ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ක්‍රිඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහයන් ගේ දිවි සැරියේ රසාලිප්ත තොරතුරු ඇතුලත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය - ප්‍රේමසර ඈපාසිංහ” ග්‍රන්ථය අද (06 වැනිදා) සවස 3.00ට නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරෙයි. මෙම සටහන ඒ නිමිත්තෙනි.
---------------------------------------
ශ්‍රී ලාංකිකයන්ගේ චිත්ත සන්තානයන්හි ක්‍රිකට් ක්‍රීඩාව කොයිතරම් දුරට කිඳා බැස ඇත්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා දායක වූවෝ බොහෝ වෙතත් පුරෝගාමී වූවෝ කිහිප දෙනෙකි.
බහුතර මතය වූයේ, ක්‍රිකට් ක්‍රීඩාව අධිරාජ්‍යවාදීන්ගේ කෑම දිරවන්නට, එංගලන්තයේ සිට ලංකාවට ගෙන ආ බවකි. එසේ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ ‘සිංහලකම’, ප්‍රේමසර ඈපාසිංහයන්ගේ ‘රන් ස්වරය’ ඔස්සේ ශ්‍රී ලංකාවේ ගම් දනව් ඉක්මවා යමින්, වෙල් එළියේ, ඇල කණ්ඩියේ, වැව් තාවුල්ලේ මෙන්ම හද්දා වන්නියේ වන මූකලානේ හැංගුණු හේනේ පැල් කොටේටත් රිංගා ගත්තේය.
කවුරුන් කෙසේ කීවත්, පාලිත - ප්‍රේමසර සුසංයෝගය නොතිබුණා නම්, ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා මේ තරම් දුරක් යාගත නොහැකිය. ඊට ප්‍රධානතම බාධකය වන්නට තිබුණේ භාෂාවයි.
හැටේ සහ හැත්තෑව දශක වලදීත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන්මන්තකයෝ කිහිප දෙනෙක් සිටියහ. එකල රූපවාහිනියක් ගැන අසන්නට වත් නොතිබිණ. එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති අළු බඳුන තරගාවලියේ තොරතුරු වෙත වහ වැටී සිටි මේ ක්‍රිකට් උන්මන්තකයෝ කිහිප දෙනා, කෙටි තරංග සේවා ඔස්සේ බී.බී.සී. (බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය) විකාශයට ඇලී ගැලී සිටියහ.
කිසි සේත්ම පැහැදිළි ශ්‍රවණ තත්ත්වයක් නොතිබුණ නමුත්, කුඩා ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඇතුළේ සවන් ඔබාගෙන සිටියේ ඉංග්‍රීසි භාෂාව වටහාගත හැකි අය පමණි. මක්නිසාද යත් බී.බී.සී.යේ ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ නම් වූ විශේෂ සේවාවේ ක්‍රිකට් විස්තර විචාරයේ යෙදුණේ හෙන්රි බ්ලෝෆීල්ඞ් (බ්ලෝවර්ස්), බ්‍රයන් ජොන්ස්ටන් (ජොනර්ස්) සහ රිචී බෙනෝ වැනි එංගලන්ත හෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වූ බැවිනි.
කරුණාරත්න අබේසේකරයන්ගේ පුරෝගාමීත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මයික්‍රෆෝන ක්‍රිකට් පිටියට රැගෙන යාමත් සමගින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සිංහලකම සිරිලක ගුවන්තලය සිසාරා විසිරි පැතිරී ගියේය. කරුණාරත්න අබේසේකර, ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරා, එකිනෙකා පරයන ලෙසින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් විස්තර විචාර කලාවේ තම තමන්ගේ මුද්‍රාව තැබූහ.
1937 ඔක්තෝබර් 05 වැනිදා කොළඹ විශ්ව විද්‍යාලයේ ‘කොලේජ් හවුස්’ හි උපත ලද ප්‍රේමසර ඈපාසිංහ තුන්වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලයෙනි. ඉතාමත් පහසුවෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව තිබුණ නමුත් ඈපාසිංහ මාතාවගේ අධ්‍යාශය වූයේ සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩීමට ප්‍රේමසරට අවස්ථාව දීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කුඩා ප්‍රේමසර කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කරන ලදි.
