස්විට්සර්ලන්තයේ කනල්කා ගුවන් විදුලිය ‘ගෝඨාගේ යුද්ධය’ (Gota's War) ග‍්‍රන්ථයේ කර්තෘ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම සමඟ පැවැත්වු සාකච්ඡාවක් ඇසුරිනි.
ප‍්‍ර: ඔබ වඩාත් ප‍්‍රකට දේශපාලන විචාරකයෙක් ලෙසට. නමුත් ඔබගේ ගෝඨාස් වෝ කියන මේ පොත දුටු ගමන් පාඨකයා ඔබ හඳුනා ගන්නේ යුද විචාරකයෙකු ලෙසට. මෙහි ඔබ විස්තර කරන්නේ යුද්ධය ගැනද?
නැත්නම් යුද්ධයට තුඩුදුන් දේශපාලන කරුණු ද නැත්නම් ඒ සියල්ලමද?
පි: මේ යුද්ධය ගැන ලියනවනම් එය යුද වාර්තාකරුවකුට පමණක් ලිවිය හැකි එකක් නොවෙයි. දැන් යුද්ධය අහවර වී ඇති නිසා ලිවිය යුත්තේ සමස්ත ක‍්‍රියාදාමය ගැනයි. දේශපාලනමය කරුණුවලින් පටන්ගෙන ත‍්‍රස්තවාදය දක්වා පැතිරී පසුව එය සිවිල් යුද්ධයක් බවට පත් වූ ආකාරය තමයි විස්තර වන්නේ. අනික මේ යුද්ධය ගැන ලියන විට හැමෝම කල්පනා කළ යුතු දෙයක් තමයි ඇයි මෙහෙම වුණේ කියලා. ඒවා නැතිව ලියන ග‍්‍රන්ථයක් අසම්පූර්ණයි.
ප‍්‍ර: ඔබගේ ග‍්‍රන්ථයේ දේශපාලන කරුණු තිබෙන්නේ 60% ක් විතර. යුද්ධය ගැන තිබෙන්නේ 40% ක් විතරයි නේද?
පි: නැහැ නැහැ 1956 සිට 2002 සටන් විරාම ගිවිසුම දක්වා යුද්ධයක් එක්ක සියලූ කරුණු පොතේ 60% ක් තිබෙනවා. සිවකුමාරන් කියන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියා 1970 දී නියෝජ්‍ය ඇමැති සෝමවීර චන්ද්‍රසිරිගේ මෝටර් රථයට යාපනයේ බෝම්බ තැබීමේ ඉඳලා කටුනායක ගුවන් තොටුපළට පහර දීම දක්වා සියලූම සිද්ධීන් මේ 60% ට අඩංගුයි. ඉතිරි 40% තමයි අවසන් යුද්ධය ගැන විස්තර වන්නේ.
ප‍්‍ර: ඔබ සඳහන් කරන මේ සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ ඇටවීමේ සිද්ධිය මොකක්ද කවුද කළේ මේ ගැන ඒ කාලයේ මේ ගැන වැඩි ප‍්‍රසිද්ධියක් වුණේ නැහැ නේද?
පි: මේ බෝම්බ ප‍්‍රහාරය ඒ කාලයේ හැමෝටම අමුතුදෙයක් වුණා ඒ හින්දම ආණ්ඩුව ඒ පිළිබඳ විස්තර යටපත් කළා. සෝමවීර චන්ද්‍රසිරිටත් උපදෙස් දීලා තිබුණේ කොළඹට ආවට පස්සේ ඔහොම දෙයක් වුණා කියලා තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ අයටවත් කියන්න එපා කියලා. 1970 ජූලි 28 දා (දිනමිණ) පත්තරයේ නිවුස් එකක් පුංචියට දාලා තිබුණා. ඒකේ තිබුණේ සෝමවීර චන්ද්‍රසිරි හෙලිකොප්ටරයකින් යාපනයේ සිට කොළඹට ආවා කියලා විතරයි. බෝම්බ ප‍්‍රහාරයක් ගැන එහි කිසිම සඳහනක් නැහැ. මේ බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළේ සිවකුමාරන් කියන ත‍්‍රස්තවාදියා.
ප‍්‍ර: මේ බෝම්බය ඇටවූයේ කොහොමද. ඉන් ඔහු බේරුනේ කොහොමද?
පි: සෝමසිරි චන්ද්‍රසිරි යාපනයේ ඉඳලා කොළඹට ඔහුගේ මෝටර් රථයෙන් එන්න කලින් මෝටර් රථය ඇතුළේ මේ බෝම්බය තිබ්බා මගදී පිපිරෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි යාපනයෙන් පිටත් වෙලා එනකොට අතරමගදී හරිජන කුලයට අයත් මිනිස්සු මග රැස්වෙලා හිටියා. ඔහුට සන්දේශයක් බාර දෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි ඒ සන්දේශය භාර ගන්න මෝටර් රථය නවත්වල මිනිස්සු ළඟට ඇවිත් ඉන්න කොට තමයි මෝටර් රථයේ බෝම්බය පිපුරුණේ.
ප‍්‍ර: මේ බෝ්ම්බ ප‍්‍රහාරයට සිවකුමාරන් සම්බන්ධ වූ බව ඔබ කියන්නේ කුමන හේතු සාධක ඇතුවද?
