ඉන්දියාවේ තිරුපති දෙවොල වගේ අලූත් වන කතරගම දෙවොල


 12-page1-S2-3 12-page1-S2-4

 

ඉන්දියාවට තිරුපති මහා දෙවොල නම් ලංකාවට කතරගම මහා දෙවොලය. මේ දෙක ඒ තරමට ලෝක ප‍්‍රසිද්ධය. අනුහස්ය. දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ගේ පටන් ජාති-ආගම් භේදයකින් තොරව බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍රවන තැන්ය.
කතරගම මහා දේවාලය ගැන කතා කරන විට එය කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින තැනක ඉදිවූ දේවාලයකි. මෙහි යන එන පිරිස දිනපතා ජන ගඟකි. සිංහල-දෙමළ පමණක් නොව දෙස් විදෙස් කොයි කවුරුත් බැතිමත්ව වන්දනා කරන තැනකි.

 


කතරගම මහා දේවාලය, ගැන පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කොට තිබිණි. එතුමා පැවසුවේ කතරගම දේවාලයත් තිරුපති වැනි ස්ථානයක් බැවින් ඒ ආකාරයට ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් කළ යුතු බවය. 


එහි පසු අර්ථය රටටත් පොදු ජනතාවටත් අනුහස් ඇති ස්ථානයක් මීට වඩා සංවර්ධනය වී, භක්තිය වැඩිදියුණු වන පරිදි පොදු පහසුකම්වලින් ද සමන්විතව නිර්මාණය විය යුතු බවය.


ඒ අනුව ”අලූත් වන කතරගම” ගැන ලියන්නට අපි සිතුවෙමු. කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා ”අලූත් වන කතරගම” ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

6
”මා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කීප විටක් කතරගම මහා දේවාලයට පැමිණියා. දේවාලයට දිනපතා විශාල බැතිමතුන් පිරිසක් එනවා. ඒ අයට පහසුකම් ඉතාම අල්පයි. වර්තමානයේ කතරගම ඇති පහසුකම් මේ සා විශාල බැතිමතුන් පිරිසකට ඔරොත්තු දෙන්නෙ නෑ. මේ තත්ත්වය අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා දැක්කා. එතුමා පසුගියදා කතරගම පැමිණි අවස්ථාවේ මට යෝජනා කළා, වහාම තිරුපති දේවාලයට යන්න. එහි ගිහින් එතැන යන පිළිවෙළ අධ්‍යයනය කර පැමිණිලා, තිරුපති ආකාරයට කතරගම දේවාලය හා අවට ප‍්‍රදේශය බැතිමතුන්ට පහසුවක් වන පරිදිත්, භක්තිය වැඩිවන ආකාරයටත් ගොඩනගන්න කියා. ඒ අනුව මහා දේවාලය හැර ප‍්‍රධාන දොරටුවේ සිට ඒ අවට ගොඩනැගිලි අංගසම්පූර්ණව වෙනස් වීමට නියමිතයි. අගමැතිතුමා උපදෙස් දුන්නෙ තිස්ස නගරයේ ඉඳන්ම මේ සංවර්ධන කටයුතු කතරගම දක්වා සම්පූර්ණයෙන් ආරම්භ විය යුතු බවටයි. ඒ අනුව දැන් කටයුතු ආරම්භ වෙලා තියෙන්නෙ. ඉදිරි කාලය තුළ කතරගම බොහෝ දුරට අලූත් වේවි. මේ සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාත් පත්කර තිබෙනවා.’’


අලූත් වන කතරගම මහා දේවාලය අවට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රැුසක් මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව බැතිමතුන්ගේ පහසුව සඳහා විශ‍්‍රාම ශාලා වැසිකිළි 100ක්, ඉතා පිරිසිදු පානීය ජල ව්‍යාපෘති දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී.

 

”මේ ව්‍යාපෘතිවලදී පැරණි නේවාසික ගොඩනැගිලි කඩා ඉවත් කර අලූත් ගොඩනැගිලි මහා පරිමාණව ඉදිවෙනවා, රාජ්‍ය අංශයේ හා පුද්ගලික බැතිමතුන්ගේ ආධාර ඇතිව. ඒ සඳහා කැමති බැතිමතුන්ට දායකත්වය භාර ගැනීමේ ශක්තියක් තිබෙනවායි” කුමාරගේ මහතා පවසයි.


”කතරගම මහා දේවාලය, ඉන්දියාවේ තිරුපතිවලටත් වඩා බලසම්පන්න බව බොහෝ දෙනා දරන අදහසක්. එම නිසා කතරගම වන්දනාවේ විශාල වශයෙන් ඉන්දියානුවෝ එනවා. ඒ අය තිරුපති ගිහින් එවැනි මහා චිත‍්‍රයක් මවාගෙන මෙහි එන්නේ. නමුත් ඒ චිත‍්‍රය කතරගමට ආවම නෑ. හැම අතින්ම ඔවුන් අපහසුතාවයට ලක්වෙනවා. පුංචි පුංචි ගොඩනැගිලි. මේ තත්ත්වය ත‍්‍රි’මල කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, යාපනය නල්ලූර් කෝවිල්වල නෑ. ඉතාම දියුණුයි, සංවර්ධිතයි. නමුත් තවම කතරගම ඒ තත්ත්වය නෑ. සමහර ඉන්දියානුවෝ කියනවා කතරගමට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ එහි පාලකත්වයට දිගටම සිංහල බෞද්ධයන් පත්වීම නිසා කියලා. මා ඒ කතාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ප‍්‍රකාශ කළා. හැබැයි ඉදිරි කාලයේදී කතරගම මහා දේවාලය තිරුපති දේවාලය තත්ත්වයට ගෙනැත් අංගසම්පූර්ණ ගොඩනැගිලි වශයෙනුත් පොදු පහසුකම් අතිනුත්, ආදර්ශමත් පාලනයක් අතිනුත් වෙනසක් කරනවා.”


මේ අනුව කතරගම දේවාලයට වෙනමම මල්වත්තක් කඩවර දේවාලය ළඟ නිර්මාණය වෙනවා. දැන් එහි වැඩ සීයට 90ක් අවසන්. ඒ වගේම කතරගම දේවාලය සතුව තවම ඉන්නෙ එක ඇතයි. පෙරහරවල් සේරටම යන්නෙ මේ ඇතා. සමහර දවස්වල දිනපතාම පෙරහරවල්. ඇතා මහන්සි පිට වුණත් එක දිගට යවන්න වෙනවා. ”අලූත් වන කතරගම”ට ඇත් සංචිතයක් ලබාදීමටත් දැනට සාකච්ඡුා වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර කීපය තුළ කතරගම පිළිබඳ චිත‍්‍රය සම්පූර්ණයෙන් වෙනස් වෙන යුගයක් වේවි.’’
බස්නායක නිලමේ ඞී.පී. කුමාරගේ මහතා පවසයි.

m