කටුනායක කඳවුරට පහරදෙන තීන්දුව ගත්තෙ අපේ ගෙදරදී


43       

 

1987-88-89 යුගය ගැන රසවත් කතා ගොඩක් තිබේ. ඒ තරම් රසවත් කතා මැවෙන්නේ ඒ බොහෝ සිදුවීම් අතිශය රහසේ සිදුවූ හෙයිනි. එසේම විවිධ පුද්ගලයෝ විවිධ අත්දැකීම් ලැබූ හෙයිනි. සියල්ලට වඩා වැදගත් වෙන්නේ බොහෝ කාරණාද, ඇත්ත ඇති සැටිද හෙළි නොවන හෙයිනි. එයට ප‍්‍රධාන හේතුව 87-88-89 යුගයේ ජ.වි.පෙ නියෝජනය කළ විශාල පිරිසක් තවමත් සාමාජයෙන් ‘වහං’ වී සිටීමය. එම නිසා ජ.වි.පෙ දේශපාලකයන් කීප දෙනෙක් කියන කාරණාවෙන් ඔබ්බට අපි මෙහි විවිධ කතා සොයමු.

 


1983 ජ.වි.පෙ තහනමින් පසු පක්ෂය හැංගි හැංගී වැඩ කළේය. ජ.වි.පෙ උත්සාහ කළේ තමන් යළි දේශපාලන කරළියට සේන්දු වීමය. එහෙත් රජය ඊට හොඳ පසුබිමක් උදාකළේ නැත. මේ නිසා ආණ්ඩුවට එරෙහිව රහසේ අරගල නිර්මාණය විය. අවසානයේ ආණ්ඩුවත් - ජ.වි.පෙත් මහා රණ්ඩුකාරයෝ බවට පත්වූහ.


ආණ්ඩුව ඇහැක් ගලවද්දී ජ.වි.පෙ ද ඇහැක් ගැලවීය. ආණ්ඩුව දතක් ගලවද්දී ජ.වි.පෙ ද දතක් ගැලවීය. ආණ්ඩුව ඔලූවක් ගලවද්දී ජ.වි.පෙ ද ඔලූවක් ගැලවීය.

 

05_PAGE_07_T


ඇහැට ඇහැක්, දතට දතක්. හිසට හිසක් යන න්‍යාය පත‍්‍රය හැර 88-89 යුගය වන විට කිසිම විකල්පයක් දෙපිරිසටම තිබුණේ නැත.


ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම සඳහා ජ.වි.පෙ ද පසු බැස්සේ නැත. ඔවුහු හොඳ ප‍්‍රතිමර්දනයක් කළහ. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නමින් ප‍්‍රකට වූ මෙය ‘‘පක්ෂයේ නමින්ම නොවන එහෙත් පක්ෂයේ වන’’ අපූරු සන්නද්ධ ක‍්‍රියාවලියක් විය. 


ඒ අනුව ජ.වි.පෙ දේශපාලන හා සන්නද්ධ නමින් කොටස් දෙකකින් එම යුගය තුළ හඳුනාගත හැකිය.දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ අංශයේ නායකයා වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන් ජයසිරි ප‍්‍රනාන්දුය. කීර්ති විජයබාහු සහ කබ්රාල් නමින් ප‍්‍රසිද්ධව සිටි සමන්ගේ බොහෝ තොරතුරු අදටත් රහසකි. ඒ තොරතුරු හරියට දන්නේ ඉතාම සුළු කීපදෙනෙකි. එබැවින් මේ දිගහරින කතාව නැවුම් ඒවාගේම පුදුම හිතෙන කතාවක් වනු ඇත.
මට ලොකු කතාවක් කියන්න තියෙනවා. මම ඞී.එම්. ගුණරත්න. සමන් පියසිරි ප‍්‍රනාන්දු ළඟින් ඇසුරු කළ කෙනෙක්. ඒ වගේම විජේවීර සහෝදරයා එක්ක අවසන් දේශපාලන මණ්ඩලේ හිටපු කීපදෙනෙක් මම ළඟින් ඇසුරු කළා. විජේවීර සහෝදරයා ඝාතනය වුණාට පස්සෙ පක්ෂයේ හුඟාක් තීන්දු නිර්මාණය කරපු 1989 නොවැම්බර් අග දේශපාලන මණ්ඩල රැුස්වීම් දෙකම තිබුණේ මම පදිංචිව හිටපු ගෙදර. රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ අංශය භාරව හිටියෙ මම. මට කිව්වෙ සුගත් කියලා. සමන් ජයසිරියි - මමයි සෑහෙන කාලයක් බලංගොඩ හිටියා. ඒ නිසා ඔහු මට නිතර මුණගැසුණා. ඔහු අපට කතාකර තමා ගැන විස්තරයක් කීවේය.


