කල් නොගොස් ලැබූ අපරාධයට දඬුවම


  6

 

ජීවිතය යහපත් අතට පරිවර්තනය කරගත යුතුය. ඒ සඳහා මග පෙන්වවීක් ඇවැසිය. මේ විශේෂාගය ඒ වෙනුවෙනි.

 

 

h

මතුගම, පාන්තිය, පියසේන දොඩන්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.


දැනට දශක කීපයකට පෙර ගමේ අද මෙන් දියුණුවක් නොතිබුණි. මුළු ගමටම තිබුණේ දෑතේ ඇඟිලි ගණනින් ගැනිය හැකි වූ කටුමැටි වරිච්චියෙන් නිම වූ ගෙවල් කීපයකි. 


ගොවිතැන් බත් කරකියාගෙන තම වත්ත පිටියේ එළවළු පලතුරු වර්ග ඇතුළු කොස්, දෙල්, අඹ, පුවක් ආදී අවශ්‍ය කරන සෑම දෙයක්ම වවාගත් අතර කුකුළන්, ගවයන්, එළුවන් පමණක් නොව බල්ලන් පවා රැුකගැනීමට ගම්වැසියෝ උනන්දුවක් හා කැමැත්තක් දැක්වූහ. ශාන්ත සුහද පරිසරයක ජීවත් වූ ගම්වාසීන්ට අද මෙන් මාරාන්තික ලෙඩ රෝග පීඩාවන් දකින්නට තබා අහන්නටවත් නොලැබුණි. කරුණු කාරණා මෙසේ වුවත් -පැණි වරකාවටත් හෙණ ගහන්නා සේ” ගමේ හොර මැර තක්කඩි සල්ලාලයන් ද නොසිටියා නොවේ. පාසල් අවධියේ

 
05-pg13d--tskd-pgs

සිටම හොරකම්වලට පුරුදු පුහුණු වූ -සිරිල්” මව්පිය වැඩිහිටි සහ ගුරුවරුන්ගේ කිසිදු අවවාදයක් පිළිනොගන්නා වූ නරුමයෙකි. තම වයසේ ගැටවරයන් දෙතුන් දෙනෙක් හා එකතුවී ගමේ හොරකම් මැරකම් හා සල්ලාලකම් කලත් ඔවුන්ට බියේ ගම්මුන් නීතියේ පිළිසරණ සොයා නොගියත් ගමේ සොරකමක් සිදුවුණ විටක ගමේ දේවාලය කරාගොස් දෙවියන් ඉදිරියේ හොරුන්ට ශාප කිරීම හා දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් කන්නලව් කිරීම නොකඩවා සිදුවුණි. හොරුන් නැත්තටම නැතිවේවා! යයි හැම දෙනාගේම එකම පැතුම වී තිබුණි. කාලය ගෙවී ගියේය. -කරන කළට පව් මීරිය මීසේ, විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ” යනුවෙන් ලෝවැඩ සඟරා කතුවරයා පවසා ඇති අන්දමට -ගල් හතක් ගහනවිට එකක් වදින්නාක් මෙන්” දිනක් රාත‍්‍රී කාලයේ ගමේ ලඳු කැලෑවක සූදු පොළක ඇති වූ ආරවුලක දී සිරිල් තම සගයකුගේ පිහිපාරකින් මාරාන්තික තුවාල ලැබීය. රෝගියා ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් අධික ලෙස රුධිරය වහනයවීම නිසා ඔහු ඒ වන විටත් මියගොස් තිබුණි. සූදු පිටියේ සිටි ඔහුගේ ගෝල බාලයන් ද මිනීමැරීමේ චෝදනාවට සිරගත වීමෙන් අනතුරුව ගමට උදාවූයේ සෙතකි.

ශාන්තියකි. මේ ආත්මයේදී තම තමන් විසින් කරනු ලබන පව්කම්වලට පලවිපාක ලැබෙන බව ගමේ හොරකමක් හෝ නොහොඹිනා කමක් සිදු වූ විට ගම්මුන් පවසන්නේ ගමේ හැදෙන වැඩෙන අය පවෙන් ගලවා ගැනීමේ එකම අභිලාෂයෙනි.

 

 

අංගොඩ කුඩාබුත්ගමුව එම්.ඒ. පියසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.


මවට දුක් වේදනා දුන් දියණියට ඒ දුකම අත්වෙයි


අගනුවරට ආසන්න ප‍්‍රදේශයක සිය එකම දියණිය සමගින් වාසය කළ ඇය ගුරුමාතාවක් ද වූවාය. දියණිය කුඩා අවදියෙහිදීම පිය සෙනෙහස අහිමිව ගිය බැවින් ඇගේ අනාගතය සැපවත් කරලීම උදෙසා එම මෑණියන් ඉමහත් වෙහෙසක් දැරුවාය. තම ධනය මෙන්ම ශ‍්‍රමය ද ඒ වෙනුවෙන් කැප කළ අතර, දියණිය ද මවගේ එම අපේක්ෂාව ඉටුවනසේ දක්ෂ ලෙස ඉගෙනීමෙහි නිරත වූවාය.


වැඩිදුර අධ්‍යාපනය සඳහා එතෙර යාමට ඇයට හැකි වූයේ ද එහෙයිනි. එහිදී මවසේම උපාධියක් හිමි කර ගත් අතර, පෙරළා මෙරටට පැමිණ රාජ්‍ය අංශයේ උසස් රැුකියාවක් ද ලබා ගත්තාය. ඉන් ටික කලකට පසුව එහි නිලධාරියකු සමග විවාහ දිවියට ඇතුළත් වූයේ මව ඇතුළු දෙපාර්ශ්වයේ නෑ හිතවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේය.