පි: මේ විස්තර අදටත් හොඳින් දන්නවා වර්ධරාජා පෙරුමාල්. ඔවුන් දෙදෙනා එකට ඉගෙන ගෙනත් තිබෙනවා. පෙරුමාල් මේ විස්තර මට කිවුවා. මම සෝමවීර චන්ද්‍රසිරිගේ දුවගෙනුත් ඇහුවා. ඔවුනුත් ඒක අනුමත කළා. ඒ අයටත් ආණ්ඩුවෙන් දැඩි ලෙස උපදෙස් දීලා තිබුණේ මේ සිද්ධිය කාටවත්ම කියන්න එපා කියලයි.
ප‍්‍ර: බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මේ ත‍්‍රස්තවාදයේ ආරම්භය 1976 ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා ඝාතනයෙන් කියලයි. නමුත් ඔබ කියන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක් ගැනද?
පි: අනිවාර්යයෙන්ම. 70 දී සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ පුපුරුවලා මරන්න හැදුවා. පස්සේ 1972 දී කයිට්ස් මන්ත‍්‍රීවරයාව සිටි ත්‍යාගරාජාට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බේ සිවකුමාරන්ගෙන් පසුව කරළියට ආපු සත්‍ය සීලන් කියන ත‍්‍රස්තවාදියාත් තවත් කෙනෙකුයි.
ප‍්‍ර: නමුත් මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා වැඩිපුර ප‍්‍රසිද්ධියට පත්වුණේ නැහැ නේද?
පි: ඇයි නැත්තේ. ත්‍යාගරාජාට වෙඩි තැබීමේ සිද්ධිය ඬේලි නිවුස් පත‍්‍රයේ මුල් පිටුවේ පින්තූරත් එක්ක පළවෙලා තිබුණා. ත්‍යාගරාජාගේ පින්තූරයක් වෙඩි වැදුණු බිත්තියේ හිල් තියෙන පින්තූර පත‍්‍රයේ පළ වුණා. සෝමසිරි චන්ද්‍රසිරි සිද්ධියත් පත්තරයේ නොගියාට එක්තරා ආකාරයට රට තුළ පැතිරී තිබුණා. නමුත් මේ ත‍්‍රස්තවාදී වෙඩි තැබීම්වලින් ඝාතනය වුණු පළමු පුද්ගලයා තමයි ඇල්ප‍්‍රඞ් දුරෙයි අප්පා. නමුත් ත‍්‍රස්තවාදයේ ආරම්භය නම් ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා නම් නොවෙයි.
ප‍්‍ර: මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා ආරම්භ වීමට තුඩුදුන් හේතු මොනවා කියලද ඔබ සඳහන් කරන්නේ.
පි: ලංකාවේ තිබූ ඉලංගෙයි තමිල්අරසු කියන පක්ෂය එක්තරා දේශපාලන මතිමතාන්තරයක් ප‍්‍රසිද්ධ කළා. දෙමළ රාජ්‍ය සංකකල්පයක් පිළිබඳව. මේ සංකල්පය දෙමළ සමාජය තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වුණා. මේකේ ආරම්භක සාමාජිකයකු හැටියට සිටි වර්ධරාජා පෙරුමාල් කියන්නේ 1965 දී එවකට තිබූ පෙඩරල් පක්ෂය ඒ වන විට බලයේ සිටි ඩඞ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව සමග සන්ධාන ගත වීම නිසා සටන පාවා දුන්නා යන නිගමනය මත දෙමළ තරුණයන් සංවිධානය වීමට පටන් ගැනීමයි. මේ විදියට දෙමළ තරුණයන් සංවිධානය වෙන්න පටන් ගන්නේ 1969 අවසානයත් සමග මේ දෙමළ රාජ්‍ය සංකල්පය යටතේ තමයි උතුරු නැගෙනහිර මේ දෙමළ පරම්පරාව හැදුණේ වැඩුනේ. මේකෙන් ගැලවෙන්න වර්ධරාජා පෙරුමාල්ට ප‍්‍රභාකරන්ලාට බැරිවුණා.
ප‍්‍ර: වෙනම රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන් කොහොමද දෙමළ තරුණයන්ගේ ඔලූවලට දැම්මේ?
