දේශපාලනය යනු අද ඇතැම් පුද්ගලයන් මහා ධන කුවේරයන් බවට පත් කරවන මහා බලයක් හා මූල්‍ය ශක්තියක් ඇතිකරවන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.
අතේ ශත පහක් නොමැතිව අඩුම වශයෙන් පා පැදියක් හෝ නොමැතිව ලිපි ගොනු මිටියක් කිහිල්ලේ ගසා ගෙන බස් එකේ පොල්ලේ එල්ලී හිටගෙන ගමන් කළ සමහර දේශපාලනඥයන් අද වනවිට ජනාකීර්ණ නගරවල, ගම්වල ගොඩනැගිලි හතරක් පහක්, කඩ කාමර හයක් හතක් හිමි, සුවිසාල නිවාස දෙක තුන හිමි ධනවතුන් බවට පත්වී සිටිති.
ප‍්‍රාදේශීය මට්ටමින් ගත් කල කුඩාම දේශපාලන ධුරය වන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රධුරය හා සභාපති ධුරය දරණ ඇතැමුන් යාන වාහන කීපයක් හිමි අයවලූන් බවට පත්ව තිබේ.
ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ජනතා සේවයට වඩා යොමුවී සිටිනුයේ විවිධ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් කරන්නන් ලෙසටය.
ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින ඇතැම් දේශපාලනඥයන්ගේ අතේ ඇඟිලිවල හා ගෙළේ පළඳ ඇති මුදු, මාල, අත් පළඳනාවන්හි වටිනාකම රුපියල් ලක්ෂ දහය ඉක්මවයි. මොවුන්ට මේසා විශාල වස්තු සම්භාරයක් ලැබී ඇත්තේ කෙළෙසදැයි ජනතාවට නම් රහසක් නොවේ.
මහා පරිමාණ ඉදිකිරීම්වලින් ලැබෙන අති විශාල කොමිස් මුදල් සම්භාරය හා වෙනත් අයථා ක‍්‍රම ඔස්සේ තම සහචරයන් හා සගයන් විසින් සිදුකරනු ලබන යම් යම් කි‍්‍රයාවන් ඔස්සේ ලබාගන්නා මුදල්වලින් පොහොසත් වන බොහෝ දේශපාලනඥයන් ”ශත පහක්” හෝ වියදම් නොකර තම තනතුරේ බලයෙන් ධනවතුන් බවට පත්වී සිටිති.
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී නාම ලේඛන සකසා ඉතා සුක්ෂම අයුරින් තම සහචරයන් මගින් මුදල් ලබා ගන්නා ඇතැම් දේශපාලනඥයන් කිසිවක් නොදන්නා උපාසක මහත්වරුන් ලෙසින් ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානින් සමග කරට කර සිටගෙන සිටින විට බොහෝ අය සිතනුයේ මොවුන් සැබෑම ජනතා පුත‍්‍රයන් ලෙසය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරෙක මහනුවරදී තම හිතවත් මාධ්‍යවේදීන් පිරිසක් සමග සුහද සාකච්ඡුාවක යෙදී සිටියදී පැවැසුවේ ”ඔය පළාත් සභාවලට ලැබෙන විදේශ ආධාර මුදල්වලින් පළාතේ සංවර්ධන කටයුතු සඳහා බොහෝ දේ කළ හැකි” බවයි.
මීට කාලයකට පෙර කුඩා යතුරු පැදියකින් එසේත් නැත්නම් කුඩා පැරැුනි වෑන් රියකින් හෝ මිතුරෙකුගේ වාහනයකින් පළාත් සභාවට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වත්මන් යුගයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරුවලට පත්වී ජනතාව නොසින අන්දමේ ධන කුවේරයන් බවට පත්ව සිටිති.
ග‍්‍රාමීය මට්ටමේ සිට ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට නගරය තුළ සුවිසල් මැදුරු මෙන්ම හෝටල්ද හිමිවී ඇත්තේ ජනතා සේවයට යොමුවීම නිසාය.