තර්ස්ටන් පාරේ නිවසේ සිට නාලන්දාවට බයිසිකලය පැදගෙන ගිය ප්‍රේමසර ක්‍රිකට් ක්‍රීඩකයකු වූයේ අහම්බයකිනි.
නිවාසාන්තර තරගයක් වෙනුවෙන් ‘චන්ද්‍ර’ නිවාසය නියෝජනය කළ ප්‍රේමසර ඈපාසිංහ ඊට පසු දිනයේ අනපේක්‍ෂිත සිදුවීමකට මුහුණ දුන්නේය. නාලන්දා විද්‍යාලයීය ගුරු මණ්ඩලයේ සිටි මහත් ගෞරව සම්ප්‍රයුක්ත ගුරුවරයකු වූ කන්දස්වාමි මහතාගේ තර්ජනයෙන් අනතුරුව ක්‍රිකට් පිටියට පිවිසි ප්‍රේමසර ඈපාසිංහ, සිය එකම පාසල් ක්‍රිකට් වාරයේදී (1957) තරග 10 කට ක්‍රීඩා කළේය. ආරම්භක පිතිකරුවකු ලෙසින් මෙන්ම කඩුලු රකින්නකු ලෙසින් ද සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ ප්‍රේමසර පසුව සැරසන්ස් පිල වෙනුවෙන් ද කෙටි කාලයක් ක්‍රීඩා කළේය.
1958 දී කොල්ලුපිටිය වාලුකාරාමයේ වැඩ වාසය කළ, සිය මහප්පා වූ, මාවිත්තර ශ්‍රී රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම මත, සිසුන් 65 කින් ආරම්භ කරන ලද කොළඹ මහානාම විද්‍යාලයේ මුල්ම ගුරු මණ්ඩලයට ඈපාසිංහ එක්වූයේය. එකල ඔහුගේ ගුරු වෘත්තියේ වැටුප රුපියල් 65 කි. ඊළඟ වසරේදී ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදී වෘත්තිය තෝරාගත් නමුත් ඈපාසිංහ ගුරු වෘත්තිය අතහැරියේ නැත. උදෑසන වරුවක් මහානාම විද්‍යාලයේ උගන්වන ඈපාසිංහ සවස් වරුවේ ලේක් හවුස් ආයතනයේ සේවය කළේය.
ප්‍රේමසර ඈපාසිංහ, 1962 දී ගුවන් විදුලියේ සහන නිවේදකයකු වශයෙන් පත්වීමක් ලද නමුත් ඒ වසරේදීම විද්‍යෝදය විශ්වවිද්‍යාලයට (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) තෝරාගනු ලැබ තිබිණ. සහන නිවේදකයකු වශයෙන් පත්වීමක් ලබා සිටි හෙයින්, ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගත් ඈපාසිංහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෝරා ගත්තේය. 1966 දී, විශ්වවිද්‍යාලයේ සිටියදීම, නාලන්දාවේ විදුහල්පති වූ ගුණපාල වික්‍රමරත්න මහතා ප්‍රේමසරව නාලන්දා ගුරු මණ්ඩලයට ඉල්ලා සිටියද, අවසාන විභාගයෙන් පසුව ප්‍රේමසරට ගුරු පත්වීම ලැබුණේ නාලන්දාවට නොව සීගිරියටය.