පි: මේ දෙමළ රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන්ට කොහෙන්ද ආවේ. ඒක ආවේ දකුණු ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඉතිහාසය දෙස බැලූවාම දකුණු ඉන්දියාවේ මේ බෙදුම්වාදය ක‍්‍රියාත්මක වුණා. දකුණු ඉන්දියාව ඉන්දියාවෙන් වෙන්කරලා දකුණු ඉන්දියාව වෙනමම යටත් විජිතයක් ලෙස පාලනය කළ යුතු බවටත් බිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම තිබුණේ මෙහෙමයි. Government of Hindustan iy Government of Tamil Nadu වශයෙන්. මේ බෙදුම්වාදය මුල් කරගෙන 1949 දී දකුණූ ඉන්දියාවේ DMK පක්ෂය මුල්වරට බිහි වෙනවා. එයට සමගාමීව ලංකාවෙන් 1949 දී වෙනම රාජ්‍ය සංකල්පය යටතේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පිහිටුවනවා. බැලූවාම ඉන්දියාව් බෙදුම්වාදයයි ලංකාවේ බෙදුම්වාදයයි දෙකම එකට සමාන්තරව ගමන් කරපු ආකාරයක් තමයි පෙනෙන්නේ බෙදුම් වාදය නියෝජනය කළ ලංකාවේ පක්ෂය තමයි පෙඩරල් පක්ෂය. ඒක 1965 දී එජාප ආණ්ඩුව සමග සභාගයකට යෑම තමයි මේ සංවිධානවල සිටි දෙමළ තරුණයෝ මහා පාවා දීමක් හැටියට දැක්කේ. පස්සේ මේ දෙමළ තරුණයෝ සංවිධානය වන්නට පටන් ගත්තා. ශිෂ්‍යයන්ව මේකට සම්බන්ධ කළා. මේ ව්‍යාපාරයට තවත් රුකුලක් වුණා. 1970 දී ආණ්ඩුව කරපු තවත් වැඩක් නිසා. ඒක ඓතිහාසික වැරැද්දක්. භාෂාව අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා දෙමළ සිසුන්ට යම් අසාධාරණයක් වුණා. මේ නිසා ශිෂ්‍යයන්ව ඉතාම පහසුවෙන් මේ සංවිධානයට බඳවා ගැනීමට තරුණයින්ට හැකි වුණා. මේ වැරැද්ද හදාගන්නට අවුරුදු 5 ක් විතර ගියා. පස්සේ තමයි දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය හඳුන්වා දුන්නේ. මේ ඓතිහාසික වැරැද්ද පිළිබඳව පසු විපරමක් කරනවා නම් එය සිංහල දෙමළ දෙවර්ගයටම වැදගත්. ඇයි මෙහෙම වුණේ. ලංකාවේ සිංහල දෙමළ දේශපාලන නායකයන් වගකීමෙන් ක‍්‍රියා කළාද? එහෙම වගකීමෙන් ක‍්‍රියා කළා නම් මේ ප‍්‍රශ්න මෙහෙම නොවෙන්නට ඉඩ තිබුණා නේද? යන ප‍්‍රශ්නය අප අපගෙන්ම අසාගත යුතු වෙනවා. මේ යුද්ධය දිනපු හමුදා සෙබළුන්ට මම කතා කළා. ඔවුන් ලැබූ ජයග‍්‍රහණය ගැන ඉතාම ආඩම්බරයෙනුත් කථා කළා. එහෙත් ඔවුන් හැමෝම කිව්වේ මොකක්ද? නැවතත් මෙහෙම දෙයක් නම් එපා කියලයි. දිනුමත් එපා කියලයි.
ප‍්‍ර: දෙමළ නායකයන් දීපු මේ වෙනම රාජ්‍ය සංකල්පය අවසානය දක්වා රැගෙන ගියේ ප‍්‍රභාකරන්. ඒ සඳහා ඔහුට තිබූ ඉඩ ප‍්‍රස්ථා මොනවාද?
පි: ලෝකයේ සිටි ත‍්‍රස්තවාදී චරිත අතරින් ප‍්‍රභාකරන් කියන්නේ අමුතුම චරිතයක්. තමන් සහ තම සංවිධානයෙන් පිට කිසිම දේකට කිසිම ආගමකට කිසිම ජාතියකට කුලයකට රටකට හෝ කාටවත් ලැදියාවක් නැතිව තම තමන්ගේ බලය ගොඩනගාගැනීම සඳහා නරුමවාදී විදියට වැඩ කළ පුද්ගලයෙක්. ඔහුට මේ අදහස් ආවේ කොහොමද? ඔහුට ආවෙත් දෙමළ නායකයන්ගෙන්. අවසානයේදී තමන්ට මේ අදහස් දුන් ඒ නායකයින්වත් විනාශ කළා. සමකාලීනව සිටි සන්නද්ධ කණ්ඩායම්වල නායකයින්ව විනාශ කළා. තමන්ට එරෙහි වෙයි කියන හැම දෙනාම ඝාතනය කරලා තමයි ඒ තත්ත්වයට ආවේ.
ප‍්‍ර: ප‍්‍රභාකරන් ඔහු සමග සමකාලීනව සිටි අනික් සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් විනාශ කළේ කොහොමද?
පි: අවුරුදු 25 ක් තිස්සේ ප‍්‍රභාකරන්. උමා මහේෂ්වරන් හැර අනික් සන්නද්ධ කණ්ඩායම්වල නායකයන් මා ඇසුරු කළා. එහිදී මට හැඟුණු දෙයක් තිබුණා. මම ඒක ඔවුන්ට කියලත් තියෙනවා. ප‍්‍රභාකරන්ට පහරදිය යුත්තේ දෙමළ සන්නද්ධ කණ්ඩායම් තුළින්ම බව තමයි. මම ඔවුන්ට කීවේ. ඔවුන් විසින්ම ප‍්‍රභාකරන් මෙල්ල කරගත යුතු බවත් මම කිව්වා. නමුත් අවාසනාවකට මෙන් ප‍්‍රභාකරන් මෙල්ල කර ගැනීමට අවශ්‍ය ඒ එඩිතර බව ඔවුන්ට තිබුණේ නැහැ. ඔන්න ඕක තමයි ප‍්‍රශ්නය වුණේ.