ඒ අනුව ගුණරත්නට ද ඉඩක් දෙන්නට තීරණය කළෙමු. මගේත් ගුණරත්න මහතාගේත් හමුවීමත් අතර තවත් සගයකු සිටියේය. ඔහු ඞී.ඒ. වීරරත්න අලූත්වත්තය. ජ.වි.පෙ හි සන්නද්ධ අංශය තුළ ‘‘සමන් මහත්තයා’’ වූයේ ඔහුය. ඔහු බලංගොඩ ශාඛාවේ සන්නද්ධ අංශ නායකයාය. එබැවින් සන්නද්ධ අංශයේ කිව හැකි තොරතුරු හෙළි කළ හැකි පරිදි මේ ලිපිය දිගේ ගලා යනු ඇත.

jtfjdf


ගුණරත්න සහෝදරයාට සමන් පියසිරි (කබ්රාල්) පළවෙනි වතාවට මුණගැසුනේ ගම්පහ, උඩුගම්පොල, පෙතියාගොඩදීය. පෙතියාගොඩ කනිෂ්ඨ විද්‍යාලය ළඟ පරණ වලව්වක පෙනුමැති ගෙයක් ජ.වි.පෙ.ට අයිතිව තිබිණි. එම නිවසේ පදිංචිව සිටියේ අපේ කතානායක ඞී.එම්. ගුණරත්න සහෝදරයා සහ ඔහුගේ පවුලේ අයය. මෙම නිවස පක්ෂයට අයිති වූවක් නිසා පක්ෂයේ අවශ්‍යතාවයට බොහෝ විට යොදා ගැනින. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සාකච්ඡුා කිරීමට මෙහි නිතර ආව ගියහ. එහෙත් ගුණරත්න ජ.වි.පෙට සම්බන්ධ බව පෙතියාගොඩ කවුරුවත් දැන උන්නේ නැත. ගුණරත්න ගමට සාමාන්‍ය ගම්වැසියකු විය. ඔහු පෑලියගොඩ සමාගමක රස්සාවක්ද කළේය. ගුණරත්නගේ උපන් ගම කෑගල්ලය. ඔහු පෙතියාගොඩට පැමිණීමේ කතාව වෙනම පැත්තකි. 


කෙසේ වෙතත් ජ.වි.පෙහි සන්නද්ධ අංශයේ ආභාෂය ගුණරත්න සහෝදරයාට ලැබුණේ තමන්ගේම ගෙදරිනි.


ජ.වි.පෙ සන්නද්ධ නායක සමන් පියසිරි කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදීමට සැලසුම් හැදුවේ මේ උඩුගම්පොල පෙතියාගොඩ ගෙදර සිටිය. ඒ සඳහා රහසේම සන්නද්ධ සාමාජිකයෝ රැුසක් සාකච්ඡුාවලට සහභාගී වූහ.


‘‘අසවල් දවස... අසවල් ආකාරයට...’’ සියලූ දේ ගුණරත්න අසා සිටියේය. මේ අතර ගුණරත්නගේ වත්ත පිටුපස පොළොව යට කොන්ක‍්‍රීට් ටැංකි කීපයක්ද ලහි ලහියේ ඉදිවිය.


‘‘ටැංකි මොකටද’’ ගුණරත්න ප‍්‍රශ්න කළේය.


‘‘ගුවන් හමුදා කඳවුරට ගහන්න කණ්ඩායම් කීපයක් පිටත් වෙනවා. එක කණ්ඩායමක් පිටත් වෙන්නෙ ගුණරත්නගෙ ගෙදරින්. මෙහෙන් පිටත් වෙන ‘‘ටීම්’’ එක එන ආයුධ හංගන්නෙ මේ ‘‘ආමරි’’ වල.

h


ඒ කතාව අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරු ප‍්‍රහාරය හතරවටින් එල්ල වෙන්නක් බව ගුණරත්නට දැනිණ. ඒ සඳහා තැන් ගණනාවකින් පිරිස පිටත්වීමට නියමිත විය.