සීගිරිය පාසලේ ගුරුවරයකු ලෙසින් සිටි කාලයේදී මුණගැසුනු දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. තෙන්නකෝන් මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට මාරුවීමක් අරන් දීමට උත්සුක වූ නමුත් ප්‍රේමසරගේ ඒකායන බලාපොරොත්තුව වූයේ ගුරුවරයකු වශයෙන් තමා උගත් නාලන්දාවටම පැමිණීමයි. 1968 ජනවාරි මාසයේ සිට නාලන්දා විද්‍යාලයේ ගුරු මණ්ඩලයට එක්වන ප්‍රේමසර නාලන්දාවේ උසස් පෙළ පන්ති වලට සිංහල ඉගැන්වූ අතර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයා ලෙසින් ද කටයුතු කළේය. විනය ඔහුගේ නීතියයි.
එකල නාලන්දාවේ ක්‍රිකට් පුහුණුකරුවා වූ නෙල්සන් මෙන්ඩිස් මහතා ද සමගින් නාලන්දාවේ ක්‍රිකට් කණ්ඩායම හසුරුවා ගත් ප්‍රේමසර, කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියට තිළිණ කළේය.
ප්‍රේමසර ඈපාසිංහ සහ නෙල්සන් මෙන්ඩිස් දෙදෙනාගේ මඟ පෙන්වීමෙන්, අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම. ලෙස්ලි නාරංගොඩ, ජයන්ත සෙනවිරත්න, පාලිත සෙනවිරත්න, බන්දුල වර්ණපුර, නන්දදේව පෙරේරා, මාධව සමරසිංහ, දයා සිරිසේන, ධම්මික සමරවික්‍රම, අනුර ද සිල්වා සහ මධුර විජේවික්‍රම ආදීහු ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ නොමැකෙන නම් තැබූහ. ඔවුන් අතුරින් බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාවේ පළමු වැනි ටෙස්ට් නායකයා වූ අතර අනුර රණසිංහ සහ ලලිත් කළුපෙරුම දෙදෙනාත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් පිටියට පිවිසියහ.
1968 නොවැම්බරයේදී, එවකට කොළඹ ස්ටැෆර්ඞ් කාන්තා විදුහලේ ගුරුවරියක ලෙසින් සේවය කල ස්වර්ණා සමරරත්න සමග යුග දිවියට එළැඹෙන ප්‍රේමසර, විවාහයෙන් පසුව කිරුලපනේ නිවසක පදිංචියට යයි. ඔහු අනුර රණසිංහව දකින්නේ, විවේකී ඉරිදාවක, සිය බිරිඳ සමගින් කිරුළපොන පොළට ගිය අවස්ථාවකදීය.
සිය බිරිඳ නිවෙසට යවා, අනුර රණසිංහගේ දෙමාපියන් සොයා යන ප්‍රේමසරට දැනගන්නට ලැබෙන්නේ අනුර ඒ වන විටත් නාලන්දාවේ සිසුවකු වන බවකි. පහුවදාම පාසලේදී අනුර රණසිංහව කැඳවා, වහාම ක්‍රිකට් පුහුණුවීම් වලට එන ලෙස නියෝග කරන ප්‍රේමසරට එම අවස්ථාවේදී තම ක්‍රිකට් ගුරු දේවයන් වන කන්දසාමි මහතා සිහිපත් විය. පසුව සම වයසේ ළමයින් කිහිප දෙනකු එක්කාසු කරගෙන පුහුණු කරවා, අනුරගේ නායකත්වයෙන් යුත් නාලන්දාවේ 11 න් පහළ කණ්ඩායම නිර්මාණය කළේය.
එදා ගුරු වෘත්තිය අද මෙන් මුදල් ඉපයීමේ යන්ත්‍රයක් නොවිණ. දරුවන්ගේ දෑස් පෑදූ නමුත් ජීවන බර වැඩි වෙන්නට වැඩි වෙන්නට, ගුරුභවතුන්ගේ දෑස් නිලංකාර වූ අවස්ථා කෙතෙකුත් තිබිණ. එනිසාම ගුරු වෘත්තියෙන් මිදී බැංකුවේ රැකියාවක් තෝරාගැනීමට ඈපාසිංහට සිදුවිය.