ප‍්‍ර: අවසානයේදී වුණේ ප‍්‍රභාකරන් විසින් මේ සන්නද්ධ කණ්ඩායම්වල නායකයන්ව ඝාතනය කිරීමයි.
පි: ඇත්තටම ටෙලෝ සංවිධානයේ නායකයාව සිටි ශ්‍රී සභාරත්නම්ව මැරුවේ මම තරුණ කාලේ. ඊට පස්සෙ මම ඔහු ගැන සොයා බැලූවේ නැහැ. මේ පොත ලියන්න ඔහු ගැන කරුණු හෙව්වා. එහෙම හෙව්වේ ඔහු ගැන මගේ සිතේ ඇඳිලා තිබුණේ රම්බෝ වගේ චරිත ලක්ෂණ ඇති රූපයක් නිසා. නිර්වේල බැංකු මංකොල්ලයේදී ඒ මුදල් රැගෙන එන වාහනයට අතර මගදී වෙඩි තියලා එහි සිටින පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ කාර්ය නියම වෙලා තිබුණේ ප‍්‍රභාකරන්ට. ප‍්‍රභාකරන් පාර මැදට පැනලා වාහනයට වෙඩි තිබ්බට තුවක්කුව පත්තු වුණේ නැහැ. පස්සේ එතන හිටපු සභාරත්නම් තමයි වාහනයට වෙඩි තියලා එදා ප‍්‍රභාකරන්ගේ ජීවිතය බේරා ගත්තේ. මේ නිසා තමයි ඔහු රම්බෝ විදියට මම හිතාගෙන හිටියේ. නමුත් පොතට කරුණු හොයන වෙලේ මට හමුවුණා සභාරත්නම්ගේ හිටපු බොඩිගාඞ් කෙනෙක්. මම ඔහුගෙන් ඇහුවාම ඔහු කීවේ සභාරත්නම් තුවක්කුවක් අල්ලන් ඉන්නවා ජීවිතේට දැකලා නැහැ කියලා. මට පුදුම හිතුණා. මං මේ ගැන වර්ධරාජා පෙරුමාල්ගෙන් ඇහුවාම ඔහු කීවෙත් සභාරත්නම් එවැනි පුද්ගලයෙක් තමයි කියලා.
ඔන්න ඔතන තමයි ප‍්‍රශ්නය. ප‍්‍රභාකරන් එක්ක හැප්පෙන්න ඔහු වගේ තකට තක පුද්ගලයෙක් හිටියේ නැහැ. එහෙම මිනිස්සු නොහිටියත් නොවෙයි. මේ පොතේ එක චරිතයක් තියෙනවා. දාස් කියලා. මේ දාස් ප‍්‍රභාකරන් වගේම දඩබ්බර චරිතයක්. 1985 වන විට යාපනයේ නෙල්ලිඅඩි ප‍්‍රදේශය පාලනය කළේ මේ දාස්ගේ නායකත්යෙන් යුත් ටෙලෝ කණ්ඩායම. නෙල්ලිඅඩි ප‍්‍රදේශයට ඇතුළු වන මුරකපොල්ල ළඟින් ඇතුළට යන්න ආවා එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයා. මහත්තයා ඔහු ආපු බයිසිකලයෙන් නවත්වන්නේ නැතිවම ඉදිරියට ගියාම දාස් ඔහුගේ පස්සෙන් එළවගෙන ගොස් නවත්තලා මේක අපේ ප‍්‍රදේශය උඹලට එහෙම අනවසරයෙන් යන්න බෑ කියලා. ටොක්කකුත් ඇනලා තියෙනවා. එහෙම එල්.ටී.ටී.ඊ. එකට ටොකු අනින්න පුළුවන් මිනිස්සුත් හිටියා. අවාසනාවකට ටෙලෝ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ඇති වෙලා යාපනයේ රෝහලේ කැන්ටිමේදී ටෙලෝ සාමාජිකයෙකු අතින්ම දාස් වෙඩි කෑවා. ප‍්‍රභාකරන්ගේ මේ දඩබ්බර ක‍්‍රියාවන් නවත්වන්නට මේ දාස් වගේ චරිතයක් දෙමළ සමාජය තුළ නොසිටීම තමයි මේ මුළු ක‍්‍රියාවලියේම මහා ඛේදවාචකය. එහෙම සිටියා නම් මේ ප‍්‍රශ්නය ඉවර වෙන්නෙ නන්දිකඩාල් කලපුවෙන් නෙවෙයි.
ප‍්‍ර: උමා මහේෂ්වරන්ගේ චරිතය ප‍්‍රභාකරන්ට අභියෝගයක් වුණේ නැද්ද?