මාස දෙකක් තිස්සේ ප‍්‍රහාරය ගැන විටින් විට සාකච්ඡුා සිදුවිය. එහි ප‍්‍රධාන මෙහෙයුම්කරු සමන් පියසිරි විය. ඊට අමතරව ප‍්‍රහාරය භාරව පිටත්වන නායකයෙක් ද සිටියේය. ඒ ඊශ්වරගේ ආරියසේනය. ඔහු රෝහණ විජේවීර සහෝදරයාගේ ආරක්ෂකයා ලෙසද ප‍්‍රසිද්ධය.


කතිකා කරගත් දවසේ ප‍්‍රහාරය සඳහා ගෙන යන ආයුධ තැබීමට පක්ෂය විසින් සීදූවට නුදුරින් නිවසක් මිලට ගත්තේය. ඒ අනුව එය සමස්ත ප‍්‍රදේශයෙන් සැඟවුණු තැනකි.

bjjkl
ප‍්‍රහාරය දා හැන්දෑවේ ගුණරත්නගේ ගෙදරින් සන්නද්ධ සාමාජිකයෝ දහ දෙනෙක් පිටත්වූහ. මීරිගම පේ‍්‍රමරත්නද ඒ අතර විය.


අවදානමේ ගැඹුරුම තැනක මෙහෙයුමක් නිසා බොහෝ දෙනා එය සතුටක් කොට ගත්හ.


සුදුසුම වේලාවේ ඊශ්වරගේ ආරියසේන ප‍්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරට කඩා පැන්නෝය. වෙඩි පිට වෙඩි මැද තම තමන්ට අයිති වගකීම වහ වහා ඉෂ්ඨ කිරීමට සියල්ලෝ ඉක්මන් වූහ.


වෙඩි මැදින් පැන ආයුධ කොල්ලකා බොහෝ අය පැන ගත්හ. තවත් පිරිසක් වෙඩි කාගෙන මැරී වැටුණාහ. කීප දෙනෙක් අත්අඩංගුවට පත්විණ. ගුණරත්නගේ ගෙදරින් ගිය සන්නද්ධ කණ්ඩායමේ උත්සාහය සාර්ථක වුණේ නැත. ඔවුන් 10 දෙනාගෙන් එකකු දෙන්නෙකු හැර සෙසු සියල්ලෝ ප‍්‍රහාරයෙන් මරණය උරුමකර ගත්හ.


එහෙත් ආසන්න ස්ථාන කීපයක කොන්ක‍්‍රීට් ටැංකි ආයුධයෙන් පිරවූ බව ගුණරත්නට ආරංචි විය. ඒ කවර ගෙවල් ද යන්න ගුණරත්න නොදනී. ඒ සියල්ල දැන සිටියේ සමන් පියසිරි හා ඊෂ්වරගේ ආරියසේන පමණි.


කටුනායක ප‍්‍රහාරයේ ප‍්‍රති ප‍්‍රහාරය නිසා මාස ගාණක් යන තුරුම ජ.වි.පෙට බැට කන්නට සිදුවිය. ප‍්‍රහාරයෙන් අල්ලාගත් සාමාජිකයන් නොමරා මරමින් තොරතුරු ‘‘උදුරා’’ ගත්හ. ඒ අනුව කොල්ලකෑ ආයුධ සෙවීමේ මෙහෙයුම වේගවත් විය. දවසක් ගුණරත්නගේ ගේ ඉදිරියෙන් හමුදා ට‍්‍රක් එකක් යනු පෙනින.


‘‘අර කටුනායක කෑම්ප් එකෙන් ජේ.වී.පී එක උස්සපු ආයුධ හම්බවෙලා මගලෙගොඩින්...’’ මිනිස්සු කියනු ඇසින. මේ කියන මගලෙගොඩ යනු වේයන්ගොඩ නයිවල හන්දියට නුදුරු තැනෙකි.


වැඩි දවසක් ගෙවුණේ නැත. ගුණරත්නගේ ගෙදරට පොලිසිය ආවේය.


තොරතුරක් ගන්න තියෙනවා යමු.


ඒ අනුව ගුණරත්නත් ඔහුගේ නිවසේ සිටි තවත් සන්නද්ධ සාමාජිකයන් දෙදෙනකු රැගෙන පොලිසිය පිටත් විය.