1970 ලංකා බැංකුවේ සේවයට එක්වූ ප්‍රේමසර ඈපාසිංහ එහි සිංහල අංශයට අනුයුක්ත විය. මේ කාලයේදී ගුවන් විදුලි සංස්ථාව විසින් ආරම්භ කරන ලද ‘සන්ධ්‍යා සේවයේ’ සිංහල ක්‍රීඩා වැඩසටහන ජනප්‍රිය අංගයක් විය. පසුව කරුණාරත්න අබේසේකර මහතාගේ සොහොයුරා වූ ගුණරත්න අබේසේකරයන් විසින් ‘සන්ධ්‍යා සේවය’ භාරව කටයුතු කළ නන්දා ජයමාන්න මහත්මියට ප්‍රේමසරව හඳුන්වා දෙන ලදි.
70 දශකයේ මුල් භාගයේදී ගුවන්විදුලියෙන් සිංහල විස්තර විචාරයක් පැවැත්වුයේ නම් ඒ ආනන්ද - නාලන්දා සහ රාජකීය - සාන්ත තෝමස් තරග පිළිබඳවය. කරුණාරත්න අබේසේකර, නන්දසේන ලියනපටබැදි, තිලක සුධර්මන් සිල්වා, පාලිත පෙරේරා, රගුනාත් ආරියවංශ, මයිකල් කරුණාතිලක, ඩී.ඇස්. දයාරත්න වැනි අති දක්‍ෂ විස්තර විචාරකයන් අතරේ ප්‍රේමසර ඉක්මනිම ඉහළ ගියේය. කවදත් ඉතිහසයට ආශා කළ ඈපාසිංහ, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තමන් සතුව තිබූ පරිණත දැනුමට බාහිර තොරතුරුත් එකතු කරමින්, ක්‍රිකට් විස්තර විචාරය තව තවත් ඔප මට්ටම් කළේය.
ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැති අවස්ථාවලදී විස්තර විචාරයට පැමිණි ටෝනි ග්‍රෙග්, රමීස් රාජා සහ තිස්ජි මුජාහිඞ් වැන්නන් සමගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කළ ප්‍රේමසර, විදේශීය ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ ශ්‍රී ලාංකික දැනුම් ගබඩාව විය.
ඈපාසිංහයන් ලංකා බැංකුවේ සේවය කළ මුල් කාලයේදීම ආරම්භ කරන ලද සුභාවිත සංගීත සංග්‍රහය, ‘ආරාධනා ස්වර දැහැන’ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ අදටත් ජනප්‍රියතම සංගීත වැඩසටහනකි. මෙම වැඩසටහන සතියේ දින හතේම පස්වරු 7.30 සිට රාත්‍රී 9.00 දක්වා සිටි එෆ්.එම්. සේවය ඔස්සේ අදටත් විකාශය කෙරේ.
ක්‍රිකට් පුහුණුකරුවෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසත් වසර ගණනාවක් කටයුතු කළ ඈපාසිංහ, තමන් ලබාගත් අත්දැකීම් හා කරන ලද අධ්‍යයන එක්කාසු කර ‘මා දුටු ක්‍රිකට් ලොව’ යනුවෙන් සිය මුල්ම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළේය. පසුව ‘බ්‍රැඞ්මන් යුගය’ නමින් ඔහුගේ දෙවන කෘතිය ද ක්‍රිකට් ලෝලීන්ගේ පොත් රාක්ක අතරට එක්විය.
1970 සිට වසර 2017 වන තුරුම වසර 50 කට ආසන්න කාලයක් ගුවන් විදුලියේ ක්‍රිකට් විස්තර විචාරයට එක්වූ ප්‍රේමසර ඈපාසිංහ ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ සෑම රටකටම පාහේ සංචාරය කර ඇත්තෙකි. එහි කූඨ ප්‍රාප්තිය වූයේ 1996 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන දිනාගන්නා අවස්ථාවේදීත්, ලාහෝරයේ සිට සිංහල භාෂාවෙන් සජීවීව විස්තර විචාරය කිරීමයි.
- දමින්ද විජේසූරිය