පි: අනිවාර්යවෙන්ම. ඒකත් මගේ පොතේ විස්තරවෙනවා. 1981 වන විට යාපනයේ තිබූ ප‍්‍රබලම සන්නද්ධ සංවිධාන දෙක තමයි ටෙලෝ සහ ප්ලොට් සංවිධානය. ඔවුන් තමයි රජයේ ආයතනවලට නිර්මාණශීලී දැවැන්ත ප‍්‍රහාර එල්ල කළේ. මුලින්ම පොලිස් ස්ථානයකට පහර දුන්නේ ප්ලොට් සංවිධානය. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ.යට එහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ. මහා පරිමාණයේ බැංකු මංකොල්ල කෑම් කළේ ටෙලෝ සහ ප්ලොට් යාපනයේ දිස්ත‍්‍රික් සංවර්ධන ඡන්දය කඩාකප්පල් කළේ ප්ලොට්. යාල්දේවී දුම්රිය පුපුරුවා හැරියේ ටෙලෝ. මේ කාලේ එල්.ටී.ටී.ඊ.ය කළේ පැත්තකට වෙලා බලා ඉඳීම පමණයි. ඕක තව පොඞ්ඩක් ඉස්සරහට ගියා නම් බලගතුම සංවිධානය වන්නේ ටෙලෝ නැත්නම් ප්ලොට්. එල්.ටී.ටී.ඊ.ය ඒ අහලකවත් හිටියේ නැහැ.
ප‍්‍ර: මේ විදියට අහලකවත් නොසිටි එල්.ටී.ටී.ඊ.ය කරළියට ආවේ කොහොමද?
පි: ඔවුන් කරළියට ආවේ ඉලක්කගත ඝාතන ක‍්‍රියාවලියක් තුළින්. 1981 වන විට අතිශයින්ම සාර්ථක වෙලා තිබුණු ප්ලොට් සංවිධානය විනාශ කළේ කොහොමද? ඒකේ නියෝජ්‍ය නායකයාව සිටි සුන්දරම්ව මරා දැමීමෙන්. මේකට ප‍්‍රභාකරන් යොදා ගත්තේ එයාගේ කිට්ටුම සගයා වූ චාල්ස් ඇන්තනි හෙවත් සීලන්ව. ඊට පස්සේ ප්ලොට් සංවිධානයේ තිබූ ගැම්ම නැතිවුණා. සංවිධානය විනාශ වුණා.
ප‍්‍ර: එතකොට ටෙලෝ සංවිධානය විනාශ කළේ කොහොමද?
පි: යාල්දේවි පුපුරුවා හැරීම, චාවාකච්චේරි පොලිස් ප‍්‍රහාරය වැනි අති සාර්ථක මෙහෙයුම් කළ ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්ට වෙඩි තියලා මැරුවා. මේ විදියට තමයි අනිත් සන්නද්ධ කණ්ඩායම් විනාශ කරලා ප‍්‍රභාකරන් තනි ඒකාධිපතියෙක් වුණේ.
ප‍්‍ර: 1983 දී හමුදාවට එල්ල කළ මුල්ම ප‍්‍රහාරයත් සමග නේද එල්.ටී.ටී.ඊ. කරළියට එන්නේ.
පි: මේ ප‍්‍රහාරය හමුදාවට එල්ල කළේ හමුදාවෙන් පළිගැනීමට. ඒකට හේතු වුණේ ප‍්‍රභාකරන්ගේ කිට්ටුම සගයා වූ චාල්ස් ඇන්තනි හෙවත් සීලන්ව අහම්බෙන් හමුදාවෙන් වෙඩි කා මිය යාම. ඒ කාලයේ හැටියට මේක ලොකු ප‍්‍රශ්නයක් වුණා.
ප‍්‍ර: මේ සිදුවීමෙන් පසුව දකුණේ කළු ජූලිය ඇති වුණා. ඒ නිසාද එල්.ටී.ටී.ඊ.යට ජාත්‍යන්තර වශයෙන් හඬක් නගන්න පුළුවන් වුණේ.
පි: කළු ජූලියට කලින් කොටි සංවිධානයට සංකේන්ද්‍රගත නැති ඊලාම් වාදී කණ්ඩායම් ලෝකයේ විවිධ රටවල හිටියා. ඔවුන් ඒ රටවල්වල ඉඳගෙන ඊළාම් මතවාදය ගොඩනගමින් සිටියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1979 දී ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලංකාව ඊළාම් දේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබුණා. ඒ වගේම එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති කාටර්ගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ වෙනම රාජ්‍යයක් ගොඩ නගන්නට ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂවලට සහාය දිය යුතුයි කියලා. 83 න් පස්සෙ ඇති වුණේ මේ ඊළාම් මතවාදයට තවත් වැඩිපුර පිරිසක් එකතුවීමයි. ඊළාම් මතවාදය ඊට කලිනුත් තිබුණා.
ප‍්‍ර: ඔබ කියා සිටියා එල්.ටී.ටී.ඊ.යට සටනක් දිය හැකි පුද්ගලයෙක් නොසිටි නිසා ප‍්‍රභාකරන් ඉදිරියට ආ බව. ඇයි දකුණේ බිහිවුණු ආණ්ඩුවලට ප‍්‍රභාකරන්ව මර්දනය කිරීමට නොහැකි වුණේ.