ගුණරත්න සහෝදරයා රැුගෙන ආවේ ගම්පහ පොලිසිය වෙතය. පොලිසියේ සැරයන්වරයකු පැමිණ ගුණරත්නට නඩු සඳහා උසාවි යොමු කළේය.


මේ ගැන නොදත් පොලිසියේ වෙනත් කණ්ඩායමක් ගුණරත්න සමග තවත් කීපදෙනෙකු රැුගෙන පොලිසියෙන් පිටත් විය.


මේ යන ගමන අවසන් ගමන බව ඒ යන හැමට නොදැනුනා නොවේ.


‘‘බැහැපියව්’’ පාළු ගොඩනැගිල්ලක් අස්සට සියලූ දෙනා කැඳවාගෙන ගියේය. බිත්තිවලත්, මහපොළොවෙත් තියෙන ලේ පැල්ලම් අනුව තමන් මේ ඉන්නේ ‘‘මිනී මස් කඩයේ’’ බවට සාධක නිර්මාණය විය.


ගුණරත්නගේ දෙඅත් පිටුපසට තබා බැඳ පහරදීම ඇරඹුණි. සියලූ පහරදීම් අතින් හා පයිනි. හතර පස්දෙනෙක් වටවී වැර යොදා පහරදෙති. සරමක් ඇඳ සිටියද පළවෙනි දෙවෙනි පහරින් සරමක් තිබූ ලකුණක් නැත. පිටුපස තිබුණ අත කකුල් දෙක අතරින් මතුවී ඉස්සරහට පැන්නේය. ඒ තරම් ප‍්‍රහාරය දරුණු විය.


‘‘තෝ තමයි වැඩකාරයා...’’ පොලිසිය හිතුවේ පිටුපස තිබුණු අත්දෙක වැඩකාරයකු නිසා ඉස්සරහට ගත් බවය. ඒ නිසා ඒකට වෙනම පහර එල්ල විය.
‘‘සර්... වතුර ටිකක්...’’ ඒ මැද්දේ හඬක් පිටවිය.


‘‘මූට වතුර ටිකක් දීපියව්’’ ඒ අනුව බාල්දියක් ගෙනත් වතුරෙන් නෑව්වේය.


‘‘බීපිය...’’


නාවන අතරේ තොළ තෙමුණු වතුර බිඳ පමණි. 762 ක් ලෑස්ති කරපන් මේ කතාවෙන්නේ ටයර් සෑය ගැනය. 


ගුණරත්න බිමට ඇදගෙන වැටිණි. යාන්තම් කියන - කරන දේ ඇසෙයි.


මේ අතරේ ගුණරත්නට නඩු දැමූ සැරයන්වරයා මේ පාළු ගෙට ගොඩවැදුනේය.


‘‘ඒයි... මේකා කවුද?’’


‘‘ඔය අර පෙතියාගොඩ එකා’’


එසේ කී ගමන් මොකක් පෙතියාගොඩ එකා? මම මූට නඩු දාලා තියෙන්නෙ... මූට මොකක් හරි වුණොත් මටත් ලෙඬේ.


ඒ අනුව ගුණරත්න ඔසවාගෙන ගොස් ජීප් එකට විසි කළේය. හැන්දෑ වෙන විට ගුණරත්න රැුගත් රථය ගම්පහ පොලිසියට ළඟාවිය. කූඩුවට දමා වේදනා නාශක කාඞ් එකක් විසි කළේය. අමාරුවට නින්ද ගියා හැර බෙහෙත් පෙත්තක් ගැනවත් සිහියක් තිබුණේ නැත. උදේ අවදිවී බෙහෙත් පෙත්තක් දෙකක් බී. යළිත් ජීවත්වීමට අවස්ථාව උදාවීම ගැන හිතා දවස ගෙවීමට භාග්‍ය උදාවිය.


ඉන්පසු ගුණරත්නට නඩු මගින් වැලිසර හිරගෙදර උරුම විය. වැලිසර අඳුරු කාමර 21ක් තිබිණි.


ඒක හරිම දුෂ්කර කාල සීමාවක්. පුංචි කාලේ ගමේදි මාත් එක්ක එකට හිටපු ශාන්ත බණ්ඩාර මුණගැහුණෙත් මේ වැලිසර කඳවුරේදි. ශාන්තව අල්ලලා තිබුණේ තංගල්ලේදී. ශාන්ත මාව දැකලා පුදුම වුණා.