එම විවාහයෙන් දියණියට එක් පුතෙකු ලැබිණ නිවසෙහි කටයුතු පහසුවනු පිණිස මෙහෙකාර තරුණියක් ද යොදවා ගත් අතර, දරුවා රැුක බලාගැනීම දියණිය විසින් තම මෑණියන් වෙත පවරනු ලැබූවාය. ඒ අවස්ථාව වන විට ඇය විශ‍්‍රාම සුවයෙන් පසු වූ බැවින් දරුවා සමග කාලය ඇය ගත කළේ  මහත් සෙනහසින් රැුක බලා ගනිමිනි.


එමෙන්ම පසු කලෙක දියණිය විසින් දිනපතා උදයෙහි පාසල වෙත යොමු කරන ලද දරුවා යළි ආපසු කැඳවාගෙන ඒමද එම වියපත් මෑණියන් විසින් සිදු කරනු ලැබූවාය. එහෙත් ඒ සියල්ල උඩු යටිකුරු වීමට වැඩි කලක් ගත නොවීය. එපමණ කාලයක් මව කෙරෙහි පැවති ලෙන්ගතු බව දියණිය වෙතින් ගිලිහී යමින් තිබුණු අතර, ඇය සමඟ කතා බහ කිරීමෙන් ද වැළකී සිටින්නට වූවාය.


එසේම නිවසෙහි ඇවිද යාම ද මවට තහනම් විය. පහත මාලයෙහි කාමරයක් මව වෙනුවෙන් වෙන්කර දුන් දියණිය අවශ්‍ය දෙයක් වේ නම් මෙහෙකාර තරුණියගෙන් ඉල්ලා ගන්නා ලෙස ද දැනුම් දුන්නාය. එහෙත් ඇයට සලකනු වෙනුවට ඇතැම් විට සැඩ පරුෂ ලීලාවෙන් බැණ වැදීමට එම තරුණිය පුරුදුව සිටියාය. දියණියට මෙය රහසක් නොවූ අතර, එය වළක්වා ලීමට පවා කිසිවිටෙක ඉදිරිපත් නොවූවාය. තම දියණිය මේ ලෙස අකාරුණිකව හැසිරෙනුයේ ඇයගේ සැමියාගේ එනම්, බෑණාගේ උපදෙස් අනුව බව ඔහුගේ හැසිරීම මත වටහා ගැනීම එකී මවට අසීරු කරුණක් නොවීය. ඇය වඩාත් සිත් වේදනාවට පත් වූයේ ඒ පිළිබඳව නොව, සිය මුණුපුරාහට පවා තමන් සමග කතා බහ කිරීම තහනම් කරනු ලැබීම හේතුවෙනි.


අවසානයේ ඇය තීරණයකට එළැඹුණ අතර, තමන්හට විඳීමට සිදු වී තිබෙන දුක් වේදනා හිරිහැර පිළිබඳ කරුණු රහසිගතව ලිපියක ලියා සමීපතම ඥාතිවරියකට යැව්වාය. ටික කලක් මෙලෙස ගත වූවා පමණි. යම් හොරකමක් සම්බන්ධව මෙහෙකාර තරුණිය ඉන් ඉවත් කළ අතර, එතැන් පටන් නිවසෙහි වැඩ කටයුතු දියණිය හා ඇගේ සැමියා ද එක්ව අවස්ථානුකූලව සිදු කරනු ලැබීය.


දිනක් එලෙස ඔවුහු මුළුතැන්ගෙයි කටයුත්තක යෙදී සිටියදී පසෙක තිබූ ගෑස් සිලින්ඩරය හදිසියේ පුපුරා ගියේ, ගිනි දැල් ද විහිදුවමිනි. වහාම දෙදෙනා එක්ව ජලය උපයෝගී කරගෙන මහත් උත්සාහයෙන් ගින්න නිවා දැමූහ. එලෙස එය නිවා දැමීමට තැත් කිරීමේදී ඔවුහු තුවාල ලදහ. ඉන් බෑණාහට වඩාත් තුවාල සිදුවී තිබිණ. ඒ ඔහු පය ලිස්සා ඇද වැටීම හේතුවෙනි. හෙතෙම දියවැඩියා රෝගයෙන් පෙළුණ අයෙකි.


කෙසේ වෙතත් අසල්වැසියකු විසින් එම දෙදෙනා වහාම රෝහල වෙත රැුගෙන යනු ලැබූ අතර, සතියක පමණ කාලයක් ඔවුහු එහිදී ප‍්‍රතිකාර ලදහ. එහෙත් බෑණාහට ඉන් නික්ම ඒමට සිදුවූයේ පාදයක කොටසක් අහිමිවය. ඒ හදිසි සැත්කමක් මගින් එය ඉවත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට කරුණු යෙදුණු අතර, පිළිස්සුම් තුවාල සහිතව තරමක විරූපී මුහුණින් යුතුව නිවස තුළ රැුඳී දුකසේ කාලය ගෙවීමට දියණියට ද සිදු වූවාය.


තමන් කුඩා කල සිටම දුකසේ රැුකබලාගෙන සියලූ සම්පත් ලබා දීමට වෙහෙසුණ මෑණියන් නිවසෙහි සිරකාරියක බවට පත් කරවා දුක් වේදනා දුන් දියණියටත්, ඊට අනුබල දුන් ඇගේ සැමියාටත් මෙලොවදීම කළකම් පළ දුන්නේ එලෙසිනි.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමුකරන්න.

m