පි: අන්න ඒකත් ප‍්‍රශ්නයක් වුණා. එතනත් දුර්වලතාවයක් තිබුණා. ඒකත් මේ පොතේ විස්තර වෙනවා. 1982 ට කලින් ඉන්දියානු ආණ්ඩුවේ අනුමැතිව නැතිව තමිල්නාඩු ප‍්‍රාන්තය මේ කණ්ඩායම් පාවිච්චි කළා. හොරෙන් යනවා එනවා. පුහුණුවීම් කරනවා. 1983 න් පස්සේ ප‍්‍රභාකරන් සහ උමා මහේෂ්වරම් තමිල්නාඩුවේ පොන්ඩි චේරිවලදී පොලිසියට අසු වුනායින් පසුව රෝ සංවිධානය ඔවුන් සමග සබඳකම් පවත්වමින් එළිපිටම උදවු කළා. ඔවුන්ට ඊට පස්සේ මෙහෙට එනවා ප‍්‍රහාර එල්ල කරනවා. ඉන්දියාවට පැනලා යනවා. තමිල්නාඩුවේදී රැකවරණය දෙනවා. එහෙම නැතිව ඔවුන් ලංකාවෙම හිටිය නම් තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.
ප‍්‍ර: ලංකාව වටේටම තියෙන්නේ මුහුද ඇයි නාවුක හමුදාවට බැරිවුණේ ඔවුන්ගේ මේ ගමන් බිමන් පාලනය කරන්න.
පි: ඒකට හේතුව තමයි තාක්ෂණික ප‍්‍රශ්න
ප‍්‍ර: මොනවද ඒ තාක්ෂණික ප‍්‍රශ්න
පි: එකක් තමයි කොටි පාවිච්චි කළ අධිවේගී බෝට්ටු. ඒ කාලයේ නාවුක හමුදාව ඔහොම දේකට සූදානම් වෙලා හිටියේ නැහැ. ඔවුන් කළේ මුර සංචාර විතරයි. නාවුක හමුදාවට තිබුණු බෝට්ටුවලට මේ අධිවේගී බෝට්ටු හඹා ගෙන යන්න බැහැ. පස්සෙ තමයි ඔය ඩෝරා වගේ අධිවේගී ප‍්‍රහාරක බෝට්ටු ගෙනාවේ.
ප‍්‍ර: සාම සාධක හමුදාව ලෙස ලංකාවේ කඳවුරු බැඳගෙන සිටි ඉන්දියන් හමුදාව ආපසු යැවීම පිළිබඳව ඔබේ පොතේ විස්තර වන්නේ කොහොමද? මොකක්ද ඔබේ විග‍්‍රහය.
පි: මම පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට ඒක ලංකාවෙ සිදු කළ ඓතිහාසික වැරැද්දක්. ඉන්දියන් හමුදාව කරගෙන ගිය මෙහෙයුම් දිගටම කරගෙන යන්න ඉඩ දුන්නා නම් මීට අවුරුදු 20 කට කලින් මේ ප‍්‍රශ්නය ඉවරකරගන්න තිබුණා. මොකද ඒ වන විට ඉන්දියන් ආණ්ඩුවටත් අවශ්‍ය වෙලා තිබුණා මේ විෂබීජ ඉක්මනින්ම විනාශ කර දැමීමට. එහෙත් ඒක එහෙම වුණේ නැහැ. එහෙම නොවීම ඓතිහසික වැරැද්දක්.
ප‍්‍ර: 1994 චන්ද්‍රිකා කුමාරතුංග බලයට ආවේ යුද්ධය අවසන් කරලා රටට සාමය ඇති කරනවා කියන මතවාදය සමග. එහෙත් ඇයට ඒක කරන්න බැරිවුණා. ඇයි එහෙම වුණේ.
පි: මුල් කාලයේදී එඩිතර තීන්දු ගත්තා සාර්ථක මෙහෙයුම් කළා. යාපනය අල්ලා ගැනීම නිදසුනක්. යාපනය අල්ල ගන්න විතරක් නොවෙයි. පවත්වාගෙන යන්නත් පුළුවන් වුණා. නමුත් යාපනය අල්ලා ගැනීමේ මෙහෙයුම්වලින් පසුව සිදුකළ සියලූම මෙහෙයුම් අසාර්ථක වුණා.
ප‍්‍ර: ඒකට හේතුව.
පි: යුද්ධයක් කරන විට ඒ යුද්ධයට එරෙහිව තවත් යුද්ධයක් ආණ්ඩුව ඇතුළෙන්ම ක‍්‍රියාත්මක වීම. එක පැත්තකින් සාමය පෙන්වමින් අනික් පැත්තෙන් යුද්ධයක් කරන්න බැහැ. කොටින්ම යන්නේ කොහේද කියලා නොදැන සිටීම.
ප‍්‍ර: ආණ්ඩුව ඇතුළෙන් යුද්ධයට එරෙහිව කළ යුද්ධය කුමක්ද?
පි: ඇයි සුදු නෙළුම් ව්‍යාපාරය. අනුරුද්ධ රත්වත්තේ මහතා ඒ ආණ්ඩුවේ යුද්ධය මෙහෙය වූ නායකයා. එතුමාට මම දවසක් කිව්වා හමුදාවට සෙබළුන් බැඳීම නැවතුනේ මේ සුදු නෙළුම් ව්‍යාපාරය නිසා කියාල. එතකොට කොහොමද 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී යුද්ධය දිනුවේ. මුළු රටම යුද්ධයට සම්බන්ධ කළා. සිවිල් පරිපාලනය, සිවිල් සංවිධාන ආගමික ආයතන මහජනයා, මේ හැම එකක්ම යොමු කළේ යුද්ධය ජයගත යුතුයි කියන එකම අධිෂ්ඨානයට. එහෙම අධිෂ්ඨානයක් ඇයගේ කාලයේදී තිබුණේ නැහැ.