මේ අතර දේශපාලනඥයන්ගේ රැුකවරණය ලබමින් ආණ්ඩුවේ සුළු රැුකියා කළ ඇතැම්මු තමන්ගේ දේශපාලන බලවතාගේ ශක්තියෙන් විවිධ ව්‍යාපාර හිමි ගොඩනැගිලි හා හෝටල් හිමි ධනවතුන් බවට පත්ව සිටිති. දේශපාලනයේ බල මහිමය නිසාම මධ්‍යම පළාතේ කිසිවකු නොදන්නා මධ්‍යම පළාතේ වගකිව යුතු ප‍්‍රභූන් නොහඳුනනා පුද්ගලයෝ අද වන විය සමාජයේ සුපිරි පුද්ගලයන් අතර වැජඹෙමින් තම දේශපාලන බල පරාක‍්‍රමයේ බල මහිමයෙන් මුදල් හම්බ කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.
ප‍්‍රාදේශීය සභාවල ඇතැම් සභාපතිවරුන්ගේ මාර්ගයෙන් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට රුපියල් ලක්ෂ ගණනින් මාස් පතා මුදල් සපයා ගන්නා දේශපාලනඥයෝද අප අතර සිටිති.
අද ඇතැමුන්ට කොළඹ නගරය තුළ නිවාස දෙක තුන හිමිවී තිබේ. ආණ්ඩුවේ වාහන තම පවුලේ ඥාතීන්ගේ පෞද්ගලික පරිහරණයටද යොදා ගෙන ඇත. මධ්‍යම පළාතේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු කෙරෙන ආණ්ඩුවේ වාහන බොහෝ විට මේ දේශපාලනඥයන්ගේ ඥාතීන්ටද ඔවුනට ගැතිකම් කරමින් ඔවුන්ගේ සාක්කු පුරවන ”හෙංචයියලාටද” නිර්ලෝභිව ලබා දී ඇත්තේ ඒවා තමන්ගේ පෞද්ගලික මුදලින් නඩත්තු නොකරන නිසාය.
රජය සතු ඉඩම් අත්පත් කර ගනිමින් මුදල් ගරා ගන්නා ඇතැම් නිලධාරිද මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල වැජඹෙන්නේ දේශපාලනඥයන් ගේ පිහිටෙනි.
රජයට අයත් පොදු ස්ථානවල දේශපාලන බල මහිමයෙන් විවිධ ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යන ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ රජයේ පොදු නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් තමන්ගේ සාක්කුව පුරවා ගැනීමේ ජාවාරම්වල නිරතවී සිටිති. බොහෝ පුද්ගලයන් මේ සියල්ල සිදුකරනුයේ බලගතු දේශපාලන ප‍්‍රවාහයට මුවාවී සිටිමිනි.
ඇතැම් පළාත් පාලන ආයතන සතු කඩ කාමර බෙදා ගන්නේද ප‍්‍රාදේශීය දේශපාලනඥයන් විසිනි. ඇතැම් දේශපාලනඥයන් තම ඉහළ දේශපාලන බලය උපයෝගී කර ගනිමින් පහළ ශ්‍රේණියේ දේශපාලනඥයන් මගින් පළාත් පාලන බල ප‍්‍රදේශයන් හි කඩ කාමර පවා බෙදාගෙන ඇත. මොවුනට එරෙහිව නැගී සිටින්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙති.
ඇතැම් බලගතු දේශපාලනඥයන් තමන්ගේ බල ප‍්‍රදේශයේ තම අණසක යටතේ පවතින විවිධ රාජ්‍ය ආයතනවලින් යම් යම් වාසි ලබාගන්නා බවද නොරහසකි.
මධ්‍යම පළාතේ ඇතැම් රාජ්‍ය ආයතනවල රුපියල් කෝටි ගණනින් මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇතත් එකී අංශ තම විෂයට අයත්ව පැවතියද ඒවාට එරෙහිව කි‍්‍රයා මාර්ග ගැනීම් වළක්වාලීමේ අත පෙවීම් පවා ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන බවට කදිම සාක්ෂිය වන්නේ පළාතේ ජනතාව සතු ආයතනවල සිදුවන රුපියල් කෝටි ගණන් වූ මූල්‍ය වංචාවන්ට වගකිව යුතු පුද්ගලයන් කිසිම දඬුවමක් නොලබා ඒ ඒ තනතුරු දරමින් සිට සුපුරුදු ගසාකෑම්වල මේ වනතෙක් නිරතවී සිටීමයි.