‘‘ගුණරත්න... මොකද වුණේ’’ එතැනින් පසු ලැබුණු හැම විවේකයකදීම ශාන්ත - ගුණරත්න කතාබස් කළහ.


ශාන්ත බණ්ඩාරගෙ තාත්තා විදුහල්පති කෙනෙක්. එයාල අපි එක ගමේ. කෑගල්ලෙ අලපලාවල. අලපලාවල ඉස්කෝලෙ මමයි, ශාන්තගෙ මල්ලියි එක පන්තියේ. ශාන්තගේ මල්ලිගෙ නම සුනිල්. ශාන්ත අපට එක අවුරුද්දක් වැඩිමල් පන්තියෙ. අපේ ඉස්කෝලෙ විදුහල්පතිව හිටියෙ ශාන්තගෙ තාත්තා. එයාගෙ නම සෙනෙවිරත්න ඉස්කෝල මහත්තයා.


තව ශාන්තගෙ අයියා කෙනෙක් හිටියා බණ්ඩාර කියලා. එයා ලූමුම්බා විශ්වවිද්‍යාලෙ ඉගෙනගෙන ඇවිත් ගන්නෝරුව කෘෂි ‘‘වර්ක් ෂොප්’’ එකේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කළා.


ගුණරත්න මහතා සිය ළමා අවදිය මතක් කරයි.


එදාට පසු ශාන්ත බණ්ඩාර ආපසු වැලිසරදී හමුවීමද සතුටක් විය.


‘‘වැලිසර කාමර 21 ක් තිබුණට මුලදී කාමරයක එක්කෙනයි හිටියෙ. හැබැයි පස්සෙ කාමරයකට දෙන්නා ගානෙ දැම්මා. අතිශය භයානක ජේ.වී.පී. සාමාජිකයො දාන තැනක් විදිහටයි මෙතන ප‍්‍රසිද්ධ වෙලා තිබුණෙ. එතනදී අපි එක්ක දොස්තර අතුල සුමතිපාල හිටියා. හර්ෂ අබේවර්ධන ඝාතනයට සම්බන්ධ අය හිටියා. ශාන්තව ගෙනාවෙ පස්සෙ. ශාන්ත එක්ක හිටිය රුවන් කියන කෙනා දැම්මෙ මගේ කාමරේට. එයා මාත් එක්ක ගොඩක් දේවල් කිව්වා. ඔය රුවන් කියන්නේ ඉස්කෝලෙ මහත්තයෙක්. ඒ වගේම හොඳ කවියෙක්.


 වැලිසර කූඩු විසිඑකේම හිටපු අය හවස 5.00ට පැයක් එළියට දානවා. එතකොට අපි කතා කළා. ඒ වගේම අපට ව්‍යායාම කරන්න වේලාවක් දුන්නා. හැබැයි ශාන්තට ඒ අවස්ථාව දුන්නේ තනියම. එයා කූඩු කළාට පසුවයි අපට ව්‍යායාමවලට අවස්ථාව දුන්නෙ. ශාන්ත ව්‍යායාම අතරෙ මමයි රුවනුයි ඉන්න කාමරය ළඟට ඇවිත් කතා කරලා ගියා.


‘‘ඊළඟට තව දෙයක්’’ ගුණරත්න මා දෙස බලයි.


‘‘මම මාස 7 ක් වැලිසර හිටියා. ඔය අතරෙයි ශාන්ත ගෙනාවේ. ඔය කාලෙ විජේවීර, ගමනායක එක්ක සාකච්ඡුා කරන්න රජයට  ඕනෑ වුණත් ඒක කර ගැනීමේ විශාල හිඩැසක් තිබුණා. කවුරු හරහා ද මේ ප‍්‍රශ්නය සාකච්ඡුාවෙන් විසඳාගන්නෙ කියලා. ශාන්ත බණ්ඩාර ඇල්ලූවාම ආණ්ඩුව හිතුවා, ශාන්ත යවලා විජේවීර හා ගමනායක සහෝදරයන්ට රජයේ ස්ථාවරය කියන්න. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පුතා රවී ජයවර්ධන දවස් 4ක් විතර ශාන්ත බණ්ඩාර සමග මේ ගැන සාකච්ඡා කළා. එම සාකච්ඡුා සිද්ධ වුණේ වැලිසර කඳවුරේ නොවෙයි, වෙනත් තැනක. ගුණරත්න සහෝදරයා කියයි.
මතු සම්බන්ධයි.

m