ප‍්‍ර: 2002 රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ.යට ලැබුණු ප‍්‍රයෝජන ගැන ඔබේ ග‍්‍රන්ථයේ සඳහන් වෙනවා. එම ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ.යට යම් අවාසි සිදු වුණේ නැතිද?
පි: අනිවාර්යයෙන්ම ඒ ගිවිසුම නිසා ඔවුන්ට අවාසියක් සිදුවුණා. මේ පොතේ ඒවත් සඳහන් වෙනවා. සටන් විරාම ගිවිසුම නිසා අවුරුදු හයකට යුද්ධය නැතිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඒ ගැන කිවුවා. කුමරන් පද්මනාදන් ඒකට තව කරුණු එකතු කළා. අවුරුදු හය කට යුද්ධය නොමැතිවීම නිසා සටන් කිරීමේ හැකියාව ඉබේටම නැතිව යනවා. ඒ කාලේ කොටි කළේ කොළඹ සහ ප‍්‍රධාන නගරවල ඉවක් බවක් නැතිව ඇතිවෙන්න මිනීමරුපු එක. සේනාංක මෙහෙයවලා කරන යුද මෙහෙයුම් තිබුණේ නැහැ. සටන් කිරීමේ හැකියාව නැතිවීම දෙපාර්ශ්වයටම වුණා. හමුදා පුහුණුව තිබුණට මදි. ඒ පුහුණුව ලබා ගත යුත්තේ ප‍්‍රායෝගිකව සටන් වලදිම තමයි. ඉතින් ඒ ප‍්‍රායෝගික පුහුණුව හමුදාවටත් නැහැ. කොටින්ටත් නැහැ. ගෝඨාභය මහත්තයා කියන විදියට හමුදාවට මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගන්න ඔච්චර කාලයක් ගියෙත් ඒකයි. හැබැයි වැඬේ පටන් ගත්තට පස්සෙ හමුදාවෙන් ඒක අල්ලගන්න කොටින්ට බැරිවුණා. එතනින් තමයි කොටි පැරදුණේ. එහෙම බැලූවාම අවසාන යුද ජයග‍්‍රහණයේදී සටන් විරාම ගිවිසුමටත් යම් කිසි කාර්ය භාරයක් තිබුණා.
ප‍්‍ර: ඔබ කියන්නේ ඒ ගිවිසුමෙන් යම් වාසියක් ඇති වුණා කියලද?
පි: ඔව් ඒ නිගමනයට තමයි එන්න වෙන්නේ.
ප‍්‍ර: එතකොට කරුණා කැඩිලා ගියෙත් මේ සටන් විරාම ගිවිසුම නිසාද?
පි: සටන් විරාම ගිවිසුම තිබුණත් නැතත් ඒක කොයි වෙලාවක හරි වෙන්න තිබුණු දෙයක් හැටියටයි මම නම් දකින්නේ. ඒ කොහොම වුණත් කුමරන් පද්මනාදන් කියන විදියට මේ ගිවිසුම නිසා තවත් දෙයක් වුණා. ඒ තමයි ප‍්‍රභාකරනුත් සිවිල් නායකයෙක් බවට පත් වීම. ගිවිසුම නිසා දැන් මේ ඉන්නේ කැලෑ ඇඳුම ඇඳගෙන ඉනේ පිස්තෝලයක් ගහගත්ත සටන් කාමියෙක් නොවෙයි. සපාරි ඇඳුමක් ඇඳගත්තු උදේ ඉඳන් රෑ වෙනකම් ලන්ච් වලටයි ඩිනර්වලටයි යන පුද්ගලයෙක්. සුද්දෝ එනවා එයාව හම්බ වෙන්න. ඩයස්පෝරාවේ අය එනවා. අතට අත දෙනවා. කොන්පරන්ස් තියෙනවා. කනවා බොනවා. තනිකරම ඇමැතිවරයෙක්. නැත්නම් රාජ්‍ය නායකයෙක් විදියට තමයි එයාගේ දින චර්යාව සකස් වෙලා තිබුණේ. ඕන වෙලාවක හමුදාවට ගහන්න පුළුවන්. දෙකෙන් ගැහුවාම 2 න් 3වෙනවා. යනාදී අධි මානසිකත්වයකින් තමයි හිටියේ. පස්සේ ඉතිං අනිත් පැත්තට පෙරලූණා. ඒකයි කොටි පැරදුණේ.
ප‍්‍ර: කරුණාගේ ඉවත්ව යාම එල්.ටී.ටී.ඊ. පරාජයට හේතුවක් වුණේ නැද්ද?
පි: කරුණා නැගෙනහිර ඉඳපු කොටි නායකයා. ඔහු යනකොට ඔක්කොම කොටි ඔහුත් එක්ක ගියේ නැහැ. කොටසක් ඉතිරි වුණා. ඒකනේ කරුණා ගිය පසුත් නැගෙනහිර කොටි බලය ප‍්‍රභාකරන්ට තියාගන්න පුළුවන් වුණේ. නමුත් කරුණා ඉවත්ව යෑම නිසා කොටින්ගේ නැගෙනහිර බලය දුර්වල වුණා කියලා කියන්න පුළුවන්. ඒක මගේ පොතෙන් විස්තර වෙනවා.