මේ වනවිටත් මධ්‍යම පළාතේ සමුපකාර ක්ෂේත‍්‍රයට අදාළව ප‍්‍රබල දේශපාලන බලය පවතින ආයතනයන්හි මහා පරිමාණයෙන් මූල්‍ය අක‍්‍රමිකතාවයන් සිදුව ඇති බව බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් දේශපාලනඥයන් විසින් ප‍්‍රසිද්ධියේම අනාවරණය කරනු ලැබ ඇතත් ඒවා නොඇසුණාක් මෙන් ප‍්‍රබල දේශපාලනඥයන් නිහඬ වී සිටිති.
මධ්‍යම පළාතේ ජනතාවගේ මුදලින් නඩත්තුවන ඇතැම් ආයතන තම ඥාතීන්ගේ බූදලයක් බවට පත් කරගෙන සිටින දේශපාලනඥයන් ගැනද මෙහිදී මතක් කර දිය යුතුව ඇත.පළාතේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කෙරෙන ඉතා මිළ අධික වාහන තම තමන්ගේ ඥාතීන්ට ලබාදී ඇත්තේ ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ බලගතු දේශපාලන තනතුරුවල බල පරාක‍්‍රමයෙනි.
මහජන මුදල් කාබාසිනියා කරන ඇතැම් ආයතනවලින් මධ්‍යම පළාතේ ජනතාවට කිසිදු සේවයක් ඉටු නොවන බව බොහෝ අවස්ථාවල පළාතේ ජනතාව ප‍්‍රසිද්ධියේම පවසති.
දේශපාලනයට එනවිට පා පැදියක් හෝ හිමිව නොතිබූ ඇතැමුන්ට අද බලගතු දේශපාලන පක්ෂවල ආශිර්වාදය තුළින් ලබාගත් ජනවරම ඔස්සේ හිමිවී තිබෙන බලයත් සමග සුවිසල් මන්දිර හිමිවී තිබේ.
තමන් පිළිබඳ වර්ණනා නොකරන තමන්ගේ අයථා කි‍්‍රයාවන් නිරන්තරයෙන් හෙලි කරන මාධ්‍යවේදීන්ට බැණ වදිමින් අපහාස කරමින් සිටින ඇතැම් දේශපාලනඥයන්ට තමන්ගේ බලය අහිමිවූ විට මුහුණ දීමට සිදුවන යථාර්ථය හෙළිදරව් වන එකටද මාධ්‍ය කෙරෙහි ඇත්තේ වෛරයකි. ද්වේශයකි.
ජනතාවගේ යහපත සඳහා ආරම්භ කරනු ලබන පොදු සංවර්ධන ව්‍යාපෘතිවලින් තමන්ගේ සාක්කුව පුරවා ගත් ඇතැම් දේශපාලනඥයන්ට තම බල පරාක‍්‍රමය පවතින බල ප‍්‍රදේශයන්හි ස්ථාපිත කර තිබෙන පෞද්ගලික දුරකථන සේවා සමාගම්වල සංඥා කුළුණු ඔස්සේද ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැරවෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් හෙළිදරව් විය.
පළාතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුරු මාරු තුළින් ලිංගික අල්ලස් ලබා ගැනීමේ කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක වන බවටද ඒ සඳහා ඇතැම් අධ්‍යාපන නිලධාරින් අතළොස්සකගේ සහාය ලැබෙන බවට තරුණ ගුරුවරියන් කීප දෙනෙකුගෙන්ම ඉතා විශ්වසනීය ලෙස තොරතුරු අනාවරණය විය. ඇතැම් ¥ෂිත නිලධාරින් සුළු පිරිසක් දේශපාලනඥයන්ගේ හෙංචයියන් වී සිටීම නිසා පළාතේ රාජ්‍ය සේවයේ උතුම් ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරගනිමින් ජනතා සේවයෙහි යෙදී සිටින රාජ්‍ය නිලධාරින්ටද මුහුණදීමට සිදුව ඇත්තේ දුෂ්කර තත්ත්වයකටය.
රජයේ වටිනා ඉඩම් දේශපාලන බලයෙන් අත්පත් කරගත් මධ්‍යම පළාතේ ඇතැම් දේශපාලනඥයන් එකී ඉඩම් තමන්ගේ බිරින්ඳෑවරුන්ගේ නම්වලින් තමන් සතු කරගෙන ඇත.