ප‍්‍ර: ඇයි මේ පොතට ගෝඨාස් වෝ කියන නම යෙදුවේ.
පි: මට තිබුණේ එකම එක හේතුවයි. දේශපාලන අධිකාරිය විසින් යුද්ධය ජය ගත යුතුයි කියන තීණ්දුව ගත්තට පස්සේ ඒක ක‍්‍රියාත්මක කරන්න කිසියම් හස්තයක් අවශ්‍යයි. ඒ හස්තය ක‍්‍රියාත්මක නොවී කිසියම්ම දෙයක් කරන්න බැහැ. මම නිදසුනක් කියන්නම් ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ල අයිලන්ඞ් පත්තරය වෙනුවෙන් ආවරණය කළේ මම. එතනදී මම හොඳින්ම දැකපු දෙයක් තමයි රංජන් විජේරත්න කියන චරිතය නොසිටින්නට ඒ කැරැල්ල මර්දනය කරන්න කවදාවත්ම ලැබෙන්නේ නැහැ. ඒ විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් යුද්ධය ජය ගත යුතුයි කියන ඒ දේශපාලන අධිකාරියේ තීන්දුව ගත්තට පස්සෙ ඒ වැඬේ කරවන්න සියලූම නූල් සූත්තර ඇදලා ඒක මෙහෙයවපු පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ. කොටින්ම 1959 න් පටන් ගත්ත මේ යුද්ධයේ කෙළවර 2009 දී ඒක අවසන් කරන්නට මුල් වූ චරිතය. අර රංජන් විජේරත්න වගේ තමයි ගෝඨාභය. අන්න ඒ නිසයි මම මේ පොතට ගෝඨාස් වෝ කියන නම යෙදුවේ.
යුද හමුදාව, නාවුක හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය මේ එකකටවත් තනියෙන් යුද්ධ කරන්න බැහැ. උදාහරණයක් ගත්තොත් යුද හමුදාවට මහා විශාල පිරිස් බලයක් ඉන්නවනේ. එතකොට ඒ හමුදාවට අවශ්‍ය කාලතුවක්කු සන්නාහ සන්නද්ධ රථ ප‍්‍රහාරක රථ මල්ටි බැරල් කොපමණ සංඛ්‍යාවක් තිබිය යුතුද කියලා ජාත්‍යන්තර ප‍්‍රමිතියක් තිබෙනවා. වන්නි යුද බිමේ සේනාංක කීයක් හිටියද?
ඒ සේනාංකවලට ඒ ප‍්‍රමිතියට අනුව බෙදලා දෙන්න කාලවතුවක්කු, මෝටාර් සන්නාහ සන්නද්ධ රථ මල්ටි බැරල්, නිසියාකාරව කවදාවත් ලංකාවේ යුද හමුදාවට තිබුණේ නැහැ. රූප රාමුවලින් දකින කොට මල්ටි බැරල්වලින් කාලතුවක්කුවලින් ගහන කොට හිතෙන්නේ ඒවා වැහි වැහැලා තියෙනවා කියලා. එහෙත් එහෙම තිබුණේ නැහැ. ඒ නිසා කාලතුවක්කු සහ සන්නාහ සන්නද්ධ රථවලින් එල්ල කළ යුතු හුඟක් ප‍්‍රහාරයන් එල්ල කළේ ගුවන් හමුදාවෙන්. ගුවන් හමුදා වෙන් ප‍්‍රහාර එල්ල නොකොර පාබල හමුදාවට ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා ඒක පාබල හමුදාව තනියෙන් ගිය ගමනක් නොවෙයි. අනිත් එක 2007 ඉඳන් එල්.ටී.ටී.ඊ.යට එන සියලූම සැපයුම් මාර්ග නාවුක හමුදාවෙන් අවහිර කරලා තිබුණේ. මේ විදියට හැම අංශයක්ම එකකට එකක් සම්බන්ධ වෙලයි තිබුණෙ. මේ හැම නූල් සූත්තරයක්ම ඇන්දේ එක තැනක ඉඳගෙන. එක මධ්‍යස්ථානයක ඉඳගෙන.
යුද්ධය යන අතරතුර කොළඹ සහ ප‍්‍රධාන නගරවල කිසි දෙයක් කරන්න කමිටුවක් නැහැ. බුද්ධි අංශ යොදවල සිවිල් ආරක්ෂක බළකාය හා පොලිසිය යොදවල දකුණේ ප‍්‍රධාන නගර ටික ආරක්ෂා කළා. ඒ නිසා අර කලින් එල්.ටී.ටී.ඊ.ය හැම යුද්ධයකදීම කළා වගේ දකුණ අස්ථාවර කරන එක මෙදා පාර කරන්න බැරිවුණා. මේවා සේරම එක තැනක ඉඳගෙන අවශ්‍ය උපදෙස් දෙමින් සේරම කළමනාකරණය කළ පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ.
ප‍්‍ර: ඒ නිසාද ඔබ මේ පොතට ගෝඨාස් වෝ කියන නම යෙදුවේ.
පි: මම විශ්වාස කරනවා මෙතනදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සාධාරණයක් ඉටු කළා කියලා.
